ජංගම දුරකථන වලට සිංහල යුනිකොඩ් දමන අයුරු .....

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ජංගම දුරකථන වලට සිංහල යුනිකොඩ් දමන අයුරු .....

    හැමොටම ඔන්න good morning කිවුවා එහෙනමි,

    මම හිතනවා මම අද කියලා දෙන්න යන දේ හැමොටම වගේ වැදගත් වෙයි කියලා වැදගත් නැත්නමි bump එකක් වත් දලා යන්න. එහෛනමි මෙන්න මෙ විදිහට පටන් ගන්නමි..


    සැලකිය යුතුයි : මෙම ක්‍රියාවන්හි වගකීම සිදු කරන්න සතුය. සෑම විටම උපස්ථ ( back -up) ලබා ගන්න.

    මාහට තිබුනු ලොකු ගැටලුවක් තමා මගේ ජංගම දුරකතනය තුලින් සිංහල යුනිකෙත සහිත වෙබ් පිටු නැරඹීම.නමුත් ඒ පිලිබද සොයා යන විට මා හට එය විසදා ගැනීමට හැකි උනා.
    මගේ ජංගම දුරකතනය නොකියා 5800 වර්ගයේ එකකි.එහි මෙහෙයුම් පද්ධතිය සිම්බියන් ය.

    අපි බලමු පියවරෙන් පියවර එය සිදු කරන ආකාරය.

    1) පළමුව අප සුදුසු සිංහල යුනිකෙත සහිත ෆොන්ටයක් තෝරා ගත යුතුය. ඒ සදහා මම iskpota.ttf යන ෆොන්ටය තෝරා ගනිමි.එය ඉංග්‍රිසි සදහාද සහය දක්වයි.එසේ නොමැතිනම් ඉංග්‍රිසි අකුරු නොපෙනී යනු ඇත.ඔබට පහත යොමුවෙන් iskpota.ttf ෆොන්ටය බාගත කර ගත හැක
    iskpota.ttf ෆොන්ටය මෙතනින් බාගත කර ගන්න
    දෙවන පියවරට යෑමට පෙර කිව යුතු දෙයක් ඇත.ඔබගේ දුරකථය සදහා බාහිර මතක චිපයක් පවතීනම් පමනක් ෆොන්ටය ස්ථාපය කිරීම සිදු කරන්න.එසේ නොමැතිව අභ්‍යන්තර මතකය තුලට උවද ස්ථාපනය සිදු කල හැක, නමුත් ඔබ අභ්‍යන්තර මතකය තුලට ස්ථාපනය සිදු කර යම් හෙයකින් ඔබට පෙර පැවති ෆොන්ටය ලබා ගැනීමට සිදු උවහොත් ඔබට මතක චිපය පූර්ණ ලෙස ෆොර්මැට් කිරීමට සිදුවේවි.එබැවින් බාහිර මතකයට ස්ථාපනය සුදුසු වෙයි.


    2) ෆොන්ටය ලබා ගැනීමෙන් පසුව දුරකතනය පරිඝනකය හා සම්බන්ද කරන්න.එවිට දුරකතනයේ පෙන්වන යන විකල්පය තෝරා ගන්න.


    3) ඉන් පසු බාහිර මතක චිපය තුල resource නමින් ෆොල්ඩරයක් සාදන්න. පසුව එම ෆෝඩරය තුල Fonts නමින් ද තව ෆෝල්ඩරයක් සාදන්න. දැන් ඔබට ෆොල්ඩරයත් එතුල ෆොල්ඩරයත් ලැබී ඇත.


    4) බාගත කර ගත් ෆොන්ටයේ පිටපත් 4ක් ලබා ගන්න.එම පිට පත් පහත පරිදි නිවැරදිව ප්‍රති-නාමකරනය කර ගන්න.

    (i) s60snr.ttf


    (ii) s60ssb.ttf


    (iii) s60tsb.ttf


    (iv)S60ZDIGI.ttf


    ඔබට ෆොන්ටයේ ඉහත නම් වලින් පිටපත් සතරක් දැන් ඇත. එම පිටපත් සියල්ලම සාදා ගත් Fonts ෆොල්ඩරය තුලට පිටපත් කරන්න. සියල්ල අවසන දුරකතනය ප්‍රති පණ ගන්වන්න.

    ෆොන්ටය දැමීමෙන් පසුව මගේ බ්ලොගය තුල ඇති සිංහල අකුරු මෙසේ දර්ශනය වේ.ඉතා හොද පරිවර්තනයක් නැතත් කිවවිය හැක.
    UIQ3 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න


    (i)Sans-Serif_Latin-Regular.ttf


    (ii)Sans-Serif_Latin-Bold.ttf


    (iii)Sans-Serif_Latin-Italic.ttf


    (iv)Sans-Serif_Latin-BoldItalic.ttf


    N73 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න
    NOSNR60.ttf
    NSSB60.ttf
    NSTSB60.ttf
    අපි බලමු ඇපල් මාදිලියේ දුරකථන සදහා යුනිකෙත දමන අයුරු.නමුත් කිව යුතුයි මෙය කිරීම මගින් සමාගම හා ඇති බැදීම නැතිවෙවි.ඒ පිලිබද දෙවරක් සිතන්න.මෙයටද ෆොන්ටය ලෙස iskpota.ttf ගත යුතුය

    මෙයට අමතරව ඔබට WinSCP යන මෘදුකාංගය අවශ්‍ය වේ. (ඇපල් පරිඝනක සදහා FUGU භාවිත කල හැක)
    එම යෙදව්ම් මෙතනින් ලබා ගන්න
    WinSCP > මෙතනින් ලබා ගන්න
    FUGU > මෙතනින් ලබා ගන්න
    එසෙම දුරකතන්යේ Cydia පැකෙජය හා එයට Erica යුටිලිටිය ස්තාපනය කර තිබ්ය යුතුය.
    එම යෙදව්ම් නොමැතිනම් මෙතනින් ලබා ගන්න
    Cydia > මෙතනින් ලබා ගන්න
    Erica > මෙතනින් ලබා ගන්න

    1)පළමුව WinSCP ( Fugu ) මගින් දුරකතනය Wi-Fi හරහා සම්බන්ද කරන්න.


    2) iskpota.ttf ෆොන්ටය/System/Library/Fonts/Cache/ ට පිටපත් කරන්න. මෙහිදී නිවැරදි ගොනුව තෝරා ගැනීමට සැලකිලි මත් වන්න.


    3) “SSH” හෝ “Mobile Terminal” ය තුල පහත විධානය දුවවන්න.
    (SSH හා Mobile Terminal gගැන දැන ගැනීමට එම වචන මත ටික්ගැම (click) කරන්න )
    plutil -c xml1 /System/Library/Fonts/CGFontCache.plist
    4) ඔබට “vi” විධානය හෝ WinSCP (File > Edit or F4) යන මග , “CGFontCache.plist” සංස්කරනය සදහා භාවිත කල හැක.
    vi /System/Library/Fonts/CGFontCache.plist

    5) යාවත්කාලීන කිරීම සදහා පහත ක්‍රම දෙකෙන් එකක් තෝරා ගත හැක.
    පළමු ක්‍රමය : නමින්

    <key> Iskoolapota</key>
    <string>/System/Library/Fonts/Cache/ iskpota.ttf<;/string>
    දෙවන ක්‍රමය : TraitMappings ක්‍රමයෙන්

    <key>Iskoolapota</key>
    <dict>
    <key>Plain</key>
    <string>iskpota.ttf </string>
    <key>Bold</key>
    <string>iskpota.ttf </string>
    <key>Italic</key>
    <string>iskpota.ttf </string>
    <key>Bold-Italic</key>
    <string>iskpota.ttf </string>
    </dict>


    6) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.


    මෙි පිලිබද සොයාගන්න මම ගොඩාක් මහන්සි වුනා ..;)
     
    Last edited:
    rep dipu hemotama thanz ...mama me den tawa kotuwak penna ;)

    ;) ;)
    11.gif
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මටත් ගොඩ කාලයක ඉදන් ඔය ප්‍රශ්නය තිබුනා...
    ඔය තියේන් සහොදරයා හොයාගේන
    ගොඩක් ස්තුතියි මචන්..
    ඉදිරියටත් සොයාගෑනිම් කරන්න වාසනාව ලෑබේවා කිවුවා ඔන්න...
    ;)
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මටත් ගොඩ කාලයක ඉදන් ඔය ප්‍රශ්නය තිබුනා...
    ඔය තියේන් සහොදරයා හොයාගේන
    ගොඩක් ස්තුතියි මචන්..
    ඉදිරියටත් සොයාගෑනිම් කරන්න වාසනාව ලෑබේවා කිවුවා ඔන්න...
    ;)

    ela ela :D
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,325
    3,117
    113
    6°54′N 79°54′E
    නියමය් යාළුවා:yes::yes::yes:
    මේ විදියට කරාම

    • opera mini එකෙනුත් අව්ලක් නැතිව සිංහල බලාගන්න පුලුවන්ද ?
    • සිංහල word document කියවන්න පුලුවන්ද?
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    නියමය් යාළුවා:yes::yes::yes:
    මේ විදියට කරාම

    • opera mini එකෙනුත් අව්ලක් නැතිව සිංහල බලාගන්න පුලුවන්ද ?
    • සිංහල word document කියවන්න පුලුවන්ද?
    word document nam kohomada kiyala danne nehe...ath sinhala nam kyawanna puluwan.........