අපේ බිතු සිතුවම්
අපේ බිතු සිතුවම්
බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වු බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන ප්‍රධාන සංකේත තුනකි. බෞද්ධ විහාරයකට අයත් චෛත්‍යය, බෝධිය, බුදුපිළිම වහන්සේ මුලික කොට ගෙන බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති ශිල්පය, කැටයම් කලාව මෙන්ම චිත්‍ර ශිල්පය ආදී සියලුම කලා ශිල්පයන්වර්ධනය වී ඇත. ලංකාවට බුදු දහම පැමිණීමට පෙර සිටම මෙරට චිත්‍ර කලාවක් පැවති බවට බලි චිත්‍ර කලාව ආදී දේශිය චිත්‍ර කලාවන් ගෙන් පැහැදිලි වේ. බුදු දහම ලංකාවට පැමිණි පසු බුදු සිරිත හා ජාතක කතා ආශ්‍රය කොට ගෙන චිත්‍ර කලාව වැඩි වර්ධනය විය.
ආදිම බෞද්ධ චිත්‍ර
අනුරාධපුර යුගයේ මුල් යුගයේ සිතුවම් දැනට විද්‍යමාන නොවීම මත පුරාවිද්‍යාත්මක සාධක මත පදනම් වී එකල චිත්‍ර කලාව පිළිබද විමසීම දුෂ්කර වේ. නමුත් බෞද්ධ සාහිත්‍යය ඇසුරෙන් විමසීමේදී බෞද්ධ භික්ෂුන් වහන්සේද බෞද්ධ කලා ශිල්ප පෝෂණය කිරීමේදී පුරෝගාමී මෙහෙවරක් සිදු කර තිබේ. චුල්ල වග්ගයේ සේනාසනක්ඛන්දයේ දැක්වෙන පරිදි භික්ෂු ආරාමයන්හි සුදු පාට හා ගුරු පාට වර්ණ ආලේප කිරීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බව පෙනී යයි. බෞද්ධ චිත්‍ර කලාවේ මුල් අවස්ථා මෙම වර්ණ භාවිතය තුළ දැකිය හැකිය. මෙසේ වර්ණාලේපිත ඔපමට්ටම් කළ බිත්ති මත මල්කම් ලියකම් ආදී ස්වභාවික දර්ශන සිතුවම් කිරීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. ථේර ගාථා අටුවාව අනුව බිම්බිසාර රජු විසින් බුද්ධ චරිතාපදානය සිතුවමට නඟා තම මිතුරකුට යැවූ බව සදහන් වේ. ජාතක තථා තුළද සිතුවම් කලාව පිළිබදව විස්තර සදහන් බව කුස ජාතකය ආදිය මගින් පෙනී යයි. මෙවැනි සිතුවම් කලාවන් මහින්දාගමනයත් සමගම ලංකාවට දායාද කොට ලැබිණි. සංඝමිත්තා තෙරණියගේ දේහය ආදාහනය කරන ලද්දේ ථූපාරාමයට නැගෙනහිරින් පිහිටි චිත්‍ර ශාලාව ආසන්නයේ බව මහා වංශයේ සඳහන් වේ. මෙය බොහෝවිට චිත්‍ර සඳහා වෙන්කළ ගොඩනැගිල්ලක් විය හැක. ලෝවාමහාපාය තැනීම පිළිබද විස්තර කරනු ලබන වංශය තුළ රහතන් වහන්සේ විසින් දේව විමානයක් හිදැගුලෙන් වස්ත්‍රයක ඇඳ රජුට ඉදිරිපත් කළ බව දක්වයි. පස්වන සියවසේ බුද්ධඝෝෂ අටුවාචාරින් විසින් රචනා කරන ලද විසුද්ධි මාර්ගයෙහි කුරණ්ඩක ලෙනෙහි සත්බුදුවරුන්ගේ අභිණිෂ්ක්‍රමණය සිතුවම් කර තිබු බවත් එය ඉතාම මනරම් බවත් සඳහන් වේ.
සීගිරි බිතු සිතුවම්
ලංකාවේඇති පැරණිම සිතුවම් ලෙස පස්වන සියවසට අයත් සීගිරි චිත්‍ර හදුන්වනු ලැබේ. මල් ලියකම් සහිත අලංකාර ශීර්ෂාභරණයෙන් සැරසුන හිස් ඇති විවිධ ඉරියව් වලින් යුත් උඩුකය පමනක් දැක්වෙන නාරි රූප මෙම චිත්‍ර මගින් දැක්වේ. කාශ්‍යප රජුගේ බිසෝවරු හා සේවිකාවන් පිදුරංගල විහාරයට මල් පූජාව සඳහා යන අයුරු මෙම චිත්‍ර මගින් නිරූපනය කරන බවද ඔවුන් අප්සරාවන් බවද ඔවුන් විජ්ජුලතා හා මේඝලතා නිරූපනය කරන බවටද විවිධ මත පළ වී ඇත. මෙම සිතුවම් දඹදිව අජන්තා විහාරයේ බෞද්ධ සිතුවම් ගුරු කොට ගෙන නිර්මාණය කර ඇති බවටද මතයක් පල වී ඇත. දැනට සිතුවම් 21ක් පමණක් දක්නට ලැබුණද එහි සිතුවම් පන්සිය ගණනක් තිබූබව සීගිරි කුරුටු ගී ඇසුරෙන් පෙනි යයි. සිරුරේ ව්‍යුහය පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව මෙම චිත්‍ර නිර්මාණය කර ඇති බව පෙනි යයි. රටේ වෙනත් කිසිදු ස්ථානයකින් මෙතරම් ලාලිත්‍යකින් යුත් සුන්දර සිතුවම් හමු වී නැත. චිත්‍ර ඇදීම සඳහා ගල්තලය පිළියෙල කර ඇත්තේ මැටි,කිරිමැටි,දහයියා හා කොහුබත් වලින් සකස් කර ගෙන ඇති මිශ්‍රනයක් ආලේප කිරීමෙනි. ඒ මත සුදු හුණු ගා පිරිමැද රතු පැහැයෙන් ආකෘති ඇද තිබේ. ඉන් පසු කහ,රතු හා කොළ වර්ණ යොදා චිත්‍ර සම්පූර්ණ කර ඇත. ශරීරයේ හා අඟපසග වල හැඩය පෙනෙන පරිද්දෙන් රේඛා භාවිතා කර තිබේ. විශේෂයෙන්ම අත් ඇගිලි නිරෑපනය කිරීමේදි ඉතා සියුම් ලෙස රේඛා හසුරුවා ඇත. සිහිනිඟ හා පියයුරු වලින් මෙම චිත්‍ර වලට වඩාත් සජීවි බවක් ලැබී ඇත.