දුර සිට කල පෙම
දැනුනද හිමි නොවන බව ඔය රන් දෑත
සිටියෙමි එනතුරා දුර සිට ළඟ පාත
හැඳිනෙමි පායනා සඳ දොර ළඟ ඈත
ඉවසමි තනිව වේලෙන හැඟුමන් සීත
දුටුවෙමි ඈත සිට සඳ කිරණ වෑහෙන
ලං වුනි දකිනු රිසි දෙනුවන් විදාගෙන
උණුවී දියව යයි දෙනුවන් විදාගෙන
ලංවී තිබුණි නොදනිම හිරු සොයාගෙන
නොබලන කලට මා දෙස පිරි සිනහ මුවින්
අඳුරුය දසත හිරු සයුරේ ගිලුණු ලෙසින්
නොදොඩන කලට ම සමගින් සුහද සිතින්
දෙසවන අගුලු නෑරෙයි කන් පැලුණු ලෙසින්
හද කිති කැවු හැඟුමන් පොද යයි වියලී
හද මල මුකුලිත ව වියැකි යයිද සැලී
වද මල මගේ මට මළ වද දෙයි නොසැලී
තද බල ලෙසට හිත කලබල වෙයිද යලී
source:- සිතිවිලි සේයා by කුෂාන් චතුරංග විජේවර්ධන


දැනුනද හිමි නොවන බව ඔය රන් දෑත
සිටියෙමි එනතුරා දුර සිට ළඟ පාත
හැඳිනෙමි පායනා සඳ දොර ළඟ ඈත
ඉවසමි තනිව වේලෙන හැඟුමන් සීත
දුටුවෙමි ඈත සිට සඳ කිරණ වෑහෙන
ලං වුනි දකිනු රිසි දෙනුවන් විදාගෙන
උණුවී දියව යයි දෙනුවන් විදාගෙන
ලංවී තිබුණි නොදනිම හිරු සොයාගෙන
නොබලන කලට මා දෙස පිරි සිනහ මුවින්
අඳුරුය දසත හිරු සයුරේ ගිලුණු ලෙසින්
නොදොඩන කලට ම සමගින් සුහද සිතින්
දෙසවන අගුලු නෑරෙයි කන් පැලුණු ලෙසින්
හද කිති කැවු හැඟුමන් පොද යයි වියලී
හද මල මුකුලිත ව වියැකි යයිද සැලී
වද මල මගේ මට මළ වද දෙයි නොසැලී
තද බල ලෙසට හිත කලබල වෙයිද යලී
source:- සිතිවිලි සේයා by කුෂාන් චතුරංග විජේවර්ධන



Passe dennam macho





