පාතාලය

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ගාලු දේශපාලනඥයන්ට මුවා වී
    දකුණේ පාතාල කෙරුමෝ ඡන්ද සටනට බසිති

    pathalaya.jpg


    ගමේ ජනතාව අරබයා නොව පොලිසියෙන් ගැලවීම සඳහා සිදුවූ ධනසේකරගේ දේශපාලන ආගමනයේදීද තවත් එක්‌ කැපී පෙනෙන සිදුවීමක්‌ විය.

    ඒ ධනසේකර කෙතරම් උත්සාහ දැරුවද රටේ පිළිගත් දේශපාලන පක්‍ෂයක්‌ හරහා ඔහුට එම ගමන ඒමට නොහැකි වීමය. එහෙත් ඉන් පසුබැස නොගිය ධනසේකර අවසානයේ දේශපාලනයට හෙවත් ගමේ ඡන්දයට පිවිසීමේ මග විවර කරගනු ලැබුවේ මෙරට එක්‌තරා පැරණි වාමාංශික දේශපාලන පක්‍ෂයක අපේක්‍ෂකයකු ලෙසිනි.

    ධනසේකර එලෙස ඉලක්‌කය ජය ගනිද්දී මධුර කල්ලියේ තවත් ප්‍රබලයකු වූ හික්‌කඩුවේ ක්‍රිශාන්තටද ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී දකුණේ දේශපාලනයට එක්‌වීමේ උවමනාවක්‌ ඇතිව තිබිණි.

    "ධනසේකරත් ඡන්දෙට එනව... එහෙව් එකේ මමත් වැඩේට සෙට්‌ වුණොත් අපේ වැඩ ටික කිසිම කරදරයක්‌ නැතුව ඕපන් එකේ කරගෙන යන්න පුළුවන්... තම සිතට නැගුණු දේශපාලනයට පිවිසීමේ අදහසත් සමග ඒ දිනවල සෙසු සගයන් හමුවේ ක්‍රිශාන්ත නිතර පවසන්නට වූයේ එවන් වූ කතාවකිs.

    මෙහිදී හික්‌කඩුවේ ක්‍රිෂාන්ත, ධනසේකර ඇතුළු මධුර කල්ලියේ සියල්ලට අවැසිව තිබුණේ මැතිවරණයට ඉදිරිපත් වී දේශපාලනයේ අත්පොත් තබමින් කරනු ලබන පාදඩ වැඩ නිදහසේ කරගෙන යැමේ උවමනාවම පමණි.

    එහෙත් මෙහිදී ක්‍රිෂාන්ත ඉදිරියේ වූ එක්‌ ප්‍රබල අබියෝගයක්‌ විය. ඒ මෙකී ගමනේදී ධනසේකරට තරම් හෝ ශක්‌තියක්‌ වන්නට කිසිවෙකුත් ඔහුට නොවීමය. එය එසේ වුවද ඉන් පසුබට නොවූ ක්‍රිෂාන්ත එම අභියෝගය ජයගැනීම සඳහා අවසානයේ තෝරාගනු ලැබුවේ අපූරු උපක්‍රමයකි.

    ඒ අනුව තමන් සතු අසීමිත ධනස්‌කන්ධයෙන් මදක්‌ එක්‌ මිටකට ගත් ක්‍රිෂාන්ත කළේ දකුණේ සිටින මෙරට තවත් ඉපැරැණි වාමාංශික දේපාලන පක්‍ෂයක පරිණත ක්‍රියාකාරිකයකුට රුපියල් ලක්‍ෂ පහක මුදලක්‌ දී පුංචි ඡන්දයේ අපේක්‍ෂකත්වය මිලට ගැනීමය.

    මෙසේ දන්නා සෙල්ලම් දමා සියලු අභියෝග ජය ගනු ලැබුවද ධනසේකර සහ ක්‍රිශාන්තගේ පමණක්‌ නොව රත්ගම මධුර කල්ලියේ ඊළඟ සගයා වූ සමන්තගේ නම ඉදිරියේ පවා ඒ වන විටත් මිනිස්‌ ඝාතන දෙකතුනක තොරතුරු පොලිස්‌ පොත්වල සටහන්ව තිබෙන බව නම් ඔවුන් ගැන දන්නා කිසිවෙකුටත් රහසක්‌ නොවීය.

    "යකෝ මේක මාර වැඩක්‌නේ... මුන් ගමත් කාල රටත් කාල දැන් ඡන්දෙත් ඉල්ලනවා... මුන් එකෙක්‌ටවත් දෙන්න නරකයි චාන්ස්‌ එකක්‌... එහෙම නොවුනොත් ගමේ උන්ට වෙන්නේ මුන් ගම කන හැටි බල බල හූල්ලන්න... මධුර කල්ලියේ ඒ වැඩ ගැන දත් ගමේ වැඩිහිටියෙකු ඇතැම් තැනකදී ධනසේකරලාගේ දේශපාලන ආගමනය පිළිබඳ රහසේ දොඩවන්නට වූයේ එලෙසිනි.

    එහෙත් ගමේ වැඩිහිටියන්ගේ ඒ කතා කෙසේ වුවත් මධුර කල්ලියේ මේ අලුත් පිබිදීමත් සමග එය නයාට අඳුකොළ මෙන් නොරිස්‌සූ දකුණේ පුංචි දේශපාලන කරලියේ රජවී සිටි තවත් එක්‌ සුවිශේෂී පාතාල චරිතයක්‌ද රත්ගම පුරවරයේ විය.

    මෙම පාතාල කෙරුමා රත්ගම දේශපාලනයේ රජවූ කථාව පිටුපස ඇත්තේද ඉතා අපූරු සටහන් පෙළකි.

    හේ නමින් රත්ගම විරාඡ් නම්විය. ධනසේකරලාගේ දේශපාලන ආගමනයත් සමග අලුත් අභියෝගයක්‌ තමන් අභියසට පැමිණීම සම්බන්ධයෙන් විරාඡ් සිටියේ නොසතුටිනි. ඒ අභියෝගය ලත් තැනම ලොප් කිරීමේ උපායක්‌ ගැන ඔහු නිතර සිතන්නට විය.

    එහෙත් විරාඡ් එලෙස කල්පනා කරන්නට වුවද ධනසේකරලා දේශපාලනයට පිවිසීම ඔහුට එතරම් ප්‍රශ්නයක්‌ වන තැනක නම් නොවීය. එයට හේතු වූයේ විරාඡ් යනු පාතාලයකු වුවද ඒ වන විටත් සිය මැර බලයෙන් ගමේ දුප්පතුන්ට යමක්‌ කරදී රත්ගම ජනතාව අතර නමක්‌ දිනා ගත්තකු බවට පත්ව සිටි බැවිනි.

    "අඩෝ... මුන් දැන් දේශපාලනේ කරන්නත් හදනවා... වරෙව්කො බලන්න එහෙනම් කොරන්න... නියම තත්ත්වය කුමක්‌ වුවත් පාතාලයකු ලෙස මෙරට පාතාලයන් සුරතල් කරන දේශපාලකයන් කිහිප දෙනකුටම සමීපව සිටි රත්ගම විරාඡ් එකී බලයේ මහිමයෙන්a තම ගෝලබාලයන් හමුවේ එලෙස වහසි බස්‌ දොඩන්නට වූයේ යටි සිතේ අරමුණු රැසක්‌ම සිර කර තබා ගනිමිනි.

    මේ රත්ගම විරාඡ් යනු කවරෙක්‌ද? මීට දසවසරකට පමණ පෙර රත්ගම තරුණයන් අතරේ කටේ හයියෙන් ඕනෑම අභියෝගයකදී අපූරුවට ගැටේ ගහ ගන්නා තරුණයෙකු විය.

    ඔහු නමින් විරාඡ් නම් විය. සුපුරුදු පරිදිම මේ විරාඡ් යන නාමයද අප මෙහිදී යොදා ගන්නා අන්වර්ථ නාමයක්‌ බව සළකන්න.

    ඕනෑම තැනකදී සියල්ල පරයා ජාම බේරා ගැනීමට සහජයෙන්ම වූ එම දක්‍ෂතාව හමුවේ රත්ගම තරුණයන් අතරේ කැපී පෙනෙන චරිතයක්‌ වන්නට විරාඡ්ට හැකියාව ලැබෙන්නේ නිරායාශයෙනි.

    එලෙස තරුණයන් අතරේ වීරයකු වෙමින් ඉදිරියට එන විරාඡ් කාලයත් සමග එකී වකවානුවේ දකුණේ පාතාලයේ කැපී පෙනෙන නරුමයන් දෙදෙනකුව සිටි තෙල්වත්තේ රවි සහ තිරාණගම මනෝඡ්ගේ ඇසුරට එක්‌ වන්නේ මේ අතරතුරය.

    ඒ සමගම රත්ගම තරුණයන් අතරේ තව තවත් සුපිරි පිළිගැනීමක්‌ විරාඡ්ට ලැබෙන්නේ ඔqහුද නොසිතූ ලෙස හිතට දැනෙන මාන්නයෙන් විරාඡ්ගේ හිස තව තවත් උදුම්මා දමමිනි.

    මේ අලුත් ඇසුරක්‌ සමග තෙල්වත්තේ රවීලා මෙන් නරුමයකු වන්නට විරාඡ්ට ඒ හැටි කාලයක්‌ ගත නොවීය. එසේ ඉදිරියට පැමිණි විරාඡ් කෙටි කලකින්ම පලපුරුදු පාතාලයකු සේ සියලු වැඩි කිඩ දැන හොඳින් හතර කොන පනින චරිතයක්‌a බවට පත් වූයේ ඔහුටද සිතා ගත නොහැකි අයුරිනි.

    මෙසේ පාතාලයකු සේ ඉදිරියට එමින් සිටි විරාඡ්ටද මෙරට පාතාලයේ සියලු කෙරුමන් සේම යහමින් මුදල් හරි හම්බ කර ගැනීමේ වුවමනාවද කාලයත් සමග තදින් දැනෙමින් තිබිණි.

    "ඔව් මට මෙතනින් එහාට මේ ගමන යන්න නම් සල්ලි ටිකක්‌ අතට එන වැඩකට අත තියන්න ඕනි... එහෙම නැති වුණොත් ඔලුව කෙලින් තියන් මේ ගමන යන්න බැහැ... හැමදාම රවීලත් එක්‌ක සෙට්‌වෙලා හිටියට හරියන්නේ නැහැ... මමම තනියම වැඩකට බහින්න ඕනේ...
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    ඒ වන විට විරාඡ්ගේ සිතේ හැමවිටම හොල්මන් කරන්නට වූයේ එවන් වූ අදහස්‌ වැලකි.

    මේ සිතුවිලිත් සමග සහජයෙන් ගෙනා ජාම බේරා ගැනීමේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට සිතූ විරාඡ් අවසානයේ යහමින් මුදල් සෙවීම සඳහා තොරා ගනු ලැබුවේ උපන් බිම පාවා දීමේ එක්‌තරා නින්දිත උපක්‍රමයකි.

    දකුණේ වාහන කොල්ල කා එවක මේ රට වනසමින් සිටි එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ට එවා අලෙවි කිරීම එදා විරාඡ් තොරාගෙන තිබූ එම නින්දිත උපක්‍රමය වී තිබිණි.

    මේ තොරතුරු අපට කිවේ කලක්‌ විරාඡ්ගේ ඒ නරුම වැඩ ගැන විමර්ශනයක යෙදී සිටි පොලිස්‌ අපේ දෙපාර්තමේන්තුවේ අදටත් නමක්‌ තියාගෙන සිටින එක්‌තරා නියම පොලිස්‌ නිලධාරියෙකි.

    මෙසේ උපන් බිම සහ දකුණේ නියම හෙලයන්ගේ උරුමයද මුදලට පාවා දෙමින් එල්ටීටීඊයට වාහන කොල්ල කා විකිණීමේ ජාවාරම හමුවේ 1991 වසරේ දිනෙක මීටියාගොඩ පොලිසිය මගින් මේ විරාඡ්ව අත්අඩංගුවට ගනු ලබන්නේ මේ අතරතුරය.

    මෙම සිද්ධියත් සමග කලක්‌ මහ උළු ගෙදර කල් ගෙවන වසරකට පමණ පසු යළි ගමට පැමිණෙන්නේ මහ අළු ගෙදරදී උගත් පාඩම්ද සමගින් සුපිරි පාතාලයකු ලෙසට පරිවර්තනය වීමෙන් කිවොත් එය නිවැරදිය.

    එසේ පැමිණ සුපුරුදු ලෙසම සිය පාතාල දිවිය අරඹන විරාඡ් ගමේ තරුණයන් අතර ගැවසෙමින් සිටියදී නිදහස්‌ වී පැමිණ වසරකට පමණ පසුව දිනෙක ගමේ වොලිබෝල් පිටියේදී රත්ගම සිටි තවත් තරුණයකු වූ පොඩිරත්තා සමග ගැටුමක්‌ ඇතිකර ගනු ලබන්නේ සුළු අතපසුවීමක්‌ මුල් කරගනිමිනි.

    නමුත් එදා ඒ සිදුවූ අතපසුවීම සමග විරාඡ් හා ඇතිවූ ගැටුම පොඩිරත්තාට ජීවිතයෙන් සමුගෙන යැමට තරම් ගිනිගෙඩියක්‌ වේයෑයි ඒ මොහොතේ වොලිබෝල් පිටියේ සිටි තරුණයන් කිසිවෙකුත් නිකමටවත් නොසිතුවා ඒකාන්තය.

    එහෙත් එම සිදුවීම සිදුව ගෙවී ගියේ දින කිහිපයක්‌ පමණි. ඒ අතරේ දිනක්‌ ගාල්ල හික්‌කඩුව ප්‍රදේශයේ මාවතක ඇවිද යමින් සිටි පොඩිරත්තා හිස පසාරු වී ගිය වෙඩි ප්‍රහාරයකින් ජීවිතය හැර යන්නේ අභිරහස්‌ ලෙසිනි.

    පොඩි රත්තා මරා දැමුණු මෙම ඝාතනයත් සමග එහි සියලු චෝදනා එල්ල කෙරෙමින් ගමේ සියල්ලන්ගේ ඇඟිල්ල දිගු වන්නේ විරාඡ් වෙතය.

    මේ සමගම විරාඡ් කරනුයේ උපන් ගම හැරදා ජීවිතය සොයා ගමෙන් පලා යැමය. පොඩිරත්තාගේ ඝාතනයත් සමග ඔහුගේ වැඩිමහල් සොයුරන් වියරු වැටීම එදා විරාඡ් එලෙස පලා යැමට වූ ආසන්නම හේතුව බව අපට කීවේ මේ පිළිබඳ මැනවින් දන්නා කලක්‌ විරාඡ්ගේ සමිප සගයකු ලෙස ඔහු සමගම ගැවසෙමින් සිටි දකුණේ එක්‌තරා තරුණයෙකි.

    පොඩිරත්තා ඝාතනය වී කාලය කෙමෙන් ගෙවී යන්නට විය. එහෙත් ගමේ තරුණයන් අතරේ රජ වෙමින් සිටි විරාඡ් සිදුවූ දෙයක්‌ ඒ වන විට ගමේ කිසිවෙකුටත් සිතා ගත නොහැකිව තිබිණි.

    මේ අතරේ පොඩි රත්තා ඝාතනය කෙරී වසරකට පමණ පසු හිටි හැටියේ දිනක්‌ හික්‌කඩුවේ වූ මහගෙදර අසළදී නාඳුනන තුවක්‌කු ප්‍රහාරයකින් හිස්‌ කුඩුපට්‌ටම් වී පොඩිරත්තාගේ සොයුරන් දෙදෙනා නොඑන ගමන් යන්නේ ඒ පවුලේ වූ ශක්‌තිය මුළුමනින්ම අවසන් කෙරෙමිනි.

    එම ඝාතනත් මසග රත්ගම පුරවරය අමුතු භිෂණයකින් වෙලී යන්නේ සිදුවන්නේ කුමක්‌දැයි කිසිවකුටත් සිතා ගත නොහැකිව තිබූ බැවිනි.

    මෙහිදීත් පොඩිරත්තාගේ සොයුරන් ඝාතනය කළ බවට ගමේ මිනිසුන්ගේ ඇඟිලි විරිඡ් දෙසට හැරවෙන්නේ පෙර වූ ලෙසින්මය. එහෙත් ඒ වන විට විරාඡ් යනු රත්ගම පුරවරයට සැඟව ගිය චරිතයක්‌ ම පමණක්‌ විය.

    මේ කාලය වන විට විරාඡ් පිළිබඳ තොරතුරු කිසිවක්‌ ගමේ කිසිවකුත් දැන නොසිටියද මේ කියන සමයේ රත්ගම විරාඡ්ගේ නවාතැන වී තිබුණේ අද සබරගමුව ප්‍රදේශයේ නමගිය දේශපාලනඥයකුගේ අඳුරු ගුබ්බෑයමක්‌ බව අපට අනාවරණ කළේ එදා විරාඡ්ගේ කෙළි පිළිබඳ මනා ලෙස සෙවිල්ලෙන් සිටි තවත් එක්‌ පොලිස්‌ නිලධාරියෙකි.

    මෙලෙස සබරගමුව දේශපාලනඥයාගේ සෙවනේ සිටි විරාඡ්ට පොඩිරත්තාගේ සොයුරන් ඝාතනය වීමත් සමග යළි ගමට ඒමේ දොළදුකක්‌ පහල වූයේ මේ අතරතුරය.

    "සර් මට ආයිත් ගමට යන්න ඕනෙ සර්... සර් ළඟ මම මෙච්චර දවසක්‌ වැඩ කළා... ඒ වගේම තමයි සර්ට ඕන වෙලාවක ඕනම දේකට මම සර් ළඟ ඇති. ඒ නිසා සර් මට ගමට යන්න පාරක්‌ හදල දෙන්න සර්... ගමට යැමට ඇතිවූ දොළත් සමග දිනක්‌ තමාට සෙවන දෙන සබරගමුව දේශපාලක උතුමා හමුවූ විරාඡ් එසේ පවසන්නට වූයේ යටි සිතේ වූ සුපිරි සැළසුම් කිහිපයක්‌ද සමගිනි.

    හරි... උඹ ආයිත් ගමට යනව නම් ඒ ගිහින් කෙළින්ම ගමේ දේශපාලනයට බැහැපන්... එතකොට උඹට කරදරයක්‌ නැතුව ඉන්න පුළුවන්... විරාඡ්ගේ මේ ඉල්ලීමට හොඳින් සවන් දුන් නිතර සිදුවතින් සැරසී ජනතාව අතරේ ගැවසෙන සබරගමුව දේශපාලක උතුමා අවසානයේ පවසන්නට වූයේ විරාඡ්ද කිසිදා බලාපොරොත්තු නොවූ කරුණකි.

    එහෙත් මෙහිදී රත්ගම මන්ත්‍රිවරයාගේ කැමැත්තෙන් විරාඡ් ගමේ දේශපාලනයට ගෙන ඒම සබරගමුව දේශපාලනඥයාට මුහුණ දෙන්නට වූ බරපතලම ගැටලුව වී තිබිණි.

    ඊට හේතු වූයේ විරාඡ් රත්ගම පුරවරයේ ගමේ දේශපාලනයට පැමිණීම පිළිබඳ රත්ගම ආසනයේ දේශපාලනඥයාගේ ඒ හැටි මනාපයක්‌ නොවීමය.

    එහෙත් මෙහිදී අවසානයේ සබරගමුව දේශපාලනඥයා ඒ අභියෝගය ජය ගැනීමට යොදා ගන්නේ අපූරු උපක්‍රමයකි.

    ඒ අනුව ගාල්ල දිස්‌ත්‍රික්‌කයේම තවත් ප්‍රබල දේශපාලනඥයකුට විරාඡ්ව හඳුන්වා දෙන සබරගමුව දේශපාලක උතුමා කරනුයේ රත්ගම දේශපාලණඥයාගේ අකමැත්ත පයිසෙකට මායිම් නොකරමින් ගාල්ල දේශපාලන ප්‍රබලයා හරහා විරාඡ්ව රත්ගම ගමේ දේශපාලන පිටියට කැඳවාගෙන යැමය.

    ඒ අනුව පොඩිරත්තාගේ සොයුරන් ඝාතනය කෙරී කෙටි කලකින් එතෙක්‌ ගමෙන් වහං වී සිටි විරාඡ්ව ගමේ මිනිසුන් දකිනුයේ සුදු පිරුවටයට බැස ගමේ දේශපාලනයේ බලය ඉල්ලා තමන් ඉදිරියට එන අයුරුය.

    එහිදී ගමේ ජනතාවගේ සිත් ඉක්‌මනින් තමන් වෙත බැඳ ගැනීමට විරාඡ් මුලින්ම කරනුයේ රත්ගම වූ රජයේ ඉඩමක්‌ කලක සිට රැකගෙන ආ සිය මැර බලය යොදා බලහත්කාරයෙන් ගමේ දුප්පතුන් පිරිසක්‌ අතරේ බෙදා දී ජනතාවගේ සිත් තුළ මහා ධානපතියකු සේ නිධන්ගත වීමය.

    ධනසේකර ඇතුළු මධුර කල්ලිය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී දකුණේ දේශපාලනයට ඇතුළුව සිටියේ රත්ගම විරාඡ් එසේ ගමේ නමක්‌ හදාගෙන ජනතාව අතරේ රජවෙමින් සිටියදී වීම ධනසේකරලාගේ දේශපාලන ආගමනය විරාඡ්ට අඳුකොළ මෙන් වීමට බලපෑ එකම සාධකය වූවා නිසැකය.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ධනසේකරගේ සගයන් පරලොව යද්දී
    දේශපාලන අනුහසින් ගමේ ඔටුන්න දිනූ විරාඡ්
    blackuyaja.jpg


    ධනසේකරලා සහ විරාඡ් අතර මෙසේ සීතල යුද්ධයක පෙරනිමිති පහළ වෙද්දී රජය මගින් නියම කළ පරිදිම ඉකුත් පළාත් පාලන මැතිවරණයේ කටයුතු ආරම්භ කෙරුණේ විවිධ පාර්ශ්ව වෙතින් රජයට නොයෙකුත් චෝදනා නැගෙමින් තිබියදීය.

    මැතිවරණ සටන ආරම්භ වී ගත වූයේ දින දෙකතුනකි. සුපුරුදු ලෙසම ගම් නගර වල ඇති තාප්ප ගස්‌ ගල් පුරා පාප්ප සමග ගම හදන්නට පොරකන සද් ගුණවතුන්ගේ විවිධ ඉරියව් සහිත මූණත්තහඩු ඇලවී ගියේ තරගයට මෙනි.

    "ගම බාරයි නුඹට පුතේ" - "බුද්ධිමක්‌ එඩිතර නායකත්වය" - "අපේතුමා සභාපති කරමු" - "දූෂණයෙන් තොර දැතක්‌" එකී මෙකී නොකී ආදී වශයෙන් වූ දහසක්‌ වැකිද ඒ අතරේ විය.

    එහෙත් තාප්ප පුරා වැඳ වැටෙමින් දන්තාලේප සිනහවකින් මුව සරසාගෙන ගම හදන්නට පෙළ ගැසී සිටි මේ ඇතැම් සත්ගුණවතුන් බොහොමයකගේ හක්‌කේ ...........රැස්‌ තිබියදී බොක්‌කේ වූයේ දඩමස්‌ බවනම් රටේ ජනතාවට රහසක්‌ නොවිණි.

    එය එසේ වුවද පච්ච සිරාලා, කොච්චි ඇලාලා සහ බාල්දි සෝමෙලා පිරිවරා මෙරට පාතාලයේ ප්‍රාථමික යුගයේ වූ ඩප්පියේ බයිසිකල් ෙච්නයේ සහ යකඩ පොල්ලේ සිට නවීන ගිනි අවිද ඉනතුරේ හෝ යනෙන රථයක සඟවාගෙන මනාප ඉල්ලා සවාරියේ ගිය එකී නරුමයන් හමුවේ රටේ ජනතාව සිටියේ කිසිවක්‌ කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්වය.

    ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ගම හදන්නට තරග කළ පිරිස්‌ අතරින් සැළකිය යුතු පිරිසක්‌ අමු මිනීමරුවන්, කුඩු ජාවාරමුන්, ගංජා හා කසිප්පු ජාවාරමුන් වැනි පාතාල පාදඩයන් වූ බවට රහසක්‌ නොවීම එසේ තක්‌කු ම්ක්‌කු වීමට හේතු වී තිබිණ.

    මෙසේ මනාප පොරය ඇවිලී යද්දී එකම පිලේ වුන් මෙන්ම විරුද්ධවාදීන් අතරද නොයෙකුත් මට්‌ටමින් ගහ මරා ගැනීම් ආදී වශයෙන් විවිධ අයුරින් සටන් ඇවිල යන්නට වූයේ මස්‌ කට්‌ටකට පොරකන සුනඛ රංචුවකගේ රංගනය ජනතාවට සිහිපත් කර දෙමිනි.

    පුංචි මැතිවරණයේ රඟ එසේ වෙද්දී ඉකුත් මාර්තු මාසයේ දිනෙක දකුණු පුරවරයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටි විරාඡ්ගේ සගයන් පිරිසක්‌ රත්ගම ප්‍රදේශයේ විරාඡ්ගේ ප්‍රචාරක පොස්‌ටර් අලවමින් යන්නට වූයේ මේ අතරතුරය.

    එම පිරිස අතරේ එක්‌ සුවිශේෂී චරිත දෙකක්‌ද වූහ. ඉන් එකෙකු වූයේ ඒ වන විටත් පාතලයේ නම රඳවා සිටි බූස්‌සේ අඩෝ"ය. අනෙකා දකුණේ පොලිසියක සක්‍රීය රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ සැරයන්වරයෙකි.

    මේ පිරිස විරාඡ්ගේ ප්‍රචාරක පෝස්‌ටර් අලවන අතරේ තවත් එක්‌ නොහික්‌මුණු කාර්යයක්‌ද කරන්නට වූහ. ඒ රත්ගම ප්‍රදේශයේ අලවා තිබූ අනෙකුත් ඡන්දාපේක්‍ෂකයන්ගේ පොස්‌ටර් විනාශ කිරීමට කටයුතු කිරීමය.

    එහිදී මේ කණ්‌ඩායම විශේෂ අවධනයක්‌ යොමු කරනු ලැබුවේ ධනසේකරගේ පොස්‌ටර් විනාශ කිරීම කෙරෙහිය.

    "ඒයි අන්න අරූ ධනයගෙ තව පෝස්‌ටර් සෙට්‌ එකක්‌... ගහපන්... ගහපන්... ඔය ඔක්‌කොම වැහිල යන්න අපේ බොසාගෙ ඒව උඩින් අලවපන්.. මේ අතරේ කණ්‌ඩායමේ සිටි පොලිස්‌ සැරයන්වරයා අනෙක්‌ සගයන්ට අණ දෙන්නට වූයේ රත්ගම ප්‍රදේශයේ ස්‌ථානයක එකපෙළට අලවා තිබූ ධනසේකරගේ තවත් පෝස්‌ටර් තොගයක්‌ දැකීමෙනි.

    "හරි සර් අපි දෙමු ගේම... හේයි ගාපන් පුතා පාප්ප... මම දෙන්නම් වැඩේ... සැරයන්වරයාගේ කතාවත් සමග බූස්‌සේ අඩෝ එලෙස පවසන්නට වූයේ අනෙක්‌ පිරිස තවත් දිරිමත් කරමිනි.

    එහෙත් මේ අතරේ ඔවුන් නොදන්නා දෙයක්‌ද ඒ මායිමේ සිදුවෙමින් තිබිණි. ඒ විරාඡ්ගේ සගයන් එලෙස ධනසේකරගේ පොස්‌ටර් වසා දමමින් සිටින අතරේ ධනසේකරගේ සොයුරෙකු ඇතුළු තවත් දෙතුන් දෙනකුද තමන්ගේ පෝස්‌ටර් අලවමින් එම ස්‌ථානය වෙත ළඟා වෙමින් සිටීමය.

    ඔවුන් විරාඡ්ගේ පිරිස පෝස්‌ටර් වසා දැමූ ස්‌ථානයට එන විට විරාඡ්ගේ සගයන් සිටියේ එම ස්‌ථානය පසු කර මද දුරක්‌ ගොසිනි.

    එසේ වුවද මේ මොහොතේ එම ස්‌ථානයට පැමිණි ධනසේකරගේ සොයුරා ඇතුළු පිරිසට දකින්නට ලැබුණේ තමන් ඊට ටිකකට පෙර එහි අලවා ගිය ධනසේකරගේ පොස්‌ටර් විරාඡ්ගේ පොස්‌ටර්වලින් වැසී තිබෙන අයුරුය.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    "ඒයි මේ බලපං අපි දැන් ගහපුව ඔක්‌කොම අරූගෙ ගෝතයො ටික වහල ගිහිල්ල... ඊයෙත් මේ වැඩේ වුණා බං... මේක හරියන්නේ නැහැ යකො... වරෙව් යන්න මුං ළඟම ඇති... ගිහින් දෙකෙන් එකක්‌ විසඳ ගමු... එය දුටු වහා කෝපයෙන් වියරු වැටුණු ධනසේකරගේ සොයුරාගෙන් අනෙක්‌ පිරිසට ලැබෙන්නට වූයේ එවන් පැහැදිලි විධානයකි.

    තමන් සමග සිටියවුන්ට එසේ පවසන අතරේම ඊළඟ නිමේෂයේ එය සිදුකළ වුන් සොයා අවට හාත්පස සිසාරා බැල්මක්‌ හෙලූ ධනසේකරගේ සොයුරාට මඳක්‌ ඈතින් පාප්ප බාල්දියක්‌ද රැගෙන විරාඡ්ගේ පොස්‌ටර් අලවමින් ඉදිරියට යන බූස්‌සේ අඩෝ ඇතුළු පිරිස දැක හඳුනාගන්නට ඒ හැටි කාලයක්‌ ගත් නොවිනි.

    ඒ සමගම "ඒයි අන්න අරුන් යනවා... වරෙන් යන්න යෑයි කියමින් ධනසේකරගේ සොයුරා ඒ දෙසට යන්නට වූයේ අවේශ වූවෙකු පරිද්දෙනි.

    "යකෝ තොපි කොහොමද යකෝ අපි ගහන පෝස්‌ටර් වහන්නේ... උඹල කාගෙ හයිය අරගෙනද එහෙම කළේ... ගිය වේගයෙන්ම බූස්‌සේ අඩෝ ළඟට කිට්‌ටු වූ ධනසේකරගේ සොයුරා බූස්‌සේ අඩෝගේ කොළරයෙන් අල්ලා කම්මුල හරහා අතුල්පහරක්‌ එල්ල කළේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි.

    ඒ සමගම දෙපාර්ශ්වය අතර මහා ගැටුමක්‌ ඇවිල ගියේ අවට සිටියවුන් මුව අයාගෙන ඒ දෙස බලා සිටියදීය. මෙලෙස ගුටි බැට හුවමාරු වන අතරේ ධනසේකර කල්ලියේ එකෙකු විරාඡ් කල්ලියේ සගයකු අත තිබූ පාප්ප බාල්දියක්‌ උදුරා පෝස්‌ටර් ඇලවීමට පැමිණි පොලිස්‌ සැරයන්වරයාගේ හිසේ සිටි නහවනු ලැබුවේ අවටින් නැගුණු හූ හඬද සමගිනි.

    ඒ සමගම ගැටුමද නිමා වන ලකුණු පහල වන්නට විය. ඒ අතරේ වියරුවෙන් හඬ අවදි කළ බූස්‌සේ අඩෝ...." ආ යකෝ උඹල එහෙනම් අපිට ගැහුව.. උඹ එකක්‌ මතක තියාගනින් පරයා.. උඹලගේ අයිය... අර ධනසේකරය... ඌට ගිහින් කියපන් මේ පාර ඡන්දෙට ඉස්‌සෙල්ල ඌට ඉන්න වෙන්නේ පොලොව යට කියලා...

    මෙම සිද්ධිය සිදුව ගතව ගියේ එක්‌දිනක්‌ පමණි. පසුදාම ධනසේකර සොයා පැමිණි රත්ගම පොලිසියේ නිලධාරින් පිරිසක්‌ ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ බූස්‌සේ අඩෝ ඇතුළු පිරිසට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙසිනි.

    ඒ අනුව අධිකරණ නියෝග මත දින 14 කට ගාල්ලේ මහ උළු ගෙදර නවාතැන් ගන්නට ධනසේකරට සිදු වූයේ විරාඡ්ට තිබූ ගාලු දේශපාලනයේ ශක්‌තිය කෙතරම් දැයි කාටත් හොඳින් පැහැදිලි කර දෙමිනි.

    එහෙත් ධනසේකර එලෙස සිරබත් කෑවද ඔහුගේ සොයුරා ඇතුළු පිරිස තමන්ට පහර දීමේ සිද්ධියෙන් පසු ආවේෂ වූවන් පරිද්දෙන් සිටි බූස්‌සේ අඩෝගේ සහ පොලිස්‌ සැරයන්වරයාගේ සිතේ ධනසේකර ඇතුළු සගයන් කෙරෙහි වූ වෛරය නම් නිමා වී නොතිබිණ.

    කාලය දිනෙන් දින ගෙවී ගොස්‌ අධිකරණයෙන් ඇප ලබා දින 14 කට පසු ධනසේකර යළි නිදහස්‌ව නිවසට පැමිණියේ මේ අතරතුරය.

    එසේ පැමිණි ධනසේකර සියල්ල අතහැර යළි ඡන්ද සටනට පිවිසියේ යටි සිතේ වූ පොලිසියෙන් බේරීමේ අරමුණ කෙසේ හෝ ජය ගැනීමේ අදහස ඇතිවය.

    මේ වන විට ධනසේකර කල්ලිය හා විරාඡ් කල්ලිය අතර ඇතිවූ ගැටුමෙන් මදක්‌ උණුසුම් වූ රත්ගම දේශපාලන පිටිය වූයේ බිඳෙන් බිඳ නිවී යමිනි.

    එය එසේ වුවුද මැතිවරණයේ උණුසුම නම් එසේම තිබිණි. මේ අතරේ සිරෙන් නිදහස්‌ව පැමිණ සතියකට පමණ පසු දිනෙක උදැසන සිටම සිය මැතිවරණ ව්‍යාපාරයේ නිරත වූ ධනසේකර හිරු අවරට හැරෙද්දී සිය සොයුරා හා තවත් දෙදෙනකු රථයේ නංවා ගනිමින් නිවසින් පිට වූයේ ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයේ සිටි ආධාරකරුවකු ධනසේකරගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන්ම සූදානම් කර තිබූ කුඩා රැස්‌වීමකට සහභාගි වීමේ අදහස ඇතිවය.

    එහෙත් මේ ගමන තමන්ගේ සගයන් දෙදෙනකු ජීවිතයෙන් සමුගන්නා මාරයාගේ මුවවිටට යන ගමනක්‌ බව ධනසේකර ඇතුළු කිසිවෙකුටවත් එදින නිකමටවත් නොසිතුනා විය යුතුය.

    නිවසින් පිටත් වූ ධනසේකර ඇතුළු පිරිස පැයකටත් අඩු කාලයකදී තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි නියමිත ස්‌ථානයට ළඟා වූහ. ඒ වන විටත් සිය ආධාරකරුවා අවට පිරිසද රැස්‌ කර තමන්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් සිදු විය යුතු වැඩක්‌ මනාව සංවිධානය කර තිබෙන අයුරු එහි ගිය ධනසේකර දුටුවේය.

    ඉන් ප්‍රීතියට පත්වූ ධනසේකර මහා උද්යෝගයකින් යුතුව ඊට සහභාගි වූයේ සිය ආධාරකරුවාටද මුව නොසෑහෙන සේ ස්‌තුතියක්‌ද පිරිනමමිනි.

    මේ අතරේ යතුරු පැදි දෙකක නැගුණු සන්නද්ධ මාර පුත්‍රයන් සිව්දෙනකු අඳුරු මාවතකින් පැමිණ ධනසේකර ඇතුළු පිරිස සිටි මානය දක්‌වා ගොස්‌ මහා දඩයමකට සූදානමින් ගාලු කොළඹ මහ මගේ නතර වූයේ කිසිවෙකුටත් හාන්කවිසියක්‌වත් නොදැනෙන පරිද්දෙනි.

    ඔල්වරසන් හඬ මධ්‍යයේ රැස්‌ව සිටින පිරිස අමතමින් ධනසේකර හඬ අවධි කරමින් සිටී සියල්ලන් තුළ ඇත්තේ සොම්නසකි.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    එහෙත් මේ අතරේ මහ මග රැඳී විටින් විට වියරු බැල්මකින් ඒ දෙස බලමින් ගොදුර ඩැහැ ගන්නා අවසන් හෝරාව පැමිණෙන තුරු අඟිලි ගණින්නට වූ පැමිණි ගහලයෝ සිටියේ ගෙවෙන මොහොතක්‌ පාසා නොඉවසිල්ලෙනි.

    මෙසේ බිඳෙන් බිඳ ගෙවුනු කාලයත් සමග රැස්‌වීමේ කටයුතු අවසන් කළ ධනසේකර හා සොයුරා ඇතුළු පිරිස සියල්ලන්ගෙන් සමුගෙන පැමිණි රථයට ගොඩවන්නට වූයේ යළි රත්ගම බලා යන අටියෙනි.

    එසේ රථයට ගොඩවු ධනසේකර ඇතුළු පිරිස ඒ මාවතේ ඉදිරියට පැමිණ ගාලු කොළඹ මහ මගට වැටී ඉදිරියට ඇදෙන්නට වූහ.

    ඒ අතරේ පැවැති රැස්‌වීමේ සාර්ථකත්වය හා ඉදිරි කරුණු කාරණා පිළිබඳ කතා බහ රැසකි.

    එහෙත් මේ වන විට දඩයම පසුපස සෙමෙන් සෙමෙන් ඇදෙන්නට වූ ගහලයන් යතුරු පැදිවල වේගය අඩු වැඩි කරමින් කුරුමානම ගන්නට වූයේ මාරයාගේ නියම ඉසව්ව ළඟා වන තුරු ඉවසීම උපරිමයෙන් ප්‍රගුණ කරමිනි.

    දැන් දැන් ධනසේකර ඇතුළු පිරිස ගමන් ගන්නා රථය ඉකුත් සුනාමි ෙ€දවාචකයේදී මෙරට ජනතාවට අමතක නොවන බිම් කඩක්‌ වූ තෙල්වත්ත පෑරෑලිය ප්‍රදේශයට සමීප වෙමින් තිබේ.

    එතෙක්‌ තිබූ දිගු වාහන තදබදය මදකට සමනය වෙමින් ඒ වන විට ගාලු කොළඹ මාවතේ වූයේ දැඩි නිසල බවකි.

    ඒ අතරේ සිතූ ලෙසම යක්‍ෂයාගේ හෝරාව ළඟා වූ බව ඉවෙන් මෙන් වටහා ගත් එතෙක්‌ ධනසේකර ඇතුළු පිරිස ගමන් ගත් රථය පසු පස ඇදී එමින් සිටි මාර පුත්‍රයන් එක්‌වරම යතුරු පැදිවල වේගය වැඩි කරමින් ධනසේකරගේ රථය දෙපසින් ඉදිරියට යන්නට මෙන් පැමිණෙන්නට වූයේ එහි සිටි පිරිසට එක්‌වරම සියුම් සැකයක සිතුවිලි මතු වෙමින් තිබියදීය.

    එහෙත් එසේ සැකසංකා මතු වුවද ඒ සිතුවිලි අතරේ සැරිසරා යමක්‌ සිතා ගැනීමටවත් ඊළඟ නිමේෂයේ ධනසේකර ඇතුළු පිරිසට ඉඩක්‌ නොලැබිණි.

    එක්‌වරම රථය දෙපසින් ඉදිරියට එමින් තිබූ යතුරු පැදි දෙකේ පසු පස සිටියවුන් දෙදෙනා එතෙක්‌ සඟවාගෙන සිටි දිලිසෙන ටී 56 ගිනි අවි දෙකක්‌ පිටතට ගන්නා අයුරු ඉදිරි අසුනේ සිටි ධනසේකර දුටුවේ රථයේ සිටි සියල්ලන්ගේ නෙත් භීතියෙන් විසල් වෙමින් තිබියදීය.

    මේ අතරේ මෝටර් රථයේ වේගය එක්‌වරම අඩාල වන්නට වූයේ එහි රියෑදුරාගේ සිතට දැනුන මර බිය නිසාම විය යුතුය. එහෙත් ධනසේකලාට ඒ පමාවේදී මෝටර් රථයේ එක්‌ දොරක්‌වත් විවර කිරීමට නම් අවස්‌ථාවක්‌ නොවීය.

    එලෙස මොටර් රථFය් වෙගය අඩාල වෙත්ම ලැබුණු අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් යතුරු පැදිවල සිටි ගහලයන් කළේ අත රැඳි ගිනි අවිවල උණ්‌ඩ නිමා වන තෙක්‌ම දෙපසින් සිට මෝට රථය දෙසට වෙඩි වරුෂාවක්‌ එල්ල කිරීමය.

    එම ප්‍රහාරයත් සමගම මේ පාලු ඉව්වේ අවට හාත්පස සිසාරා රතිඤ්Æ පුපුරන්නාක්‌ මෙන් නුහුරු දොaංකාරයක්‌ පැතිර යන්නට විය. එය ඇසුණු අවට සිටියවුන් නැවතිල්ලේ මහමග දෙසට දිව එන්නට වූයේ සිදු වූයේ කුමක්‌දැයි දැන ගන්නා අටියෙනි.

    එහෙත් ඔවුන් එසේ පැමිණෙන විටත් දඩයම කළ ගහලයන් සිටියේ මෝටර් රථය තිබූ ඉසව්ව පසුකර යමින් පවනට බඳු වේගයෙන් ඉගිල යමිනි. අවසානයේ මහමගට පැමිණියවුන්ට දැක ගැනීමට ලැබුණේ පාරෙන් ඉවතට පැන ඇති මෝටර් රථයක්‌ පමණි.

    ඔවුහු ඒ වෙත ළඟා වූහ. එහෙත් ඒ වන විටත් ධනසේකරගේ සොයුරා හා තවත් සගයකු කැබලි වූ හිසින් යුතුව රථය තුළම අවසන් ගමන් ගොස්‌ සිටියේ මාර ප්‍රහාරයේ තරම පැමිණි සියල්ලන්ටම අවබෝධ කරවමිනි.

    පොලිසියෙන් ගැලවීමට දේශපාලනයට පැමිණි ධනසේකර සිරුර පුරා විනිවිධ ගිය උණ්‌ඩවලින් ලත් බරපතල තුවාල සමග ඒ තුළ මුනින් වැටී සිටියේය.

    අවසානයේ ධනසේකර සහ ජීවත්ව සිටි අනෙකා රෝහල වෙත ගෙනයැමට එහි රැස්‌වූවෝ කටයුතු කළහ.

    පැවැති මැතිවරණ සටන හමුවේ මෙලෙස රත්ගම පාතාලය ගිනිගනිද්දී සිදුවූ ම්ලේච්ඡ ඝාතන දෙකක්‌ සමග කාලය සෙමෙන් ගෙවී යන්නට විය.

    එහෙත් තමන්ගේ වැයික්‌කියේදී එය සිදු කළෝ කවුරුන්ද යන්න රත්ගම පොලිසියද දැන නොසිටියේය.

    කෙමෙන් මැතිවරණයද පැවැත්විණි. කරපු කෙළි කුමක්‌ වුත් එහිදී විරාඡ් මෙන්ම රත්ගම ධනසේකරද ඉහළින් මනාප ලබා තරගය ජයගෙන තිබුණේ පුදුමාකාර ලෙසිනි. එහිදී විධුර කල්ලියේ අනෙක්‌ සගයා වූ ක්‍රිෂාන්තද තරගයේ ඉදිරියෙන්ම ජයගෙන තිබිණි.

    ඒ සියල්ලට වඩා අරුමය වී තිබුණේ දකුණේ අදටත් වැජඹෙන තවත් නරුම පාදඩයකු වූ යක්‍ෂයෙක්‌ මේ සිදුවීම් පෙළට ආසන්න ප්‍රදේශයකදී මනාප පොරයෙන් ඉහළින්ම ජයගෙන දකුණේ එක්‌ පළාත් පාලන ආයතනයක මහ පුටුව දක්‌වාම ගොස්‌ තිබීමය.

    හේ එසේ මෙසේ යක්‍ෂයකුද නොව අමු අමුවේ මිනිස්‌ බිලි 18 ත් අධික ප්‍රමාණයක්‌ ගෙන අධිකරණය හරහා පෝරකය දක්‌වාම ගොස්‌ පෙර පිනකට ඉන් ගැලවී ආ මහා පාතාල නරුමයකු බව අපට කීවේ එදා ඔහු පෝරකයට යෑවීමට නොබියව රාජකාරි කළ එක්‌තරා පොලිස්‌ නිලධාරියෙකි.

    සියලු නරුමයන් එසේ ගමේ රජ වෙද්දී පූස්‌ පැටියෙකුවත් බෙන්තර ගඟෙන් මෙහාට නොගෙන ආ යුතු යෑයි වූ මහා විඥ්ඥනයක්‌ සහිත බව කතාවට කියෑවෙන දකුණේ ජනතාවගේ අගනගරය වූ ගාලු පුරවරයේ මිනිසුන්ගේ දේශපාලන විඥ්ඥනය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සිල්ලර වූයේ ඒ අයුරිනි.
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Ela ela . kalin diwayine kiyawala thiyenawa . eth eka thread ekakama ewa okkoma damma eka niyamai machan . keep posting . rep+ :)