මහේල නඩු මගට බැසීමට තීරණය කරයි -බීබීසී
තමන් විසින් තරග පාවාදී ඇති බවට අදහස් කරමින් සිදුකරන ලද විස්තර විචාරය සම්බන්ධව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක මහේල ජයවර්ධන තීරණය කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
පසුගිය 26 වන දින පකිස්ථානය සමග පැවති තරගයේදී මහේල ජයවර්ධන මූල්‍යමය වාසි වෙනුවෙන් සිතාමතාම අදක්ෂ අයුරින් ක්‍රීඩා කළ බවට රාජ්‍ය රූපවාහිනී මාධ්‍යයක් සිදුකළ විස්තර විචාරයකදී කිසියම් අදහසක් ඉදිරිපත් කර තිබිණි.
කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම, පකිස්ථාන කණ්ඩායමට ලකුණු 11 න් පරාජයට පත්විය.
මෙම චෝදනාව සම්බන්ධව සියලුම පියවර ගැනීම සඳහා සිය නීතිඥයා විසින් අවශ්‍ය ලේඛනයක් සැලසුම් කරමින් සිටින බව මහේල ජයවර්ධන පවසයි.
අදාළ චෝදනාව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවකු වන තිලාන් සමරවීරට ද එල්ල වී ඇත.
පකිස්ථානය සමග පැවති මෙම තරගයේදී මහේල ජයවර්ධනට ලබාගත හැකිවූයේ ලකුණු 02 ක් පමණක් වන අතර, තිලාන් සමරවීර ලබාගත්තේ එක් ලකුණක් පමණි.
පසුදින රජයේ පුවත්පතක කර්තෘවරයෙකු වන මහින්ද අබේසුන්දර විසින් ලියන ලද, රජයේ රූපවාහීනි නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනී සේවයේ පැවති විස්තර විචාරයකදී ව්‍යාපාරිකයකු විසින් පකිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව ඩොලර් 18, 000 ක් ඔට්ටු තබා ඇති බව සඳහන් කර ඇති බව සඳහන්ය.
මහේල හා තිලාන් විසින් තරගයේ කිසියම් වෙනසක් සිදුකරන්නට ඇති බව සිතිය හැකි බව එහිදී අදාළ විස්තර විචාරකයා විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම අදාළ විස්තර විචාරය සඳහා තරගයෙන් උපුටාගන්නා ලද සෙමින් චලනය වන දර්ශන, දුක්බර සංගීතය සහ අඳුරු කරන ලද දර්ශන ආදිය ද යොදාගෙන ඇත.
මෙම විස්තර විචාරය විකාශය වීමෙන් අනතුරුව ඒ පිළිබඳව ෆේස්බුක් වැනි විවිධ වෙබ් අඩවි ඔස්සේ ක්‍රීඩාලෝලීන් ඔවුන්ගේ බලවත් අප්‍රසාදය පළකර තිබෙන බව ද බීබීසී පුවත් සේවය වාර්තා කරයි.