ඉන්දියාවේ

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඉන්දියාවේ ක්‍රිකට්‌ ජය සමරන්න
    මව ඉඩ නොදුන් නිසා පුතා දිවි නසාගෙන

    india.jpg


    පසුගියදා පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලෝක කුසලාන අවසාන මහා ක්‍රිකට්‌ තරගයෙන් ඉන්දියාව ලබාගත් ජය භුක්‌තිවිඳීමට තම මව හරස්‌වීම නිසා තම මව නිවසේ නොමැති අවස්‌ථාවකදී තරුණයෙක්‌ නිවසේ කාමරයකදී දිවි නසාගෙන ඇත. බණ්‌ඩිරිප්පුව බිශොප්වත්ත ප්‍රදේශයේ රංජ ප්‍රනාන්දු නමැති අවිවාහක තරුණයකු මෙසේ මියගොස්‌ ඇත.

    මෙයට වසර කීපයකට පෙර පියා මියගිය නිසා රංජ තම මව වන ශාන්තිනී පෙරේරා සමඟ තම නිවසේ ජීවත්විය. 1982 ජුනි මස 19 වැනිදා උපත ලැබූ හෙතෙම තම මව සමඟ ප්‍රදේශයේ ආගමික සහ සමාජ සේවා කටයුතුවල නියෑළී ඇත. රංජ ට ආගම් භේදයක්‌ තිබුණේ නැත. ගමේ පන්සලේත් පල්ලියේත් ආගමික කටයුතුවලදී ඔහු තම හැකි පමණින් දායකත්වය ලබා දුන්නේය.

    හෙතෙම දිවි තොර කර ගැනීමට පෙර සතියේ තමාත් තම මවත් මුල්වී ගමේ පිහිටුවාගත් සමිතියක සාමාජික සාමාජිකාවන් සමඟ අධ්‍යාත්මික ප්‍රබෝධය ඇතිකරන චාරිකාවක්‌ද ගොස්‌ ඇත. එවැනි ක්‍රියාවන් නිසා මේ මවටත් පුතාටත් ගමේ අයගේ සැලකිල්ලක්‌ තිබේ.

    කෙසේ වෙතත් ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගය ගැන මේ තරුණයාගේ දැඩි ඇල්මක්‌ තිබිණි. ඒ ඇල්ම ප්‍රදේශයේ එසේ නොමැතිනම් ශ්‍රී ලංකාවේ ජීවත්වන තරුණ තරුණියන් දැක්‌වූ ඇල්මට ඉඳුරාම වෙනස්‌ දෙයකි. ඔහු මුලසිටම කිව්වේ මේ තරගය ඉන්දියාව දිනිය යුතු බවයි. ඒ බව පවසා තරගයට පෙර ඔහුගේ හිතවතුන්ට දුරකථන කෙටි පණිවිඩ මගින් ඉන්දියාවට ජයවේවා යන ප්‍රාර්ථනය යවා තිබිණි. මේ ක්‍රියාවට ඔහුගේ මව මුලසිටම විරුද්ධ වූවාය.

    නමුත් තම පුතුගේ මේ ක්‍රියාව කිසිසේත් මේ මවට නතර කිරීමට නොහැකි විය. කෙසේ හෝ අවසාන ක්‍රිකට්‌ තරගය පවත්වන දිනය උදාවිය.

    ඉන්දියාවේ දිනුම දකිනවිට රංජට ඉහිලුම් නැතිව ගියේය. ඔහු විවිධ ක්‍රම තුළින් තම ප්‍රීතිය භුක්‌ති විඳින්න විය. ශ්‍රී ලංකාව පරදවමින් ඉන්දියාව අන්තිම හතරේ පාර ගසනවාත් සමගම රංජට ඉවසුම් නැතිව ගියේය. ඔහු වහා නිවසේ තිබූ රබාන අතට ගත්තේය. මුළුතැන් ගෙය දෙසට දුවගොස්‌ හුළු අත්තක්‌ ගෙන රබාන රත් කිරීමට සූදානම් වූයේ එය වාදනය කරන අටියෙනි.

    ඔහුගේ මව ඉක්‌මනින් එතනට පැමිණ රබාන වාදනය කිරීමට තදින් විරුද්ධ වූවාය. ඇයි පුතේ ඔයාට මොළේ නැද්ද? මේ රබාන ගැසුවොත් ගමේ මිනිස්‌සු අපට මොනවා කරයිද කියලා මට හිතා ගන්නවත් බැහැ. ඕක ගහන්න නම් මම ඉඩ දෙන්නේ නැහැ. යනුවෙන් මව සිය විරෝධය ඉදිරිපත් කළාය. මේ හේතුව නිසා මවත් පුතාත් මැදියම් රැය පසුවන තෙක්‌ම රණ්‌ඩු කරන්නට වූහ.

    පසුදාද මේ රණ්‌ඩුව එලෙසම සිදුවිය. තම පුතාට ඕනෑම දෙයක්‌ කරන්න කියා මව ඒ අහල පහල නිවසකට ගියාය. ආගම දහමට ලැදි ඇය සවස්‌ වන තුරුම ආගමික වතාවත්වලට සහභාගි වූයේ ප්‍රදේශයේ නිවෙස්‌ කීපයකට ගොසිනි. ඇය එම ආගමික සේවාවන් පාස්‌කු කාලයේ නොකඩවාම අසල්වාසීන් සමඟ සිදුකරයි. පෙරේදා (4 වැනිදා) සවස 6.45 ට පමණ අසල නිවසක ශුද්ධ වූ පැය කරමින් සිටි ඇයට තම පුතාගෙන් දුරකථන පණිවිඩයක්‌ ලැබිණි.

    ඔහු පැවසුවේ අම්මේ මට සමාවෙන්න යනුවෙනි. මේ පණිවිඩයෙන් තිගැස්‌සුණු ඇය වහාම තවත් කිහිප දෙනකු සමග ඉක්‌මනින් තම නිවසට ගියාය.

    ගේට්‌ටුව ඉබි යතුර දමා වසා තිබිණි. කම්බියෙන් පැනගත් ඇයත් තවත් කිහිප දෙනකුත් වහා නිවසට ගොස්‌ කතාකළත් ශබ්දයක්‌ නැත. ඔවුන් වහා නිවසේ දොර කඩා නිවසට ඇතුළු වූහ. එහිදී දුටු බිය ජනක දර්ශනයෙන් පිරිස අන්දමන්ද වූහ.

    කාමරයක බාල්කයේ එල්ලී මියගොස්‌ සිටියේ රංජයයි. පිරිස වහා රංජය එල්ලී සිටින ස්‌ථානයෙන් බිමට ගත්හ. ඒත් ඒ වනවිටත් ඔහු මෙලොවින් සමුගෙනය.

    මේ සියලුම කරුණු අනාවරණය වූයේ රංජයගේ මරණය සම්බන්ධයෙන් මාරවිල රෝහලේදී පැවැති හදිසි මරණ පරීක්‌ෂණයේදී හදිසි මරණ පරීක්‌ෂක ලෙස්‌ලි රංදෙනිය මහතා රංජයගේ මව වන ශාන්තිනී පෙරේරා මහහත්මියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදීය.

    මේ තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද 6 වැනිදා බදාදා බන්ඩිරිප්පුව රෝමාණු කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

    ඉතාමත් බොළඳ තීරණයක්‌ ගෙන මෙම තරුණයා ජීවිතය නැති කරගැනීම නිසා එම මව අද අසරණව සිතින් වේදනා විඳිමින් සිටී. කිසිම දිවි නසා ගැනීමක්‌ වීර ක්‍රියාවක්‌ නොවන බව සමාජය දැන ගත යුතුය.



    http://www.divaina.com/2011/04/06/provin04.html
     
    • Like
    Reactions: BC_Dilum

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    අම්මගෙන් අහපන් හරියටම පුතාගේ තාත්ත ලංකාවේද කියල :lol::lol::lol:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mewage deshadrohi kaalakanninta oya wena dewal dakkane,........
    oka une uh ratata karapu agaurawayata kaalakaniya...
    niwan suwa labewa kiyala ithin prarthana karanwa,,, paw molayak nathi kaalakanniya...