Veenuta tharjanaya karapu niliya kawuda ?

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
විනූට තර්ජනය කළ නිළිය කවුද ?


VINU1.gif

මෝස්තර නිරූපිකාවක්, නිළියක් හා චිත‍්‍රපට අධ්‍යක්ෂිකාවක්වූ විනූ වෙත්තමුනි ඝාතනය වීමට පෙර ඇයට තවත් චිත‍්‍රපට නිළියක් වූ අනූෂා සොනාලිගෙන් තර්ජන එල්ල වී තිබූ බව වාර්තා වේ.
විනූ ඝාතනයෙන් පසුව මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණයේදී ඇයගේ මව කටඋත්තරයක් ලබාදෙමින් මේ බව හෙළිකර තිබිණි.

ඇය එහිදී කියා සිටියේ අදාළ තර්ජන සම්බන්ධයෙන් විනූ විසින් සොනාලිට එරෙහිව පැමිණිලි 04ක් ගල්කිස්ස පොලිසියට කර තිබූ බවයි.


විනූ නිවසින් එළියට නොයාමට හේතුවූයේද ඇය සොයා පැමිණි අය ඇය නිවසේදී මුණ ගැසුනේද එහෙයින් බව ද විනූගේ මව එම කටඋත්තරයේ සඳහන් කර තිබේ.

313.gif



ඇය මෙම කටඋත්තරය ලබාදී තිබුණේ ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය ඉදිරියේදීය.

විනූ සිය නිවසේදී ගෙලසිරකර මරා දමා තිබූ අතර, ඇය මරදැමීමට පෙර කෙලසා තිබූ බවට ද සැකයක් ඇති වී තිබේ.
අභිරස් ලෙස ඝාතනයවූ විනූගේ නිවසින් වටිනා කිසිවක් සොරකම්කර නොතිබූ අතර, ඇගේ නිවසින් අතුරුදහන්වූ එකම භාණ්ඩය බවට පත්ව ඇත්තේ ඇගේ දුරකතන නාමවලියක් පමණක් බව පැවසේ.

ඇය රංගනයට පිවිසියේ එරංග සේනාරත්න මහතා විසින් අධ්‍යක්ෂණය කළ මායා ඇවනිවු ටෙලි නාට්‍යයෙනි.


පසුව ඇය සිහින දෙව්දුව නමින් චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කළ අතර, එහි ප‍්‍රධාන නිළිය ලෙසද රඟපෑවාය.

VINU-1.gif


http://www.elakiri.com/forum/showthread.php?t=1066823
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මොනවා වුනත් පව් වැඩේ.............
අපි නිවන් සුව පතම්.......!!!