සුවඳ රැදේ...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සඳු නැගවිත් හිනැහෙන විට
    පිපී හිනැහෙන කුමුදු මලේ
    මා හිනැහී බලා සිටිව විට
    සිනා සලා ගිය කුමුදු මලී
    සඳරැස් වතුරින්
    ඉපිලී සතුටින්
    පෙති විදහා නැටූ කුමුදු මලේ

    තනිකම පාළුව මකාලන්න මට
    දෑතම දිගුකල කුමුදු මලී
    හිරු නැගවිත් බැසයන විට
    පෙති හකුලා මැලවුණු කුමුදු මලී
    දෛවය දවසක් අපෙන් වෙන් කල විට
    ඔබ මා තනිවුන කුමුදු මලී

    සඳු නැග ආවත්
    මල් යලි නොපිපේ
    එනමුත් එමලේ සුවඳ දනී
    ඔබ මා කිසිදින
    එක් නොවුනද යලි
    හඳතුල සෙනෙහස
    සදා රැදී.....:love::love:
     
    • Like
    Reactions: sudumalli2009