wadi gaanak gewala broadband use karana kattiyata honda news ekak

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
images


රජය විසින් කෙටුම්පත් කර තිබෙන ජාතික තොරතුරු තාක්ෂණ සංවර්ධන සැලසුම (2011-2016) මගින් මෙරට අධිවේගී පුළුල් පරාස අන්තර්ජාල සේවාවල (high speed broadband ) අනාගත මිල ගණන් පිළිබඳව අදහස් දක්වා තිබේ.

මේ අනුව, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය විසින් කෙටුම්පත් කර තිබෙන මෙම සැලසුම මගින් අවධාරණය කර තිබෙන්නේ මෙරට අධිවේගී පුළුල් පරාස අන්තර්ජාල සේවාවල මිල ගණන් මේ වනවිට වැඩි නිසා අනාගතයේදී එය තවදුරටත් පහළ දැමීමට සමාගම් කටයුතු කළ යුතුබවත් එයින් මෙරට වැඩි පිරිසකට එම සේවා භාවිතා කිරීමේ අවස්ථා හිමිවනු ඇති බවයි.

තරගකාරී රටවල් සමග සසඳන විට මෙරට මෙම අන්තර් ජාල සේවාවල මිල ගණන් අධික බව මෙම සැලසුම මගින් අවධාරණය කර තිබෙන අතර එය ඒ ආශ්‍රිත ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට බාධාවක් බවද සඳහන් කර තිබේ.

මේ නිසා, ඉදිරියේදී මේ ආශ්‍රිත කර්මාන්ත සඳහා විදේශීය සමාගම් ආකර්ශනය කරගනිමින් රැකියා සම්පාදනය කිරීමට නම් අධිවේගී පුළුල් පරාස අන්තර්ජාල සේවා දැරිය හැකි මිලක් දක්වා පහත හෙලීම අනිවාර්ය බව සඳහන්ය.

රජය සකස් කර තිබෙන මෙම ජාතික තොරතුරු තාක්ෂණ සංවර්ධන සැලසුම මේ වනවිට එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සංවාදයට බඳුන් කර තිබෙන අතර ඔවුන්ගේ අදහස් මත අවසන් සැලසුම සකස් කිරීමට නියමිතය. ‍

මෙම සැලසුම මගින් රජය අපේක්ෂා කර තිබෙන්නේ 2016 වසර වනවිට මෙරට පරිගණක සාක්ෂරතාවය සියයට 75 ක් දක්වා ඉහළ නැංවීමටයි.
 
Last edited:

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඇති දැන්වත් තේරුනා.... කරොත් නම් එල! ජයවේවා!!
    කිව්වට ස්තුතියි :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය දේ ගිය අවුරුද්දෙත් කීව්වා නේද? මිලේ වෙනසක් නම් උනේ නෑ.:lol: