ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තහනම්!
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තාවකාලිකව තහනම් කරන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද(28) නියෝගයක් නිකුත් කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසුරීය මහතා අද(28) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.
අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගන්නා ලෙස පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත නියෝග කර තිබේ.
කෙසේවෙතත් සැකකරු මැයි මස 12 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කරනු ලැබීය.