නිවැරදිව ලියමු!

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    නිවැරදිව ලියමු!



    0486.sinhala_5F00_num.gif


    මේ ඔයාල (හා මමත්) සිංහල භාවිතා කරද්දී වැඩිපුර වරද්ද ගන්න තැන් කිහිපයක්. මේ විදිහට න, ණ, ල, ළ භේදය වැරදියට භාවිතා කළහම ඒ ඒ වචන වල අර්ථය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒක හින්ද මේ වචන හරියට ඉගෙන ගෙන පුළුවන්තරම් නිවැරදිව ලියන්න පුරුදු වෙමු.​



    අලු (ආලෝකය) -------------------- අළු (භෂ්ම)

    ඇල (පැත්ත) ------------------- ඇළ (කුඩා දියපහර)

    උන (උන ගස) ----------------- උණ (උෂ්ණ)

    කන (අනුභව කරන) ------------- කණ (අන්ධ/ ශ්‍රවනය)

    කල (කාලය) ------------------- කළ (කරන ලද/ ඝටය)

    කැල (කැලය) ------------------ කැළ (සමුහය)

    කලු (කාන්ත) ------------------ කළු (කළු පැහැය)

    කෙලි (කෙල්ල) ----------------- කෙළි (ක්‍රීඩා)

    කොල (එලෙස ආමන්ත්‍රණය) ------ කොළ (පත්‍ර/කොළ පැහැය)

    ගැන (පිළිබඳ) ----------------- ගැණ (ගණනය)

    තන (පයෝධර) ---------------- තණ (තණකොළ)

    තුල (සමාන) ------------------ තුළ (ඇතුළත)

    නුවන (ඇස) ------------------ නුවණ (දැනුම)

    පතල (ආකරය) ---------------- පතළ (පැතිරුණු)

    පල (ගෙඩි/ ප්‍රයෝජන) ---------- පළ (ප්‍රකට/ස්ථානය)

    පැල (කුඩාගෙය) --------------- පැළ (අංකුර)

    බල (ශක්තිය) ----------------- බළ (යුධ භට)

    මල (පුෂ්ප) ------------------- මළ (මැරුණු)

    මැන (මැනුම් කර) ------------- මැණ (මැණික)

    රල (රංචුව) ------------------- රළ (රැල්ල)

    වන (කැලය) ------------------ වණ (තුවාලය)

    වල (කැලෑව) ------------------ වළ (ආවාටය)

    වැල (ලතා) ------------------ වැළ (සමුහය)

    සිල (සිදුර) ------------------- සිළ (දැල්ල)

    සුලු (සහිත) ------------------ සුළු (කුඩා)

    හෙල (කන්ද) ----------------- හෙළ (සිංහල)


     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සමහර වචන මටත් පැටලිලා තියෙනවා මචන්...මේක නියම වැඩක්...තෑන්ක්ස් මචන්...:cool::):)
    :( "You must spread some Reputation around before giving it to daredevill again." :(
     
    • Like
    Reactions: daredevill

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    උඹේ පලවෙනි එකම වැරදියි මචන්. අළු= භෂ්ම අලු= ආලෝකය. ආළුකය කියල ලියන්න බැහැ

    ඔව්, වැරදුණා, :sorry: ඔන්න දැන් හැදුවා, තව වැරදි තියනවද? ;)
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    සමහර වචන මටත් පැටලිලා තියෙනවා මචන්...මේක නියම වැඩක්...තෑන්ක්ස් මචන්...:cool::):)
    :( "You must spread some Reputation around before giving it to daredevill again." :(

    ස්තූතියි මචං :):)
    +

    thanks bro good post

    බොහොම ස්තුතියි :)