2010-12-19 දින eBay මගින් මිළදී ගත් භාණ්ඩය ලැබුණේ අද දින උදෑසනය.
Royal Mail International හරහා Airmail ක්‍රමයට එවන ලද මේ පාර්සලය දින 14 ක් ඇතුළත ලැබීමට තිබුනත්
දින 20ක් යන තුරුත් පාර්සලය නොලැබුන හෙයින් sellerට ඒ බව දැනුම් දුන්නා.
ඔවුන් කිව්වේ ඒ වනවිට පාර්සලය ලංකාවට ළඟා වී ඇති බවත් ඉන් පසු අතරමගදී නැතිවී ඇති බවය.
එබැවින් ඔවුන් නැවතත් එම භාණ්ඩයම එවීමට කටයුතු යොදන බව දැනුම් දුන්නා.
දෙවන පාර්සලයද ලැබෙන තුරු දින 14 ක් බලා සිටි නමුත් එයද නොලැබුණ නිසා නැවතත් sellerට ඒ බව දැනුම් දුන්නා.
ඔවුන් පැවසුවේ දෙවන පාර්සලය ජනවාරි මාස අවසන් සතියේ තැපැල් කර ඇති බවත් දින 20ක් පමණ ඉවසාගෙන සිටින ලෙසය.
දින 20ක් ගත වෙලත් පාර්සලය නොලැබුණ නිසා නැවතත් sellerට ඒ බව දැනුම් දුන්නා.
නමුත් ඔවුන් ඉන්පසු මාගේ කිසිම ලිපියකට ප්‍රතිවාර දක්වූයේ නැති බැවින් ඔවුන් වෙත Negative feedback එකක් ලබා දුන්නා.
භාණ්ඩය පිළිබද අදහස අත්හැර ගෙවන ලද මුදල් ආපසු ගැනීමට සැරසුනත් ඒ වනවිට දින 45 ඉක්මවා තිබූ බැවින් එයද අසාර්ථක විය.
මෙම භාණ්ඩය මිළදී ගැනීමට පෙර වෙනත් භාණ්ඩ රැසක් eBay මගින් මිළදී ගෙන නියමිත වේලාවට ලැබුණ නිසා ඔවුන් පිළිබද දැඩි විශ්වාසයක් ගොඩ නැගී තිබුණි.
මෙමෙ සිදුවීමෙන් පසුව එම විශ්වාසයද නැතිවන්නට පටන් ගත් අතර eBay මගින් භාණ්ඩ මිළදී ගැනීම පවා නැවැත්වීමට තීරණය කලා.

එසේ සිටියෙදී අද උදෑසන මෙම පාර්සලය ලැබීමත් සමග නැතිවීගිය විශ්වාසය නැවතත් පැමිණියා.

මට පෙනෙන ආකාරයට මෙහිදී අක්‍රමතාවය සිදුවී ඇත්තේ eBay මගින් නොව ලංකාවේ තැපැල් සේවය මගිනි.
එබැවින් ඔවුන් විසින් එවන ලද දෙවන පාර්සලයද ඉදිරි දිනවලදී ලැබීමට ඉඩ ඇත.

ඔබගේත් eBay පාර්සල් ලැබීමට ප්‍රමාද වී ඇත්නම් කරුණාකර ඉවසීමෙන් සිටින්න. කෙදිනකදී හෝ ඔබට එය ලැබෙනු ඇත.

මන්ද යත් අප රට තුල ඇති විශිෂ්ඨ තැපැල් සේවය නිසාය.

මෙම ප්‍රශ්නයේදී මුල සිටම මා දැනුවත් කල Amila.ela සහෝදරයාටත් පැටියා හා Rohantha සහෝදර වරුන්ටත් මාගේ ස්තුතිය...!!







