වැස්සෙන් බාධා ආවොත් ශ්‍රී ලංකා -එංගලන්ත තරගය හෙටට කල්යයි
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරගය එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද(26) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
එහෙත් අද පෙරවරු කාලයේ පටන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින්නේ වැසි සහිත කාලගුණ තත්ත්වයකි.
කෙසේවෙතත් අද තරගය සඳහා වර්ෂාවෙන් බාධා ඇති වුවහොත් හෙට(27) දිනයේ තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සඳහන් කළේය.
අද දිනයේ තරගය අතරතුර වර්ෂාවෙන් බාධා පැමිණ තරගය නතර කිරීමට සිදුවුවහොත් හෙට දිනයේ එතැන් පටන් තරගය පැවැත්වීමට නියමිත බව රණතුංග මහතා ප්‍රකාශ කළේය.
අද සහ හෙට යන දින දෙකේදී ම වර්ෂාවෙන් තරගයට බාධා මතුවුවහොත් ලකුණු ලබාගැනීමේ වේගය මත ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන බව නිශාන්ත රණතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
එසේවුවහොත් නවසීලන්ත කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත.
ඒ දකුණු අප්‍රිකාව සමග ඊයේ(25) පැවති තරගයේ දී නවසීලන්ත කණ්ඩායම ලකුණු 49 කින් ජයගැනීමත් සමගය
* http://www.adaderana.lk/sinhala/news.php?nid=15085

Last edited: