මේ අනුව, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය විසින් කෙටුම්පත් කර තිබෙන මෙම සැලසුම මගින් අවධාරණය කර තිබෙන්නේ මෙරට අධිවේගී පුළුල් පරාස අන්තර්ජාල සේවාවල මිල ගණන් මේ වනවිට වැඩි නිසා අනාගතයේදී එය තවදුරටත් පහළ දැමීමට සමාගම් කටයුතු කළ යුතුබවත් එයින් මෙරට වැඩි පිරිසකට එම සේවා භාවිතා කිරීමේ අවස්ථා හිමිවනු ඇති බවයි.
තරගකාරී රටවල් සමග සසඳන විට මෙරට මෙම අන්තර් ජාල සේවාවල මිල ගණන් අධික බව මෙම සැලසුම මගින් අවධාරණය කර තිබෙන අතර එය ඒ ආශ්රිත ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට බාධාවක් බවද සඳහන් කර තිබේ.
මේ නිසා, ඉදිරියේදී මේ ආශ්රිත කර්මාන්ත සඳහා විදේශීය සමාගම් ආකර්ශනය කරගනිමින් රැකියා සම්පාදනය කිරීමට නම් අධිවේගී පුළුල් පරාස අන්තර්ජාල සේවා දැරිය හැකි මිලක් දක්වා පහත හෙලීම අනිවාර්ය බව සඳහන්ය.
රජය සකස් කර තිබෙන මෙම ජාතික තොරතුරු තාක්ෂණ සංවර්ධන සැලසුම මේ වනවිට එම ක්ෂේත්රයේ ප්‍රවීණයින්ගේ සංවාදයට බඳුන් කර තිබෙන අතර ඔවුන්ගේ අදහස් මත අවසන් සැලසුම සකස් කිරීමට නියමිතය.
මෙම සැලසුම මගින් රජය අපේක්ෂා කර තිබෙන්නේ 2016 වසර වනවිට මෙරට පරිගණක සාක්ෂරතාවය සියයට 75 ක් දක්වා ඉහළ නැංවීමටයි.
Last edited:


