පරිගණකයේ දිගු වේලාවක් රැදි සිටීම
පරිගණකයේ දිගු වේලාවක් රැදි සිටීම (dry eyes) වියළි ඇස් රෝගයට හේතුවක්
‘වියලි ඇස්’ ‘dry eyes’ ලෙස හඳුන්වන්නේ කුමක්ද ?
‘dry eyes’ ලෙස හඳුන්වන්නේ ඇසේ වියලීමයි.
මෙහි රෝග ලක්ෂණ මොනවාද ?
ඇස කැවීම. ඇසේ වියළි ස්වභාවයක් ඇතිවීම, ඇස කැසීම, ඇසේ දැවිල්ලක් ඇතිවීම, විශේෂයෙන්ම පරිගණකය දිගටම භාවිතා කරන අයට සවස් කාලයේදී ඇස දැවිල්ලක් ඇතිවීම. ටික වේලාවක් බලා සිටීමේදී බලන දේ අපැහැදිලි වීම ඇසේ පටලයක් බැඳී තිබීම, ඇසේ වියලි භාවය මේ සියල්ලම ‘ඤපර ඥරඥඵ’ රෝගයේ රෝග ලක්ෂණයි.
ඇසේ වියලීම ‘dry eyes’ ඇතිවීමට හේතුව කුමක්ද ?
මෙයට හේතු කිහිපයක්ම තිබෙනවා. විශේෂයෙන් පරිගණකය දිගටම භාවිතා කරන අයගේ ඇසේ ඇස් පිහාටු වැඩ කරන වාර ප්‍රමාණය අඩු වෙනවා. ඇස් පිහාටු වැසීම සහ විවෘත වීම (blink) එවිට ඇසේ කඳුළු ස්තරය දෑස පුරා නිසි ලෙස පැතිරෙන්නේ නැහැ. එවිට දෑස වියලීම සිදු වෙනවා.
එලෙසම වායුසමනය කරන ලද ස්ථානවල ජීවත්වන රැකියාව කරන අයට මේ තත්වය උදා වෙනවා.
තවත් හේතුවක් තමයි ආතරයිටීස් රෝගයෙන් පෙළෙන්නන්ට. මේ තත්වය ඇති වන්නට පුළුවන්. රුමටොයිඩ් ආතරයිටීස් රෝගීන්ට විශේෂයි.Sjogren Syndrome ඇති රෝගීන්ටත් මේ ‘dry eyes’ ඇති වන්නට පුළුවන් Sjogren Syndrome යනු සිරුරේ ඉබේම හටගන්නා වූ රෝගයක්.
මෙයත් සිරුරේ ආර්ධතාවය නිසා ඇති වන්නක්. මේ රෝගය නිසා දෑස සහ මුඛය වියලීමට පටන් ගන්නවා. එය ඇස් දෙකටත් බලපානවා.
ඒ සමගම වයසට යාමේදී සමස්තයක් ලෙස දෑස් වියලීමට පටන් ගන්නවා. අවුරුදු 40 – 50 ඉක්මවූ අයට මෙය බොහෝ විට දක්නට ලැබෙනවා. එයට හේතුව දෑසේ කඳුළු ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවී දෑස් වියලීමට පටන් ගැනීමයි.
සාමාන්‍ය පුද්ගලයකුට ‘dry eyes’ ඇති බව ඔහුටම දැන ගැනීමට හැකියාවක් තිබෙනවාද ?
ඔව් සමහර අක්ෂි රෝ්හල් වල තිබෙනවා නොම්බර දැමූ චාට් එකක්. එම චාට් එකේ ඇති නොම්බරම දිගටම ඇස් පිහාටු ගසමින් (blink) කර කියවාගෙන යා යුතුයි. දෙවන වාරයේදී මේ නොම්බර සංඛ්‍යාව ඇස් පිහාටු, නොගසා දිගටම කියවාගෙන යා යුතුයි. එවිට ඇතැම් සංඛ්‍යා කියවා ගෙන යාමේදී අකුරු අපැහැදිලි වනවා නම් ඇස් වියළි ‘dry eyes’ ඇතිවී ඇති බව අපට නිමනයකට පැමිණිය හැකියි.
නමුත් ඒ බව ස්ථිරව දැන ගැනීම සඳහා අක්ෂි වෛද්‍යවරයකු ලවා ඇස් පරීක්ෂා කර ගත යුතුයි. ඇස වියලීම යනු ඇසේ තිබිය යුතු කඳුළු ප්‍රමාණය අවම වීමයි. ඇස් සඳහා කරන පරීක්ෂණ මගින් පරීක්ෂා කළ පසු ඇසේ වියලීමට හේතුව ඇසේ තිබෙන කඳුළු ප්‍රමාණය ස්ථිර වශයෙන්ම දැනගත හැකියි.
නිදිවැරීම ‘dry eyes’ තත්වයකට හේතු වනවාද ?
නැහැ. නිදි වැරීම නිසා ‘dry eyes’ (වියලි ඇස්) තත්වයක් ඇති වන්නේ නැහැ.
පරිගණකයේ දිගු වේලාවක් රැඳී සිටීමෙන් වියලි ඇස් ‘dry eyes’ තත්වයක් උදා වන්නට පුළුවන්ද ?
ඔව්. මෙය හඳුන්වන්නේ Computer vision Syndrome ලෙසයි. පරිගණක භාවිතාවෙන් ඇතිවන ඇස්වල රෝගි තත්වයන් ලෙස මෙය හඳුන්වනවා. මෙය ඇස් වියලීමකට දැඩි ලෙස බලපෑමක් ඇති කරන්නට පුළුවන්.
මෙහි රෝගි ලක්ෂණ මොනවාද ?
පෙනීම අපැහැදිලි වීම, පෙනීම දෙකක් ලෙස (double vision) දර්ශනය වීම ඇසට වෙහෙස, ඇස් දැවිල්ල, පරිගණකය දෙස බලා සිටීමේදී කඳුළු වැගිරීම ආදියයි. මෙවැනි තත්වයක් ඇතිවීමේදී වහාම අක්ෂි වෛද්‍යවරයකුගේ උපදෙස් පැතීම වැදගත් වෙනවා. එවිට අක්ෂියේ තත්වය පරීක්ෂා කොට එහි තත්වය පිළිබඳව වටහා ගැනීමක් ලබාගෙන අවශ්‍ය උපදෙස් ලබාදීමට වෛද්‍යවරයාට හැකි වනවා. එවිට ඉක්මන් ප්‍රතිකාර රෝගියාට ලබා දිය හැකියි. විශේෂයෙන්ම මෙවැනි අක්ෂි දෝෂ ඇතිවූ විට එහි රෝග කාරකය විටෙක ආතරයිටීස් නිසා වන්නට පුළුවන්, විටෙක තයිරොඩ් නිසා වන්නට පුළුවන්. මේ කුමන රෝග කාරකයද යන්න සොයා බැලීමෙන් අනතුරුව අක්ෂියට මෙන්ම රෝගයට තුඩු දුන් හේතුවද සොයා එයටද ඖෂධ ලබාදිය හැකියි.
මෙවැනි තත්වයන්ට ගොදුරු වූ රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරය කෙලෙසද ?
මේ අවස්ථාවේදී අපි බොහෝ විට ඇසට කෘතිම කඳුළු දමනවා. වෙළෙඳ පොළේ විශාල ප්‍රමාණයක් කඳුළු බෙහෙත් තිබෙනවා. 99 % ක්ම කඳුළු බෙහෙත් වලින් රෝගි තත්වය මග හරවා ගන්නට පුළුවන්. ඊට අමතරව අපේ ඇගේ තියන කඳුළු එළියට ගලාගෙන යන්නට ඕනෑ. එයට කුඩා නාල දෙකක් පිහිටා තිබෙනවා. ඇහේ කුඩා සිදුරු දෙකක් තිබෙනවා. ඇහේ පිහාටුවට මැදට වන්නට. කඳුළු හරියාකාරව ගලාගෙන යාමට සිදු නොවුණොත් කුඩා ශල්‍යකර්මයක් කොට ඇසට ගලා එන කඳුළු ප්‍රමාණය වැඩි කළ හැකියි.
සාමාන්‍යයෙන් පරිගණකය සමග නිරත දෙවේලේ කටයුතු කරන්නන් හට ඔබ දෙන අවවාදය කුමක්ද ?
පරිගණකය නිතර දෙවේලේ භාවිතා කරන කෙනෙක් වෙතොත් වරින් වර දෑසට විවේකය දිය යුතුයි. සෑම විනාඩි 20 කටම තත්පර 20 ක විවේකයක් ගත යුතුයි. තත්පර 20 පමණ ඇස් වසාගෙන සිටිය යුතුයි. නැතිනම් දුර බලාගෙන සිටිය යුතුයි. එසේත් නොමැති නම් ඇස් පිහාටු ගැසීම (blink) කළ යුතුයි. සෑම පැය 2 ටම විනාඩි 10 පමණ ඇසට විවේකය දිය යුතුයි. (පරිගණකයේ නොකඩවා වැඩෙහි යෙදෙන්නකුට) එවිට ඇසට දැනෙන වෙහෙස වියලීම අවම කර ගත හැකියි.
දෑස් වියලීම රෝගයක් ලෙස පවතින අයට දිය යුතු පිළියම් මොනවාද ?
මෙවැනි රෝගීන්ට වෛද්‍ය උපදෙස් මත රාත්‍රියේ නින්දට පෙර කඳුළු ඖෂධ ලෙස භාවිතා කළ හැකියි. එවිට ඇස වියලීම අවම වනවා. කඳුළු බිංදු වර්ග ඛ්හිපයක්ම තිබෙනවා. ඝණත්වය අඩු කඳුළු බිංදු සහ ඝණත්වය වැඩි කඳුළු බිංදු ලෙසින්. ඇසේ ඇති වියලීම අනුව කඳුළු බිංදු වල ඝණත්වය සසදා දිනපතා දෑසට දැමිය යුතුයි. එය සම්පූර්ණයෙන්ම වෛද්‍ය උපදෙස් මත කළ යුත්තක්.
ඇසට සිදුවන බාහිර බලපෑම් ඇසේ වියලීමට හේතු වනවාද ?
ඔව්. ඇතැම් විට රසායන ද්‍රව්‍යයක් ඇස තුළට ගිය විට ඇස වියලීමට පටන් ගන්නවා. එවිටත් කඳුළු බිංදු දැමීමෙන් එය සුව කරගත හැකියි.