අපායේ යන්න බැරියෝ...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අපායේ යන්න බැරියෝ...

    අපාය ගැන සම්පූර්ණ බුද්ධ දේශනාව


    දේවදුත සුත්‍රය
    මජ්ජිම නිකාය

    1.මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර සමීපයෙහි වූ, ජෙතවන නමි අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ "මහණෙනියි, භික‍ෂුන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භික‍ෂුහු "පින්වතුන් වහන්සැයි" භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.


    2.
    මහණෙනි, යමිසේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරෂයෙක් මැද සිටියේ ගෙට ඇතුල් වන්නාවූද, ගෙයින් පිට වන්නාවූද, හැසිරෙන්නා වූද, ඔබ මොබ යන්නාවූද, මිනිසුත් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හිනවූද, ප්‍රණිතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, සුගති වලට පැමිණියා වූද, දුගති වලට පැමිණියා වූද, කර්මය වූ පරිදි පැමිණියා වූ සත‍්වයන් පිරිසිදු, මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවසැන් දකිමි. ඒකාන්තයෙන්ම මෙ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාක් සුචරිතයෙන් යුත්ත වුවාහුය. මනො සුචරිතයෙන් යුත්ත වූවාහුය. ආර්‍යයන්ට පරිභව නොකළාහුය. සම්‍යක් දඃෂ්ටි වූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වුවාහුය. ඔවුහු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මනා ගති ඇති සවර්ගලොකයෙහි උපන්නාහුය. ඒකාන්තයෙන් මෙ පින්වත් සත‍වයෝ කාය සුචරිතයෙන් යුත්ත වූවාහුය. වාක් සුචරිතයෙන් යුත්ත වුවාහුය. මනෝ සුචරිතයෙන්ත යූක්ත වූවාහූය. ආර්‍යයන්හට පරිභව නොකරන්නාහුය. සම්‍යක් දඃෂ්ටික වූවාහූය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යූක්ත වූවාහූය. ඔවුහු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මිනිසුත් අතර උපන්නාහුය.


    3.ඒකාන්තයෙන් මෙ පින්වත් සත‍්වයෝ කාය දූශචරිතයෙන් යුත්ත වූවාහූය. වාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍යන් හට පරිභව කරන්නාහුය. මිත‍ථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. මිත‍ථ්‍යා දෘෂ්ටි වූවාහුය. ඔවුහු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපන්නාහුය. මෙ පින්වත් සත‍වයෝ කාය දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වුවාහුය. ආර්‍යයන්හට පරිභව කරන්නාහුය. මිත‍ථ්‍යා දුෂ්ටික වූවාහුය. මිත‍ථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔවුහු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නිරයෙහි උපන්නාහුය.



    4.මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු නොයෙක් ලෙස අත්වලින් අල්වාගෙණ -දේවයන් වහන්ස, මෙ පුරුෂයා මවට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. පියාට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. උතුමන් නොහදුනන්නෙක. කුලදෙටුවන් නොපුදන්නෙක. "ළදරුවෙකු නුදුටුවෙහිද? " හෙතෙම ස්වාමින්, දුටුවෙමියි- කියයි. "මහණෙනි, යම රජතෙම ඔහුට මෙසේ කියන්නේය. එමිබා පුරුෂය, නුවණැත්තාවූ මහලුවූ ඒ නුඹට මෙ අදහස ඇති නොවිද? මමත් ජාතිය සවභාවකොට ඇත්තේ වෙමි. ජාතිය නොඉක්ම වූවෙමි. එබැවින් කයින්ද වචනයෙන්ද සිතින් කුසල් කරමි. යන මෙ අදහස ඇති නොවිද? හෙතම -ස්වාමින්, කුසල් කරන්නට නොහැකිවිමි. වහන්ස, පමාවූයෙමියි කියයි. ඔහුට යම රජතෙම -එමිබා පුරුෂය, පමාවූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් නොකෙළෙහිද? එමිබා පුරුෂය, පමා වූවහුට යමිසේ කෙරෙයිද? තට එසේ කරන්නෙමි. තාගේ ඒ මෙ පාප කර්මය මව විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගෙණිය විසින් නොකරණ ලද්දේය. යහඵ මිත්‍රයන් විසින් නොකරණ ලද්දේය. දෙවියන් විසින් නොකරණ ලද්දේය. තා විසින් මෙ පාප කර්මය කරණ ලද්දේය. මෙ පාප කර්මයට විපාකය තෝම විදින්නෙහියයි කියන්නේය".



    5. "මහණෙනි, යම රජ තෙම මෙ පළමුවෙනි දේවදුතයා දක්වා කරුණු සහිතව පිළිගනිවා තර්ජනය කොට දෙවැනි දේවදුතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. "එමිබා පුරුෂය, මනුෂ්‍යයන් අතරෙහි පහළවූ දෙවෙනි දේව දුතයා තෝ නොදුටුවෙහිද? හෙතම "ස්වාමින්, නුදුටිමියි" කියන්නේය. ඔහුට යම රජතෙම "එමිබා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි උප්පත්තියෙන් අසූ වයස් ගියාවූ, හෝ අනු වයස් ගියාවූ හෝ අවුරුදු සියයක් ඉක්ම ගියා වූ හෝ ජරාජීරණ වූ ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිදුණු සැරයටිය පිහිටි කොට ඇති, වෙවුලමින් හැසිරෙනිනාවූ, ජරාවෙන් ආතුරවූ ඉක්මගිය තරුණ කමි ඇති, වැටුණු දත් ඇති, පැසුණු හිසකෙහෙ ඇති, ඉගිලිගිය හිසකෙහෙ ඇති, බොහෝ සේ ඉගිලී ගිය හිස කෙහෙ ඇති, රැලි නැගුණ සම ඇති, තල කැලලින් යුත් සිරුරැති, ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිද? හෙතෙම "ස්වාමින්, දුටුවෙමියි, කියයි".

    6."මහණෙනි, යම රජ තෙම ඔහුට මෙසේ කියයි. "එමිබා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි ඒ තොපට මමත් ජරාව ස්වභාව කොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවා වූයේ වෙමි. මමත් ජාතිය සවභාවකොට ඇත්තේ වෙමි. ජාතිය නොඉක්ම වූවෙමි. එබැවින් කයින්ද වචනයෙන්ද සිතින් කුසල් කරමි. යන මෙ අදහස ඇති නොවිද? හෙතම -ස්වාමින්, කුසල් කරන්නට නොහැකිවිමි. වහන්ස, පමාවූයෙමියි කියයි. ඔහුට යම රජතෙම -එමිබා පුරුෂය, පමාවූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් නොකෙළෙහිද? එමිබා පුරුෂය, පමා වූවහුට යමිසේ කෙරෙයිද? තට එසේ කරන්නෙමි. තාගේ ඒ මෙ පාප කර්මය මව විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගෙණිය විසින් නොකරණ ලද්දේය. යහඵ මිත්‍රයන් විසින් නොකරණ ලද්දේය. දෙවියන් විසින් නොකරණ ලද්දේය. තා විසින් මෙ පාප කර්මය කරණ ලද්දේය. මෙ පාප කර්මයට විපාකය තෝම විදින්නෙහියයි කියන්නේය".
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    7."මහණෙනි, යම රජ තෙම මෙ දෙවෙනි දේවදුතයා දක්වා පිළිගන්වන්නේය. කියා තුන් වන දේවදුතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය."එමිබා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහලවූ තුන් වන දේවදුතයා නුදුටුවෙහිද? හෙතම ස්වාමින් නුදුටිමියි" කියයි. මහණෙනි, මොහුට යම රජ තෙම එමිබා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි රෝග ඇත්තාවූ දුකට පත්වූ දැඩි ගිලන් ඇත්තාවූ, සවකිය මල මුත්‍ර මතුයෙහි සයනය කරණ අනුන් විසින් නැගිටුවනු ලබන්නාවූ, අනුන් විසින් හොවනු ලබන්නාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිදැයි" අසන්නේය. "ස්වාමින්, දුටුවෙමියි" කියයි. මහණෙනි, ඔහුට යම රජ තෙම "එමිබා පුරුෂය, නුවණැත්තාවූ වැඩි වයසට පැමිණියාවූ ඒ නුඹට මමත් ලෙඩවිම ස්වාභාව කොට ඇත්තේ වෙමි. ලෙඩවිම නොඉක්මවුයේ වෙමි. එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් කුසලයක්, කරමි. කියා අදහස් නොවුයෙහිදැයි අසන්නේය. හෙතෙම "ස්වාමින් කුසල් කරන්නට නොහැකිවිම. ස්වාමිනි පමාවිමයි". කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට එමිබා පුරුෂය, පමාවු බැවින් කයින්, වචනයෙන් සිතින් කුසලයෙක් නොකෙළහි නමි එමිබා පුරුෂය, පමා වුවහුට යමි සේ කෙරෙත්ද, එසේ තට කරන්නාහුය. තගේ ඒ මෙ පාපකර්මය මව විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගෙණිය විසින් නොකරණ ලද්දේය. යහඵ මිත්‍රයන් විසින් නොකරණ ලද්දේය. දෙවියන් විසින් නොකරණ ලද්දේය. තා විසින් මෙ පාප කර්මය කරණ ලද්දේය. මෙ පාප කර්මයට විපාකය තෝම විදින්නෙහියයි කියන්නේය".


    8." මහණෙනි, යම රජ ඔහුට මෙ තුන්වන දේවදුතයා දක්වා පිළිගන්වා කරුණු කියා සිවි වන දේවදුතයා දක්වයි. පිළිගන්වයි. කරුණු කියා සිවිවන දේවදුතයා දක්වයි. පිළිගන්වයි. කරුණු කියයි. "එමිබා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහළවූ සිවිවන දේවදුතයා නුදුටුවෙහිද?" හෙතෙම "ස්වාමීනි, නුදිටිමි" යි කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට "එමිබා පුරුෂය, මිනිසුන් අතරෙහි අල්වාගෙන රජුන් විසින් නොයෙක් දඩුවමි කරවන්නාවූ අපරාධ කළ සොරුන් නුදිටුවෙහිද? එනමි කසවලින් තැලුමි කන්නවුන්, වෙවැල්වලින් තැලුමි කන්නවුන්, මුගුරුවලින් තැලුමි කන්නවුන්, අත් කප්පවන්නවුන්, පා කප්පවන්නවුන්, අත් පා කප්පවන්නවුන්, කණ කප්පවන්නවුන්, නාසය කප්පවන්නවුන්, කණ් නාසා කප්පවන්නවුන්, බිලZXzගථාලික නමි කර්මය කරනු ලබන්නවුන්, සZXzඛමුණ්ඩික නමි කර්මය කරනු ලබන්නවුන්, රාහුමුඛ නමි කර්මය කරනු ලබන්නවුන්, ජෝතිමාලික නමි කර්මය කරනු ලබන්නවුන්, හත‍ථපජAජොතික නමි කර්මය කරනු ලබන්නවුන්, එරකවත්තික නමි කර්මය කරනු ලබන්නවුන්, චීරකවාසික නමි කර්මය කරනු ලබන්නවුන්, ඒණ්‍යෙක නමි කර්මය කරනු ලබන්නවුන්, බලිසමංසික නමි කර්මය කරනු ලබන්නවුන්, කහාපණක නමි කර්මය කරනු ලබන්නවුන්, ඛාරාපතවඡික නමි කර්මය කරනු ලබන්නවුන්, පලිඝපරිවත්තික නමි කර්මය කරනු ලබන්නවුන්, පලාලපීඨක නමි කර්මය කරනු ලබන්නවුන්, උණු කරනලද තෙල් ඉසිනු ලබන්නවුන්, සුනඛයන් ලවා කනු ලබන්නවුන්, ජීවත්ව සිටියදීම උල තබනු ලබන්නවුන්, කඩුවෙන් හිස කපනු ලබන්නවුන්, දිටුවෙහිදැයි අසන්නේය. හෙතෙම "වාමීනි, දිටුවෙමි" යි කියයි. අධ්‍යාත්මිකවූද බාහිරවූද සෑමදෙයක අනිත්‍යාදී ස්වභාවය දකින්නෙමිද?


    9. ,මහණෙනි, යම රජ තෙම ඔහුට -එමිබා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි නුඹට යමි කෙනෙක් පාපකර්ම කෙරෙත් නමි ඒ සත‍වයෝ මෙ ආත්මභවයෙහිම මෙබක්‍ෂ කමි කටොලු කරවනු ලබත්. පරලොවදී කියනු කිම/ එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් යහපතක් කරමියි අදහස් නොවූයෙහිද, හෙතෙම "ස්වාමීනි, යහපතක් කරන්නට නොහැකිවීමි. ස්වාමීනි, පමාවීමි" යි කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට "පින්වත් පුරුෂය, තෝ පමාවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් කුසලයක් නොකෙළෙහි නමි එමිබා පුරුෂය, පමා වුවහුට යමිසේ කෙරෙත්ද, එසේ තට වධ කරන්නාහුය. තගේ ඒ පාප කර්මය මව විසින් කරන ලද්දක් නොවෙයි. පියා විසින් කරන ලද්දක් නොවෙයි. සහෝදරයා විසින් කරන ලද්දක් නොවෙයි. නැගණිය විසින් කරන ලද්දක් නොවෙයි. යහළු මිත්‍රයන් විසින් කරන ලද්දක් නොවෙයි. සහලේ නෑයන් විසින් කරන ලද්දක් නොවෙයි. මහණ බමුණන් විසින් කරන ලද්දක් නොවෙයි. දෙවියන් විසින් කරන ලද්දක් නොවෙයි. තා විසින්ම ඒ පාප කර්මය කරන ලද්දේය. ඒ පාප කර්මයාගේ විපාකය තෝම විඬිනෙහිය.



    10. මහණෙනි, යම රජ තෙම, මෙ සතරවැනි දේවදුතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී පස්වැනි දේවදුතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කරුණු කියා දෙන්නේය. "එමිබා පුරුෂය, නුඹ මනුෂ්‍යයන් කෙරෙහි පහළවූ පස්වැනි දේවච්තයා නුදිටුවෙහිද?" හෙතෙම "ස්වාමීනි, නුදිටිමි" යි කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට "එමzබා පුරුෂය, නුඹ මනුෂ්‍යයන් අතරෙහි මැරී එක දවසක් ගියාවූ හෝ මැරී දෙදවසක් ගියාවූ හෝ මැරී තුන් දවසක් ගියාවූ හෝ ඉදිමී ගියාවූ හෝ නිල්වූ හෝ ඔජාව වැහෙන්නාවූ හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයකු නුදිටුවෙහිදැයි අසන්නේය. "ස්වාමීනි, දිටිමි" යි කියයි. "එමිබල පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි තට මමද මරණය ස්වභාවකොට ඇත්තෙමි. මරණය නොඉක්ම වූයෙමි. මම කයින්, වචනයෙන්, සිතින් කුසලක් කරන්නෙමි නමි යහපතැයි අදහස් නොවූයෙහිදැ" යි අසන්නේය. හෙතෙම "ස්වාමීනි, නොහැකි විය. ප්‍රමාදයට පැමිණියෙමි" යි කියයි. "එමිබා පුරුෂය, ප්‍රමාදය ඇතිවූ බැවින් නුඹ කයින්, වචනයෙන්, සිතින් ඒකාන්තයෙන් කුසලයක් නොකෙළෙහි නමි "එමිබා පුරුෂය, පමා වූවහුට යමිසේ කරත් නමි තට එසේ කරන්නාහුය. ඒ මෙ පාප කර්මය තගේ මව විසින්ද නොකරන ලදී. පියා විසින්ද නොකරන ලදී. සොහොයුරු විසින්ද නොකරන ලදී. නැගණිය විසින්ද නොකරන ලදී. යහළු මිත්‍රයන් විසින්ද නොකරන ලදී. සහලේ නෑයන් විසින්ද නොකරන ලදී. මහණ බමුණන් විසින්ද නොකරන ලදී. දෙවියන් විසින්ද නොකරන ලදී. මෙ පාප කර්මය තා විසින්ම කරන ලදී. ඒ මෙම පාප කර්මයාගේ විපාකය තෝ විඬිනෙහිය. ,මහණෙනි, යම රජ තෙම, මෙ පස්වැනි දේවදුතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී නිශ්ශබිධවෙයි.
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    11. ,මහණෙනි, නිරය පාලයෝ ඔහුට පඤචවිධ බන‍ධන නමි වධයක් කරත්. රත්වූ යකඩ හුලක් අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවෙනි අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවැනි පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පපුව මැද ගසත්. හෙතෙම එහි තියුණු වූ කටුකවූ දික් වෙදනාවන් විඬී. යමිතාක් ඒ පාප කර්මය නොගෙවෙද ඒතාක් නොමැරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු ගිනිගත් යකඩ පොළොවෙහි නිදිකරවා කෙටෙරිවලින් සසිත් හෙතෙම එහි දික්වූ තියුණුවූ කටුකවූ දුක් වෙදනාවන් විඬී. යමිතාක් කල් ඒ පාප කර්මය කෙළවර නොවෙද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු උඩුකුරුකොට හිස යටිකුරුකොට තබා වෑවලින් සසිත්. හෙතෙම එහි තියුණු වූ කටුකවූ දුක් වෙදනාවන් විඬී. යමිතාක් කල් ඒ

    පාපකර්මය කෙළවර නොවෙද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, ඔහු නිරයපාලයෝ රථයක බැද ගිනිගෙන ඇවිලෙන්නාවූ දිළිසෙන්නාවූ ගිනිදැල් සහිත යකඩ පොළොවෙහි ඉදිරියට ගමන් කරවත්. පස්සටද ගමන් කරවත්. හෙතෙම එහි දික්වූ, තියුණු වූ, කටුකවූ, දුක් වෙදනාවන් විඬී. යමිතාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවෙද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත මහත්වූ


    අගුරු පර්තයට ඇන ඇන නැංවීමද කරත්. බැස්සීමද කරත්. හෙතෙම එහි දික්වූ, තියුණු වූ, කටුකවූ, දුක් වෙදනාවන් විඬී. යමිතාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවෙද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු උඩුකුරුකොට හිස යටිකුරුකොටගෙන ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත රත්වූ ලෝදිය සැලියෙක දමත්. හෙතෙම එහි පෙණ නගිමින් පැසෙන්නේ වරක උඩට එයි. වරක යටට යයි. වරක සරසට යයි. යමිතාක් කල් ඒ පාපකර්මය නොගෙවෙද, ඒතාක් නොමැරෙන්නේය.


    12. ,මහණෙනි, ඔහු නිරය පාලයෝ මහා නරකයෙහි බහත්. මහණෙනි, ඒ මහා නරකය වනාහි කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. කොටස් වශයෙන් ඛෙදන ලද්දේය. කොටස් වශයෙන් ප්‍රමාණ කරන ලද්දේය. යකඩ පවුරකින් වට කරන ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය. ඒ මහා නිරයෙහි බිම යකඩයෙන්ම කරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී. "මහණෙනි, ඒ මහා නිරයෙහි නැගෙනහිර බිත්තියෙන් ගිනිදැල් නගී. බස්නාහිර බිත්තියෙහි හැපෙයි. බස්නාහිර බිත්තියෙන් ගිනිදැල් නැගී නැගෙනහිර බිත්තියෙහි හැපෙයි. උතුරුදිග බිත්තියෙන් ගිනිදැල් නැගී දකුණු බිත්තියෙහි හැපෙයි. දකුණු බිත්තියෙන් ගිනිදැල් නැගී උතුරු බිත්තියෙහි හැපෙයි. යටින් ගිනිදැල් නැගී මත්තෙහි හැපෙයි. උඩින් ගිනිදැල් නැගී යට හැපෙයි. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දික් වෙදනාවන් විඬී. යමි තාක් ඒ පාපකර්මය නොගෙවෙද, ඒතාක් නොමැරෙන්නේය".


    13. ,මහණෙනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් යමිකිසි කලෙක ඒ මහා නිරයෙහි නැගෙනහිර දොරටුව විවෘත වෙද, එබදු කාලයක් වන්නේය. එකල්හි හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වෙගයෙන් දිවයි. ශීඝ්‍ර වෙගයෙන් දිවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද විශේෂයෙන් දුමි දමත්. නැග? පියවර එසේම වෙයි. මහණෙනි, යමි හෙයකින් හෙතෙම නොයෙක් අවුරුදු දහසකින් ඒ සමීපයට පැමිණේද එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වෙදනාවන් විඬී. යමිතාක් කල් ඒ පාප කර්මය කෙළවර වෙද, ඒතාක් කල් නොමැරෙන්නේය".


    14. "මහණෙනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් කිසිකලෙක් ඒ මහා නිරයාගේ බස්නාහිර දොරටුව විවෘත වෙද, ඒ කාලය ඇත්තේමය. හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වෙගයෙන් දිවයි. ශීඝ්‍ර වෙගයෙන් දිවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද වෙසෙසින් දවයි. නැග? පියවර එසේම වෙයි. මහණෙනි, යමි හෙයකින් හෙතෙම අනේක වර්ෂ සහශ්‍රයෙන් ගොස් සමිප්‍රාප්ත වෙද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වෙදනාවන් විඬී, යමිතාක් කල් ඒ පාප කර්මය කෙළවර නොවෙද, ඒතාක් කල් කාලක්‍රියා නොකෙරයි".


    15. උතුරු දොරටුව විවෘත වෙද, ඒ කාලය ඇත්තේමය. හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වෙගයෙන් දිවයි. ශීඝ්‍ර වෙගයෙන් දිවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද වෙසෙසින් දවයි. නැග? පියවර එසේම වෙයි. මහණෙනි, යමි හෙයකින් හෙතෙම අනේක වර්ෂ සහශ්‍රයන් ගොස් සමිප්‍රාප්ත වෙද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වෙදනාවන් විඬීද, යමතාක් කල් ඒ පාප කර්මය කෙළවර නොවෙද, ඒතාක් කල් කාලක්‍රියා නොකෙරයි".
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    16. දකුණු දොරටුව විවෘත වෙද, හෙතෙම එහි ශීඝ්‍ර වෙගයෙන් දිවයි. ශීඝ්‍ර වෙගයෙන් දිවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද විශේෂයෙන් දුමි දමත්. නැග? පියවර එසේම වෙයි. මහණෙනි, යම හෙයකින් නොයෙක් අවුරුදු දහසින් ගොස් ඒ සමීපයට පැමිණෙයිද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දික් වෙදනාවන් විඬී. යමිතාක් ඒ පාප කර්මය නොගෙවෙද, ඒතාක් කල් නොමැරෙන්නේය.

    17. "මහණෙනි, දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් කිසියමි කලෙක ඒ මහා නිරයේ නැගෙනහිර දොර විවෘත වෙයිද, හෙතෙම එහි ශීඝ්‍ර වෙගයෙන් දිවයි. ශීඝ්‍ර වෙගයෙන් දිවන ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද විශේෂයෙන් දුමි දමත්. නැග? පියවරද එසේම වෙයි. හෙතෙම එහි දොරටුවෙන් නික්මෙයි.


    18. "මහණෙනි, ඒ මහා නිරයට අනතුරුව මහත්වූ ගුථ නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. ,මහණෙනි, ඒ ගුථ නිරයෙහි වනාහි ඉදිකටු තුඩ සමාන මුව ඇති පණුවෝ සිවිය සිඬිත්. සිවිය සිඬ සම සිඬිත්. සම සිඬ මස් සිඬිත්. මස් සිඬ නහර සිඬිත්. නහර සිඬ ඇට සිඬිත්. ඇට සිඬ ඇට මිදිලු කත්. හෙතෙම එහි තියුණුවූ, කටුක දික් වෙදනාවන් විඬී. ඒ පාප කර්මය යමිතාක්ද ඒතාක් කල් නොමැරෙන්නේය.



    19."මහණෙනි, ඒ ගුථ නරකයට අනතුරුව මහත්වූ උණු අඵ නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වෙදනාවන් විඬී. ඒ පාප කර්මය යමිතාක් නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය."



    20. මහණෙනි, ඒ උණු අඵ නිරයට අනතුරුව යොදුන් උස නැගුණු අගල් දහසයක් දිග යකඩ කටු ඇති, ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, මහත්වූ කටුඉඹුල් වනය ලගම පිහිටියේය. ඔහු එහි උඩටද නංවත්. පහතටද බස්වත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දික් වෙදනාවන් විඬී. යමතාක්කල් ඒ පාප කර්මය නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය.



    21. "මහණෙනි, කටුඉඹුල් වනයට අනතුරුව මහත්වූ අසිපත්‍ර නමි නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. ඒ නිරයෙහි වාතයෙන් වැටෙන කඩුපත් අතද කපත්. පාදයද කපත්. අත් පා දෙකම කපත්. කණද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වෙදනාවන් විඬී. ඒ පාප කමෟය යමිතාක්කල් නොගෙවී පවතී නමි ඒතාක්කල් නොමැරෙන්නේය.


    22. "මහණෙනි, ඒ අසිපත් නිරයට අනතුරුව මහත්වූ ක‍ෂාර ජලයෙන් යුත් වෙතරණී නමි නරකය පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. හෙතෙම එහි යටිගං බලායන දියපහරටද ගසාගෙන යයි. උඩුගං බලායන දියපහරටද ගසාගෙන යයි. උඩුගං බලායන දියපහරට හා යටිගං බලායන දියපහරටද ගසාගෙන යයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දික් වෙදනාවන් විඬී. ඒ පාප කර්මය යමිතාක් නොගෙවෙද, ඒතාක්කල් නොමැරෙන්නේය.


    23. "මහණෙනි, නිරයපාලයෝ ඔහු බිලිකටුවෙන් අමුනා ගොඩට ගෙන පොළොවෙහි දමා "එමබා පුරුෂය, කැමක් කැමැත්තෙහිදැ" යි අසන්නාහ. හෙතෙම "ස්වාමීනි, බඩගිනි ඇත්තෙමැ" යි කියන්නේය. ,මහණෙනි,

    නිරයපාලයෝ ඒ මෙ තිරිසනාගේ , ගිනිගෙන දිලිසෙන්නාවූ අඩුවෙන් කට ඇර ගිනිගෙන දිලිසෙන්නාවූ රත්වූ ලෝහ ගුලියක් කටෙහි දමත්. ඔහුගේ තොලද දවයි. කටද දවයි. උගුරද දවයි. ළයද දවයි. බඩවැලද අතුනු බහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වෙදනාවන් විඬී. ඒ පාප කර්මය යමිතාක් නොගෙවෙද, ඒතාක්කල් නොමැරෙන්නේය.



    24. "මහණෙනි, නිරයපාලයෝ ඔහුගෙන් "එමිබා පුරුෂය, කැමක් කැමැත්තෙහිදැ" යි විමසන්නාහුය. "ස්වාමීනි, පිපාස ඇත්තෙමි" යි කියන්නේය. ,මහණෙනි, නිරයපාලයෝ ඔහුගේ කට ගිනිගෙන දිලිසෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ, රත්වූ යකඩ අඩුවෙන් අරවා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ ගිනි ගෙන දිළිසෙන්නාවූ තඹපාට ලෝදිය කටෙ වත්කරත්. එය ඔහුගේ තොල්ද දවයි. කටද දවයි. උගුරද දවයි. ළයද දවයි. බඩවැල්ද අතුනුබහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වෙදනාවන් විඬී. ඒ පාප කර්මය යමිතාක් නොගෙවෙද, ඒතාක්කල් නොමැරෙන්නේය. "මහණෙනි, නිරයපාලයෝ නැවතත් ඔහු මහා නිරයෙහි දමත්.



    25."මහණෙනි, පෙරවූ දෙයක් කියමි. යමරජුට මෙබදු සිතක් විය. පින්වත්නි, ලෝකයෙහි යමි කෙනෙක් පවිකමි කෙරෙත්ද, ඔවුහු මෙබදු නානාප්‍රකාර කමිකටලු කරනු ලබත්. "මම මනුෂ්‍යාත්මයක් ලබන්නේ නමි අරහත්වූ, සම්‍යක් සමිබද්ධ වූ සර්වඥතෙම ලෝකයෙහි උපදින්නේ නමිමම ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කරන්නෙමි නමි ඒ භාග්‍යවතුන් වහන්සේ මට ධර්ම දේශනා කරන්නේ නමි මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගන්නෙමි යහපති" කියායි. "
    මහණෙනි, මම ඒ කාරණය අන් ශ්‍රමණයෙක්ගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නොකියමි. වැලිදි කෙසේද යමි පමණ අටමහ නරකයෝ වෙත්ද, ඒ සියල්ල තමන් විසින්ම දැනගන්නා ලද්දේය, තමන් විසින්ම දැක්නා ලද්දේය, තමන් විසින්ම ප්‍රත්‍යක‍ෂ කරන ලද්දේය එයම මම කියමි."
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    26. භාග්‍යවතුන් වහන්සේ මෙ දේශනාව වදාළ සේක. සුගතයන් වහන්සේ මෙ දේශනාව වදාරා නැවත ශාස්තෘන් වහන්සේ මෙ ගාථා දේශනාව වදාළ සේක.

    27."දේවදුතයන් විසින් චෝදනා කරන ලද්දාවූ, යමි මනුෂ්‍යයෝ පමා වෙත්ද, හීනකාය සන්ඛ්‍යාත අපායට පැමිණියාවූ ඒ මිනිස්සු බොහෝ කාලයක් මුළුල්ලේ සෝක කරන්නාහුය."


    28. "මෙ ලෝකයෙහි ශාන්තවූ යමි සත්පුරුෂ කෙනෙක් දේවදුතයන් විසින් චෝදනා කරන ලද්දාහුද, ඔවුහු ආර්‍ය ධර්මයෙහි කිසි කලෙකත් ප්‍රමාද නොවන්නාහුය."


    29. "ඔවුහු ජාති මරණ දෙක හටගන්නාවූ මෙ උපාදාන ස්කන‍ධයෙහි බය දැක, ජාති මරණ දෙක කෙළවර කරන්නාවූ නිවණ නිමිතිකොට උපාදාන රහිතව මිදෙත්."


    30. "නිර්භය ස්ථානයට පැමිණියාවූ, සුවපත්වූ, මෙ ආත්මභාවයෙහිම ඒ සත‍වයෝ සියලු භය දුරුකොට සියලු දුක් ඉක්මවන්නාහුය."


    දහවන දේවදුත සූත්‍රය නිමි.


    මෙම සුත්‍ර දේශනාව අවසන් වනතුරැම කියෙවිවා නමි, අපායන් ගැන විස්තර හා "මහණෙනි, යමිසේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරෂයෙක් මැද සිටියේ ගෙට ඇතුල් වන්නාවූද, ගෙයින් පිට වන්නාවූද, හැසිරෙන්නා වූද, ඔබ මොබ යන්නාවූද, මිනිසුත් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හිනවූද, ප්‍රණිතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, සුගති වලට පැමිණියා වූද, දුගති වලට පැමිණියා වූද, කර්මය වූ පරිදි පැමිණියා වූ සත‍්වයන් පිරිසිදු, මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවසැන් දකිමි."


    හා "මහණෙනි, මම ඒ කාරණය අන් ශ්‍රමණයෙක්ගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නොකියමි. වැලිදි කෙසේද යමි පමණ අටමහ නරකයෝ වෙත්ද, ඒ සියල්ල තමන් විසින්ම දැනගන්නා ලද්දේය, තමන් විසින්ම දැක්නා ලද්දේය, තමන් විසින්ම ප්‍රත්‍යක‍ෂ කරන ලද්දේය එයම මම කියමි." යන පාඨයන් ඔබ දකින්නට ඇති. එසේ තිබියදිත් යමි අයෙක් තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා නමි, "අපාය කියල දෙයක් නැ. අපාය තියෙන්නෙත් දිව්‍යලොකේ තියෙන්නෙත් මෙ ලොකෙම තමයි. ඔව මිනිස්සු බය කරල යහ මගට ගන්න කියපු බොරැ කථා කියල, එම පුද්ගලයා විසින් ඒ කරණුයේ අපේ තථාගත බුදුලියානන් වහන්සේගේ ධර්මය අවලංගු කිරිමයි. තථාගත බුදුපියානන් වහන්සේගේ ධර්මය හා උන්වහන්සේ ප්‍රතික්ශේප කිරිමයි. උන්වහන්සේ පිලිනොගැනිමයි. අපි අපාය පිලි නොගන්නවාත් සමගම තවත් දෙයක් සිදුවෙනවා එනමි, බුද්ධං සරණං ගචිඡාමි" කියල බුදුපියාණන් වහන්සේ සරණ යමි, උන්වහන්සේගේ ධර්මය සරණ යමි. යනුවෙන් කරණු ලබන තිසරණ සමාදන්විම භේධයට ලක්විමයි. අපි හැමෝම දන්නවා බෞද්ධයෙක් වෙන්න විශේෂ පිලිවෙත් නැ. තියෙන්නේ සරණාගමනය විතරයි. මෙ සරණාගමණය බෙධනය විමත් සමගම ඔහු තවදුරටත් බෞද්ධයෙක් වෙන්නේ නැ. කියන එකයි මම කිවිවෙ. "නමට විතරක් බෞද්ධ කියන්නේ අන්න ඒ වගේ අයට තමයි.

    බුදුවරයානන් වහන්සේලා පහල වන්නේ කල්ප ගණනාවකින් කියල අමුතුවෙන් කියන්න ඔනි නැ. මෙ සර්වඥයන්වහන්සේලා, මෙම අපායගාමි සත්ත්වයින් ගැන කරැණාවෙන් එම දුක්ඛිත ලොක වලට ගොස් සෘධි බලයෙන් එහි ගිනිදැල් නිවා ධර්මය දේශනා කරණු ලබයි. ඒසේ කරණුයේ ඔවුන්ගේ කර්මය ගෙවි අවසන් වු දිනක හෝ කල්ප විනාශයකදි මෙම අපාය ලොකයන්ද විනාශ වන විට, එයින් මිදෙනා සත්ත්වයිගේ මතු වැඩ පිණිසය. අපිත් මෙ දුක්ඛිත නිරය ලොකයන්හි අනන්ත අප්‍රමාන දුක් විදින්ට ඇති. පැසි පැසි තැවෙන්නට ඇති. බුදුවරයානන් වහන්සේලාගේ ධර්මයන්ද ශ්‍රවනය කරන්නට ඇති. සමහර විට අපි අද මෙ මනුශ්‍ය භවයක් ලබා සිටින්නේත් ඒ නිසාම වෙන්නට ඇති.
    ඒ කෙසෙ‍් වෙතත්, අපාය ලොකයන් පිළිබදව විශ්වාස කර, නිබොරැවු, තථාගතයානන්වහන්සේගේ ශ්‍රි මුඛයෙන් දේශිත ඒ වදන් පිළිගෙන, අපිත් දෙලොව වැඩ සලසා ගනිමු.
     
    Last edited:

    යම රජ

    Banned
    Apr 12, 2011
    33
    4
    0
    බු හා හා හා හා හා හා හා හා, ඔය බයවෙලා නේද පුතා. හා හා එහම තමයි ඉන්න ඕන.අපායේ යන්න බයවෙන්න ඕනේ, ඒ වගේම අපායේ එන්නේ නැතිවෙන විදිහට වැඩ කටයුතු වෙන්න ඕනේ.

    ගොඩාක් කට්ටිය මෙහෙ ඉන්නවා. ඔය එක පාරම 1000 විතර සතුන් මරණ අය. ආගමේ නාමයෙන් යුද්ධ කරලා මිනිස්සු මරණ එවුන් එහෙම ආයේ ඉතින් මෙහෙ තමයි.
     
    • Like
    Reactions: Rana Rala

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,893
    188
    63
    unknown
    ඉතා වැදගත් ලිපියක්,:) ඒත් සිංහල අකුරු පුංචි බන් කිවන්න ගියාම යකා නගිනවා.:growl: ටිකක් ලොකුවට දාන්න.:D
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඉතා වැදගත් ලිපියක්,:) ඒත් සිංහල අකුරු පුංචි බන් කිවන්න ගියාම යකා නගිනවා.:growl: ටිකක් ලොකුවට දාන්න.:D
    මචෝ මම ලොකුවට දැම්මා බන් Thread එක update උනෙ නෑ..CTRL+ ගහල කරලා ZOOM karala බලපන්,
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    mata meka therenne na ne. basava sara vadi.
    ඔව් මචන් ගොඩක් දහම් කරුණු තියේන්නේ පරණ සිංහල වලින්,, ඒත් ලාවට හරි තේරුම් ගන්න පුලුවන්,, අන්‍යාගමිකයෙක් උනත් උබටත් මේක ප්‍රයෝජනවත් වෙවි...මොකද පින් පව් වලට ජාති ආගම් කුල භේද බලපාන්නෙ නෑ.

    මේ දාපු ටික word file එකකට copy paste කරලා, font size එක ලොකු කරලා කියවලා තේරුම් ගනින්,,,බුදු සරණයි..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් මචන් ගොඩක් දහම් කරුණු තියේන්නේ පරණ සිංහල වලින්,, ඒත් ලාවට හරි තේරුම් ගන්න පුලුවන්,, අන්‍යාගමිකයෙක් උනත් උබටත් මේක ප්‍රයෝජනවත් වෙවි...මොකද පින් පව් වලට ජාති ආගම් කුල භේද බලපාන්නෙ නෑ.

    මේ දාපු ටික word file එකකට copy paste කරලා, font size එක ලොකු කරලා කියවලා තේරුම් ගනින්,,,බුදු සරණයි..
    පට්ට ටෝක මචන් එල එල....හොද වැඩේ.:yes::yes:

    බුදු සරණයි උඔට......!!!!
    දිගටම දාපන් මචෝ මේවගේ ඒවා....
     
    බොහොම අගෙයි....

    ධර්ම මාර්ගේයේ යන්නට ප්‍රමාද වෙන අයට, බුදුන් දේශනා කරලා තිබෙනවා,

    "අපාය බිය ඇති කරගෙන, ධර්ම මාර්ගේයේ යන්නට ඉක්මන් වෙන්න" කියල
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    එමිබා පුරුෂය, කැමක් කැමැත්තෙහිදැ" යි විමසන්නාහුය. "ස්වාමීනි, පිපාස ඇත්තෙමි" යි කියන්නේය. ,මහණෙනි, නිරයපාලයෝ ඔහුගේ කට ගිනිගෙන දිලිසෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ, රත්වූ යකඩ අඩුවෙන් අරවා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ ගිනි ගෙන දිළිසෙන්නාවූ තඹපාට ලෝදිය කටෙ වත්කරත්. එය ඔහුගේ තොල්ද දවයි. කටද දවයි. උගුරද දවයි. ළයද දවයි. බඩවැල්ද අතුනුබහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වෙදනාවන් විඬී. ඒ පාප කර්මය යමිතාක් නොගෙවෙද, ඒතාක්කල් නොමැරෙන්නේය. "මහණෙනි, නිරයපාලයෝ නැවතත් ඔහු මහා නිරයෙහි දමත්.

    :growl::shocked::no::no::shocked::shocked:
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අප මෙසේ කෙතරම් ධර්මය පළකළත් මෙයින් ප්‍රයෝජන ගන්නේ අල්ප පිරිසකි.
    එයට හේතු රැසකි. ඉන් කිහිපයක් මෙසේය.
    1. මෙම ධර්මය බුද්ධ ධර්මය වුවත් ඒවා පිළිගැනීමට අකමැති පිරිසක් සිටීම.
    2. මේවායේ සමහර කොටස් මෙලොව වශයෙන් පලිසන් නොදීම හේතුවෙන් පව පිළිබඳ බියක් නොමැති වීම.
    3. කෙතරම් ධර්මය ඇසුවත් එවා අවබෝධ කරගැනීමට තරම් බුද්ධියක් නොමැතිවීම..
    4. ධර්මය ඇසුවත් නිලතල බලය හමුවේ ඒවා අමතක වීම.
    (උදා - රටේ නායකයා සෑම පොහොය දිනකම බණ ඇසුවාට, ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත.)

    5. ජීවත්වන පරිසරයේ බළපෑම් මත
    6. විවිධ ආගම්වල බළපෑම මත.
    7. වයස අනුව
    8. රැකියාවේ ස්වභාවය අනුව

    මෙවන් තත්ව යටතේ කෙනෙකු ධර්මාවබෝධය නොලැබිය හැක..
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අප මෙසේ කෙතරම් ධර්මය පළකළත් මෙයින් ප්‍රයෝජන ගන්නේ අල්ප පිරිසකි.
    එයට හේතු රැසකි. ඉන් කිහිපයක් මෙසේය.
    1. මෙම ධර්මය බුද්ධ ධර්මය වුවත් ඒවා පිළිගැනීමට අකමැති පිරිසක් සිටීම.
    2. මේවායේ සමහර කොටස් මෙලොව වශයෙන් පලිසන් නොදීම හේතුවෙන් පව පිළිබඳ බියක් නොමැති වීම.
    3. කෙතරම් ධර්මය ඇසුවත් එවා අවබෝධ කරගැනීමට තරම් බුද්ධියක් නොමැතිවීම..
    4. ධර්මය ඇසුවත් නිලතල බලය හමුවේ ඒවා අමතක වීම.
    (උදා - රටේ නායකයා සෑම පොහොය දිනකම බණ ඇසුවාට, ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත.)

    5. ජීවත්වන පරිසරයේ බළපෑම් මත
    6. විවිධ ආගම්වල බළපෑම මත.
    7. වයස අනුව
    8. රැකියාවේ ස්වභාවය අනුව

    මෙවන් තත්ව යටතේ කෙනෙකු ධර්මාවබෝධය නොලැබිය හැක..

    ගිහි ගෙය ගිනි ගොඩක් කියල තමා ධර්මයේ සඳහන් වෙන්නේ..
    කෝමත් දැන් කාලෙ හැම දෙයක්ම සංකීර්ණයි..ජීවත් වෙන එක ලොකුම ප්‍රශ්නයක්.. ගොඩක් අය එදා වේල Tours,, මිනිස්සුන්ට ප්‍රශ්න වැඩියි..

    ඒත් මම නම් හිතන්නේ මොන ප්‍රශ්නේ තිබ්බත් මම ලංකාවේ බෞද්ධයෙක් වෙලා ඉපදුනේ ලේසි පාසු පිනකින් නෙමේ..මොකද මුලු ලෝකෙන්ම අද පිරිසිදු බුදු දහම ඉතුරුවෙලා තියෙන රටවල් වලින් අංක එක ලංකාව. අනික වරක් වැන්දත් දෙව් ලෝ සැප ලබා දෙන සිද්ධස්ථාන බොහොමයි ලංකාවෙ.

    ඒක නිසා කෝම හරි සෝවාන් වත් වෙන්න Try එක දෙනවා අවංකවම..මොකද මේ වගෙ Chance එකක් ආයෙත් ලැබෙන්නෙ නෑ.
    සෝවාන් වෙන්න බැරි උනත් අඩුම තරමේ ඒ Try එක ඊලඟ භවේට ලොකු පාරමිතාවක් වේවි.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මහණෙනි, ඒ උණු අඵ නිරයට අනතුරුව යොදුන් උස නැගුණු අගල් දහසයක් දිග යකඩ කටු ඇති, ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, මහත්වූ කටුඉඹුල් වනය ලගම පිහිටියේය. ඔහු එහි උඩටද නංවත්. පහතටද බස්වත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දික් වෙදනාවන් විඬී. යමතාක්කල් ඒ පාප කර්මය නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය.