කට්ටියටම සුභ උදෑසනක් වේවා. ම්ං එහෙනන් ඔන්න වැඩේ පටන් ගත්ත. අපි ඊයේ නැවැත්තුවේ Dark Energy වලින් නේ. එහෙනන් එතන ඉඳන් පටන් ගමු.
Dark Energy
මොනවද මේ Dark Energy කියන්නේ??? Dark Energy කියන්නේ ඇත්තටම උපකල්පිත ශක්තියක්. Dark Energy ගැන අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියි. ඒක නිසා මේක ගැන වැඩිය කතා කරන්න අමාරුයි.
අපේ විශ්වය දිගින් දිගටම විශාල වෙනවා. බැලුමක් පිම්බෙනවා වගේ හැම අතකටම එන්න එන්න විශාල වෙනවා. මේකට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ මෙන්න මේ Dark Energy වලින් තමයි. මේ ශක්තිය විශ්වයේ උපත සඳහාත් හුඟක් ඉවහල් වුනා. සරලව කිව්වොත් අපේ විශ්වය එන්න එන්නම විහිදෙන්නේ මේ Dark Energy නිසා.
මේ Dark Energy ඇහට කනට දැනෙන දෙයක් නෙමෙයි. මේක ඇත්තටම තියෙන්නේ හිස් අවකාශයේ. තවත් පැහැදිලිව කිව්වොත් හිස් අවකාශය තමයි Dark Energy කියලා කියන්නේ. හැබැයි මේ කතා කරන්නේ අභ්යවකාශේ තියෙන හිස අවකාශය ගැනයි. ග්‍රහලෝක, තාරකා, උල්කාපාත මේ සියල්ල අතර තියෙන හිස් ඉඩ තම්යි Dark Energy කියලා කියන්නේ. ඇල්බට් අයින්ස්ටයින් තමයි මුලින්ම හොයාගෙන තියෙන්නේ හිස් අවකාශය කියන්නේ නිකන්ම නිකන් දෙයක් නෙමෙයි කියලා. හිස් අවකාශයෙත් විශේෂ ගුණාංග තියෙන බව දැන් තමයි ටික ටික හොයාගෙන යන්නේ. හිස් අවකාශය වැඩි වෙන තරමට Dark Energy ශක්තියත් වැඩි වෙනවා.
Dark Energy ගැන වැඩිය කතා කරන්න දෙයක් නෑ. මොක්ද දැන් තම්යි මේ ගැන ටික ටික හොයාගෙන යන්නේ. වර්තමානයේ මේ Dark Energy ගැන අධ්‍යයනය කරන්න විශේෂ කැමරාවක් නිෂ්පාදනය කරමින් ඉන්නවා. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඒකෙන් පින්තූර ගන්න පුලුවන් වෙයි කියලයි බලාපොරොත්තු වෙන්නෙ.
තව අලුත් මතයක් තියෙනවා Dark Energy නෙවෙයි "Anti-gravity" කියලා ගුරුත්වාකර්ශණයේ විරුද්ධ ආකාරයේ ශකතියක් නිසා තමයි විශ්වය විහිදෙන්නේ කියලා. මේවා ඔයාලා තව හොයල බලන්න.
Last edited: Apr 22, 2011