ටෙරාබයිට් 6ක් (6TB) ගබඩා කළහැකි HVD ( Holographic Versatile Disc)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ටෙරාබයිට් 6ක් (6TB) ගබඩා කළහැකි HVD ( Holographic Versatile Disc)

    [FONT=&quot]
    hvd_prototype_disc.jpg

    Optware සමාගම නිෂ්පාදනය කළ HVD තැටියක් හා තැටි ධාවකයක්
    [/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හැදින්වීම[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Holographic Versatile Disc යනු CD 7500ක්, DVD තැටි 1500 හෝ Blue-ray තැටි 200 දක්වා වූ දත්ත ප්‍රමාණයක් ගබඩා කළහැකි එහෙත් සාමාන්‍ය CD තැටියක ප්‍රමාණයේම මීලග පරම්පරාවේ ප්‍රකාශ තැටි (optical disc) වර්ගයකි.[/FONT]
    [FONT=&quot]
    අපට මෙය තරමක කනට නුහුරු තාක්ශණයක් උවද 2004 වර්ෂයේ සිටම මෙම තැටි නිපදවීමට අදාල තාක්ෂණය පරීක්ශණ මට්ටමේ පැවතින. අධිකර ඝනත්ව ප්‍රකාශ තැටි (Ultra High Density Optical Disc) වර්ගයට අයත් මෙම තැටි වලට ටෙරා බයිට් 6 (6TB) දක්වා වූ දත්ත ගබඩා කිරීමටත් එම දත්ත තප්පරයට ගිගා බිට් එකක (1Gbps) වේගයෙන් එනම් තත්පරයට මෙගාබයිට් 125ක වේගයෙන් (125MBps) ලිවීමෙ හා කියවීමේ හැකියාවකුත් ඇත.

    [/FONT][FONT=&quot]
    unledj.jpg
    [/FONT]


    [FONT=&quot]දත්ත ගබඩා කිරීම, High Definition video ගබඩා කිරීම, Quad HD සහ Ultra HD වැනි ඉතා විශාල ධාරිතාවක් හා සුපැහැදිලි රූප සහිත වීඩියෝ දත්ත ගබඩා කිරීමට අනාගතයේදී මෙම තැටි යොදාගැනීමට එහි නිර්මාතෘවරුන් අපේක්ෂා කරති. මෙම තාක්ෂණයේ පුරෝගාමීන් වන්නේ HSD Forum ([/FONT]Holography System Development Forum[FONT=&quot]) නම් ආයතනයයි. [/FONT]


    [FONT=&quot]තාක්ෂණය[/FONT]


    [FONT=&quot]මුලින්ම මෙම Holographic තාක්ෂණය භාවිතයෙන් දත්ත ගබඩා කිරීම පිළිබඳ අදහසක් ගෙන එන්නේ 1960 තරම් අතීතයේදීයි. එහෙත් ප්‍රායෝගිකව පරීක්ශන කිරීම ඇරබුනේ 2004 වර්ෂයේදීය. [/FONT]

    [FONT=&quot]සිද්ධාන්තමය ලෙස HVD තුළ 6TB දක්වා වූ දත්ත ප්‍රමාණයක් රැදවීමේ හැකියාව ඇත. බොහෝ ප්‍රකාශ තැටි වලට එක් ස්පන්දයක් සදහා ගබඩා කළහැකි වන්නේ බිට් එකක දත්ත ප්‍රමාණයක් වුවද HVD තාක්ෂණය මගින් එකම ස්ථානයේ එක් ස්පන්දයක් සදහා බිට් 60000 දක්වා දත්ත ප්‍රමාණයක් ගබඩා කළහැක.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Hologram යනු ආලෝක කදම්බ මගින් මවන ත්‍රිමාණ රූපයකි. මෙම තාක්ෂණය ත්‍රිමාණ සන්නිවේදනය සදහා යොදාගන්නා ආකාරය Star Wars වැනි විද්‍යා ප්‍රබන්ද චිත්‍රපට වල අප දැක ඇත. එසේම Holography තාක්ෂණය මගින් ආලෝකමය ලෙස දත්ත ගබඩා කිරීම, නැවත කියවීම හා දත්ත සකස් කිරීම (Process and Manipulate) ද සිදුකළ හැක. HVD වලදී භාවිතා වන්නේද එම සිද්ධාන්තයයි.[/FONT]
    [FONT=&quot]

    චුම්බක හෝ ප්‍රකාශ තැටි වල දත්ත ගබඩා කිරීම එම තැටි වල දත්ත පටිගත කිරීමට භාවිතා කරන පෘෂ්ඨ වල සිදුකරන චුම්බක හෝ ප්‍රකාශ වෙනස්වීම් මත රඳා පැවතුනද හොලෝග්‍රැපික (
    [/FONT]Holographic)[FONT=&quot] දත්ත ගබඩා කිරීමේදී දත්ත තැටියේ ඝන ප්‍රමාණය පුරාවට දත්ත ගබඩා කරන අතර එකම ස්තානයක වුවද විවිධ ආලෝක කෝණ යොදාගනිමින් දත්ත ගබඩා කිරීම සිදුකරයි. මේ නිසා එක් තැටියක මෙතරම් දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීමේ හැකියාව ලැබී ඇත.[/FONT]


    unledjl.jpg

    [FONT=&quot]

    HVD සදහා Collinear Holography නම් තාක්ෂණය යොදාගන්නා අතර නිල්-කොළ හා රතු ලේසර් කදම්බ දෙකක් යොදාගනි. එක කදම්බ වෙන වෙනම Holography ලේයරයේ සහ ඇලුමිනියම් ලේයරයේ දත්ත කියවීමට යොදාගනී.

    [/FONT]
    unled2s.jpg

    [FONT=&quot]
    මෙහිදී යොදා ගන්නා ලේසර් කදම්බ වොට් එකක (1W) ධාරිතාවයකින් යුතු වන අතර එය සාමාන්‍ය භාවිතයේ පවතින ප්‍රකාශ තැටි දාවක (Optical Disk Drive) වල ලේසර් කදම්බ වල ධාරිතාවයට (100~250 mW) වඩා ඉතා වැඩි අගයකි. එනම් ධාවකයෙන් ගලවා වෙන් කළහොත් මිනිසෙකුට හානියක් කිරීමට තරම් ප්‍රබල ලේසර් කදම්බයකි.
    [/FONT]එමනිසා HVD මහාපරිමාණ නිෂ්පාදනයට පෙර ඒවායේ ආරක්ශාව තහවුරු කිරීමට පියවර ගැනීමට සිදුවනු ඇත.


    unledhn.jpg

    kjkm.jpg

    [FONT=&quot]
    නිෂ්පාදනය හා භාවිතය[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]HVD තවමත් තරගකාරී වෙළදපොළට පැමිණ නැතත් දැනටමත් [/FONT]Sony, Philips, Lanix, TDK, Panasonic [FONT=&quot]සහ[/FONT] Optware [FONT=&quot]වැනි සමාගම් HVD මහාපරිමාණව නිපදවීමේ කටයුතු සදහා පරීක්ෂණ සිදුකරන අතර පළමුව 500GB සහ 1TB දත්ත ප්‍රමාණ වල තැටිද පසුව ඉහළ ධාරිතා සදහා තැටි නිපදවීමට බලාපොරොත්තු වේ.[/FONT]
    [FONT=&quot]ආරම්භයේදි ධාවකයක මිළ අමෙරිකානු ඩොලර් 15000 පමණද තැටියක මිළ අමෙරිකානු ඩොලර් 120~180 පමණද වනු ඇතැයි විශ්වාස කළද එය ඉක්මනින් අඩු මිළගණන් වලට පැමිණෙනු ඇත.[/FONT]
    [FONT=&quot]B[/FONT]
    [FONT=&quot]lu-ray සහ HD-DVD තැටි තවමත් භාවිතයට පැමිණ වැඩි කළක් නොමැති නිසා සහ දැනට පවතින ඉතා අධික ධාරිතා වීඩියෝ දත්ත වුවද Blu-ray සහ HD-DVD තැටි වල ගබඩා කළහැකි නිසාද HVD නිෂ්පාදනය වේගවත් කිරීමට සමාගම් එතරම් උනන්දුවක් නොදක්වයි. එමනිසා වසර 2020 දක්වා වත් මෙම තාක්ෂණය ප්‍රමාද වන ලකුණූ ඇත.[/FONT]

    [FONT=&quot]අන්තර්ජාලය ඇසුරෙනි.[/FONT]
    ©geethq


    හොදනම් +රෙප්:)