ඔබේ_DATA_අනෙක්_අයගෙන්_ආරක්ෂා_කරගන්න [ Windows 7 / XP / VISTA] Part I

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
ෆෝල්ඩර් ලොක් (Folder Lock V 6.0)​


මේ ප්‍රෝග්‍රෑම් එක ලෝකෙ හොදම ෆෝල්ඩර් ලොක් කරන ප්‍රෝග්‍රෑම්වලින් එකක් මේකේ ක්‍රියාත්මක වෙන ක්‍රමේට ලොක් කරපු ෆයිල් හොරෙන් අරගන්නවා කියන්නේ නම් බොරු ලෝකේ වේගවත්ම ඩේටා එන්ක්‍රිප්ට් කරන සොෆ්ට්වෙයා එකක්
01%20Folder%20Lock%20Trail%2015%20Uses%20Left.png

මුලින්ම ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරන්න සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ඉන්ස්ටෝල් කරන විදිහටම තමා ඉන්ස්ටෝල් කරන්නේ ඉන්ස්ටෝල් කරලා ඉවර වුනායින් පස්සේ ෆෝල්ඩර් ලොක් එක රෙජිස්ටර් කරන්න ඕනා නැත්නම් ට්‍රයල් වර්ෂන් එකේදි සීමිත වාර ගණනක් තමා පාවිච්චි කරන්න පුළුවන් (15 වතාවක් විතරයි)
02%20Enter%20The%20Key.png

03%20Registration%20is%20Done%20%21%21%21.png
මම කී එකකුත් එක්කම තමා අප්ලෝඩ් කළේ ඒක පාවිච්චි කරලා රෙජිස්ටර් කරන්න මේ ප්‍රෝග්‍රෑම් එක යූස් කරන විදිහනම් වෙනත් ෆෝල්ඩර් ලොක් සොෆ්ට්වෙයාවලට වඩා වෙනස්

මේකෙදි ෆෝල්ඩර් එකින් එකට වෙන වෙනම පාස්වර්ඩ් දීලා ලොක් කරන පැරණි ක්‍රමය නොවෙයි ක්‍රියාත්මක වෙන්නේ එයට වෙනස් අළුත්ම ක්‍රමයක්
පැරණි ක්‍රමයට කරන්නගියාම පිස්සු හැදෙනවා එකින් එකට පාස්වර්ඩ් ගහන්න ගියාම එපා වෙනවා අනික පාස්වර්ඩ් එකින් එකට අමතක වුනාම ආයිමත් සැරින් සැරේට මාරු කර කර ගහන්න වෙනවා
ඒත් දැන් මේකෙදී එහෙම නෑ එක ප්‍රධාන පාස්වර්ඩ් එකක් දීලා හදන ලොකර් එකකට ලොක් කර්න්න ඕනා ෆයිල් ෆෝල්ඩර් ඇඩ් කරන එක තමා කරන්න ඕනා එතකොට ඒවා අන්තර්ධාන වෙනවා ආයි අරගන්න නම් අර ප්‍රධාන පාස්වර්ඩ් එක දීලා ලොකර් එක ඕපන් කරන්න ඕනා ඉන් පස්සේ අන් ලොක් කරන්න පුළුවන්


මුලින්ම ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න

දැන් ක්‍රියේට් නිව් ලොකර් කියන පළමු තේරීම ලබා දෙන්න

04%20Start%20the%20Programme%20%26%20Press%20Create%20New%20Locker.png
එතකොට‍ මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක ඕපන් වේවි දැන් හා හා පුරා කියලා ලොකර් එකක් ක්‍රියේට් කරගන්නයි ඔයාට මේ යන්නෙ හොදයි දැන් සෙට් අ නිව් පාස්වර්ඩ් කියන තැනට කමති පාස්වර්ඩ් එක දෙන්න දීලා ඕකේ කරන්න දැන් ආයිමත් ඒ පාස්වර්ඩ් එකම ගහලා පාස්වර්ඩ් එක සනාථ කරන්න (ඔයාගෙ පාස්වර්ඩ් එකේ ස්ට්‍රෙන්ග්ත් එක පල්ලෙහා යින් පෙන්වයි)
05%20Type%20a%20password%20to%20continiue.png
මේ තියෙන්නේ හොද ස්ට්‍රෙන්ග්ත් පාස්වර්ඩ් කීපයක් Jerrymax@@# , Hitler00// , ::...|||Rep++ මේ වගේ කැරැක්ටර්ස් යූස් කරලා හදන පාස්වර්ඩ්වල ස්ට්‍රෙන්ග්ත් එක වැඩියි ඒ නිසයි උදාහරණ වශයෙන් දැම්මේ
හොදයි දැන් ලොකර් එක ක්‍රියේට් කරලා අවසන් දැන් කියා දෙන්න යන්නේ මේකෙ තියෙන වැදගත්ම පහසුකම් කිහිපයක් ඒවා පාවිච්චියට ගන්න විදිහ කියා දෙනවා ඊලගට
ෆෝල්ඩර් ලොක් එකෙන් හදන්නේ Lockers කියලා හදුන්වන encrypted storages ඔයාට ඔයාගෙ පුද්ගලික ෆයිල් සහ ෆෝල්ඩර් එක සින්ගල් ක්ලික් එකකින් ආරක්ෂිත කරගන්න මේ නිසා පුළුවන් මේ Lockers පෝර්ටබල් ඒවා ඒ නිසා ඔයාට මේ Lockers පෙන් එකකට ඩීවීඩී/සීඩීවලට දාගෙන තියාගන්න පුළුවන් ඒවගේම ඊමේල් කරන්න වුනත් පුළුවන් තවත් දෙයක් තමයි මේ ලොකර්ස් undeletable වීම් මේවා හදපු කෙනාට මිසක් වෙනත් කෙනෙකුට පරිගණකයෙන් ඩිලීට් කරන්න බෑ අනික ලොකර් එක පෙන් එකකට දාගත්තාම කොහොමවත් වෙනත් අයෙකුට ඩේටාවලට අත ගහන්න බෑ


සෑම යූසර් කෙනෙක්ටම තම තමන්ගේ ලොකර්ස් හදා ගන්න පුළුවන් එකම කෙනාට වුනත් ඕනා තරම් ලොකර්ස් අළුතින් හදන්න පුළුවන් වෙනස් වෙනස් පාස්වර්ඩ් දීලා

ෆයිල් ලොක් කරන විදිහ
1) අර ක්‍රියේට් කරගත්තු ලොකර් එක ඕපන් කරන්න ඒක සාමාන්‍යෙ යෙන් මයි ඩොකියුමන්ට්ස් එකේ තමා සේව් වෙන්නේ ලොකර් එක

06%20Go%20to%20My%20Documents%20%28Default%29%20Open%20Locker.png
2)ඕපන් කරපු ලොකර් එකේ ලොක් කියන ටැබ් එක තෝරන්න
07%20Press%20Lock%20tab.png
3)දැන් Add Files ගිහින් ලොක් කරන්න ඕනා ෆයිල් ඇඩ් කරන්න ඉන් පස්සේ ලොක් ක්ලික් කරන්න දැන් වැඩේ හරි කරදර කාරයන්ගෙන් ෆයිල් ටික ආරක්ෂිතයි අවසාන වශයෙන් ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරලා දාන්න
08%20Select%20Files%20%26%20Press%20Lock%20now.png
අන්ලොක් කරන්න නම් කරන්න ඕනේ ෆයිල් එක මත රයිට් කලික් කරලා අන්ලොක් විධානය ලබාදෙන එක පමණයි එවිට අදාල ස්ථානයේ ෆයිල් එක නැවතත් විද්‍යාමාන වේවි (තනි ඔබ්ජෙක්ට් ලොක් කිරීමට ඒමත රයිට් ක්ලික් කර Folder Lock ගොස් Lock it විධානය දිය හැක)

Hack Attempt Monitoring

අනික් වැදගත් දේ තමයි මේ කවුරු හරි වැරදි පාස්වර්ඩ් ගගහා ලොකර් එක ඕපන් කරගන්න උත්සහ කලොත් එක පාරක් දෙපාරක් වැරදුනොත් නෙවේ ප්‍රමාණයට වඩා උත්සහ ගත්තොත් (5 පාරක් විතර) සොෆ්ට්වෙයා එකට පුළුවන් ඔයාගෙ පරිගණකය ලොක් කරලා දාන්න හෝ ෂට් ඩවුන් කරලා දාන්න අනික කවුරු හරි එහෙම කරන්න උත්සහ කළොත් ඒක සවිස්තර වාර්තාවක් විදිහට ඔයාට ලබාගන්න පුළුවන් ඒවා වෙලාවන් දිනයන් එක්කම දෙනවා ඩීටේල්ඩ් රිපෝට් එකක් විදිහට මේ දැම්මේ මේකේ තියෙන වැදගත්ම දේවල් කීපයක් විතරයි
මේ තියෙන් නේ මෙයින් ලබා දෙන තවත් දේවල් Stealth Mode කියන එක තමා මේ සොෆ්ට්වෙයා එකේ මම දකින හොදම අංගය

Stealth Mode:

Stealth Mode (On/Off):

To activate Stealth Mode, you must check this option before setting particular stealth options. Once you've activated Stealth Mode this way, Folder Lock will hide itself from a number of places where it could be found. This feature is useful for people who are very concerned about their privacy. When you activate Stealth Mode, all the stealth options are activated automatically, you can however customized the stealth options according to your needs by checking / unchecking the options given below:

Hide from Desktop & Startmenu:

You can check / uncheck this option depending on whether you want the icons on your Desktop and Start menu to disappear. When these shortcuts disappear, you can use the hotkey you set below in the stealth mode option to run Folder Lock.

Hide from Add/Remove Programs:

Add/Remove Programs is a Windows feature in the Control Panel, showing the icons of all the programs ever installed on your computer. If you like, you can check /uncheck this option and Folder Lock will stop showing its icon in this list.

Hide from Context Menu in Explorer:

Windows Explorer right-click on a file or a folder shows a context menu where you can see a menu for Folder Lock. Disabling this feature, will remove Folder Lock from the Context Menu for additional privacy.




Hide from Program Files / Install Location:

Make sure that do NOT forget the hotkey you set below if you are activating this stealth option. Folder Lock program files folder, where Folder Lock is installed will be hidden and after this, there will be no other way but to execute the program by using the hotkey.



Set hotkey to run Folder Lock in Stealth Mode:

The most popular hotkey in Windows is CTRL+ALT+DEL, hotkeys are simultaneous combinations of keystrokes to perform a certain task. When you choose a hotkey, make sure that you will have to press CTRL+ALT+SHIFT with the character you choose. For example, If you select 'F' from the dropdown menu, you'll be required to press CTRL+ALT+SHIFT+F to execute Folder Lock. Note: Do not forget your hotkey if you are activating Stealth Mode. Furthermore, always make sure that no other program conflicts with the hotkey you choose. The best way to do it is to press CTRL+ALT+SHIFT+(your key) and check if another program executes. If nothing happens, then it is safe to use that hotkey. If you have any issues or forgot your hotkey, please visit our contact page and ask for a solution.

කොහොමද වැඩ ! නියමයි නේ පාස්වර්ඩ් එක ස්පයිවෙයාර්වලින් ආරක්ෂා කරලා දෙන්න Virtual Key Board එකකුත් එක්කමයි එන්නේ තවත් දේ ගොඩයි ඩවුන්ලෝඩ් ලින්ක් එක ලිපිය අවසානෙදි ලබාගන්න පුළුවන්
 

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
ෆෝල්ඩර් ලොක් (Batch ෆයිල් මෙතඩ්)​

මේක ඉතා සරළ උපායක් ඔබේ දත්ත ආරක්ෂා කරගන්න උදව්වෙන හැබැයි ටිකක් පරණ ක්‍රමයක් මුලින්ම පහල තියෙන code එක අකුරක් අතනොහැර නෝට් පෑඩ් එකකට කොපි කරගන්න ඒ ගමන්ම බලා ගන්න type your password here කියලා රතුපාටින් ලියා තියෙන තැන





cls
@ECHO OFF
title Folder Locker Written by Eline M.S @ Elakiri.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo .
echo .......................................................................
echo ad* Done by Eline M.S @ ElaKiri.com
echo [ElaKiri Community is The Largest Sri Lankan Online Community]
echo .......................................................................
echo . .
echo Eline:- Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo An error occured :- Invalid choice
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Eline:- Please Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==type your password here goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End

හොදයි දැන් මේවිදිහට නෝට් පෑඩ් එකකට කොපි කරගත්ත කෝඩ් එකේ type your password here කියලා තියෙන තැනට ඔයාගෙ පාස්වර්ඩ් එක දෙන්න මෙන්න මේ වගේ (මෙතනදී Hitler00// කියන්නේ මගෙ පාස්වර්ඩ් එක පාස්වර්ඩ් එක ලියලා ස්පේස් එකකුත් තියන්න අමතක නොකර)
01%20Open%20note%20pad%20Enter%20the%20code.png

දැන් ෆයිල් ගිහින් සේව් ඈස් යන්න යන්න ඉන් පස්සේ එන වින්‍ඩෝ එකේදී ඔයාට කැමති නමක් ෆයිල් එකට දෙන්න එත් අමතක නොකර නම අගට .bat කියලා ලියන්න ඕනේ ඒක තමා ෆයිල් ටයිප් එක අපි මේ හදන ලොකර් එකේ

02%20File%20Save%20As%20any%20name.bat%20type%20all%20files.png

නම ඒ කියපු ආකාරයට ලබා දුන්නායින් පස්සේ තවත් පොඩි වැඩක් කරන්න තියෙනවා ඒ තමා මේ ෆයිල් එකේ Save As Type එක විදිහට All files තෝරන්න ඕනා

දැන් වැඩේ ඉවරයි සේව් බට්න් එක ක්ලික් කරලා සේව් කරන්න කැමති තැනකට සේව් කරන්න


ඉන් පස්සේ එන්න සේව් කරපු bat ෆයිල් එක ලගට දැන් ඒක ඕපන් කරන්න ඒක ඕපන් කළ ගමන් Locker කියලා ෆෝල්ඩරයක් ඔටෝමැටිකල් ක්‍රියේට් වෙනවා ඒක තමා අපේ සේප්පුව

ඒක ඇතුලට ආරක්ෂා කරන්න අවශ්‍ය ෆයිල් ටික කොපි කරන්න දැන් ආයේමත් bat ෆයිල් එක ඕපන් කරන්න එතකොට
Are you sure u want to Lock the folder (Y/N) කියලා අහනවා Y අකුර ප්‍රෙස් කළාම ෆෝල්ඩරය නොපෙනී යනවා!

දැන් ආපහු ෆෝල්ඩරේ අනලොක් කර ගන්න ඕනා වෙලාවට කරන්න තියෙන්නේ bat ෆයිල් එක ඕපන් කරන එක එතකොට පාස්වර්ඩ් එක ඉල්ලනවා පාස්වර්ඩ් එක ටයිප් කරලා Enter යතුර ඔබන්න විතරයි තියෙන්නේ

03%20Enter%20the%20correct%20password%20%26%20Unlock%20the%20locker.png
එතනට දෙන්න ඕනා පාස්වර්ඩ් එක තමා අර නෝට් පෑඩ් එකේදි ඔයා දුන්න පාස්වර්ඩ් එක ඉන් මයි කේස් ඒක වෙන්නේ Hitler00// ඒබව මතක ඇතිනේ පාස්වර්ඩ් එක හරියට දුන්නම ෆොල්ඩරය අන්ලොක් වෙනවා මෙන්න මේ විදිහට
Unlocked.png

මේ ඔබ උගත්තේ කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර පුද්ගලික දත්ත පිටස්තරයන්ගෙන් ආරක්ෂා කරගන්නා ආකාරයයි​


නොපෙනෙන ෆෝල්ඩරය​


මේක ෆෝල්ඩරයක් හිඩ්න් කිරීමේ සාමාන්‍ය ක්‍රමය නෙවෙයි නොපෙනෙන ෆෝල්ඩරය නිරමාණය කරන්නෙ මෙහෙමයි

1) මුලින්ම නිව් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරන්න (රයිට් ක්ලික් කරලා නිව් ගිහින් ෆෝල්ඩර් යන්න)


2)දැන් ෆෝල්ඩර් එක මත රයිට් ක්ලික් කරලා රීනේම් යන්න ඒක කරලා තියෙන නම (New folder) ඩිලීට් කරලා දාන්න


3)දැන් අළුත් නමක් දෙනවා වෙනුවට Alt යතුර ඔබාගනිමින්ම 0160 කියන යතුරු ටික ඇතුලත් කරන්න දැන් Enter කරන්න දැන් නම වෙනුවට නොපෙනෙන ස්පේස් එකක් ඇති වෙනවා පෙනෙන්න ඇති

4)දැන් කරන්න තියෙන්නෙ අන්තිම පියවරයන් ටික, ෆෝල්ඩරයට රයිට් ක්ලික් කරලා ප්‍රොපටීස් ගිහින් කස්ටමයිස් ටැබ් එකට යන්න


5)දැන් චේන්ජ් අයිකන් ගිහින් නොපෙනෙන අයිකන් එක ෆෝල්ඩර් එකේ අයිකන් එක විදිහට තොරලා ඕකේ කරන්න

එච්චරයි කරන්න තියෙන්නේ මේ විදිහට ෆෝල්ඩරයක් ක්‍රියේට් කරලා ඩෙක්ස්ටොප් එකේ දාලා ගියත් ඒක එතන තියෙන බව දන්නේ නැති කරදර කාරයන්ට හොයා ගන්න බෑ

01%20Done%20%21%21.png

මේ ඔබ උගත්තේ කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර පුද්ගලික දත්ත පිටස්තරයන්ගෙන් ආරක්ෂා කරගන්නා ආකාරයයි


Bit Locker [Windows 7]​

මේක ෆ්රී සොෆ්ට්වෙයා එකක් වින්ඩෝස් 7 එක්ක ෆ්රී දෙන්නේ යූස් කරන්න ලේසියි
ප්‍රොටෙක්ට් කරන්න ඕනා හාර්ඩ් පාර්ටිෂන් එක හෝ රිමූවබල් මීඩියා එක වෙත යන්න


ඒ මත රයිට් ක්ලික් කර ටර්න් ඔන් බිට් ලොකර් ක්ලික් කරන්න
01%20Right%20Click%20on%20drive%20Select%20Turn%20on%20bit%20locker.png

ඉන්පස්සේ ඔයාට ටික වේලාවක් බලා ඉන්න වෙනවා ඊලග ස්ටෙප් එක ගන්න මොකද මේක පටන් ගන්න ටිකක් වෙලා ගන්නවා ඩ්‍රයිව් එකේ කැපෑසිටි එක අනුව තමා ඒක තීරණය වෙන්නේ කැපෑසිටි එක වැඩිනම් ඊලග පියවරට ප්‍රවේශ වෙන්න අරගන්න කාලයත් ටිකක් වැඩියි
02%20And%20wait%20few%20seconds.png

හොදයි දැන් තියෙන්නෙ තමන්ට අවශ්‍ය පාස්වර්ඩ් එක ලබා දෙන එක ස්මාර්ට් කාඩ් පහසුකම ලබාගන්න අයට පුළුවන් ඒ ආධාරයෙන් ලොක් කරන්න
මෙතනදි මම පාස්වර්ඩ් එක ආධාරයෙන් කරන ලොක් කිරීම තෝරා ගන්නවා පාස්වර්ඩ් එකක් ලබා දීලා නෙක්ස්ට් ක්ලික් කරන්න
03%20Choose%20a%20password.png
පාස්වර්ඩ් එක නිවැරදිව දුන්නා නම් ඊලග පියවරට යනවා නෙක්ස්ට් දුන්න හැටියම ඒ පියවරේදී තියෙන්නේ Encrypt කිරීමයි
Encrypt කිරීම සම්පූරණයෙන්ම සිදු කිරීම වැදගත් ඒක කම්ප්ලීට් වෙන තුරු අදාල ඩ්‍රයිව් එ‍කේ දත්ත සතුරන්ගෙන් ආරක්ෂිත නෑ මේක කම්ප්ලීට් වෙන්න නම් ටිකක් වෙලා ගන්නවා 500 ජීබී වගේ නම් කම්ප්ලීට් වෙන්න පැය 7 ක් හෝ අටක් ගන්න පුළුවන් සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්

04%20Start%20Encrypting.png
Encrypt වෙලා අවසන් වෙන තුරු මේ විදිහට බලා ඉන්න සිදුවෙනවා
05%20Encrypting%20in%20progress.png


06%20Encrypting%20Complete.png

මේ පණිවිඩය එනතුරු බලා ඉන්න වෙනවා

තවත් දෙයක් කියන්න ඕනා මේක කම්ප්ලීට් වෙනතුරු ඔබ එක දිගට පරිගණකය ඔන් කරගෙන සිටිය යුතු නැහැ ෂට් ඩවුන් කරලා ආයේ ස්ටාර්ට් කළාම නතර කළ තැන සිට නැවත පටන් ගන්නවා ඒ අතර ඒ පාර්ටිෂන් එක තුළ තියෙන ඩේටා පාවිච්චි කරන්නත් බාදාවක් නෑ මේක පාර්ටිෂන් එකක් ෆොමැට් කරනවා වගේ වත් සංකීර්ණ දෙයක් නෙවේ Encrypt වීම කම්ප්ලීට් වුනායින් පස්සේ එන්නේ පාස්වර්ඩ් රිකවරි ඔප්ෂන්ස් ගැන තේරීම කරන්න යි මේ තියෙන්නේ ඒක පාස්වර්ඩ් එක අමතක වුනොත් රීසෙට් කරගන්න උදව්වක් විදිහටයි මේක එන්නේ රිකවරි කී එක පරිගණකයේ කොතනක හරි වෙනත් නමකින් සේව් කරලා තියන්න නැත් නම් කී එක ප්‍රින්ට් කරගන්න පුළුවන් මම මෙතනදි තෝරාගන්නේ රිකවරි කී එක සේව් කර ගන්න ඔප්ෂන් එක


07%20Save%20Recovery%20Key%20to%20a%20file.png

08%20Save%20Recovery%20Key%20to%20a%20file%20%3B%20Select%20a%20location.png

 

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
දැන් සියල්ල සිදුකරලා අවසන් දැන් කම්පියුටර් එක රීස්ටාර්ට් කරලා බලන්න පාර්ටිෂන් එකට ඔබට හැර වෙන කාටවත් ඇතුළුවෙන්න පුළුවන්ද කියලා

09%20Done%20%21%21%21.png

මේක අන්ලොක් කරන්න නම් පාස්වර්ඩ් එක දීලා අන්ලොක් ක්ලික් කරන්න එච්චරයි කරන්න තියෙන්නේ දත්ත සියල්ල දැන් අන් අයගෙන් ආරක්ෂිතයි

මේ ඔබ උගත්තේ කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර පුද්ගලික දත්ත පිටස්තරයන්ගෙන් ආරක්ෂා කරගන්නා ආකාරයයි




Microsoft Diskpart​


1) Start වෙත ගිහින් Run වෙත යන්න එහි CMD යනුවෙන් ලියා ඕකේ කරන්න

01%20Start%20run%20cmd.png


2) එවිට ඩොස් වින්ඩෝ එකක් ඕපන් වේවි එහි Diskpart යනුවෙන් ලියා Enter යතුර ඔබන්න
02%20Type%20diskpart%20%26%20press%20enter.png

එවිට Diskpart නමින් තවත් වින්ඩෝ එකක් ඕපන් වේවි මේ ආකාරයෙන්

03%20Diskpart%20Window%20will%20pop%20up.png


3) එහි LIST VOLUME යනුවෙන් ලියා Enter යතුර ඔබන්න එවිට පරිගණකයේ ඇති සියළුම ඩ්‍රයිව් ටික අනු පිළිවෙලින් දිස්වේවි මේ අයුරින්

04%20Type%20list%20volume.png


දැන් ඔබට හයිඩ් කිරීමට අවශ්‍ය පාර්ටිෂන් එක සිලෙක්ට් කිරීම සදහා

4) SELECT VOLUME _ _ (හිස් තැනට හයිඩ් කිරීමට අවශ්‍ය වොලියුම් එකෙහි අංකය ලබා දී)
Enter යතුර ඔබන්න
(දැන් මා හිඩ්න් කිරීමට යන්නේ 6 වන වොලියුමයයි එමනිසා SELECT VOLUME 6 යන්නයි ලබා දෙන්නේ පින්තූරය බලන්න)

එවිට VOLUME _ _ IS THE SELECTED VOLUME කියා පණිවිඩයක් ලබාදෙයි මේ ආකාරයෙන්


05%20Select%20Volume.png


5) දැන් REMOVE LETTER _ _ හිස් තැනට පෙර සිලෙට් කළ වොලියුම් එකෙහි පවතින ලෙටර් එක (කරන්ට් ලෙටර් එක) මෙහිදී නම් X වේ ලබා දී Enter යතුර ඔබන්න

ඔබ සියළු උපදෙස් නියමාකාරයට අනුගමනය කළා නම්

Successfully removed the drive letter or mount point යන පණිවිඩය එවිට දිස්වේවි දැන් මයි කම්පියුටර් වෙත ගොස් අදාල පාර්ටිෂන් එක හෝ පෙන් ඩ්‍රයිවය හිඩ්න් වී ඇති ආකාරය තහවුරු කර ගන්න වෙනසක් ඇතිනොවූවා නම් පරික්ෂා කර බලා නිවැරදි අන්දමට විධානයන් ලබා දෙන්න


06%20Remove%20letter.png

දැන් ඔබේ දත්ත සුරක්ෂිතයි නැවතත් මෙම පාර්ටිෂනය දර්ශණය කර ගැනීම සදහා ඉහත සිදුකළ පියවරයන්ම අනුගමනය කරන්න එහෙත් අවසාන පියවර එනම් පස්වන පියවරේදී

පෙර ලබා දුන් විධානය වෙන REMOVE LETTER _ _ වෙනුවට

Assign letter _ _ හිස් තැනට පෙර තිබූ ලෙටර් එකම මා හට නම් X ලබා දී Enter යතුර තද කරන්න


එහෙත් මම මෙහිදී ලබා දෙන්නේ K යන ලෙටරයයි එනමුත් ඔබට සෑම විටම පෙර තිබූ ඩ්‍රයිව් ලෙටරයම ලබා දීම රෙකමදාරු කරන බව සිහියේ තබාගන්න

07%20assing%20drive%20letter.png


දැන් යලි මයි කම්පියුටර් වෙත ගොස් වොලියුමය දර්ශණය වී ඇති බව තහවුරු කර ගන්න

08%20Done%20%21%21%21.png


මේ ඔබ උගත්තේ Microsoft Diskpart භාවිතයෙන් වෙනත් කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර හාර්ඩ් පාර්ටිෂනයක් හිඩ්න් කර දත්ත ආරක්ෂිත කරගන්නා ආකාරයි ආකාරයයි



diskmgmt.msc

1) Start ගිහින් Run එකට ගිහින් diskmgmt.msc කියලා ටයිප් කර OK ක්ලික් කරන්න
01%20start%20run%20diskmgmt.msc.png

ඉන් පස්සේ ටික වේලාවක් රැදී ඉන්න ඒක ඕපන් වෙනතුරු පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකේ ධාරිතාවට 500 ජීබීවලට වඩා අධිකනම් තත්පර 10 - 15 ක පමණ කාලයක් උපරීම ලෙස ගනීවි ඊට වැඩිවෙන්නේ නම් නැහැ
එතකොට මේ විදිහට Microsoft Disk Management එක ඕපන්වෙනවා

02%20Disk%20Management%20home.png
මෙතන ඔයා ගෙ මැෂින් එකේ සියළුම පාර්ටිෂන් ටික පෙන්වනවා ඊට අමතරව රිමූවබල් මීඩියාස් ඩීවීඩී /සීඩී ඩ්‍රයිව්ස් ඒවගේ දේවලුත් පෙන්වනවා කැමතිනම් ඒවත් හයිඩ් කරන්න පුළුවන් ඒත් මෙතනදි ප්‍රධාන වශයෙන් පරමාර්ථය වෙන්නේ පාර්ටීෂන් හයිඩ් කිරීමයි


2) දැන් මෙතනින් හයිඩ් කරන්න ඕනා පාර්ටිෂන් එක මතට රයිට් ක්ලික් කර Change Drive Letter and Paths කියන තේරීම කරන්න
03%20Right%20click%20change%20Drive%20Letter%20%26%20Pths.png


එවිට මෙවැනි වින්ඩෝවක් ලැබේවි එහි Remove යන්න මත ක්ලික් කරන්න
04%20Remove%20Drive%20Letter.png

ඉන්පසු මේ විදිහට මැසේජ් එකක් එනවා ඒක කියවලා එකග නම් යස් දෙන්න
05%20Press%20yes%20If%20you%20aggree.png

දැන් ඒ පාර්ටිෂන් එක හිඩ්න් වෙලා අවසන් මයි කම්පියුටර් ගිහින් ඒ බව තහවුරු කරගන්න ඔයාට පුළුවන්

ඉහත අවසානයේදී ඉදිරිපත් වූ අවවාදාත්මක පැණය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ යම් හේතූන් මතයි බලාපොරොත්තුවෙන වැඩසටහන් හරි හැටි ක්‍රියාත්මක නොවෙන්නට පුළුවනි යැයි කියන්නේ ඩ්‍රයිව් ලෙටර් එක වෙනස් වීම මගින් පරිගණකයට එතුල තිබූ ෆයිල්ස් සොයා ගැනීමට නොහැකි වීම නිසයි

පැහැදිලි කිරීමක් කරතොත් ඔබ පාර්ටිෂනයේ ඩ්‍රයිව් ලෙටරය වෙනස් කිරීමට පෙර පරිගණකය මේ අයුරින් මතකයේ රදවා ගෙන සිටිනවා යම් ඉන්ස්ටෝල් කළ ගේම් එකකට යන මාවත


K:\Games\dave.exe
දැන් ඔබ මෙය වෙනස් කරනවා

D:\Games\dave.exe ලෙසට, ඩ්‍රයිව් ලෙටර් චේන්ජ් කිරීමෙන් සිදුවන්නේ මෙයයි

දැන් ඔබ පෙරදී සකසාගෙන තිබූ මෙම ගේම් එකේ ෂෝර්ට් කට් එකක් මත ක්ලික් කළ විට පරිගණකය සොයන්නේ K:\Games\dave.exe යන ඔබ්ජෙක්ට් එකයි එහෙත් එය දැන් පවතින්නේ

D:\Games\dave.exe ලෙසට මෙහිදී පරිගණකයට මෙය සොයාගත නොහැකිව යනවා එවිට ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ නැහැ

එම හේතුව නිසයි පෙර අවස්ථාවක ඔබට සෑම විටම පෙර තිබූ ඩ්‍රයිව් ලෙටරයම ලබා දීම රෙකමදාරු කරනා බව සිහියේ තබාගන්න යනුවෙන් පැවසුවේ ඩ්‍රයිවය හිඩ්න් කර පවතින විටද ඉහත සිද්ධියම සිදුවේ දැන් කාරණය පැහැදිලියි එම නිසා මෙම ක්‍රමය භාවිතයට අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ

එහෙනම් ඔයා ආයි ‍මේක වෙනස් කරන කොට කලින් තිබ්බ ඩ්‍රයිව් ලෙටර් එකම දාන්න බලාපොරොත්තු වෙනවා නම් කිසිම ප්‍රශ්ණයක් නැහැ කියන එක තේරුණානේ ඒ කියන්නේ හාඩ් පාර්ටිෂන් එක ෂෝ කරනකොට කලින් තිබ්බ ඩ්‍රයිව් ලෙටර් එකම Assign කරන්න


නැවත මේ පාර්ටිෂන් දර්ශණය කරගන්නේ මෙසේයි​

පෙරදී ලබා ගත් මුල් පියවර කීපය මේ අයුරින් එලෙසම ලබා ගන්න

Start -> Run -> diskmgmt.msc
කලින් හිඩ්න් කළ පාර්ටිෂන් එක මත රයිට් ක්ලික් කර Change Drive Letter and Paths යන්න දැන් මේ ආකාරයේ වින්ඩෝ එකක් දිස්වේවි මෙහි Add මත ක්ලික් කරන්න

06%20Assign%20A%20letter%20Back.png

ඉන්පසු පෙර තිබූ ඩ්‍රයිව් ලෙටර් එකම ආපසු ලබා දී OK කරන්න කෙසේ වුවද මෙහිදී මම ඩ්‍රයිව්ලෙටරය ලෙස පෙර තිබූ ලෙටර් එකම තෝරන්නේ නෑ A අක්ෂරය ඒ වෙනුවෙන් තෝරා ගන්නවා එසේනම් පෙර කිවූ පරිදිම තෝරාගැනීම අවසන් වූවායින් පසු

07%20Select%20a%20Letter%20%26%20OK.png
ඕකේ ලබා දෙන්න නිවැරදිව මේ සියළු පියවරයන් අනුගමනය කළා නම් සියල්ල හරි යලි මයි කම්පියුටර් වෙත ගොස් වොලියුමය දර්ශණය වී ඇති බව තහවුරු කර ගන්නට දැන් ඔබට පුළුවන්


08%20Done%20%21%21%21.png

මේ ඔබ උගත්තේ Microsoft Disk Management Console භාවිතයෙන් වෙනත් කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර හාර්ඩ් පාර්ටිෂනයක් හිඩ්න් කර දත්ත ආරක්ෂිත කරගන්නා ආකාරයයි
 
  • Like
Reactions: lkkanika

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
Regedit (Microsoft Registry Editor)

මේක තරමක් හාර්ඩ් වේ එකක් කියලා තමයි ගොඩක් අය හදුන්වන්නේ ඒත් මම කියාදෙන්නම් ඒ අමාරුකම මගහරවා ගන්න විදිහකුත් එක්කම මුල්ම වතාවට රෙජිස්ට්‍රිය ආධාරයෙන් පාර්ටිෂන් හයිඩ් කරන විදිහ සින්ගල් ක්ලික් එකක් තරමට ලේසි කරලා !


Start ගිහින් Run යන්න ඉන් පස්සේ එතන Regedit කියලා ටයිප් කරලා OK දෙන්න දැන් ඔන්න වැඩේට අත ගහලයි ඉන්නෙ
01%20Start%20Run.jpg

දැන් යන්න

HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer කියන කී එකට

දැන් එකේ දකුණු පැත්තෙ තියෙන පේන් එක ඇතුලෙ රයිට් ක්ලික් කරලා ක්‍රියේට් කරන්න අළුත් DWORD (32-bit) Value එකක්

02%20Find%20the%20key%20%26%20Create%20a%20Dword%20Value.jpg

ඉන් පස්සේ ඒක Rename කරන්න NoDrives කියන නමින් ස්පේස් තියන්න එපා මේ කියන විදිහටයි කරන්න ඕනෙ

රීනේම් කළාට පස්සේ ඒක මත රයිට් ක්ලික් කරලා මොඩිෆයි යන්න (Modify Binary Data නෙවේ)
04%20Change%20Values.jpg

ඉන් පස්සේ ඔයාට ලැබෙයි Edit DWORD Value කියන මේ බොක්ස් එක

ඉන් පස්සේ කරන්න ඕනා වැලිව් ඩේටා කියලා පහල පෙන්වන පොඩි ස්පේස් එකේ හිඩ්න් කරන්න ඕනා පාර්ටිෂන් එකට අදාල වැලිව් එක පල්ලෙහා තියෙන ලිස්ට් එකෙන් බලාගෙන එතනට දීලා ඕකේ කරන එක


05%20Enter%20Value.jpg


ඉන් පස්සේ මැෂින් එක ලොග් ඕෆ් කරලා අපහු ලොග් වෙන්න නැත්නම් රීස්ටාර්ට් කරන්න

06%20Log%20off.jpg

දැන් මයි කම්පියුටර් ගිහින් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා

08%20Done%20%21%21%21.jpg
ආරක්ෂා කරගැනීමට අවශ්‍ය කරන පාර්ටිෂන් හිඩ්න්වෙලා අවසන් ...

නැවත මේ පාර්ටිෂන් දෘෂ්‍යමාන කරන විදිහ

ආපහු යන්න අර මුලින් ගිය
HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer කියන කී එකටම
දැන් අපි අළුතින් ක්‍රියේට් කරපු NoDrives කියන DWORD Value එකේ අගය බින්දුවට දාන්න දාලා ඕකේ කරලා ලොග් ඕෆ් කරලා ආයි ලොග් වෙන්න එතකොට ආයේමත් පාර්ටිෂන් ටික විසිබල් වෙයි

මේ තියෙන්නේ ඒ අකුරේ සිට සෙඩ් අකුර දක්වා ඩ්‍රයිව් ලෙටර්ස්වලට අදාල DWORD අගයන් ; මේවා තමා අර NoDrives කියන DWORD Value එකේ අගය වෙනස් කරද්දී දාන්න ඕනා



A: 1
B: 2
C: 4
D: 8
E: 16
F: 32
G: 64
H: 128
I: 256
J: 512
K: 1024
L: 2048
M: 4096
N: 8192
O: 16384
P: 32768
Q: 65536
R: 131072
S: 262144
T: 524288
U: 1048576
V: 2097152
W: 4194304
X: 8388608
Y: 16777216
Z: 33554432
ALL: 67108863

ආහ් තවත් දෙයක් මන් ඔය පෙන්නුවේ එක පාර්ටිෂන් එකක් පමණක් හයිඩ් කරන විදිහ නේ ඒත් If you want to hide the drive letters A,B,D and H you would enter 139 (1+2+8+128) as the Decimal value. හරිද ?



09%20Hide%20all%20drives.png

ඕක තමයි ක්‍රමේ

අනික් එක තමා මන් මුලින්ම කිව්වනේ මේ Regedit මෙතඩ් එකේ අමාරුකම මග හරවා ගන්න ක්‍රමයකුත් මන් කියාදෙනවා කියලා ඒක තමා මේ කියා දෙන්න යන්නේ පරණ ක්‍රමේ මුලින් කියා දුන්නේ මේ ක්‍රමේ සහ ඒ ක්‍රමයේ තියෙන වෙනස වටහා ගන්න ලේසි වෙන්නයි

මේ මෙතඩ් එකේ අපහසුවකට තියෙන්නේ සැරින් සැරේට රෙජිස්ට්‍රි කී එක හොයන් ගිහින් වැලියුස් වෙනස් කර කර වද විදින්න වෙන එකනේ එහෙම නේද ඒත් නැවත නැවත එහෙම කරන්න ඕනා කමක් නෑ අන්ලොක් කී එකක් සහ ලොක් කී එකක් වශයෙන් අපිට කීස් දෙකක් export කරගන්න පුළුවන්නේ එහෙම කරගත්තම කරන්න ඕනේ නැවතත් ඒ කීස් අවශ්‍ය වෙලාවට රෙජිස්ට්‍රියට ඇඩ් කරන එක විතරයි ඒක හරියට ස්විච් එකක් ඔන් ඕෆ් කරනවා වගේ තමයි ඒ කරලා ලොග් ඕෆ් වෙලා ලොග් වෙන්න විතරයි තියෙන්නේ
මෙන්න අහගන්න කරන විදිහ
මුල්ම වතාවෙ අපි අර අර NoDrives කියන DWORD Value එක ක්‍රියේට් කරද්දි ඒකෙ වැලියු එක 0 යිනේ ඒ කියන්නේ එතකොට කිසිම පාර්ටිෂන් එකක් හයිඩ් නොවන අවස්ථාව එතකොට එතනින් කී එක Export කරගත්තොත් අපිට සැරින් සැරේට අන්ලොක් කරන්න වැලිව් එක 0 දෙන්න රෙජිස්ට්‍රියෙ රවුම් ගහන්න ඕනෙ නෑ කරන්න තියෙන්නෙ Export කරගත් කී එක Merge කරන්න විතරයි


එහෙනම් අපි එතනින් ලොක් සහ අන්ලොක් කීස් දෙක Export කරගමු ඒක කරන්න යන්න අර මුලින් ගිය
HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer කියන කී එකටම
දැන් ඒකෙ අපි කලින් ක්‍රියේට් කරපු NoDrives කියන DWORD Value එක 0 කියන අගයට දාන්න දැන් එන්න වම් අත පැත්තේ තියෙන පේන් එකට එතන තියෙන Explorer කියන කී එක මත රයිට් ක්ලික් කරන්න (මතක තියාගන්න මෙතන Explorer කියන්නේ HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\
Explorer කියන තනි කී එක) ඒමත රයිට් ක්ලික් කරලා Export විධානය දෙන්න මේ විදිහට


10%20Export%20key.png


ඉන් පස්සේ කැමති නේම් එකක් දීලා කොතනක හරි ලේසි තැනකට සේව් කරගන්න

11%20Save%20as%20key.png

ඉන් පස්සේ මේ හිඩ්න් කරපු පාර්ටිෂන්ස් විසිබල් කරන්න ඕනා වුන වෙලාවට මේ කී එක Merge කරන එක විතරයි පස්සේ පුරුදු විදිහට ලොග් ඕෆ්වෙලා ලොග්වෙන්න තියෙන්නෙ

දැන් අපි හදමු හිඩ්න් කරන කී එක

මෙතනදි කරන්න තියෙන්නෙත් මුලින් කරපු දේවල්ටිකම තමා යන්න අර මුලින් ගිය

HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer කියන කී එකටම ගිහින් අපි හදපු NoDrives කියන DWORD Value එකට හිඩ්න් කරන්න ඕනා කරන පාර්ටිෂන්වල අගයන් ටික දෙන්න ( වැලිව් ලිස්ට් එක මම මුලින්ම දුන් බවත් කරන විදිහ කියා දුන්න බවත් මතක ඇති නේ) ඉතින් ඒ වැලිව්ස් ටික ඇඩ් කරලා ඉවර වෙලා

ආයිමත් Explorer කියන තනි කී එක Export කරගන්න අනික මතක තියා ගන්න කලින් Export කරගත්තු එක්ස්ප්ලෝරා කී එකෙයි මේකෙයි වැලිව්ස් වෙනස් බව ඒ වෙනස් වීම සිද්ධ වුනේ අපි NoDrives කියන DWORD Value එකට හිඩ්න් කරන්න ඕනා කරන පාර්ටිෂන්වල අගයන් ටික දාපු නිසා ඒ කියන්නේ මේ කී එක සංයුක්ත කළාම තමා ඩ්‍රයිව්ස් ටික හයිඩ් වෙන්නේ


වැඩේ ඉවර කළාම මේවගේ අලංකාරෙට රෙජිස්ට්‍රි කීස් දෙකක් තමා ලැබෙන්නෙ මේ දෙක භාවිතයෙන් හයිඩ් කරන්නත් විසිබල් කරන්නත් පුළුවනි ලේසියෙන්ම


12%20The%20keys.png


මේ ඔබ උගත්තේ Microsoft Registry Editor භාවිතයෙන් වෙනත් කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර හාර්ඩ් පාර්ටිෂනයක් හිඩ්න් කර දත්ත ආරක්ෂිත කරගන්නා ආකාරයයි


gpedit.msc (Group Policy Editor)​

මේ ක්‍රමය පාර්ටිෂන් හිඩ්න් කර දත්ත ආරක්ෂා කරගන්න තවත් ක්‍රමයක් ලෙසට හදුන්වාදෙන්නට පුළුවනි මේ තරම් ලේසි ක්‍රමයක් නම් නැති තරම් වින්ඩෝස් 2000 ඉදලා ආපු ඕනාම වින්ඩෝස් වර්ෂන් එකක වැඩ කරනවා
Start -> Run -> gpedit.msc යනුවෙන් ටයිප් කර Enter ඔබන්න

01%20Start%20Run%20Gpedit.png

දැන් මෙවැනි වින්ඩෝවක් ලැබේවි
02%20window%20lokks%20like%20this.png

දැන් පහත template එක වෙත Navigate කරන්න
User Configuration > Administrative Templates > Windows Component > Windows Explorer
03%20Navigate%20to%20windows%20explorer.png

ඉන් පසුව locate the template hide these specified drives in my computer මෙන්න මේ විදිහට

04%20Hide%20these%20drives%20in%20this%20machine.png

දැන් hide these specified drives in my computer එක මත රයිට් ක්ලික් කරලා Edit ක්ල්ක් කරන්න

05%20right%20click%20%26%20edit.png
 

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
එවිට මෙම වින්ඩෝව දිස්වේ මුලින්ම මෙය ක්‍රියාත්මක කරන්න ඉන්පසුව අවශ්‍ය තාවය අනුව පාර්ටිෂන් හිඩ්න් කිරීමේ විධානය ලබා දෙන්න මෙහිදී මම ලබා දෙන්නේ සියළුම ඩ්‍රයිවර්ස් හයිඩ් කරීමේ විධානයයි දැන් OK ක්ලික් කරන්න
06%20Make%20your%20choise.png


මයි කම්පියුටර් වෙත ගොස් සියළුම ඩ්‍රයිවර්ස් හිඩින් වී ඇති ආකාරය දැකගන්න එවිට දිස්වන්නේ මේ ආකාරයෙන්

07%20Done%20%21%21%21.png

මේ සදහා රීස්ටාර්ට් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ විධානය ක්‍රියාත්මක විටම හිඩ්න් වීම සිදුවේ

මේ හිඩ්න් කළ ඩ්‍රයිව්ස් සියල්ල ආපහු විසිබල් කරන්නේ මේ අයුරින්

නැවතත් මුල් පියවර කීපය ඒ අයුරින්ම ලබාගන්න දැන් hide these specified drives in my computer එක මත පෙර කළ අයුරින්ම රයිට් ක්ලික් කර Edit ක්ල්ක් කරන්න එවිට ලැබෙන hide these specified drives in my computer යන්‍නෙහි ඇති Not Configured යන්න සිලෙක්ට් කර ඕකේ කරන්න


08%20RoolBack%20Not%20config.png

දැන් සියල්ල අවසන් හිඩ්න් කළ සියළු ඩ්‍රයිව්ස් නැවතත් විසිබල් වී ඇති ආකාරය මයි කම්පියුටර් වෙත ගොස් පරික්ෂා කළවිට දැකගන්න හැකිවේවි

මේ ඔබ උගත්තේ Microsoft Group Policy Editor භාවිතයෙන් වෙනත් කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර හාර්ඩ් පාර්ටිෂන් හිඩ්න් කර දත්ත ආරක්ෂිත කරගන්නා ආකාරයයි



No Drives Manager (freeware)


මුලින්ම ප්‍රෝග්‍රෑම් එක ඩවුනලෝඩ් කරගන්න අප්ලෝඩ් කළෙත් මම මයි ඒ නිසා බයක් සැකක් නැතුව ඩවුන් කරන්න පුළුවන් ඔයාලට (ඩවුන්ලෝඩ් ලින්ක් සියල්ල අවසානෙදි සදහන් කරනවා මුලින්ම ලිපිය කියවා අවසන් කරන්න ඉන් පසුව මෙම සමස්ථ ලිපියම අත්හදා බලන්න පුළුවන්)

ඩවුන් කරගත්ත ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරගෙන ඉන්න වෙනවා මුලින්ම. හොදයි ඉන්ස්ටෝල් කරගෙන අවසන් වුනාම ඩෙක්සටොප් එකේ ෂෝර්ට් කට් එකක් ක්‍රියේට්වෙලා තියේවි එතනින් ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න

ඕපන් කළ ප්‍රෝග්‍රෑම් එක මේ ආකාරයෙන් දිස්වේවි


01%20WELCOME%20TO%20NO%20DRIVERS%20MANAGER.png

දැන් ඔබට හිඩ්න් කිරීමට අවශ්‍ය පාර්ටිෂන් හෝ ඩ්‍රයිව්වල ඩ්‍රයිව් ලෙටර් සිලෙක්ට් කරන්න මේ සදහා අදාල අක්ෂරය ඉදිරියෙන් හරි ලකුණ යොදන්න ඉන් අනතුරුව Save changes ක්ලික් කරන්න

09%20Done%20%21%21%21.png


දැන් මෙම පණිවිඩය දිස්වේවි ලොග් ඕෆ් කරීම පොදුවේ සියල්ලන්ම දන්නා කරුණක් එම නිසා මෙහි එන අනෙක් කරුණ වන explorer.exe (Microsoft Windows Explorer) රීස්ටාර්ට් කිරීම මීලගට පෙන්වා දෙනවා

03%20Done%20%21%21%21%20%20please%20log%20off%20or%20restart%20explorer.exe.png


ටාස්ක් බාර් එක මත රයිට් ක්ලික් කර ටාස්ක් මැනේජර් ලබා ගන්න (හෝ Ctrl + Alt +Del)

04%20Open%20taskmgr.png

දැන් එහි ඇති ප්‍රොසෙස් ටැබ් එක වෙත ගොස් explorer.exe යන්න සොයාගෙන එය සිලෙක්ට් කර End Process ක්ලික් කරන්න

05%20Select%20explorer.exe%20process.png


දැන් මෙම පණිවුඩය දිස්වේවි එය කියවා එකග නම් End Process ක්ලික් කරන්න දැන් ටාස්ක් මැනේජර් වින්ඩෝ එක හැරුණු විට අන් සියළු එක්ස්ප්ලෝරා වින්ඩෝස් ටාස්ක් බාර් එක සහ අයිකන පරිගණක තිරය මතින් නොපෙනී යාවි

06%20End%20Process.png

දැන් ටාස්ක් මැනේජර් හි ඇප්ලිකේෂන් ටැබ් එක වෙත ගොස් එහි නිව් ටාස්ක් යන්න තෝරන්න
07%20New%20task.png


එවිට ලැබෙන ක්‍රියේට් නිව් ටාස්ක් බොක්ස් එක තුළ නිවැරදිව explorer.exe යන්න ටයිප්කර OK කරන්න
08%20Type%20explorer.exe.png

දැන් නැවතත් පරිගණකය සාමාන්‍ය පුරුදු තත්වයට පැමිණේවි දැන් මයි කම්පියුටර් වෙත ගොස් අදාල පාර්ටිෂන් හෝ ඩ්‍රයිව්ස් මේ අයුරින් හයිඩ් වී ඇති අයුරු තහවුරු කරගන්න

09%20Done%20%21%21%21.png

නැවතත් පාර්ටිෂන් දර්ශණය කරගන්නා ආකාරය

නැවතත් මෙය රෝල් බැක් කරගැනීම ඉතා සුළු දෙයක් පෙර සිලෙට් කළ ඩ්‍රයිව් ලෙටර්වලින් නැවත එම හරි ලකුණු ඉවත් කර සේව් චේන්ජස් යන්න ඉන් පසු explorer.exe රීස්ටාර්ට් කරන්න නැතහොත් වින්ඩෝස් ලොල් ඕෆ් කර නැවත ලොග් වෙන්න


10%20Deselect%20all%20then%20save%20changes.png

එපමණයි !

Drive Manager (freeware)

මෙයත් ඉතා සරළ වැඩසටහනක් මෙම ලිපිය තුල ඉදිරිපත් කරන ඉතාම සරළ වැඩසටහන මෙය වන බවයි මාගේ හැගීම මෙය ඉතාම කදිම භාවිතයට ඉතාම පහසු වැඩසටහනකි

අනුගමනය කිරීමට ඇත්තේ ඉතා සුළු පියවර කීපයක් පමණි

වැඩසටහන ඩවුන්ලෝඩ්කර ගෙන පසුව DriveMan.exe යන්න ඕපන් කරන්න එවිට මේ ආකාරයෙන් ඔබේ පරිගණකයේ ඇති සියළු ඩ්‍රයිව්ස් දිස්වේවි


01%20Welcome%20%21.png

දැන් හිඩ්න් කිරීමට අවශ්‍ය පාර්ටිෂන් එක මත රයිට් ක්ලික් කර Hide Selected Drive විධානය දී
පරිගණකය රීස්ටාර්ට් කරන්න එපමණයි!

11%20Right%20click%20%26%20Hide%20Unhide.png

නැවතත් පාර්ටිෂනය දර්ශණය කරගැන්ම සදහා

Drive Manager වැඩසටහන ආරම්භ කර පෙර පරිදිම පාර්ටිෂන් එක මත රයිට් ක්ලික් කර Unhide Selected Drive විධානය ලබාදෙන්න

මෙය ඉතාමත් සරළ වැඩසටහනකි නවකයෙක්ට වුවද පහසුවෙන් පරිහරණය කළ හැකිවේ




Drive Locker (freeware)

මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්නේ හාර්ඩ් පාර්ටිෂන් එක ඇක්සස් වෙන්න බැරි වෙන්න බ්ලොක් කරන එකයි මෙතනදී හිඩ්න් වීමක් සිද්ධ වෙන්නේ නෑ

මුලින්ම ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරගන්න (ඩවුන්ලෝඩ් ලින්ක් සමස්ථ ලිපිය අවසානයේ දෙනවා කියලා කිව්වා මතක ඇතිනේ) ඩවුන්ලෝඩ් කරගත්තු ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරන්න

වින්ඩෝස් විස්ටා සහ 7 යූසර්ස්ලා එක පාරම ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරන්න එපා ඇප්ලිකේෂන් එකේ ප්‍රොපටීස් ගිහින් Compatibility ටැබ් එක තෝරන්න දැන් Run this program in compatibility mode for කියන එකට ටික් එක දාලා වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් ටූ කියන එක තෝරලා ඕකේ කරන්න දැන් ඒ අයත් ඕපන් කරන්න ප්‍රෝග්‍රෑම් එක

මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වෙනවා
01%20Welcome.png

බ්ලොක් කරන්න ඕනා පාර්ටිෂන් එකට ටික් එක දාලා ඇප්ලයි කරන්න
02%20Select%20%26%20Apply.png

එතකොට ඒ ඩ්‍රයිව් එක බ්ලොක් වෙනවා මෙන්න මේ විදිහට

03%20DONE%20%21%21%21.png

දැන් පිටස්තරයන්ට ඔබේ දත්තවලට හානි කරන්න බෑ සියළු දත්ත ආරක්ෂිතයි මේ බ්ලොක් කරපු වොලියුම් ආයේ අන්බ්ලොක් කරන්න ටික් එක අයින් කරලා දාලා ඇප්ලයි කරන්න එතකොට අන්බ්ලොක් වෙනවා


එහෙනම් ඔයා දැන් මේ ඇවිත් ඉන්නේ එකේ අවසාන පිටුවට ඉහත කියාදුන්න සියළු දේවල් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා ‍

මෙහි එන සියළු මෘදුකාංග සියල්ලම සහ මේ මුළු ත්‍රෙඩ් එකම පින්තූරද සමග පීඩී එෆ් පොතක් වශයෙන් සාදා සියල්ල අඩංගු කළ All in one package ලබා ගැනීම සදහා MEDIAFIRE බාගත කිරීමේ සම්බන්ධතාවය පහත දැක්වේ මෙය මෙගා බයිට් 20 ක පමණ කුඩා ෆයිල් එකක් වන බැවින් බාගත කිරීමට එතරම් අපහසුවක් නොවේ


>>MEDIAFIRE DOWNLOAD <<

තෙඩ් එක හොදනම් කමෙන්ට් එකක් දාලා යන්න අනික් අයටත් දැක ගන්න බම්ප් එකක් දාලා යන්න

Eline%20M.S.jpg
ElaKiri%20Logo%20Modified%20%21%21%21.png


picture.php
 
Last edited:

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මචං පට්ට කියල වැඩක් නෑ එළමකිරි
    සෑහෙන වටිනා වැඩක් ගොඩක් ස්තුත්යි...!

    මචන් මම TrueCrypt කියල මෘදුකාංගයක් පාවිච්චි කරනවා එකත් මේ වගේම හොඳ නිදහස් මෘදුකාංගයක්
    මෙතනින් ගිහින් බලන්නකෝ>>>>>
    http://www.truecrypt.org

    5++
     

    Eline M.S

    Member
    Mar 16, 2011
    225
    326
    0
    192.248.24.6
    fatta...Rep+

    :)
    මචං පට්ට කියල වැඩක් නෑ එළමකිරි
    සෑහෙන වටිනා වැඩක් ගොඩක් ස්තුත්යි...!

    :)

    මචන් මම TrueCrypt කියල මෘදුකාංගයක් පාවිච්චි කරනවා.................. "http://www.truecrypt.org

    5++


    මම ඕකත් යූස් කරලා තියෙනයවා මාසයකට විතර කලින් තමා මාත් දැක්කේ

    picture.php
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියම ෙපාස්්ට් එක​ ෙමක ටයිප් කරන්න ෙකාච්චර ෙවලා ගියාද​ +++ෙරප්