ස්වාහාවික උපත් පාලනය (NFP) යනු ඔසප් චක්‍රයේදී කාන්තාවකගේ සිරුරේ ඇතිවන වෙනස්කම් නිරීක්ෂණය කර ඒ අනුව සංසර්ගය පාලනය කිරීමෙන් සිදුකරන උපත් පාලනයයි. උපත් පාලන පෙති, එන්නත් ආදිය මඟින් ඇතිවන අතුරු ආබාධ කිසිවක් මෙම ක්රමයන් භාවිතයෙන් ඇති නොවේ. එසේම කොන්ඩම් භාවිතයේදී ඇතිවන අපහසුකම් හා ලිංගික තෘප්තිය අඩුවීමක් ද මෙහිදී නැත. අතිශයින්ම ස්වාභාවිකය.
ඩිම්බයක් ඩිම්බ කෝෂයෙන් නිකුත් කල පසු එහි ආයු කාලය පවතින්නේ පැය 12 -24 අතර කාලයකි. එමෙන්ම ශුක්‍රාණුවක් සජීවීව පවතින්නේ පිටවීමෙන් පැය 24 - 72 අතර කාලයක් දක්වා පමණි. ඒ අනුව ගත් කල දින 28ක් පමණ වන සාමාන්‍ය ඔසප් චක්‍රයකදී ගැබ් ගැනීමක් සිදුවීමට ඉඩ ඇත්තේ දින 5 ක පමණ කාලයක් තුල පමණි. මෙම කාලය හඳුනාගෙන එම කාලයේදී සංසර්ගයේ වැලකීමෙන් හෝ වෙනත් ආරක්ෂිත ක්‍රමයක් භාවිතා කිරීමෙන් ගැබ් ගැනීමක් සිදු වීමට ඇති ඉඩකඩ අහුරා දැමීමට හැක.
1. කැලැන්ඩර ක්‍රමය (රිද්ම ක්‍රමය / calender or rhythm method)
මෙය ඉතා ජනප්‍රිය ක්‍රමයක් ලෙස සැලකනු ලැබුවත් වර්තමානයේදී ස්වාභාවික උපත් පාලන විශේෂඥයින් මෙය විශ්වාසදායකත්වය අඩු ක්‍රමයක් ලෙස සලකනු ලබයි. එයට හේතුව ඔසප් චක්‍රයේ ඇති දින ගණන හා ක්‍රමවත් බව කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වීමට ඇති හැකියාවයි. එබැවින් නිශ්චිත හා ක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන්ට පමණක් මෙම ක්‍රමය සුදුසු වේ. මෙම ක්‍රමයේදී සිදු කරනු ලබන්නේ කාන්තාවගේ ඔසප් දින කැලැන්ඩරයක සලකුණු කර ගෙන ඒ අනුව දින ගණනය කර (රූප සටහන බලන්න) ඒ අනුව සරු දිනවලදී සංසර්ගයෙන් වැළකීම හෝ කොන්ඩම් භාවිතයයි. අනෙක් දිනවලදී සාමාන්‍ය පරිදි සංසර්ගයේ තෘප්තිය විඳීමට හැකිය. ( සටහන : අවශ්‍ය නම් මේ සඳහා නිපදවූ මෘදුකාංගයක් නොමිලේ බාගත කර ගැනීමට හැක)
2. ගැබ් ගෙල ශ්‍රාව ක්‍රමය (Cervical Mucus Method)
ඔසප් චක්‍රය පාලනය කරන ස්ත්‍රී හෝර්මෝන මඟින් ඒ ඒ කාලයේදී ගැබ් ගෙල ශ්‍රාවයන් නිපදවනු ලැබේ. එම ශ්‍රාවයන් වල ස්වාභාවය නිරීක්ෂණය කිරීම මඟින් ඩිම්බයන් පිටවන දින තීරණය කිරීම මෙහිදී සිදුවේ.
ගැබ් ගෙල ශ්‍රාවය නිරීක්ෂණය කල හැකි ක්‍රම
3. උෂ්ණත්ව ක්‍රමය - Temperature Method
ඔසප් චක්‍රයේ මුල් අවධියේදී කාන්තාවකගේ ශරීර උෂ්ණත්වය අඩුය. ඩිම්බ පිටවීමත් සමඟ එම උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩිවේ. එලෙස වැඩිවෙමින් යන උෂ්ණත්වය ඊළඟ ඔපස් වීම ලංවීමේදී නැවත පහත බසියි. මෙම උෂ්ණත්වය දිනපතා පරීක්ෂා කිරීම මඟින් ඩිම්බයක් ඩිම්බකෝෂයෙන් නිකුත්වූ දිනය නිවැරදිව හඳුනා ගත හැකිය. ඩිම්බ නිකුත්වූ දිනයේ සිට දින තුනක් ගතවනතෙක් ආරක්ෂිත සංසර්ගයේ යෙදීම මඟින් ගැබ් ගැනීම වළක්වා ගත හැකිය.
උෂ්ණත්වය පරීක්ෂා කරන ක්‍රමය
දිනපතා උදෑසන අවදිවූ පසු වෙනත් කාර්යයන්හි යෙදීමට පෙර උෂ්ණත්වය මැන ගැනීම සුදුසුය. මන්ද වෙනත් කාර්යයන්හි නිරතවීම මඟින් ශරීර උෂ්ණත්වය ඉහළ යා හැක. උෂ්ණත්වය මැන ගැනීම සඳහා මුඛය හෝ ගුද මාර්ගය යොදා ගත හැක. අවම වශයෙන් විනාඩි 5ක් වත් උෂ්ණත්වමානය රඳවා තබා ගන්න.
උෂ්ණත්වය සටහන් කර ගැනීම සඳහා ඒ සඳහා පිළියෙල කල වගුවක් යොදා ගත හැකිය. මෙය අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයා බාගත කර ගැනීමට හැකියාව ඇත. දිනපතා මනින උෂ්ණත්වය වගුවේ සටහන් කර ගත යුතුය. ආරම්භයේදී වගුව කියවීම සඳහා වෛද්‍යවරයෙකුගේ හෝ පළපුරුදු හෙදියකගේ උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුය.
වගුවේ රටාව අනුව ඩිම්බ නිකුත්වීම හඳුනාගත හැකිය. වගුවට අනුව නිසරු යැයි හඳුනාගත් දිනයන්හිදී ආරක්ෂිත ක්‍රම අනුගමනයෙන් තොරව සංසර්ගයේ යෙදීමට ඔබට හැකිය. වගුවේ උෂ්ණත්වය ඉහළ යාම ඇරඹෙන්නේ ඩ්ම්බ නිකුත් වීම ඇරඹීමත් සමඟය. එතැන් සිට දින තුනක් ගතවනතෙක් සරු කාලය වන අතර ඒ දිනවල අනාරක්ෂිත සංසර්ගයේ යෙදුනහොත් ගැබ් ගැනීමක් සිදුවිය හැකිය. මේ ක්‍රමය ගැබ් ගැනීම වැළැක්වීමේ ක්‍රමයක් ලෙස භාවිතා කිරීම ඇරඹීමට පෙර මාස තුනක්වත් උෂ්ණත්වය වගු ගත කිරීම අරඹා ඒ සම්බන්ධව ප්රවීණත්වයක් ලැබීම මඟින් ඔබට නිවැරදි ප්‍රතිථල ලබා ගත හැක.
අවසාන වශයෙන් සඳහන් කල යුත්තේ ක්‍රම දෙකක් හෝ සියල්ලම එකට ගෙන භාවිතා කළහොත් ඔබට ඉතා ඉහළ සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි බවය. එමඟින් ඔබට පිළිසිඳ ගැනීමක් ගැන බියකින් තොරව වැඩි දිනක් ස්වාභාවික සංසර්ගයේ මිහිර විඳ ගැනීමට හැකි වනු ඇත.
සැ.යු.- මෙය සරල හඳුන්වාදීමක් පමණි. ඔබ මෙම ක්‍රම භාවිතා කිරීමට අදහස් කරන්නේ නම් ඒ පිළිබඳ ප්‍රමාණවත් අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසු පමණක් කිරීම වඩා සුදුසු වේ. natural family planning ලෙස google කිරීමෙන් මේ සම්බන්ධ දහස් ගණනක් වෙබ් අඩවි වලට පිවිසී දැනුම ලබා ගැනීමට ඔබට හැකිය. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ද ලබා ගන්න.
නිසි පෙර පුහුණුවකින් හෝ අධ්‍යයනයකින් තොරව සිදු කර ඇතිවන misfire වලට s.boy වග කියනු නොලැබේ.
+රෙප් බලාගෙන පළ නොකල බැවින් රෙප් අනවශ්‍යයි.

- ඔසප් චක්‍රය නිමවී ගතවන දින කිහිපයේදී සාමාන්‍යෙයන් ගැබ්ගෙල වියළි / ශ්රාවයක් නොමැති ව පවතී. මෙම දිනවල ආරක්ෂිත ක්‍රම අනුගමයෙන් තොරව සංසර්ගයේ යෙදීමට හැක.
- ඩිම්බ කෝෂයෙන් ඩිම්බය මෝරමින් පවතින හෝ නිකුත් වීමට ආසන්න විට ශ්‍රාව නිකුත්වීම ඇරඹේ. එය ඇලෙන සුළු කහ හෝ සුදු පැහැති ශ්‍රාවයකි.
- ඩිම්බය නිකුත්වූ පසු ශ්‍රාව නිකුත්වීම වැඩිවේ. මෙහිදී නිකුත්වන ශ්‍රාවය අවර්ණ හා ලිස්සන සුළුය. ඇඟිලි දෙකක් අතරට ගත්විට ඇදෙන සුළු ස්භාවයට පත්වූ කල එය ඔබ සරු කාලයේ උපරිමයට පත්වී ඇත. මෙම කාලය තුලදී අනාරක්ෂිත සංසර්ගයේ යෙදීමෙන් පිළිසිඳගැනීමක් සිදුවිය හැක.
- එම ලිස්සන සුළු ශ්‍රාවය පිටවී දින හතරකට පමණ පසු නැවත මුල් දිනවල පැවති ඇලෙන සුළු ස්භාවයට පත්වී ඔසප් දින ලංවත්ම නැවත යෝනි මාර්ගය වියළි ස්භාවයට පත්වේ. මෙම කාලයද ආරක්ෂිත කාලයක් ලෙස සැලකේ.
ගැබ් ගෙල ශ්‍රාවය නිරීක්ෂණය කල හැකි ක්‍රම
- යෝනි මාර්ගයේ විවරය Tissue එකකින් පිස දමා එහි වර්ණය හා ස්භාවය පරීක්ෂා කිරීම. (මෙය මුත්‍රා කිරීමට පෙර සිදු කල යුතුය)
- යට ඇඳුම්වල තැවරී ඇති ශ්‍රාවයේ පාට හා ස්භාවය පරීක්ෂා කිරීම
- පිරිසිදු ඇඟිල්ලක් යෝනි මාර්ගය තුලට ඇතුළු කර එය නිරීක්ෂණය කිරීම

Last edited: