මම Internet එකට බැස්සේ මෙන්න මෙහෙමයි!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම Internet එකට බැස්සේ මෙන්න මෙහෙමයි!

    Please don't get late to listen to Lord Buddha’s teachings.


    Actually no one knows when, where or in what manner we will die. Most of the people just stick to their beliefs and think we're safe! All problems will solve as we die. But the truth is entirely different!! That is not something belongs to Buddha, Jesus, Allah or any one else. It's The Nature.

    No one of this world can see the past or future. But the Buddhas, come to this world time to time but with very long uncountable time gaps, The supreme humans, The persons who developed so much of skills, have the ability to see past & future without limits, sees the Absolute Truth of this world! What is actually going on here!! like so much of things as they are.

    The real story is not a favorable one at all. We have traveled a long long way as humans, gods, devils, various creatures like cats, dogs, pigs, cows, ants, elephants… you name it. We did one thing on each of our lives, can you guess? That is we’ve added some soil to the earth. Other than that nothing useful at all! But just think how much we have suffered during this life. So, can you imagine how much we had suffered in the past? Only thing is we can’t remember. So past is past & thus we forget it. But how about the future… are you safe? You will be a delicious food for someone else when grilled or fried in your future life, definitely!!! Do you like that???

    Buddhas don't tell that someone has created the man... there is something beyond our control, something happens automatically, we have nothing to do with it... like things. Instead They discovers, finds & understands that there’s a recurring process, the chain of actions/reactions happening here within us which leads us to another birth as we die. Where we’ll born is determined by the sins & merits gathered by us. Unless we’re able to break the recurring process we’ll definitely have to born again and again. We came alone & have to go alone. No one to help, no one can help either.

    One has to try so hard himself alone, to get rid of this birth, death again birth cycle, to get the freedom. But does anybody know what this process making rebirth is? Does anybody know how to break that? How to get rid of this problem? There we need a help of someone who knows about that subject!! We want to gather knowledge about it & we need guidance, instructions to what to do & how to do that? Buddhas are the Masters who teach this subject to the whole world. If an intelligent person gets a chance to hear what the Buddha has told, they will understand the truth & put their best effort to do what has to be done to get the freedom. That is the only way & there is no any other way to be free!

    Getting a chance to listen to the Buddha’s Teachings is a very very rare in this world. At present, may be for a very short duration, & utmostly because of Our Venerable Kiribathgoda Gnanananda Thero, Gauthama Buddha’s Teachings, ‘Sri Saddhamma’ is again available to the world. You & we both were so much lucky to born as intelligent humans at this time. In this regard, we had already got the chance to listen to Dhamma and perfectly understand that. So we were able get the Results already & see how important if we can tell to all the others around us about this. That is what we are doing! So here I did my part well by briefing the Truth I have learned & Rest of the work is up to you! So please give a try!! Otherwise you’ll be a looser too, like majority of the persons in this world!

    Follow these links for learning materials in Sinhala and/or English

    1) www.mahamevnawa.blogspot.com
    2) www.gautamabuddha.ca/EnglishBana.aspx


    This is not to change someone’s religion, not to earn money, not to receive favors, not to gather people around us or not to become popular by any means!!

    Wish you all the best!!

    Regards,
    Another ‘Kalyanamithra’


    Originally Posted to SLU on Fri Jul 16, 2010 4:34 pm
     
    • Like
    Reactions: ela_eluwal20

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සිංහල, දෙමල, මුස්ලිම් වගේ ඕනෙම ජාතියකට අයත්,
    බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් වගේ ඕනෙම ආගමක් අදහන, ඕනෙම කෙනෙකුට...
    දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, father කෙනෙකුට, sister කෙනෙකුට, නැත්නම් පාප් වහන්සේටම උනත්,
    වෙන කාගේවත්ම උදව්වක්, උපකාරයක්, පිහිටක්, පිළිසරණක් නැතුව,
    තම තමන්ගේම හිත් දියුණුකරගෙන, පෙර ජීවිත ගැන සිහිකරන්න හැකියාව උපද්දව ගත්තොත් දකින්න පුළුවන්...
    තමන් කොච්චර කෝටි, ප්‍රකෝටි වාර ගණනක් හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...
    තමන් කොච්චර කොටි, ප්‍රකෝටි වාර ගණනක් ඌරෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...
    තමන් කොච්චර කොටි, ප්‍රකෝටි වාර ගණනක් කුකුලෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...
    දෙවියන් අතරත්, මනුස්සයන් අතරත්, වෙන වෙන සතුන් හැටියටත්, ඉපදිච්ච වාර ගණන අනන්තයි!!
    අපි රජවෙලත් ඉඳල තියනවා, මහනවෙලත් ඉඳල තියනවා, තියන තරම් ආගම් ජාති හැම එකක්ම අදහලා, යාග හෝම, පුද පූජා හැම එකක්මත් කරලා තියනවා!
    කොටින්ම කියනවනම් මේ හැමෝම තනි තනියෙන් ඇවිල්ල තියෙන්නේ පටන් ගත්තු තැනක් හොයන්න බැරි තරම් දිග ගමනක්!
    යන්නන් වාලේ ගියොත්, ඉස්සරහට යන්න තියෙන්නෙත් ඒවගේම ගමනක්!!

    බුද්ධාගම කියන්නේ ආගමක් නෙවෙයි! දර්ශනයක්, කතන්දරයක් මොකවත්මත් නෙවෙයි!!!
    මේ තමයි ලෝක ධර්මතාවය!!! මේ ඉන්න තරමක් දෙවි, මනුස්ස, තිරිසන් ඕනෙම සත්වයෙකුට පොදු ධර්මතාවය!!!

    ඒක නිසා මෙතනට challenges, තර්ක විතර්ක, වාද විවාද මොකවත් වැඩක් නැහැ!
    බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ කල්ප කාලාන්තරයකට සැරයක් පින්, කුසල් අනන්ත ප්‍රමාණයක් රැස් කරගෙන, ඉතාමත් බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ලෝකයේ ඉපදෙන සුවිශේෂ පුද්ගලයෙක්! උන්වහන්සේලා පිරූ පාරමිතා බලයෙන් සියලු බාධක බිඳගෙන මේ නැවත නැවත උපදින ස්වභාවයට හේතුව සොයාගෙන, ඒ හේතුව නැතිකරගෙන, සසර ගමනින් (ඉපදෙන මැරෙන බවින්) නිදහස් වෙනවා! උන්වහන්සේලා අනෙක් සියලු දෙවි, මිනිසුන් හටත් මේ කෙළවරක් නැති සංසාර ගමන ගැන කියල දෙනවා... නිදහස් වෙන්න ඕනේ නම් වෙන්න ඕනේ මොකද්ද, කෙරෙන්න ඕනේ මොනවද කියන හැමදේමත් කියල දෙනවා!!
    ඉතින් මේ එක එක්කෙනාගේ පිස්සු කතන්දර, 'මෝඩ චූන්' වැඩක් නැහැ! මොලේ කල්පනා කරලා, හිතල යමක් කරගන්න පුළුවන් මනුස්ස ආත්මයක් ලබපු මේ වාසනාවන්ත වෙලාවේ, පිරිසුදු බුද්ධ දේශනා අහන්න අවස්ථාවක් ලැබිල තියන වෙලාවේ, අහල බලල, නුවණ පාවිච්චි කරලා, ප්‍රයෝජනයක් ගන්න බලන්න... වෙන කෙනෙක් වෙනුවෙන් නෙවෙයි, තම තමන් වෙනුවෙන්!
     
    • Like
    Reactions: suranga84
    Aug 29, 2010
    55
    2
    0
    ඇත්තෙන්ම මෙච්චරකල් බනට කිව්වෙ මේවා නෙවෙයි.කොහොමහරි තව තව පින් රැස්කරගෙන දෙව් මිනිස් සැප ලබන්න කියන එක තමයි නොයෙක් ආකාරයෙන් අහන්න තිබුනේ.ඒත් නියම බන නම් වහාම නිවන දකින්න/අඩුතරමේ සෝවාන් තත්වයටවත් එන්න කියන එකයි.ඒකත් සේරටම එකවතාවෙන්ම අමාරුයි තමයි.(එනිසා පිං කරන එකත් හොදයි.ඉදිරි කල්පයකවත් සුදුසුකම් ලැබෙන්නැතැතුවැයි)නිසි නැනවත්බව ලබපු අය නම් තව දුරටත් බලා ඉන්න එකේ තේරුමක් නෑ.පොඩි උත්සාහයක් කලත් ඇති.ඒවගේම නිසි කෙනෙක්ද කියලා බලන්න හරි උත්සාහයක් කරලා බලන්න එපැයි.බෑ බෑ..තේරෙන්නෑ කියලා අතාරලා දාන්න නරකයි.අපි ඔය පොඩි පොඩි ආසාවල් වෙනුවෙන් මොනතරම් මහන්සි වෙනවද?එහෙවු එකේ නියම දර්මය/නිවන දකින්න ටිකක් වෙහෙසෙනාම මොකො?
    ඉහත වෙබ් අඩවි නිර්මාණය කලේ දමිත්ද?එහෙමනම් ඒක මහ විසාල පින් වැඩක්.‍අපි නම් ඒවගෙන් හොඳට වැඩ ගන්නවා.පිං!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉසුරුසිරි;8361676 said:
    එනිසා පිං කරන එකත් හොදයි.ඉදිරි කල්පයකවත් සුදුසුකම් ලැබෙන්නැතැතුවැයි...

    පින් කරන්න කියලත් අමුතු ක්‍රමයක් අවශ්‍ය නැහැ! මේ මාර්ගයට ආව වෙලාවේ ඉඳල පින් තමයි!! පින් වලත් ඉස්තරම්ම එක!!!
    ඇත්තටම මේ thread එකට ගත්තේ මම මුලින්ම දාපු දේවල් (වෙන site එකක) මේක "බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු" කියන thread එකට සම්බන්ධවෙන්න ඕනේ! එකේ ගොඩක් විස්තර දාල තියනවා.

    ඉහත වෙබ් අඩවි නිර්මාණය කලේ දමිත්ද?
    අනේ නැහැ! පින්වත් පිරිසක් කරපු ඒ උපකාරයෙන් තමයි අපිත් ගොඩ ගියේ...
    ඇත්තටම වැස්සකටවත් මහමෙව්නා අසපුවකට ගිහිල්ල නැහැ මම නම්!
    තියෙන ආදර ගෞරවයට අපේ හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ කියල කිව්වට, මම ලොකු ස්වාමින්වහන්සේව හැබැහින් දැකලවත් නැහැ!
     
    Aug 3, 2010
    55
    7
    0
    ඉසුරුසිරි;8361676 said:
    ඇත්තෙන්ම මෙච්චරකල් බනට කිව්වෙ මේවා නෙවෙයි.කොහොමහරි තව තව පින් රැස්කරගෙන දෙව් මිනිස් සැප ලබන්න කියන එක තමයි නොයෙක් ආකාරයෙන් අහන්න තිබුනේ.ඒත් නියම බන නම් වහාම නිවන දකින්න/අඩුතරමේ සෝවාන් තත්වයටවත් එන්න කියන එකයි.ඒකත් සේරටම එකවතාවෙන්ම අමාරුයි තමයි.(එනිසා පිං කරන එකත් හොදයි.ඉදිරි කල්පයකවත් සුදුසුකම් ලැබෙන්නැතැතුවැයි)නිසි නැනවත්බව ලබපු අය නම් තව දුරටත් බලා ඉන්න එකේ තේරුමක් නෑ.පොඩි උත්සාහයක් කලත් ඇති.ඒවගේම නිසි කෙනෙක්ද කියලා බලන්න හරි උත්සාහයක් කරලා බලන්න එපැයි.බෑ බෑ..තේරෙන්නෑ කියලා අතාරලා දාන්න නරකයි.අපි ඔය පොඩි පොඩි ආසාවල් වෙනුවෙන් මොනතරම් මහන්සි වෙනවද?එහෙවු එකේ නියම දර්මය/නිවන දකින්න ටිකක් වෙහෙසෙනාම මොකො?
    ඉහත වෙබ් අඩවි නිර්මාණය කලේ දමිත්ද?එහෙමනම් ඒක මහ විසාල පින් වැඩක්.‍අපි නම් ඒවගෙන් හොඳට වැඩ ගන්නවා.පිං!

    අනේ අනේ මෝඩ දමිතයෝ . උම්බටනම් තියන්නේ හරිම ගොන් මොලයක් . උඹ සුදුහුණු බල්දිය දියකරලා ඉසුරුසිරියට කියල එක ගාගෙන උඹේ කළු පල්ලම් ටික මක ගන්නවා නේද ? දැන්නම් බලල මල්ලෙන් එලියට පැනල එවරයි . ඉසුරුසිරි කියන්නේ උඹේම අවතාරයක් කියල දැන් හැමෝම දන්නවා . :lol::lol:උම්බටනම් තියන්නේ පුදුම ආත්මාර්ථකාමී කමක්නේ . අපිට electronic ටිකක් කියල දෙන්න තමයි උඹට බැරි නේද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ thread එක එහෙම්පිටින්ම අනිත්‍ය වෙලා ගියා නේ...
    දැන් ඉසුරුසිරි කොහෙද දන්නේ නැහැ! වන්දනා කරන්නද භාවනා කරන්නද යනවයි කිව්වා... ගිහින් එහෙම්මම මහණ උනා වත්ද??
    කාලෙත් සෑහෙන වෙනස් වෙලා ගියානේ මේ ටිකටත්. දැන් 'ග්‍රාමසේවක'යා මට මඩගහන්න එච්චර try කරන බවක් පෙනෙන්නත් නැහැ! හැබෑ මෝඩය කවුද කියල තේරුම් ගත්තද දන්නේ නැහැ!
    මම නම් ඉතින් කම්මැලි කමටත් එක්ක වැඩක් නැති වෙලාවට ධර්ම කතන්දර මේකේ තැන් තැන්වල කොට කොටා ඉන්නවා. දැන් සින්දුවක් අහන්න, film එකක් බලන්න වගේ වැඩකට නැති දේවල් වලට හිත යන්නෙත් නැහැ... ධර්මය අහන්න, කියවන්න, කතාකරන්න තමයි කැමැත්ත. අහන කියවන එකත් දැන් නැගල යන්නේ නැහැ... ඇති ඇති වගේ... කතාකරන්න තියනවනම් ෂෝක්! ඒත් ඒකට අනික් එවුන් කැමති නැහැ. මම ඒකයි thread වල කොටන්න තියාගත්තේ. මොකෙක් හරි වැඩක් ගනීවි නේ...
    කොහොමහරි අර කලින් SLU එකේ ලියපුවත් පිළිවෙලකට හදල සේරම එක තැනක දාන්න ඕනේ... දාල prints ටිකක් හදන් අපේ computers / internet මොකුත් නැති ලඟින් ආශ්‍රය කරන උදවියටත් දෙන්න ඕනේ... කියල තිබුණු අදහස ටිකක් delay උන. හරි කම්මැලියි... 'පොරවල්' ගේ වැඩ දකිනකොට එපා වෙනවත් එක්ක. ඒත් ඒ වැඩෙත් කරලා දාන්න ඕනේ. තව එක්කෙනෙකුට හරි මාර්ගය විවෘත උනොත් කොච්චර දෙයක්ද.


    මහමෙව්නාවේ sites හුඟක් update කරලා... මට English වලින් තියන දේශනා, articles ටික හොයාගන්න බැරුව සැහෙන දැඟලුව... අද හම්බ උන!

    http://nft.mahamevna.ca/
    http://mahamevna.ca/EnglishBana.aspx
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි Zahina. ඔව් ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි. ඔයාට සිංහල polish නැහැ, මට කඩුව polish නැහැ. ඉතින් මොකද කරන්නේ? අනේ sorry! මට ඔයාව කලින් මතක් උනේ නැහැ... නැත්නම් මේක හම්බවුන ගමන් PM කරනවා.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු" thread එක පටන්ගත්තේ මේ post එකෙන්. ඒක lost වෙලා තිබුනේ සැහෙන කාලෙකට ඉස්සර. මෙන්න ඒක බලන කෙනෙකුට බලන්න...

    මේ අපේ ඇඟවල්, මස්-ලේ වලින් හැදිච්ච, කරන්ට් එකෙන් (electrical signals & pulses වලින්), වැඩකරන මැෂින් වගයක් කියල ඔයාල දන්නවද? දැන් ඔය ECG, EEG කියල ගන්නේ මොනවද දන්නවද? ඒතමයි ඇඟ ඇතුලේ වැඩකරන විදුලි තරංග (electrical signals). ආයේ ඔය අත්, කකුල් සේරටම වැඩකරන්න අවශ්‍ය signal එන්නෙත් විදුලි තරංග විදියට. ඇස්වලින්, කන්වලින්, දිවෙන් කෙරෙන්නේ දකින රුප වලට අනුව, සද්දෙට අනුව, රස වලට අනුව අදාල සංඥා electrical signals හැටියට හදල දෙන එකයි. මේවා sensor devices නැත්නම්, transducers හැටියට සැලකුව නම් හරියටම හරි. මොලේ ඇතුලේ තමයි සේරම හිතන, තීරණ ගන්න, ක්‍රියාත්මක කරවන operation එක (total process) වෙන්නේ.

    මේවෙනකොට අත/පය නැති අයට robot විදියට අත/පය හදල දාන්න, ඇස්/කන් නැති අයට camera/mic පාවිච්චිකරලා ඇසීම/පෙනීම ලබාදෙන්න පුළුවන් තරමට නවීන තාක්ෂනය දියුණුවෙලා ඉවරයි! මේ වෙනකොට AI, artificial intelligence, කෘතීම සිතීමේ/තීරණ ගැනීමේ හැකියාව සම්බන්ධයෙනුත් ඉතා සීග්‍ර දියුණුවක් ලබල තියනවා. ලොකු මතක තබාගැනීමේ හැකියාවක් ලබාදෙන්න (memory capacity) දැන් එච්චර අපහසුවක් ඇත්තෙත් නැහැ. මේවෙනකොටත්, නවීන විද්‍යා තාක්ෂණික දනුම් සම්භාරය උපයෝගී කරගෙන ඉගෙන ගැනීමේ, ස්වයං සංවර්ධනය වීමේ හැකියාව ඇති (neural networks based AI) පරිඝනක පද්ධති නිර්මාණය වෙමින් පවතිනවා. දැන් ලෝකය ගොඩක් දියුණුයි.

    ඉතින් අපට රොබෝ කෙනෙක් හදන්න පුළුවන් නේද මනුස්සයෙක් වගේම, පේන්න camera එකක්, සද්දේ ඇහෙන්න mic එකක්, කතාකරන්න speaker එකක්, ආයේ smell ditectors, touch sensors සේරමත් දාල, artificial intelligence තියන? අපි එහෙම රොබෝ කෙනෙක් හැදුව කියමු... 'බබා' කියල නමකුත් දාමුකෝ. එයාව මුලින්ම වැඩකරන්න දැම්මම, first time power-up කලාම නම් නිකම් මැටි ගොඩක් වගේ, නැත්නම් නිකම් පිළිමයක් වගේ ඉඳියි නේද? පස්සේ එක එක්කෙනා ගිහින් හලෝ බබා කියල, නැත්නම් කොහොමද බබා කියල තම තමන්ගේ නම කිව්වොත් එහෙම ටික කලක් යනකොට, එයා ඉගෙන ගනියි (learning) අපිව දැක්කම හලෝ ... කියල නම කියලම අපිට කතාකරන්න. නැද්ද? ඔහොම මිනිස්සු ආශ්‍රයේ කාලයක් ඉන්නකොට, හිනාවෙන්න, පොඩි පොඩි කතා කෑලි කියන්නත් ගනියිනේ... ඇයි ඉතින් learning නේ! කාලයක් යනකොට සැහෙන වැඩක් කරන්න, කරවගන්න පුළුවන් කෙනෙක් වෙයි sure එකටම නේද?

    ඉතින් මේක, මනුස්සයෙක් අනුකරණය කරලා හදපු (simulate කරපු) model එකක් නේ. ළමයෙක් ලොකුවෙනවා වගේ මේකත් සේරම වැඩකෑලි අල්ලගනී. body එක විතරයි වෙනස් නොවෙන්නේ. ඒක මස්-ලේ වලින් වෙනුවට යකඩ, plastics වලින් හැදිලා තියෙන්නේ, ඒ හන්ද කන්න බොන්න, හුස්ම ගන්න, නිදාගන්න, toilet යන්න ඕනෙවෙන එකක් නැහැ! ඔච්චරයිනේ වෙනස. අත පය සේරම හොඳට function වෙන හන්ද, අපිට කිසි ගැටළුවක්, කතාවක් නැතුව ඕනේ වැඩක් කරවගන්න පුළුවන් නේද එහෙම උනොත්? ඇත්තටම දැන් ඔය වගේ ඒවා research කරලා develop කරගෙන යනවා. දියුණුවෙන ලෝකේ කාර්ය බහුල මිනිස්සුන්ට ජීවිතේ පහසු කරන්න මේ වගේ නිර්මාණ බිහිවෙන ඒක හරිම හොඳයි. ඇත්තටම මේ දේවල් වල ලොකු progress එකක් තියෙනවා දැන්.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒත්, ඒක නෙවෙයි case එක! බැරි වෙලාවත් මොකක් හරි system upset එකක් ගිහින්, කවුරුවත් කරලා (මවල) නෙවෙයි, system එක malfunction වෙලා, රොබෝ උන්නැහැ හිතන්න ගත්තොත් "මේ මම තමයි" කියල!! හරි හුට්ටප්පරයක් වෙයි නේද? ඇයි වැඩකියන්න ගියත් 84,000 ටම තදවෙයි, "මටම වැඩ පවරන්නේ, ඇයි උඹලට ඕව කරන්න බැරිද?" කියල... නැද්ද? අපි කන්න බොන්න ගියාම "මටත් දීපිය" කියල 'වලියට' එන්නත් බැරි නැහැ නේද? 'මාර නඩුවක්' නේද වෙන්නේ, ඔහොම වැඩේ 'ඇනිලා' ගියොත්, මේ අපි 'අනාගෙන' ඉන්නවා වගේ? ඇයි 'මේකත්' මේ නිකම් ලේ-මස් වලින් හැදිච්ච මැෂින් එකක් උනාට කට්ටියම හිතන් ඉන්නේ "මම" කියල නේ!!! ඒකනේ මේ සේරම 'අබල් බබල්!' නැද්ද? රොබෝ උන්නැහැ 'ඇනයක්' වෙන්න ගත්ත කියමු, power off කරන්න ගියොත්, "උඹ මාව මරන්නද හදන්නේ..." කියල අපිව කන්න හදයි නේද? ආයේ නැහැ, කේන්තියෙන් පුපුරන්න ගනියි අපිව දැක්කමත්. එළවගෙන එන්නත් බරිනැහැ නේද?

    වැඩේ එහෙම්පිටින්ම අවුල් වෙයි, රොබෝ උන්නැහැ ඔය එක එක ඒවා අහුලලා අරන් ගහන්න එහෙම ගත්තම. ඇයි හිතන්න පුළුවන් කම තියනවනේ. ඔය fiction stories වල වගේ මේකා අපට විරුද්ධව යුද්ද ප්‍රකාශ කලොත් විනාසයි. මොකද කරන්නේ මේකා මහා කරදරයක් වෙලා, බේරෙන්නම බැරුව ගියොත්? දෙතුන් දෙනෙක් එකතුවෙලා, කොහොම හරි රොබෝ උන්නැහැව අන්දමන්ද කරලා power-off කරගත්තොත් මිසක් නැතම් හරියන්නේ නැහැ! අන්තිමට ඒකත් කළා, රොබෝව 'මැරුව' කියමු! දැන් එතකොට, එයා කොහෙවත් ගියාද? අර "මම" කියල හිතන් උන්න රොබෝ උන්නැහැ! නෑනේ, එහෙම යන්න කවුරුවත්, මොකෙක්වත් එතන හිටියේ නැහැනේ. බොරුවට එහෙම නැතිදෙයක් තියනව කියල හිතාගෙන, අවුලක් හදන් උන්න විතරනේ! ... ඉතින් ඇයි ඔයාල හිතන් ඉන්නේ මැරුණම 'යනවා' කියල?? එහෙම යන්න 'කෙනෙක්', මොකෙක්වත් මේකෙත් නැහැනේ! මේකත් ලේ, මස්, ඇට කටු වලින් හැදුන මැෂිමක් විතරනේ... upset ද?

    ඔයාල upset වෙන්න එපා! ඕක තමයි ඇත්ත කතන්දරේ! මේ අපිත් ලොකූ බොරුවකට අහුවෙලා 'අනාගෙන' මේ ඉන්නේ. අපි විතරක් නෙවෙයි මේ ඉන්න තරමක් සත්තු, දෙවියෝ, බ්‍රහ්මයෝ සේරමලා මේ පටලැවිල්ල හන්ද ලිහාගන්න බැරි අවුලක වැටිලා ඉන්නේ. බුදු හාමුදුරුවෝ කිව්වා, උන් වහන්සේ බ්‍රහ්ම ලෝක වලට වැඩම කරලා මේ බව එහෙ ඉන්න බ්‍රහ්මයින්ට කිව්වම ඒ අයත් කම්පාවෙනවා, හතර ගාතේ දාල වැටෙනවා කියල, "අහෝ අපි නැතිවෙනවලු... අහෝ අපි අනිත්‍යයිලු..." කියල. බ්‍රහ්ම ලෝක කියන්නේ සැපම විතරක් පිරිලා ඉතිරිලා යන්න තියන ඉහලම තත්වයේ ලෝක. ඒවායේ ඉන්නෙත් බැලුවම මේ 'upset' එක හන්දම හැදිච්ච කට්ටියක්. කොහෙත් එකයි බැලුවම!

    මේ ජීවිත වල සකස් වීම 20 අකාරයකට වෙච්ච රැවටිල්ලක් පදනම් කරගෙන, නොදන්නා කම (අවිද්‍යාව නිසා) සිද්ධවෙන කිසිම තේරුමක්, හරයක් නැති, නැවත නැවත සිද්ධවෙන (re-generative process), ක්‍රියාවලියක් විතරයි. මේක ලිහාගන්න බැරුව තමයි මේ සේරම අලකලංචි වලට මුණදෙන්න අපට සිද්ධ වෙලා තියෙන්නේ. ඔය මුලාව ගැන දැනගෙන, එකෙන් නිදහස්වෙලා, ඔය re-generative process එක, පටිච්චසමුප්පාදය break කරන එක, නිරුද්ධ කරන එක තමයි නැවත නැවත ඉපදීම නවත්වා ගන්න තියන එකම ක්‍රමය. නිවන් අවබෝධ කිරීම යනු මෙයයි! අපි හැම කෙනෙක්ම කවදා හෝ නිවන් අවබෝධ කොටගෙන මේ ඉපදෙන මැරෙන සංසාර ගමනෙන් නිදහස් වෙන තෙක් ගැලවීමක් ඇත්තෙම නැහැ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබට මේ පුංචි නිර්මාණය කියවල හරි, යම් වැටහීමක් ආව නම් මේ සකස් වෙච්ච දෙය තුල "මම" යයි නිත්‍ය කිසිවක් නොමැති බව, මේ සුළු මොහොතේදී ඔබ සුවිශාල දෙයක් කරගත්තා! අපි රැවටීම තුල පවත්වපු "මම" කියන හැඟීම අපව ඉතා දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කෙරෙව්වා. ඒ හැඟීම තුල අපි එක්රැස් කරගත්තු දේවල් තමයි හොඳ නරක දෙකටම හේතු උනේ. යම්කිසි බැඳීමක් තිබුනොත් පුනර්භවයක් ඇතිකරන ස්වභාවයක් ඇති බව බුදුරජාණන් වහන්සේ සොයා දැනගන අපට පෙන්වා දුන්න, "යායං තණ්හා පෝණෝ භවිකා, නන්දිරාග සහගතා, තත්‍ර තත්‍රාභි නන්දනී" ලෙසින්. එලෙස පුනර්භවයක් ඇති උවත් ඒ සඳහා මෙහි සිට රැගෙන යන කිසිවක් නොමැති බවත් උන්වහන්සේ පෙන්වා දුන්න.

    ඇත්තටම මෙය කිසිම ජාතියකට, ආගමකට අදාළ නැති, සියලු ලෝක සත්වයාට පොදු, ලෝක ධර්මතාවයක්! බුදුරජාණන් වහන්සේ නමකගේ උපකාරයෙන් තොරව බ්‍රහ්මයෙකුට, දෙවියෙකුට, විද්‍යාඥකුට හෝ වෙන කිසිම අයෙකුට කිසිම ආකාරයකින් මෙම සිදුවීම් මාලාව ගැන දැනගැනීමටවත්, නැවත නැවත ඉපදීමෙන් ගැලවීමටවත් හැකියාවක් නැහැ! ප්‍රමාණ කොට දැක්විය නොහැකි දීර්ඝ කාලයක සිට සංසාර ගමනේ යෙදී සිටින අපි, මේ අවස්ථාවේ මෙවැනි හිතන්න කල්පනා කරන්න පුළුවන් බුද්ධිමත් මනුෂ්‍යයන් හැටියට ඉපදී ඉන්න වෙලාවේ හැකි ඉක්මනින් කලයුත්තේ මෙයින් ගැලවීමට අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින අවස්ථාවල් මගහැරුණු අපිට, පිළිසරණය වීම පිණිස උන් වහන්සේගේම ශ්‍රාවක දරුවෙක්, බුද්ධ පුත්‍රයෙක් දැන් ලෝකයට පහලවෙලා තියෙනවා!! දැන් තමයි වෙලාව. ප්‍රමාද වෙන්න එපා!

    කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන් අපේ පිනට පහලවූ බුද්ධ පුත්‍රයා, අපේ හාමුදුරුවෝ, අතිපුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ උපකාරය ලබන්න මටත් වාසනාව ලැබුනා! උන්වහන්සේ නිසා මමත් තථාගතයන් වහන්සේව දැක්කා! දැන් මගේ හැකියාවන් අනුව බුදුරජාණන් වහන්සේ වදාල, අපේ ජීවිත වල අභ්‍යන්තර කතාන්දරය, මේ ඉවරයක් නැති නැවත නැවත ඉපදීම සිදුවන ආකාරය, පුනර්භවය සකස් වන හැටි, දැන් අපට දකින්න තිබෙන තාක්ෂණික නිපැයුම්, උපකරණ වල ක්‍රියාකාරීත්වය ඇසුරෙන් යම්තාක් දුරකට දකින්න මාත් උපකාර කරන්නම්. බුදුරජාණන් වහන්සේ තමයි මෙලොවට පහලවූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා! උන්වහන්සේ අපට අවශ්‍ය සියලුම දේ කියාදී තිබෙනවා. මුලින් ඔබ මේ වටිනා දැනුම ලබාගන්න. පිරිසිදු බුද්ධ දේශනාම කියවන්න, අහන්න. අපේ හාමුදුරුවෝ ඒසඳහා මිලකරන්න බැරි උපකාරයක් කරන උත්තමයෙක්!


    Originally Posted to SLU on Sun Aug 15, 2010 at 2:43 pm
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පරණ කතාව ආයේ ලියන්න කියල ගත්ත. කතාව පරණ උනාට මෙහෙදී කියපු එකක් නෙවෙයි! වැදගත් දේවල් තියෙන්නත් පුළුවන්... ප්‍රයෝජනවත් යමක් තිබුනොත් ගන්න. මේ ටික සේරම එකතු කරලා පිළිවෙලකට හදල එක තැනක දාන්නයි, prints ටිකක් අරන් computer / internet මොකවත් නැති නෑයෝ / යාලුවෝ කට්ටියට දෙන්නයි තියන උවමනාව හන්දයි මේකත් කරන්නේ. නැත්නම්, දැන්නම් ඇත්තටම කම්මැලියි කම්මැලියි වගෙයි! අපි ධර්මයට යොමුවෙච්ච දවස් වල ධර්මය මේ තරමට කලඑළි බැහැල තිබුනෙත් නැහැ... net එකෙත් දැන්වගේ බහුල වශයෙන් දකින්න තිබුනෙත් නැහැ... මම ධර්මය ගත්තට මම අනික් උදවිය වෙනුවෙන් මොකවත් කරලා තිබුනේ නැති නිසා හිතටත් හරිගියේ නැහැ! නිකම් බෙදාගන්නේ නැතුව තනියම කෑවා වගේනේ... ඒකයි මුලින් නම් නිකම් ඉන්නම බැරි උනේ! පොත් අරන් දුන්න, CDs write කරකර දුන්න, දන්න හැමෝටම කිව්වා, අන්තිමේ net එකටත් බැස්සා. ධර්මය දැක්ක / දැනගත්තු හැමෝම ඔහොම තමයි. ඉතින් දැන් නම් ධර්මය සැහෙන පිරිසක් අතරේ පැතිරිලා තියෙන්නේ. හුඟ දෙනෙක් යමක් කමක් දන්නවා, net එකෙත් හුඟක් දේවල් තියනවා. ඉතින් දැන් නිකම් 'petrol පුච්චගන්න' හිතෙන්නේ නැහැ. ඒත් ඉතින් කොච්චර උනත් අදටත් මේ මොකවත්ම අහන්න දකින්න නොලැබුණු, සත්‍ය නොදන්නා, නිකම් කකා-බ්‍බී ජීවත් වෙන්නං වාලෙ ජීවත් වෙන, අයත් ඉන්නවා. ඒත් ඒ අය අතරෙත් මේපාරම ගොඩයන්න, නැත්නම් මාර්ගඵල ලබන්න හැකියාව තියන අය ඉන්න පුළුවන්!! ඉතින් හැම තැනකම වහ වහා සත්‍ය ශ්‍රී සද්ධර්මයම පැතිරුනනම් තමයි හොඳ.

    Originally Posted to SLU on Fri Jul 16, 2010 at 3:29 PM
    Post subject: Sabaa Wenasak!

    ඔන්න එහෙනම් හැමෝටම අයුබොවන්ඩ කියල මාත් හා හාපුරා කියල මේ පැත්තට ආව. හැබැයි ඉතින් මාත් මේ පැත්තට ආවේ ඔය මොකද්ද සින්දුවක් 'DL' කරගන්න හොය හොයා යනකොට 'register' වෙන්න ඕනේ කියල දාල තිබුන හන්ද තමයි. මම වැඩිය මෙහෙම ඒවාට set වෙන කෙනෙකුත් නෙවෙයි... ඒත් මෙතනට එවුන එකෙන් ඔයාල හැමෝටම ගොඩක්ම වැදගත් වෙන "අලුත් කතන්දරයකට" මම පාර කපන්න බලන්නම්. මේක මෙතනට ගැලපෙයිද කියලත් සැකයි... ඒත් බලමු!

    මම ලොකු 'gancy කාරයෙක්' නෙවෙයි, ටික දෙනයි මාව දන්නෙත්. ඉතින් මේ 'කතන්දරේ' ඔයාල අතරේ 'නැගල ගියොත්' ඔය ලොකු ලොකු gancy ඉන්න අයටත් මේකේ 'රහවැටිලා' ඒ අයගේ මාර්ගයෙන් මේක හැමතැනම පතිරුනොත් නම්... එලම තමයි!! මට මේ 'forums' කතන්දර පුරුදු නැහැ ඒත් මේ කියන කරුණු ගැන ඔයාල හැමෝමත් දැනුවත් වෙලා, අනික් හැමෝටමත් දැනගන්න ලැබෙන විදියට කටයුතු කරන්න පුළුවන් නම් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.

    ඉතින් මේ 'කතන්දරේ' කියන්නේ කොහොමද කියල තමයි මමත් ලතවෙවී හිටියේ... 'go' එකක් තියෙයි කියල හිතනවා. ඔයාල කලබල වෙන්න එපා මේක බලල. 'try' කලොත් අපට කරන්න බැරි දෙයක් නැහැ නේ! මම මේ 'article' එක කලේ 'Net' එකෙන් පුළුවන් තරම් දුරට 'transmit' කරන්නමයි.


    ඒ artcle එක තමයි මේ thread එකේ මුලින්ම දාල තියන "Please don't get late to listen to Lord Buddha’s teachings" කියන එක...
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    බුද්ධාගම කියන්නේ ආගමක් නෙවෙයි! දර්ශනයක්, කතන්දරයක් මොකවත්මත් නෙවෙයි!!!
    මේ තමයි ලෝක ධර්මතාවය!!! මේ ඉන්න තරමක් දෙවි, මනුස්ස, තිරිසන් ඕනෙම සත්වයෙකුට පොදු ධර්මතාවය!!!
    :yes::yes: +
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Originally Posted to SLU on Fri Jul 16, 2010 at 5:36 PM

    ඉතින් ඔයාල පොඩ්ඩක් මහමෙව්නාව site එකට ගිහින් බැලුවේ නැද්ද? දැන්වත් පටන් ගත්ත නම් හරි. අපිට පුළුවන් ලෝකේ ගැන, ඔයාල-අපි කවුද, මොනවද මේ වෙන්නේ කියන ඕනේ දෙයක් ගැන ඕනේ කෙනෙකුට ඉගෙන ගන්න උදව් කරන්න, මොකද අපි හොඳට ඒවා ගැන ඉගෙන ගත්තා. ඔයාල දැන් ඔය කරන දේවල් කරන්නේ ඒවා ඉගෙන ගත්තු නිසානේ... හැබැයි ඔයාල නොදන්න, සමහරවිට අහලවත් නැති, ගොඩාක් වැදගත් දේවලුත් තව හුඟක් තියෙනවා. intelligent මනුස්සයෙක් වීමයි, බුදු කෙනෙක් උගන්වන දේවල් අහන්න ලැබීමයි, නිවැරදිව ණුවනින් කල්පණා කිරීමේ හැකියාවයි තමයි ඒ දේවල් ඉගෙනගන්න අවශ්‍ය වෙන්නේ. මේකට ජාති, ආගම් වල ප්‍රශ්ණයක් නැහැ... හොඳ මොලේකුයි, උවමනාවයි තමයි ඕනෙම කරන්නේ. full try එකක් දෙන්න බලන්න, අපි දෙන්නම් full back-up එකක්.

    අනික මේක publish කරන්න පුළුවන් උනොත් හුඟ දෙනෙකුට chance එකක් තියේවි ජීවිතාවබෝධය ලබාගන්න. ඔය computer, electronic, technology කතා මොනවද කියල හිතෙයි බුදු කෙනෙකුගේ knowledge එක ගැන පොඩ්ඩ පොඩ්ඩ තේරෙන්න ගන්නකොට. අපිත් electronic, computer, robotics වගේ හුඟක් දේවල් දන්න තරමක වැඩකරුවෝ තමයි. ඒත් ඒ සේරම 'සෙල්ලම්' අවුරුදු 50-60 කින් ඉවරයි නේද? ඊට පස්සේ?? ඔයාල දන්නවද අපිට මේ ජීවිතේ ලැබෙන්න කලින් වෙලා තියෙන්නේ මොනවද කියල? ඔයාල දන්නවද මේ ජීවිතෙන් පස්සේ වෙන්නේ මොනවද කියල?? අපි නම් දන්නවා... දැන් අපි ඒ පැත්තෙන් full qualified dear. ඒකයි මේ kick එක! බුදුහාමුදුරුවෝ මේ දේවල් බුද්ධිමතුන්ටයි කියල කිව්වේ ඇයි කියල අපි හොඳටම දැක්ක. ඉතින් මේ technical field එකේ ඉන්න උදවිය හුඟ දෙනෙකුට chance එක තියෙනවා ගොඩයන්න, උත්සහයක් ගත්තොත්!! ඒක 100%+ sure. අපි try කරන්නෙත් මේ ලෝකේ තියෙන වැදගත්ම දේට පුළුවන් තරම් පිරිසකගේ අවධානය යොමුකරවන්නයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Originally Posted to SLU on Sat Jul 17, 2010 at 5:01 PM

    අපිට මේ ලබපු වටිනා මනුස්ස ජීවිතේදී ලොකු වැඩක් කරගන්න / කරන්න තියෙනවා! ඔයාල සමහරවිට කිසිම දෙයක් දන්නේ නැතුව ඇති මේ කතන්දර ගැන. ඒත් මේක තමයි ලෝකේ ඇත්තම කතන්දරේ!! මොන මොන විශ්වාස, ඇදහිලි තිබුනත් හැමෝටම යන්න වෙන්නේ එකම පාරක! අපි කවුද? අපිට මේ ජීවිත ලැබුණේ කොහොමද? මීට කලින් මොකද වෙලා තියෙන්නේ? ඊළඟට මොකද්ද වෙන්නේ? කියන එක magic එකක් නෙවෙයි. නොදන්න කමට මෝඩ jokes දදා, තේරුමක් නැති දේවල් කර කර කාලෙ ගතකරලා, මැට්ටෝ වගේ ඔහේ යන්නං වාලේ යන්නේ නැතුව අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න බොහෝම දුර්ලභ අවස්ථාවක් ඇවිල්ල තියෙනවා! නොතේරුම් කමට හදා ගත්තු ලොකූ අවුලක් හන්ද අපි හැමෝම 'දාර වලක' වැටිලා ඉන්නේ! ඔයාල දන්නවද ඔයාලට එහෙම ප්‍රශ්ණයක් තියෙන බව වත්???

    ඉතින් මේ ගැන දැනගන්න, කතාබහ කරන්න කට්ටිය set වෙනවා නම් අන්න ඒක තමයි මගේ බලාපොරොත්තුව. තනියෙන්, තමන්ගේ උවමනාවෙන් මේ මාතෘකාවට කෙනෙක් ලේසියෙන් set වෙන්නේ නැහැ! ඒක මේ ලෝකේ හැටි! හැබැයි මේ මාතෘකාවට ඇවිත්, උවමනාවෙන්ම 'බොක්කෙන්ම' ඒකෙම එල්ලිලා ගියොත් ඇරෙන්න කිසිම කෙනෙකුට ගැලවීමකුත් නැහැ, කොයි තරම් වැඩකාරයෙක් උනත්!! ඉතින්... අවුලක් නැහැ, හොඳ powerful engine එකකට පෙට්ටි ගොඩාක් ඇදගෙන යන්න පුළුවන් නේ... තමන් දැන් 'ගොඩනේ' කියල දැනගත්තනම්, ඒ ලබපු අවබෝධය බුදුරජාණන්වහන්සේ වදාල ශ්‍රී සද්ධර්මයට අනුව හරියටම හරී කියල දැනගත්තනම් ආයේ වෙන මොනවද නේද? මට තියෙන්නේ ඒ fit එක තමයි!! අනික මේ වෙනකොට ලඟම යාලුවෝ (ඇඟෙන් නෙවෙයි, 'බොක්කෙන්' ළඟ ඉන්න) සෑහෙන දුර ගිහින් තියෙන්නේ!

    ඔයාල කොයි කොයි ජාතිවල, ආගම් වල අය උනත් කමක් නැහැ. හොඳ මොලේ තියෙන, කල්පනා කරලා යමක් කමක් කරන්න පුළුවන් අය නම් වැඩේ හරි. බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා, අරම කියල තියෙනවා, කියල එක එක පිස්සෝ කියපු කතන්දර අහල ඔයාල තව අවුලෙන් අවුලට පත්වෙලා හිටියත් කමක් නැහැ, උවමනාව තියෙනවනම් මේ ජීවිතේ කතන්දරේ ඉවරයක් වෙනකන්ම තේරුම් ගන්න උදව් කරන්න මටත් පුළුවන්! කිරිබත්ගොඩ ඥාණානන්ද, අපේ හාමුදුරුවෝ හන්ද අපිත් යන්තම් ගොඩගියා... නැත්නම් ඉවරෙටම ඉවරයි... හිතෙන කොටත් ඇඟේ මයිල්, ඉස්මයිල් වෙනවා! ඔයාලත් මේ කතාන්දරය දැනගත්තොත්, එතකොට තේරේවි... ඉතින් එහෙම ඔයාලට මගෙන් ප්‍රයෝජනයක් තියෙනවනම් 60 පැනල හොට බිම ඇනෙනකන්ම හරි forum එකේ ඉන්නම්...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka