2:මලානික_නිල්_තිත

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    2:මලානික_නිල්_තිත

    attachment.php



    මේ ඡායාරූපයේ දැක්වෙන්නේ පෘථිවියෙන් දුරස්ථම පිහිටුමක සිට දැනට ලබාගෙන ඇති පෘථිවියේ ඡායාරූපයයි. මේ ගැන වැඩි විස්තර මම කලින් දැමූ පොට කියවා ලබාගත හැකියි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1091545

    මේ අලුත් පොට දැමීමට හේතුව ඔබ දැනටමත් අසා නැති නම් දැනගත යුතුම ඉතාම මනහර ප්‍රකාෂයක් නිසයි. කාල් සේගන් මේ "මලානික නිල් තිත" නම් ඡායාරූපය ගැන ඒ නමින් ම ලියූ කෘතියේ කරන විවරණයේ කොටසක් මේ...

    මේ දුරස්ථ දසුනෙන් පෘථිවිය කුතුහලය දනවන දෙයක් ලෙස නොපෙනිය හැකියි. එහෙත් අපට එය එසේ නොවෙයි. නැවත ඒ කුඩා තිත දෙස බලන්න. ඒ මේ මෙතැනයි, අපගේ නිවසයි, ඒ අපියි. ඒ මත ඔබ ආදරය කරන සියළු දෙනාම, ඔබ දන්නා හඳුනන සියලු දෙනාම, ඔබ යම් දාක අසා ඇති සියළු දෙනාම, මෙතෙක් සිටි සියළුම මනුශ්‍යයෝ තම ජීවිතය ගෙවා දැමූහ. අපගේ වර්ගයාගේ ඉතිහාසයේ ආහ්ලාද සහ දුක් ගැහැට සමූහය, දහස් ගණනක් වූ නිසැක ආගම්, දෘෂ්ටිවාදයන්, සහ අර්ථශාස්ත්‍රීය මතවාදයන්, සියළුම දඩයක්කරුවන් සහ මංපහරන්නන්, සියළුම වීරයන් සහ බියසුල්ලන්, ශිෂ්ටාචාර නිර්මාණය කළ සහ වනසා දැමූ සියළු අය, සියළුම රජවරු සහ පිටිසර ගොවියන්, ආදරයෙන් වෙළුනු සියලුම යොවුන් ජෝඩු, සියළුම මාතාවන් සහ පිය වරු, බලාපොරොත්තුවේ දෑස් දල්වාගත් දරු පැටවුන්, නිමැවුම්කරුවන් සහ ගවේශකයන්, ආචාරවිධි ඉගැන්වූ සියළුම ගුරුවරු, සියළුම දූෂිත දේශපාලනඥයන්, සියළුම සුපිරි "තරු", සියළුම ශ්‍රේෂ්ට නායකයන්, සියළුම ඉසිවරු සහ පවුකාරයන් ඒ මත - ඒ හිරුරැස් මත එල්ලා ඇති දුහුවිලි පොද මත දිවි ගෙවා දැමූහ.


    පෘථිවිය වනාහි අන්තරීක්ෂ රංග භූමියේ එක් කුඩා රඟමඩලක් පමණි. සියළුම ජනරාල්වරු, අගරජවරු කීර්තියේ සහ ජයග්‍රහණයේ නාමයෙන් විසිරවූ ලේ ගංගා ගැන සිතා බලන්න. ඔවුනට හිමි වුණේ මේ කුඩා තිතේ එක් ක්ෂණයක ස්වාමීත්වයයි. මේ තිතේ එක් කොනක වසන්නන් අතින් තවත් කොනක නිවැසියන්ට සිදු වූ අනන්ත කුරිරුකම් ගැන සිතා බලන්න. ඔවුන්ගේ වැරදි වැටහීම් කොතරම් සුලබ ද? එකිනෙකා මරා දැමීමට ඔවුන් කෙතරම් ආශා දක්වන්නේ ද? ඔවුන් වෛරයට කෙතරම් ඇළුම් කරත් ද?

    අපගේ ඉරියව්, අප විසින්ම මවාගත් තමා වැදගත් ය යන හැඟීම් වලට, විශ්වයේ වරප්‍රසාද සහිත තැනක අප සිටින්නේ යැයි යන මුලාවට මේ කුඩා මලානික ආලෝක ලපය අභියෝග කරයි. අපේ ග්‍රහයා දැවැන්ත අඳුරු අන්තරීක්ෂ දවටනයක තනි වූ කුඩා ලපයක් පමණි. මේ යෝධ අන්තරීක්ෂයෙහි අපගේ අප්‍රසිද්ධිය නිසා අපව අපෙන්ම මුදා ගැනීමට බාහිරින් උපකාරයක් ලැබෙයි යැයි ද සිතිය නොහැක.

    මෙතෙක් ජීවයට රැකරවරණය දෙන ග්‍රහලොවක් ලෙස අප දන්නේ පෘථිවිය පමණි. අපට සංක්‍රමණය වීමට සුදුසු වෙනත් ස්ථානයක් නොමැත. අඩු තරමේ ලඟ එන අනාගතයේ දී එසේ සංක්‍රමණයට සුදුසු තැනක් නොමැත. සංචාරය කළ හැක, පදිංචි වීමට තැනක් නැත. කැමති වුවත් අකමැති වුවත්, අපගේ නැවතුම්පළ පෘථිවිය පමණි.

    තාරකා විද්‍යාව යනු ඔද බිඳින සහ ප්‍රතිරූප ගොඩනගන අත්දැකීමක් යැයි පැවසේ. අපේ ක්ෂුද්‍ර ලෝකයේ මේ ඡායාරූපය තරම් මිනිසාගේ අධිමානයෙහි අනුවනකම පෙන්වන වෙනත් නිරුපණයක් නොමැති තරම්. මගේ හැඟීම නම් මෙය කියා පාන්නේ අන්‍යයාට කරුණාවන්ත වීමටත්, අපගේ එකම වාසස්ථානය වූ මේ මලානික නිල් තිත සුරකිමටත් අපට ඇති වගකීමයි.
     

    Attachments

    • 530px-PaleBlueDot.jpg
      530px-PaleBlueDot.jpg
      38.3 KB · Views: 235

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ගොඩක් වටින article එකක් මචං.

    මමත් මෙතනට දෙයක් එකතු කරන්නම්. සමහර අය දැකල ඇති. නොදැකපු අයටත් එක්ක පහල තියෙන පින්තූර බලාගෙන යන්නකො....
    දෙපාරක් හිතන්න ඕනෙ වෙයි ඥානවන්ත මනසක් ඇති හැම දෙනාටම..
    අපි මේ "ජීවිතය ගැට ගහගන්නව, නැත්තං සැප හොයනව" කියල කරන දේවල්වල මොකද්ද තියෙන අරුත කියල.


    2zp4i20.jpg

    2rmm4o2.jpg

    4bockqw.jpg

    2wdpp9t.jpg

    2ikv7lc.jpg


    මෙතනින් එහාට තවත් පෙන්වන්න ඕනෙ නෑ නේද...?
    මේවා දැනට ලෝකයේ සිටින "විද්‍යාඥයින්" තාක්‍ෂණික ක්‍රම පාවිච්චි කරල හොයාගෙන තියෙන ග්‍රහලෝක සහ සූර්යයන් ඒවායේ විශාලත්වය අනුව පෙන්වල තියෙන්නෙ සාපේක්‍ෂව. අපිට තේරුම් ගන්න හොඳටම ඇති. රතු පාටින් තියෙන ඒවා හැම එකක් ම සූර්යයෙක්. අන්තිම පින්තූරෙට එද්දි අපේ සූර්යයා පේන්ඩවත් නෑ නේද?

    බුදුරජාණන්වහන්සේ දේශනා කරල තියෙනව... මේ විශ්වයේ කෙලවර හොයන්න යන්න එපා. ඒක කවදාවත් හොයල ඉවරයක් කරන්න බැහැ කියල. හොයනව නම් හොයන්න, ගවේෂණය කරන්න, තේරුම්ගන්න තමන්ගේ ම හිත. එවිට සියල්ල අවබෝධ වේවි.!
     
    Last edited: