ත්‍රිකෝටික පාරිශුදධ මාංශය යනු කුමක්ද?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ත්‍රිකෝටික පාරිශුදධ මාංශය යනු කුමක්ද? Thrikotika Parishuda

    ත්‍රිකෝටික පාරිශුදධ මාංශයයනු කුමක්ද?
    the-big-buddha-appears-through-the-clouds-big-buddha-hong-kong-hong-kong.jpg

    බුදුන්වහන්සේම

    (1) දිට්ඨං (දැක්කොත්)
    (2) සුතං (අසා දැනගත්හොත්)
    (3) පරිසංකිතං (සැකයක් ඇතිවුවහොත්)

    එවැන්නක්ද අනුභව නොකරන බව දේශනා කොට ඇත.ත්‍රිකෝටික
    පාරිශුදධ මාංශය යනුවෙන් එවැන්නෙක්වාදාළේ එවැනි මාංශයක්
    ලොව නොමැතිබැවිනි.

    පෘතග්ජ්ණ කෙනෙකුට මෙහි විනිශ්චය තරමක් අපහසු විය
    හැකි නමුත් කරණිය මෙත්ත සුත්‍රය අනුවද මෛත්‍රියෙන් ඉවත් කළ
    හැකි යනුවෙන් කිසිම මාංශයක් නැති බව පසක්වේ.හදිසි
    අනතුරකින් මිය ගිය සත්ත්වයෙකුගේ මාංශ ගැන වුවද මෙසේ
    විග්‍රහ කළ හැකිය.එම සතාට වුවද අප අවංකවම මෛත්‍රිය
    කරනවා නම් මෛත්‍රි කරමින්ම උගේ මාංශ අනුභව කළ හැකිද?

    මුඛය තුළ ඉතා ගිජු ලෙස අඔරා රසකරමින් එකී සත්ත්වයා
    මැරුණු ආකාරයටම උදර කුහරයට තුළට යවා උශ්ණය උදරයෙන්
    මුඛ තුලට ගෙන එයද දුර්ගන්ඩය හමව හමවා පිටකරමින් සියලු
    සත්ත්වයො නිදුක් වෙත්වා! නිරොගී වෙත්වා! සුවපත් වෙත්වා!
    යැයි තමන්වත් අනුන්වත් ‍රැවටිම කෙතරම් දුරට යුක්ති යුක්ත
    වන්නෙදැයි උභ‍තෝකොටික ප්‍රශ්නයකි.

    අපි සතුන්ට අභය දානය දෙමු-අපි සතුන්ට මෛත්‍රි කරමු

    සැමට තෙරුවණ් සරණ්යි!
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කන්න ඕනි උනාම කබර ගොයත් තලගොයා වෙනවනේ....

    ++:)
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    පෘතග්ජ්ණ කෙනෙකුට මෙහි විනිශ්චය තරමක් අපහසු විය
    හැකි නමුත් කරණිය මෙත්ත සුත්‍රය අනුවද මෛත්‍රියෙන් ඉවත් කළ
    හැකි යනුවෙන් කිසිම මාංශයක් නැති බව පසක්වේ.හදිසි
    අනතුරකින් මිය ගිය සත්ත්වයෙකුගේ මාංශ ගැන වුවද මෙසේ
    විග්‍රහ කළ හැකිය.එම සතාට වුවද අප අවංකවම මෛත්‍රිය
    කරනවා නම් මෛත්‍රි කරමින්ම උගේ මාංශ අනුභව කළ හැකිද?

    හොඳ අදහසක්. නමුත් ඔබතුමා මෛත්‍රිය සම්බන්ධයෙන් තවමත් ආධුනිකයි වගේ. මෛත්‍රිය කියන්නේ ලෝකය වගේම පුළුල් විෂයක්. කෙනෙක්ට ලේසියෙන් අල්ල ගන්න බෑ. එහෙම පුළුවන් වුනා නම් අද ලෝකයේ මේ විදියට යුද්ධ ‍කල කෝලාහල ඇති වෙන්නේ නෑ.මෛත්‍රිය කියන්නේ මැරිච්ච සතුන්ට මිතුරුකම පැතිරවීම නොවන බව සිහි තියා ගන්න. ඒ එක්ක බැලුවම තව හුඟක් දේ මෙතන ලියන්න පුළුවන්. ඒත් ඒකෙන් වැඩක් වෙන්නේ නෑ.මේ පෝස්ට් එක හොඳයි. කොහොමවුනත් ධර්මය ගැන තවත් විමසලා කටයුතු කරනවානම් තමයි වඩාත් හොඳ. නැත්නම් ධර්මය විකෘති වෙනවා. ඒකෙන් වෙන පව ඔබට මෙන්ම ඔබ විසින් පෙන්නුම් කරන අදහස් පිළිපදින අයටත් කවදාවත් ගෙවලා නම් ඉවර කරන්න වෙන්නේ නෑ. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි සම්මා දිට්ඨියෙන් ඈතට යන්න වෙන නිසා. කොහොමවුනත් හොඳ ‍පෝස්ට් එකක් බව ආයිත් කියන්න ඕනා.
     
    මලකුනු ආමාශගත කරනවිට කෙළෙස්මාරයා ඒ පසුපස හඹාවිත්
    ශරිරයතුල ලැගුම් ගනී.එවිට ඔබ ලබන නිවන කුමක්ද?එය සත්‍ය
    වශයෙන්ම නිවීමක්ද සිතන්න කාලයයි.පෘතග්ජනයෙනි. මම
    මෛත්‍රිය සම්බන්දයෙන් ආධුනිකද ජෙෂට ද කියලා හරියටම
    මට කියන්ඩ බැ හැබයි මම කරණිය මෙත්ත සුත්‍රය,මෙත්තානිසංස සුත්‍රය
    ධම්ම පදයේ 405,131 ගාථාවන් කියවලා තිබෙනවා-එවාගෙම ප්‍රතම සිල්පදය ගැඹුරින් සිතලා බැලුවොත් පානතිපාත වෙරමනි සික්කාපදම් සමාදියමි යන්නෙහි නියම අරුත (නොමරමි,නොමරවමි,අනුබලද නොදෙමි යනුයි)

    මෙයයි සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීම
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152

    :yes::yes::yes::yes:
    මස් කෑමට ඇති පෙරේතකම සගවාගෙ මයිත්‍රී වැඩිම හා මස් කෑම යනු දෙකකි , සතුන් මැරීම වෙනම එකකි , මලකුනකට මයිත්‍රී කිරීම මෝඩ ක්‍රියාවකි යන දේවල්නම් සම්මා දිට්ටියෙන් ලැබෙනුයේ එම දිට්ටිය ඇත්ත වශයෙන්ම සම්මා දිට්ටියක්ද ? මක්නිසාද සම්මා දිට්ටිය යනු මලකුනක් කෑවට කමක් නැත එය ඔබගේ නිවන් අවබෝදයට හෝ මයිත්‍රී වැදීමට බාදාවක් නොවේ කියන එකද ? . මේ සැම දෙයකම යටි අරුත ඔබ මස් කෑමට කැමැත්තක් දක්වනවා කියන එක නොවේද ? මස්කමට ඔබ නොදැනුවත්වම ඔබට ඇති ගිජුකම තවත් දෙයකට තවමත් ඔබ අලිසිටිනවා කියන එක නොවේද ? එසේනම් සියලන්ගෙන් වෙනුන ඒ ලොව්තුරු සැපය එමගින් ලැබිය හැකිද ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,993
    113
    Ohio, USA
    එවාගෙම ප්‍රතම සිල්පදය ගැඹුරින් සිතලා බැලුවොත් පානතිපාත වෙරමනි සික්කාපදම් සමාදියමි යන්නෙහි නියම අරුත (නොමරමි,නොමරවමි,අනුබලද නොදෙමි යනුයි)

    මෙයයි සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීම

    සුරාමේරේ කාමෙසුමිච්චාචාරා අදින්නාදානා මුසාවාදා මෙන්න මේ පන්සිල් පද ගැන අද කවුරුත් කතාකරන්නේ නැහැ. ඇයි ඒ? ඔයාලා කවුරුවත් ඇයි හිතන්නේ නැත්තේ මේවත් බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීම් කියලා?

    http://www.silumina.lk/2009/03/08/_art.asp?fn=as0903086
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    මලකුනු ආමාශගත කරනවිට කෙළෙස්මාරයා ඒ පසුපස හඹාවිත්
    ශරිරයතුල ලැගුම් ගනී.එවිට ඔබ ලබන නිවන කුමක්ද?එය සත්‍ය
    වශයෙන්ම නිවීමක්ද සිතන්න කාලයයි.පෘතග්ජනයෙනි. මම
    මෛත්‍රිය සම්බන්දයෙන් ආධුනිකද ජෙෂට ද කියලා හරියටම
    මට කියන්ඩ බැ හැබයි මම කරණිය මෙත්ත සුත්‍රය,මෙත්තානිසංස සුත්‍රය
    ධම්ම පදයේ 405,131 ගාථාවන් කියවලා තිබෙනවා-එවාගෙම ප්‍රතම සිල්පදය ගැඹුරින් සිතලා බැලුවොත් පානතිපාත වෙරමනි සික්කාපදම් සමාදියමි යන්නෙහි නියම අරුත (නොමරමි,නොමරවමි,අනුබලද නොදෙමි යනුයි)

    මෙයයි සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීම

    පුහ් මේ වගේ බෞද්ධයෝ බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඉඳලා තියෙනවා. ඒත් ඒ අය ගැන බුදුහාමුදුරුවෝ මෛත්‍රී කලා. මට තේරෙන විදියට ඔයාට මුලින්ම මෛත්‍රිය ගැන උගන්වන්න වෙයි වගේ. පොඩ්ඩක් බලන්න ඇස් ඇරලා. ඒ කියන්නේ මනැස. සැරියුත් හාමුදුරුවෝ මට මතකයි මාළු අල්ලන කෙවුලන්ටත් බණ කිව්වනේ.

    මෝඝ මනුෂ්‍යයෝ මිනී මැරුවත් නිවන් දකින්න පුළුවන්. මුලින් ධර්මය ඉගෙන ගන්නවා. ආනන්තරීය පාප කර්මයන් කලත් නිවන් දකින්න පුළුවන්. එහෙව් එකේ මස් කෑවා කියලා නිවන් දකින්න බැරි වෙන්නේ නෑ. ඒ වුනාට නිවන් දකින එක ප්‍රමාද වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. නිවන් දකින්න බැරි එක්තරා ක්‍රියාවක් තියෙනවා පෘථග්ජනයන්ගේ අතින් කෙරෙන. ඒ දේ වුනොත් නම් ඉතින්
    සොරි තමයි. මන් ප්‍රාර්ථනා කරන්නම් තමුන්ට එහෙම නොවන්න කියලා.

    http://elakiri.com/forum/showthread.php?t=1051503 මේක ටිකක් බලනවා. මේකට කවුරුවත් කොමන්ට් දාලා නැති වුනාට ඉගෙන ගන්න දෙයක් තියෙනවා.

    සම්මා දිට්ඨිය ගැන ඉගෙන ගන්න තව හුඟක් හිතන්න වෙයි. සම්මා දිට්ඨිය කියන්නේ ඔය විකාර නෙමෙයි මෝඝ පුරුෂයෝ. කරණීය මෙත්ත සූත්‍රය මෙත්තානිසංස සූත්‍රය තව ඔය ධම්ම පදයේ කියවපු දේවල් කියෙව්වා කියලා සම්මා දිට්ඨිය පහල වෙන්නේ නෑ. රෝජ මල්ල ගැන හිතලා බලන්න. සුභූති හාමුදුරුවෝ ගැන හිතලා බලන්න. මුලින් හොඳට තමන් ගැන තේරුම් ගන්න. ඉන් පස්සේ ලෝකය දකින්න මනසින්. ඉන් පස්සේ ඒ දේවල් ජීවිතයට අදාල කරගන්න. ඉන් එහාට ඔයාට වරදින්නේ නෑ. හැබැයි දැන් තමුන් ඔයා ඉන්න මතයේම නම් තවත් රැඳිලා ඉන්න එපා. ඔයා යන්නේ වැරදි පාරේ යාළුවා.
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    සුරාමේරේ කාමෙසුමිච්චාචාරා අදින්නාදානා මුසාවාදා මෙන්න මේ පන්සිල් පද ගැන අද කවුරුත් කතාකරන්නේ නැහැ. ඇයි ඒ? ඔයාලා කවුරුවත් ඇයි හිතන්නේ නැත්තේ මේවත් බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීම් කියලා?

    http://www.silumina.lk/2009/03/08/_art.asp?fn=as0903086

    ඇත්තටම ඔව්. මේ ගැන අද අපි හිතනවා අඩුයි. ඒක කොසොල් රජතුමා බුදුන්ගේ කාලෙදි හීනෙන් දැකලා බුදුහාමුදුරුවන්ගෙන අහලා විමසගත්තා. ඒ බව දන්න නිසායි අපි මේවා ගැන නොහිතා ඉන්නේ. හැමෝම පිස්සුවෙන් වගේ මුල් සිල් පදේ අල්ලන් දුවනවා. සිල් පද පහම එකතු කරලා කථා කරන්නේ නෑ. මේවා එකිනෙකට එකක් සම්බන්ධයි කියලා දකින්නේ නෑ. අනේ මන්ද....

    බෞද්ධ‍යාගේ නිත්‍ය ශීලය ගැන කථා නොකර අපි ඒකෙන් එකක් විතරක් අල්ලන් පුදුම දැඟලිල්ලක්
    දඟලන්නේ..... නිවන් දකින්න..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    විවිද පුද්ගලයින් විවිද අදහස් මෙතන දාලා තිබෙනවා,සමහර උදවිය මිට එරහිව කමෙන්ට් කර තිබෙනවා,මාගෙ එකායන් අරමුන වුයේ මෙයින් සැවොම දැනුවත් කර නිර්මංශිකයන් බවට පත් කිරිමයි,මෙයින් මම බලපොරොත්තු වුයෙ ඔබව නිර්මංශයෙකු කර අසරන සතෙකු හෝ බෙරාගැනිමයි මම සියලු සතුන්ට මෛත්‍රි කරමි මා සතුන්ට මෛත්‍රි කරන්නෙත් මංශ අනුබවයෙන් තොරත් කිසි දෙයක් එයින් නැවත මහට ලබා ගැනිමක් බලාපොරොතුවෙන් නොවේ,මා නිර්මංශ විමට ප්‍රදහන් හෙතු
    1>සතුන්ටත් අප මෙන් ම ජිවත් විමට තිබෙන අයිතිය නැති විම
    2>ඔවුන්ටත් අප මෙන්ම වෙදනාව කියා දෙයක් තිබිම
    3>ඔවුන්ගෙ ශරිරය අපට අයිති නොවිම

    සැමට තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: Dishta Didin

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    විවිද පුද්ගලයින් විවිද අදහස් මෙතන දාලා තිබෙනවා,සමහර උදවිය මිට එරහිව කමෙන්ට් කර තිබෙනවා,මාගෙ එකායන් අරමුන වුයේ මෙයින් සැවොම දැනුවත් කර නිර්මංශිකයන් බවට පත් කිරිමයි,මෙයින් මම බලපොරොත්තු වුයෙ ඔබව නිර්මංශයෙකු කර අසරන සතෙකු හෝ බෙරාගැනිමයි මම සියලු සතුන්ට මෛත්‍රි කරමි මා සතුන්ට මෛත්‍රි කරන්නෙත් මංශ අනුබවයෙන් තොරත් කිසි දෙයක් එයින් නැවත මහට ලබා ගැනිමක් බලාපොරොතුවෙන් නොවේ,මා නිර්මංශ විමට ප්‍රදහන් හෙතු
    1>සතුන්ටත් අප මෙන් ම ජිවත් විමට තිබෙන අයිතිය නැති විම
    2>ඔවුන්ටත් අප මෙන්ම වෙදනාව කියා දෙයක් තිබිම
    3>ඔවුන්ගෙ ශරිරය අපට අයිති නොවිම

    සැමට තෙරුවන් සරණයි!

    මේක ඔබතුමාගේ උතුම් ගුණයක් එකේ දෙකක් නැහැ. නමුත් මෛත්‍රිය කරන්නේ සතා පව් .. දුක් විඳින හන්දා නෙමෙයි. ඒ සතා ගෙවන විපාකය ඒක ඒ සතාගේ ප්‍රශ්නයක් (එකෙන් කියන්නේ නැහැ මරාගෙන කන්න කියලා). නමුත් මෛත්‍රිය කරන්නේ පොදුවේ.. ඒකාට එවන් දුකක් ඇතිවුනේ ඇයි කියලා හිතලා... සසර සරන නිසා තමයි මේ නිමක් නැති දුකක් ඒ සතා විඳින්නේ ... ඉතින් ඒ දුක්ක වු සසරෙන් මිදෙන්න කියලයි මෛත්‍රි කරන්න ඕන...

    මෛත්‍රිය භාවනාව ගැන හොඳ පොතක් මෙතන තියෙනවා - http://www.hiddendhamma.net/books
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,993
    113
    Ohio, USA

    ඇත්තටම ඔව්. මේ ගැන අද අපි හිතනවා අඩුයි. ඒක කොසොල් රජතුමා බුදුන්ගේ කාලෙදි හීනෙන් දැකලා බුදුහාමුදුරුවන්ගෙන අහලා විමසගත්තා. ඒ බව දන්න නිසායි අපි මේවා ගැන නොහිතා ඉන්නේ. හැමෝම පිස්සුවෙන් වගේ මුල් සිල් පදේ අල්ලන් දුවනවා. සිල් පද පහම එකතු කරලා කථා කරන්නේ නෑ. මේවා එකිනෙකට එකක් සම්බන්ධයි කියලා දකින්නේ නෑ. අනේ මන්ද....

    බෞද්ධ‍යාගේ නිත්‍ය ශීලය ගැන කථා නොකර අපි ඒකෙන් එකක් විතරක් අල්ලන් පුදුම දැඟලිල්ලක්
    දඟලන්නේ..... නිවන් දකින්න..

    ස්තූතියි.
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    විවිද පුද්ගලයින් විවිද අදහස් මෙතන දාලා තිබෙනවා,සමහර උදවිය මිට එරහිව කමෙන්ට් කර තිබෙනවා,මාගෙ එකායන් අරමුන වුයේ මෙයින් සැවොම දැනුවත් කර නිර්මංශිකයන් බවට පත් කිරිමයි,මෙයින් මම බලපොරොත්තු වුයෙ ඔබව නිර්මංශයෙකු කර අසරන සතෙකු හෝ බෙරාගැනිමයි මම සියලු සතුන්ට මෛත්‍රි කරමි මා සතුන්ට මෛත්‍රි කරන්නෙත් මංශ අනුබවයෙන් තොරත් කිසි දෙයක් එයින් නැවත මහට ලබා ගැනිමක් බලාපොරොතුවෙන් නොවේ,මා නිර්මංශ විමට ප්‍රදහන් හෙතු
    1>සතුන්ටත් අප මෙන් ම ජිවත් විමට තිබෙන අයිතිය නැති විම
    2>ඔවුන්ටත් අප මෙන්ම වෙදනාව කියා දෙයක් තිබිම
    3>ඔවුන්ගෙ ශරිරය අපට අයිති නොවිම

    සැමට තෙරුවන් සරණයි!

    ඇත්තටම ඔයාගේ අදහස හොඳයි. ඒකනේ මන් මුලින්ම කිව්වේ ඔයාගේ පෝස්ට් එක හොඳයි කියලා. ඔයාට තියෙන්නේ ඔයාගේ අරමුණ ප්‍රකාශ කර ගන්න බැරි ප්‍රශ්නය. දිගින් දිගටම ලියන්න. එතකොට ඔයාටත් දහම් ඇස පෑදේවි. ඒ තමයි මගේ ප්‍රාර්ථනාව.
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මම නම් මාස් කන්නේ නැහැ. නමුත් මස් කන එක හෝ නොකන එක පුද්ගලයාගේ කැමත්තක්. ඒක අර ධර්මපාලතුමා ලොරියක්ද කොහෙද අරගෙන ගෙවල් ගානේ ගිහින් කන්න එපා කියන වගේ බලෙන් කරන්න ඕන දෙයක් නෙවෙයි. පුද්ගලයා අවබෝදයෙන් කළ යුතු දෙයක්. lol
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,993
    113
    Ohio, USA
    මම නම් මාස් කන්නේ නැහැ. නමුත් මස් කන එක හෝ නොකන එක පුද්ගලයාගේ කැමත්තක්. ඒක අර ධර්මපාලතුමා ලොරියක්ද කොහෙද අරගෙන ගෙවල් ගානේ ගිහින් කන්න එපා කියන වගේ බලෙන් කරන්න ඕන දෙයක් නෙවෙයි. පුද්ගලයා අවබෝදයෙන් කළ යුතු දෙයක්. lol
    :yes:

    ධර්මපාල තුමා සුළු ජාතීන්ව ආමන්ත්‍රනය කල වචන බැලුවම කිසිම මෛත්‍රියක ලක්ෂණයක් එතුමාගෙන් දකින්න ලැබෙන්නෙ නැහැ.