HOW THE UNIVERSE BEGAN!!!

Jul 8, 2007
1,138
156
0
Melbourne
පොඩ්ඩකට එලියට ගියා බන් sorry. දැන් තමයි වැඩේට බහින්නේ. කට්ටිය ඉවසගෙන ඉන්න පොඩ්ඩක් ... :sorry::sorry::sorry:
 
Jul 8, 2007
1,138
156
0
Melbourne
කට්ටියටම සුභ උදෑසනක් වේවා. ම්ං එහෙනන් ඔන්න වැඩේ පටන් ගත්ත. අපි ඊයේ නැවැත්තුවේ Dark Energy වලින් නේ. එහෙනන් එතන ඉඳන් පටන් ගමු.



Dark Energy

මොනවද මේ Dark Energy කියන්නේ??? Dark Energy කියන්නේ ඇත්තටම උපකල්පිත ශක්තියක්. Dark Energy ගැන අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියි. ඒක නිසා මේක ගැන වැඩිය කතා කරන්න අමාරුයි.

dark_energy.jpg

අපේ විශ්වය දිගින් දිගටම විශාල වෙනවා. බැලුමක් පිම්බෙනවා වගේ හැම අතකටම එන්න එන්න විශාල වෙනවා. මේකට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ මෙන්න මේ Dark Energy වලින් තමයි. මේ ශක්තිය විශ්වයේ උපත සඳහාත් හුඟක් ඉවහල් වුනා. සරලව කිව්වොත් අපේ විශ්වය එන්න එන්නම විහිදෙන්නේ මේ Dark Energy නිසා.

hs-2001-09-g-full_jpg.jpg

මේ Dark Energy ඇහට කනට දැනෙන දෙයක් නෙමෙයි. මේක ඇත්තටම තියෙන්නේ හිස් අවකාශයේ. තවත් පැහැදිලිව කිව්වොත් හිස් අවකාශය තමයි Dark Energy කියලා කියන්නේ. හැබැයි මේ කතා කරන්නේ අභ්‍යවකාශේ තියෙන හිස අවකාශය ගැනයි. ග්‍රහලෝක, තාරකා, උල්කාපාත මේ සියල්ල අතර තියෙන හිස් ඉඩ තම්යි Dark Energy කියලා කියන්නේ. ඇල්බට් අයින්ස්ටයින් තමයි මුලින්ම හොයාගෙන තියෙන්නේ හිස් අවකාශය කියන්නේ නිකන්ම නිකන් දෙයක් නෙමෙයි කියලා. හිස් අවකාශයෙත් විශේෂ ගුණාංග තියෙන බව දැන් තමයි ටික ටික හොයාගෙන යන්නේ. හිස් අවකාශය වැඩි වෙන තරමට Dark Energy ශක්තියත් වැඩි වෙනවා.

Dark Energy ගැන වැඩිය කතා කරන්න දෙයක් නෑ. මොක්ද දැන් තම්යි මේ ගැන ටික ටික හොයාගෙන යන්නේ. වර්තමානයේ මේ Dark Energy ගැන අධ්‍යයනය කරන්න විශේෂ කැමරාවක් නිෂ්පාදනය කරමින් ඉන්නවා. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඒකෙන් පින්තූර ගන්න පුලුවන් වෙයි කියලයි බලාපොරොත්තු වෙන්නෙ.

DECam-diagram.jpg

තව අලුත් මතයක් තියෙනවා Dark Energy නෙවෙයි "Anti-gravity" කියලා ගුරුත්වාකර්ශණයේ විරුද්ධ ආකාරයේ ශකතියක් නිසා තමයි විශ්වය විහිදෙන්නේ කියලා. මේවා ඔයාලා තව හොයල බලන්න.


 
Last edited:
Jul 8, 2007
1,138
156
0
Melbourne
Dark Matter


විශ්වයේ දෙවෙනියට වැඩිම ප්‍රතිශතයක් පිරිලා තියෙන්නේ මේ Dark Matter වලින්. 23% ක පමණ කොටසක්. Dark Energy වගේම Dark Matter ගැනත් වැඩිය කියන්න දෙයක් නෑ. මේ ගැන දැන් තමයි විස්තර හොයාගෙන යන්නේ.

අපි දන්නවා අපේ Milky Way මන්දාකිණිය වගේම තවත් මන්දාකිණි බිලියන ගණනක් තියෙනවා. අභ්‍යවකාශයේ සමහර තැන් වල, මේ මන්දාකිණි විශාල සංඛ්‍යාවක් එකට එකතු වෙලා පොකුරක් වගෙ සෑදිලා තියෙනවා( Galaxy clusters).

galaxy-cluster-1e-0657-56.jpg




dark_matter.gif

මෙන්න මෙහෙම එකට රොක් වෙලා තියෙන මන්දාකිණි අතර තියෙන හිස් අවකාශය පිරිලා තියෙන්නේ දැඩි උෂ්ණත්වයක් තියෙන වායු වලින්. ඔය උඩින් තියෙන පින්තූරේ රෝස පාටට පෙන්නලා තියෙන්නේ මේ වායූන් තමයි. මේ වායූන්ගේ උෂ්ණත්වය හා ව්‍යාප්තිය සලකලා අපිට පුලුවන් මේ වායූන් මත කෙතරම් ගුරුත්වාකර්ශණ බලයක් යෙදෙනවද කියලා දැනගන්න. ඒ යෙදෙන බලය අනුව අපිට නිගමනය කරන්න පුලුවන් කොච්චර පදාර්ථ ප්‍රමාණයක් මේ හිස් අවකාශයේ තියෙනවද කියලා, මොකද මේ ගුරුත්වාකර්ෂණ බලය එන්නේ මේ පදාර්ථ වලින් නිසා.

t1_zwicky_1898-1974.jpg

1933 දී Fritz Zwicky කියන ස්විස් ජාතික තාරකා විද්‍යඥයා තමයි මේ ක්‍රමය හොයගත්තේ. මෙයා මීට කලින් වෙන ක්‍රමයක් භාවිතා කරලා මේ අවකාශයේ තියෙන පදාර්ථයේ ස්කන්ධය හොයා ගත්තා. ඒක කලේ මන්දාකිණි වල තියෙන දීප්තිය සලකලා. ඒත් එයාගේ අලුත් ක්‍රමය භාවිතා කරලා කරපු පරීක්ෂණයෙන් පුදුමාකාර දෙයක් හොයාගත්ත. ඒ තමයි, කලින් කරපු පරීක්ෂණයෙන් හොයා ගත්ත ස්ක්න්ධය වගේ 400 ගුණයක් වැඩ්පුර ස්ක්න්ධ ප්‍රමාණයක් මේ අලුත් ක්‍රමයෙන් පෙන්නුම් කරපු එක. මේ නිරීක්ෂණයෙන් එයා නිගමනය කලා ඇසට නොපෙනෙන, එහෙත් ස්ක්න්ධයක් ඇති යම් පදාර්ථයක් තියෙනවා කියල. ඒකට තමයි "Dark Matter" කියන්නේ.

cluster_a_A_063.jpg


darkmatter107.jpg

මේ Dark Matter ගැන තාම විද්‍යාඥයෝ කරුණු හොයනවා. Dark Matter කියන්නේ ඇත්තටම මොකක්ද, කෙතරම් ප්‍රමාණයක් තියෙනවද, ඉදිරියේදී අපේ විශ්වයට Dark Matter වලින් මොන වගේ බලපෑමක් ඇති වෙයිද කියන කරුණු ගැන තාමත් පරීක්ෂණ සිදු වෙනවා.
 
  • Like
Reactions: GAC