කඩෝල් ඇතා

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    [FONT=&quot]එකම කැලයක හෝ ලෙනක රජුන් දෙදෙනෙකුට සිටිය නොහැකි වීමත්, විසිය නොහැකි වීමත් නිසා විල්පත්තුවේ දෙවැනි ඇත් රජා මේ තීරණය ගන්නට ඇති නමුත් වන්නියේ ගමන තමන්ගේ අවසානය වේ යෑයි දළ ඇතා කිසිවිටෙකත් සිතන්නට ඇතැයි අපට නොසිතේ.[/FONT]
    [FONT=&quot]මහ කැලය කපා හේන් ගොවිතැන් කළ ගොවියෝ තම වගාවන් වල් අලින්ගෙන් බේරා ගැනමට නොයෙක්‌ උපක්‍රම යොදති. වල් අලි පළවාහැර තම බෝග ආරක්‌ෂා කරගැනීමට ඔවුන් මැළිවන්නේ ඒ සඳහා මහන්සියක්‌ හා වියදමක්‌ දැරීමට සිදුවන නිසාවෙනි. බෝග ආරක්‌ෂා කරගැනීමට රජයෙන් අලි වෙඩි නොමිලයේ සපයන නමුත් වල් අලියා එනතුරු අලි වෙඩි පත්තු කිරීමට ගොවියා නිදි වැරිය යුතුය. ඔවුන් සිතන ලේසිම හා පහසුම ක්‍රමය කෙසේ හෝ වල් අලියා සදාකාලිකවම විනාශ කිරීමේ ක්‍රමයකි. මේ සඳහා ඔවුන් යොදා ගන්නා ක්‍රමවේදයන් මිහිපිට උපන් මිනිසුන් විසින් කරනු ලබන ක්‍රියාදැයි යන්න ඒ පිළිබඳ දුර දිග සිතා බලන විට අපට හැඟී යයි.[/FONT]
    [FONT=&quot]විල්පත්තුවේ දළ ඇතා ඇතුළු වල් අලි රංචුව මෙල්ල කිරීමට මන්නාරම සිලාවතුර පළාතේ ගොවීන් කළේ වට්‌ටක්‌කා ගෙඩිවලට අධිබලැති කෘමි නාශක යොදා තම හේන් අයිනේ එක පෙළට තැබීමය. අලි රෑනේ මුලින්ම පැමිණි ඇතා වට්‌ටක්‌කා ගෙඩි හොඬෙන් ගෙන මුව තුළට රිංගවා ගන්නේ උගේ අවසාන ආහාර වේල මේ යෑයි නොදැනය. රාත්‍රියේදී වට්‌ටක්‌කා කෑ දළ ඇතාට හේන් යායෙන් ඔබ්බට යා නොහැකිය.[/FONT]
    [FONT=&quot]අධික පිපාසය මැද ඇත් රජෙකු වුවත් බොර වතුර බොමින් කැලයට සේන්දු වීමට උත්සාහ දැරීය. යා හැකි උපරිම දුර ගිය දළ ඇතා සිය අවසානය දැක මහ හඬින් කුංචනාද දෙන්නට විය. අතොරක්‌ නැතිව මහ කැලයෙන් ඇසෙන දළ ඇතාගේ කුංච නාදය අවට පිහිටි කුඩා කුඩා යුද හමුදා කඳවුරු සිසාරා පැතිර ගියේය. යුද හමුදා භට පිරිසක්‌ වහාම සූදානම් වී මහ කැලය පීරුවේය. ඔවුනට දැකගත හැකිවූයේ ඉදිරි පා බිම ඇනගෙන වේදනාවෙන් පෙළෙන දළ ඇතෙකි. යුද හමුදා භට පිරිස එතැන සිට වනජීවී නිලධාරීන් ඇමතූහ.[/FONT]
    [FONT=&quot]ඇමතුම ලැබෙන විට අපේ ලංකාවේ සිටින අලි දොස්‌තරලා හය දෙනාම දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරිවලය. එහෙත් එක්‌ වෛදවරයකු යුද හමුදා නිලධාරීන් සමග සබඳකම් දුරකථනය ඔස්‌සේ තබා ගනිමින් සිලාවතුර ප්‍රදේශය බලා පිටත් විය. වන්නියට ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව මැද යුද හමුදා නිලධාරීන් ඇතාට ආරක්‌ෂාව සැපයූහ. කොළ අතු, වතුර දළ ඇතාට ළං කළද ඌ ඒ කිසිවක්‌ දෙස නොබැලීය. පැය කීපයකට පසු යුද හමුදා නිලධාරීන්ගේ අවසන් පණිවුඩය වූයේ ඇතා මහ පොළවේ දිගා වූ බවය. වෛද්‍යවරයා හයියෙන් හුස්‌මක්‌ ගෙන පිට කළේය.[/FONT]
    [FONT=&quot]ඇතකු විෂ ශරරගත වී පැත්ත වැටුණු පසුව කුමන ප්‍රතිකාරයක්‌ කළද එය සාර්ථක නොවන බව වනජීවී වෛද්‍යවරු දනිති. එහෙයින් වෛද්‍යවරයා දළ ඇතා සමීපයට එන විට ඌ අවසන් හුස්‌ම හෙළමින් සිටියේය. සිලාවතුර ගම්මානයේ වැසියන් පණ අදින ඇත් රාජයා දැක ගැනීමට පැමිණි නිසා වට්‌ටක්‌කාවලට කෘමිනාශක යෙදූ පුද්ගලයාද ඒ අතර සිටි බවට කිසිදු සැකයක්‌ නොමැත. ඔහුට තමන් කළ අපරාධය දැවැන්ත දළ ඇතා මරණය සමග සටන් කරන අයුරු දුටු විට නොදැනුණේ නම් ඔහු මනුෂ්‍යයෙක්‌ නොවේ. මෙවන් ඇතෙකු මරුමුවට පත්කොට තමන්ගේ බව බෝග[/FONT]
    [FONT=&quot]රැකගෙන ඒවා තම දූ දරුවන්ට කන්නට දෙන්නට තරම් ඔහුට හැකියාවක්‌ තිබේදැයි යන්න ප්‍රශ්නයකි. එහෙත් එය ප්‍රශ්නයක්‌ වන්නේ මිනිසුන් අතර පවතින[/FONT]
    [FONT=&quot]මනුස්‌සකමේ ප්‍රමාණය අනුවය.[/FONT]
    [FONT=&quot]විල්පත්තුවේ දළ ඇතාගේ අවසන් කටයුතු සිදුවීමෙන් පසු තවත් දේ ඉතිරිව තිබේ. එකක්‌ නම් දළ ඇතාගේ ශරීර කොටස්‌ සියල්ලක්‌ම රජයේ රස පරීක්‌ෂකවරයා වෙත යෑවීමය. ඒ කුමන වර්ගයේ විෂක්‌ ශරීරගත වූදැයි දැනගැනීමටය.[/FONT]
    [FONT=&quot]දෙවැන්න වව්නියාව වනජීවී අඩවි නිලධාරි ඩබ්ලිව්. ඡේ. කේ. හේරත් මහතා නිලධාරීන්ට කියා සිටියේ තම කලාපය තුළ වස යොදා මේ වසරේ මරාදමන ලද සිව්වැනි සතා මේ බවය.[/FONT]
    [FONT=&quot]තුන්වැනි කාරණය වන්නි කැලෑවට සිටි තවත් දැවැන්ත හස්‌ති රාජයෙකු අහිමි වී ගියේය. ඒ කිසිවෙකුගේ නොව මිනිසුන්ගේම හිත් පිත් නැති වැරැදි නිසාය.[/FONT]
    [FONT=&quot]හතරවැන්න මෙවැනි පිරිස්‌ අත්අඩංගුවට ගැනීමට හා නීතියේ රැහැනට ඉදිරිපත් කිරීමට අපේ රටේ නීතියේ ඉඩකඩ සීමා වී ඇත්තේ මන්දැයි යන කාරණයයි. මේ සියල්ලක්‌ම ප්‍රශ්න නොව ප්‍රශ්න පත්‍ර බවට පත්වෙයි. කාලය නිකරුණේම ඉදිරියට ගලා යයි. එය නැවැත්විය නොහැකි නමුත් අලි මිනිස්‌ ගැටුම නැවැත්විය හැකි බව නිලධාරීන්, බලධාරීන් හා පාලකයන් දැනගත යුතුය[/FONT].

     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    යාල මහ වනයේ රජ කළ දළ පූට්ටුවාගේ අවසන් ගමන


    ලි ඇතුන් අතරින් දළ පූට්ටුවන් සුවිශේෂත්වයක් හිමි කර ගනී. දළ ඇති ඇතුන් අතරේ ද පූට්ටු දළ ඇතුන් සිටියේ අල්ප වශයෙනි. හීලෑ දළ පුට්ටුවන් ද අපේ රටෙන් වාර්තා වන නමුත් වනගත දළ පූට්ටුවන් සුවිශේෂී හස්ති රාජයෝම වූහ.
    සාමාන්‍යයෙන් හොඳින් උල් වූ තියුණු සහ සුමට පැහැපත් දළ යුගළ පිහිටන්නේ දළ සෘජුව පවතින ඇතුන් ගේ පමණි. රළු මොට පැහැපත් නොවන දළ ඇත්තේ බොහෝ විට දළ වක් වූ හෝ පූට්ටු ඇතුන්ගේය.
    සෘජුව දළ පිහිටන ඇත්තු තම දළ යුගළට මහත් සේ ඇළුම් කරති. නිතර නිතර දළ පිරිසිදු කරති.
    තියුණු උල් තත්ත්වයක පවත්වාගෙන යාමට කටයුතු කරති. එවැනි ඇතුන් බොහෝ විට තම දළ පිරිසුදු කරනුයේ දළ මඩේ ඔබා හොඬ වැලෙන් වතුර ගසා ගනිමිනි. තම දළ යුගළය සාඩම්බර වස්තුවක් ලෙස ඔවුහු සලකති.
    මහ වනයේ ගැවසෙන දළ ඇතා සාමාන්‍යයෙන් නිරන්තරයෙන් දක්නට සිටිනු නොලැබේ. නිරතුරුව සැඟව වනයේ සැරි සැරීමට ඔවුහු උත්සාහ දරති.
    දළ ඇතාට රැළේ හිමි වන්නේ ද වැදගත් තැනකි. අනෙකුත් අලි, දළ ඇතා ආරක්ෂා කරන්නට ගන්නේ නොමද උත්සාහයකි.
    දළ සහිත ඇතුන් කොපමණ සිටිය ද දළ පූට්ටු ඇතුන් සියල්ලෝම පාහේ මේ වන විට මෙලොවින් අවාසනාවන්ත ලෙස සමුගෙන ඇත්තේ මිනිසුන්ගේ බලවත් තණ්හාව නිසාය.
    පාපතරයින්ගේ තුවක්කු වෙඩිල්ලට බිළිවූ මුල්ම දළ පූට්ටුවන්ගේ ඛේදවාචකය සනිටුහන් වන්නේ දකුණුදිග යාල මහ වනයෙනි.
    දළ පූට්ටුවකු මුලින්ම මරා දැමුවේ 1980 සමයෙදී බව කියැවේ. දළ ලබා ගැනීමේ අරමුණෙන් පාපතර මිනිසුන් විසින් ඝාතනය කරන ලද එවන් පූට්ටු සහිත දළ ඇතුන් අතර යාල පොඩි පූට්ටුවා තළ කොළ වැව පුට්ටුවා, මහපූට්ටුවා, පානම්පත්තුවේ දළ පූට්ටුවාට ද හිමි වන්නේ සුවිශේෂි තැනකි.
    මෙසේ අකාලයේ ජිවිතයෙන් සමුගත් දළ පූට්ටුවන් අතරින්, යාල මහ දළ පූට්ටුවා එවකට රටේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වූ ඇත් රාජයෙකි.
    අදින් වසර විසි හතරකට කලින් දළ පූට්ටුවා මරා දමා ඇති පුවත පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව මුළු රටටම ගෙන දුන්නේ සංත්‍රාසයකි. යාල මහ කැලයේ සැරිසැරූ දළ පූට්ටුවා ඝාතනය කොට දළ රැගෙන යාමේ සිද්ධියෙන් දකුණු පළාතේ පොලිස් බලධාරීන් විස්මයට පත් වූහ.


    දළ පූට්ටුවා අතුරුදන් වී ඇති බව යාල අභය භූමියේ සේවකයන් දැන ගෙන ඇත්තේ මාස දෙකකට පසුවය.
    දළ පූට්ටුවා සොයා ගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රාය විණි. අභය භූමියේ අස්සක් මුල්ලක් නෑර ඇවිද්දද දළ පූට්ටුවා සොයාගත නොහැකි වුණි.
    සේවකයන්ට දළ පූට්ටුවා ඈතදීම හඳුනාගැනීමට හැකියාවක් තිබිණි. ඒ දළ පූට්ටුවා ඔවුන්ට හොඳින් හීලෑ වූ ඇතෙක් නිසාවෙනි. ඌ මිනිසුන්ට ඇල්ම ඇති ඇතෙකි. මිනිසුන්ට හානි නොකළ ඇතෙකි.
    දළ පූට්ටු වී ඇති නිසා හොඬවැල ඉහළට ගැනීමට මේ ඇතාට අපහසුය. ශාන්ත ගමනකින් මහ වනය තුළ සැරි සරණ මිනිසුන්ට ලොල් වූ මෙම හස්තිරාජයා බොහෝ අය හැඳින්වූයේ භාවනා කරන්නෙකු ලෙසිනි. හැම විටම පෙන්නුම් කළේ ශාන්ත දාන්ත පෙනුමකි.
    ඇතැම් වන අලි ඇතුන්ට වඩා දළ පූට්ටුවා හීලෑ ඇතෙකු බව සේවකයෝ හොඳාකාරවම දනිති. බිමට විහිදුණු දළ, තාපස ගමන, දළ පූට්ටුවාටම හුරු පුරුදු වූවකි. මහ වනය මැද දළ පූට්ටුවා සොයා ගිය යාල අභයභූමි සේවකයෝ හමු වූ දසුනෙන් ත්‍රාසයට පත් වූහ.
    හමුවූයේ ඇතාගේ නරක් වී ගිය මළ සිරුර පමණි. හිස් කබල ඉරි තැලී ගොසිනි. සිරුර දිය වී කටු ගොඩක් බවට පත්වී තිබුණේය. ඇතාගේ දළ දෙක පෙනෙන තෙක් මානයකවත් නැත.
    කවුරුන් හෝ දළ දෙක කපා ගෙන ගොස් ඇති බව එතැන සිටි කාටත් වැටහුණේය. කාගේත් නෙත්වල වූයේ කඳුළුය. ‘මාසයකට දෙකකට කලියෙන් මරලා දාල තියෙන්නේ. .’
    ‘පව්. . . අහිංසකයා’
    ‘කෝකටත් පොලිසියට කියමු’
    ගිය අතර, තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස රාජකාරී කළ ගාමිණී ද සිල්වා මහතා අද උතුර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙයි.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඒ 1986 දෙසැම්බර් මාසේ 31 වැනිදාය. සත්වාරක්ෂක නිලධාරීහු දළ පූට්ටුවා ඝාතනය කිරීමත් දළ දෙක කපාගෙන යාමත් පිළිබඳව එවකට තංගල්ල කොට්ඨාස බාරව සිටි පොලිස් අධිකාරි වික්ටර් පෙරේරා මහතාට පැමිණිලි කරන්නට විණි.
    ‘ගාමිණි. . . ඉක්මනට මගේ ඔෆිස් එකට එන්න’ පොලිස් අධිකාරීවරයා වහා තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ඇමතුමක් දෙන්නට විය. ගාමිණි ද සිල්වා එවකට පොලිස් පරීක්ෂකවරයෙකි.
    හිස් කබළ

    දකුණු පළාතේ ඒ වන විට ඔහු නමක් දිනා ගත් අයෙකි. පළාතේ බොහොමයක් අපරාධ ඔහු අතින් විසඳී තිබුණු අතර නම ගිය දාමරිකයන් රැසක් ඔහු විසින් අත්අඩංගුවට ගෙන තිබීම නිසා ගාමිණිට පොලිස් අධිකාරිවරයා ගෙන් ලැබුණේ ඉහළම ප්‍රතිචාරයකි.
    ‘යාලේ දළ පූට්ටුවා මරල දාලා. . දළ කපලා අරගෙන ගිහින්. මේක කොහොම හරි හොයන්න ඕන. .’ පොලිස් අධිකාරීවරයා ලැබුණු පැමිණිල්ල පොලිස් පරීක්ෂක ගාමිණි ද සිල්වාට දැන්වූයේ එලෙසින්ය.
    ‘අපි යමු යාලට’
    පොලිස් අධිකාරිවරයාට සිද්ධිය වූ තැනට යෑමේ අවශ්‍යතාවය තිබුණේය. ගාමිණි සිය ප්‍රධානියා වූ පොලිස් අධිකාරිවරයාගේ රියට ගොඩ වූ අතර පිටුපස ජීප් රියක පොලිසියේ ගෝලබාලයෝ කණ්ඩායම ද පැමිණියහ. රිය පැදවූයේ පොලිස් අධිකාරීවරයා විසිනි.
    වේලාව ඒ වන විට දහවල් එකයි තිහට ආසන්න වී තිබුණි. ගමන යන අතරතුරත් දෙදෙනාගේ කතාබහ වූයේ දළ පූට්ටුවාට අත් වූ ඉරණම ගැනය.
    ‘කොහොම හරි මුන්ව අල්ල ගන්න ඕන’
    ‘හොඳයි සර්’
    ‘වටිනා දළ දෙකක්නේ. . දකුණෙන් පිට කරන්න කලියෙන් වැඩේ වෙන්න ඕන’
    ‘කොහොම වුණත් සර් . . අන්තිමට ගාල්ලට තමයි යන්න වෙන්නේ’
    ‘ඇයි ගාමිණී එහෙම කියන්නේ ?’
    ‘නැහැ; ඔක්කොම ඉවර වෙන්නේ ගාල්ල පළාතෙන් හින්දා ?’
    ගාල්ල ප්‍රදේශය ඒ වන විට නොයෙකුත් අපරාධ රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවී තිබිණි. ඒ නිසා දළ විකිණෙන්නේත් ගාල්ලට බව ගාමිණී හොඳාකාරව දැන සිටියේය.
    එතුමා රථ ගාලට සේන්දු විය. පිටුපසින් එන සිය කණ්ඩායමට අවශ්‍ය උපදෙස් දුන් පොලිස් පරීක්ෂකවරයා ඔවුන් සිය නිල ඇඳුම් ගලවා සරම් කමිස හැඳ ගන්නා ලෙස නියෝග කළේ කුමන හෝ ආකාරයෙන් හෝඩුවාවක් සොයා ගැනීමේ අටියෙනි.
    කැබලි කළ දල

    ඔයගොල්ලොත් ගමේ කට්ටිය වගේ කඩ මණ්ඩියේ ඉන්න ඕන. කඩෙන් කහට කෝප්පයක් බීලා ගමේ මිනිස්සුත් එක්ක සුහදව කතා කරන්න ඕන.
    පොලිසියේ අය විදියට ඒ අයට හඳුනා ගන්න ඉඩ තියන්න එපා’ පොලිස් පරීක්ෂකවරයා සිය ගෝල බාලයන්ට අවශ්‍ය උපදෙස් දුන්නේ ඔවුන් ද හොඳ වැඩකාරයන් බව හොඳින් දන්නා නිසාවෙනි.
    පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, සැරයන් විජේසූරිය (11154) හා කොස්තාපල්වරුන් වූ සිල්වා (3015) සෝමවංශ (2408) කීර්ති (13784) එම නිලධාරීන් ගොන්නට එක්ව සිටි පිරිස වූහ. වන සත්ත්ව ආරක්ෂක සුනිල් ප්‍රනාන්දුත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් පොලිසියේ සහයට එක්ව සිටියහ.
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කඩොල් ඇතාගේ දළ යුගල

    කඩොල් ඇතාගේ දළ යුගලය


    යුද්ධය නිමවීමෙන් පස්‌සෙ කඩොල් ඇතා යළිත් මාගමට ගෙනවිත් පැල්වත්ත - කුඩාඔය ප්‍රදේශයේ දිවි ගෙව්වාලු, බුත්තල යටියල්ලාතොට විහාරයේ විහාරාධිපති හිමියන් පැවැසූ පරිදි කඩොල් ඇතා වයෝවෘධ වනතුරු ඉඳල තියෙන්නේ බුත්තල දොරමැඬිල්ල කියන ස්‌ථානයේ. ඇතාට නාන්න පීල්ලක්‌ වගේ සාදා තිබූ ස්‌ථානය අදටත් එහි තියනවාලු. රාජ කුමාරවරු දෙදෙනකු භාරයේ හිටි කඩොල් ඇතු මේ කුමාරවරුන් අතර ඇති වු ආරවුලක්‌ හේතුවෙන් කුමාරවරු දෙදෙනාම මියගියාට පසු අවසන් සුසුම් හෙළුවාලු. කඩොල් ඇතාගේ භූමදානය සිදුකර ඇත්තේ අනුරාධපුරයෙන් ගෙනා මැණික්‌ ගැල් 21 ක්‌ සමඟලු. මේ ස්‌ථානයේ ගල්කණුවලින් ස්‌මාරකයක්‌ තනා තිබ්බ බවයි සලකන්නේ. කොහොමහරි කඩොල් ඇතුගේ අඩි 8 ක්‌ පමණවන දළ යුගලය එකල මෙහි සිටි වැදි නායකයකුට අයත්ව තිබූ බවත් ඔහු විසින් පසුව වැද්දන්ගේ ආච්චි ලෙස පිදුම් ලබන "වල්ලිඅම්මා" වෙනුවෙන් කතරගම මහ දේවාලයට ලබාදී ඇති බවත් අපට කිව්වෙ නායක හාමුදුරුවන්මයි. දේවාලයේ ලේකම්තුමා දයානන්ද අධිකාරි මහතාත් මේ කතාව අනුමත කළා.


    දැන් දුටුගැමුණු රජුගේ කඩොල් ඇතාගේ දළ යුගලය සුරක්‍ෂිතව කතරගම දේවාලයේ තියෙනවා. වාර්ෂිකව ඇසළ මංගල්ලයේදී මේ දළ යුගල, මහජන ප්‍රදර්ශනයට තබනවා.

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනූ උඹ නම් නියම පොරක් මචං...මට ලැජ්ජ නෑ කියන්න කියවගෙන යද්දී ඇඩුනා මචං.....පුතා ඇවිත් අහනවා ඇයි තාත්ති අඩන්නේ කියලා....අපි අලින්ට කොච්චර බැදීමක් තියනවද කියල තේරෙන්නේ මේ වෙලාවට.........පින් සිදු වේවා මේ කරන මෙහෙයට......(+රෙප් දුන්නා)
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    1.gif
    1.gif
    1.gif
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අනූ උඹ නම් නියම පොරක් මචං...මට ලැජ්ජ නෑ කියන්න කියවගෙන යද්දී ඇඩුනා මචං.....පුතා ඇවිත් අහනවා ඇයි තාත්ති අඩන්නේ කියලා....අපි අලින්ට කොච්චර බැදීමක් තියනවද කියල තේරෙන්නේ මේ වෙලාවට.........පින් සිදු වේවා මේ කරන මෙහෙයට......(+රෙප් දුන්නා)



    ස්තුතියි බන් උඹ ගැන මට ආඩමිබරයි
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    "මේ මහ වනය වෙලාවකට ශාන්ත මුනිවරයෙක් වගේ.


    දැඩි ශාන්ත බවකින් හා නිහැඩියාවකින් වෙළෙන මහ වනය තවත් මොහොතකින් මහා ශබ්ද පූජාවකට හැරෙනවා.
    ඕනෑම මහා යෝධයෙක් මේ වනයේදී පුංචි කුරුමිට්ටෙක් වගේ කි‍්‍රයා කරන්නේ. ඒ වනයේ ඇති අති භයංකර බව හා තේරුම් ගත නොහැකි ආනන්දය නිසයි. දක්‍ෂ ලෙස වචන හසුරුවන මේ මිනියා ඇඟැලුම් කම්හලක ප‍්‍රධාන කළමනාකාරවරයෙකි.


    ශාන්ත කුමාර ළමාහේවා ඔහුගේ නමය. ඔහු සේවය කරන ගල්ගමුව "සිල්ක් ලයින්" ඇඟැලුම් කම්හලේ සන්නාලියන් රැස්වෙහෙර හා ඒ අවට මුකලාන්බද ගම්වල වෙසෙන අයයි. ඒ මුකලාන්බද ගම්වල මිනිස්සු ද මේ මිනිසාට අසීමිතව ප්‍රෙර්ම කරති.



    ගැමියන්ගේ දානයට මඟුලට ඉලව්ගෙදරට නොවරදවාම සහභාගී වන මේ මිනිසා ගහකොළට වන සතා සීපාවාට දක්වන ආදරය ඔවුනගේ ද සිත් පැහැරගන්නට හේතුවක් විය. පෙනුම සුද්දකු මෙන් වුව ඔහුගේ ගතිගුණ නම් ගැමියකුට බෙහෙවින් ම සමාන ය.

    මීට වසර හත අටකට පෙර මහ නාන්නේරියේ සිටි කර්තේලිස් සමග ශාන්ත දැඩි ලෙස මිත්‍ර වී සිටියේය.

    දැන් කර්තේලිස් නොහොත් (ටිකිරා) නාන්නේරියේ නැත. ඔහුගේ පවුල හා දරුවන් දෙදෙන දැන් ජීවත් වන්නේ රැස්වෙහෙර අවට මුකලාන් ගමකය.


    මී කැඩීමට අති දක්‍ෂයකු වන ටිකිරා හමුවන්නට ඒ දිනවල ශාන්ත නිතර නාන්නේරියට එයි. මීට වසර පහකට පමණ පෙර මී කැඩීමට කැළයේ ඇවිද යද්දී ටිකිරා වලස් පහරකින් මරුමුවට පත් විය.



    ඒ බුද්දම ගල්කුලක් මතදීය. ඔහු ජීවත්වන විට ශාන්තට කියු අරුම පුදුම කතාවක් හෙතෙම මට කීවේය.


    "ටිකිරා මී කැඩීමට අති දක්‍ෂයි. අපිත් රයිගම් කෝරළයේ ඉඳලා ඇවිත් ඒ කාලෙ ඔහුගෙන් මී පැනි අරගෙන එහෙම යනවා. බුද්දම, රැස්වෙහෙර, ආනමඩුව, සියඹලාණ්ඩුව, කුකුල්කටුව ආදි පෙදෙස්වලට මිනිහා මී කඩන්න ගියා. මේ සිදුවීම වුණේ රැස්වෙහෙර ගන වනන්තරේදී.



    "අලුතින් වැස්ස ඇවිත් ටික දවසක් යනකොට මල් පිපෙනවා. ඒ මල්වල පැණි අරගෙන මී මැස්සො වද බඳිනවා. ටිකිරා මේක සහසුද්දෙන්ම දන්නා කෙනෙක්. මිනිහා උදේ රැයින්ම පිටවෙලා ගියේ කවුරුත් බැද්දට රිංගන්න කලියෙන් මී ටිකක් කඩාගන්න.

    ඒත්! බැද්දෙ ගාට ගාටා එනකොට මී බැඳපු ගහක් නොවේ හමුවුණේ. මහා පර්වත දෙකක්. මේ පැත්තෙ වැඩියෙන් ඉන්නේ විල් අලි නමින් හඳුන්වන දැවැන්ත වල් අලි. මේ පර්වත වගෙ පෙනුණේ මේ දැවැන්ත විල් අලි දෙන්නයි.


    සාමාන්‍යයෙන් තුන් පත් රෑන නමින් හඳුන්වන අලි රෑනේ ඉන්නෙ කෙණෙර උගෙ ඉස්සෙල්ලා මුරේ පැටවා හා පස්සෙ මුරයේ පැටවා යන තිදෙනා පමණයි. ඒත් මෙතැන හිටියෙ දළ ඇතා යි ඇතින්නයි.



    පැටවායි. පැටවා එහෙම පිටින් ම මඩ ගුලියක්. උගේ ඇස් පිහාටුවලත් මඩ. ඇස පෙනෙන්න පමණක් ඉඩ තබලා මහ දෙන්නා මේ පැටියගේ ඇගේ සම්පූර්ණ මඩ තවරලා. ඒ කැලෑවේ විස මදුරු ආදී සතුන්ගේ දෂ්ටනයෙන් බේරාගන්න.



    ටිකිරා දුටු ගමන් මහ ඇතා හෙණ හඩින් කුංචනාදයක් දැම්මා. ටිකිරාගෙ දෙකකුල් 'සට සට' ගාලා ගැහෙන්න පටන් ගත්තා. ඒ කවදාවත් ටිකිරා ආපස්සට යන මිනිහෙකුත් නොවේ. මිනිහා නැංගා එතැන තිබුණු රූස්ස ගහකට.


    පස් දූලි පයින් අඹරවමින් එතැන කලබගෑනියක් කළ මහ ඇතා කෙළින්ම ආවා ගහ පාමුලට. ඌට මේ ගහ හොලවන්නවත් බෑ. නළල තියලා වෙර වීරිය දාලා ගහ පෙරළන්න ඌ දෙතුන් විටක් උත්සාහ කළා.


    ගහ තරමක් හෙළවුණ මිසක් මුලින් බුරුල්වන පාටක් පෙනුණේම නෑ. ටිකිරාගෙ හදවත ගැහෙන්න ගත්තා. ඔහු තවත් තදින් අල්ලා ගත්තා. ගහේ කඳ. දැන් පැටියයි. මවු ඇතින්නයි ඉව කැර කැර ගහ වටේ කරකැවෙනවා.



    දළ ඇතා ආයෙත් ගහ හොල්ලනවා. ටික මොහොතක් ගතවුණා. ඇතා මවු ඇතින්න ගහයට මුරට දාලා ගියා ළඟ තිබුණු දියත්තකට. හොඬයෙන් ලීටර ගණනක් වතුර පුරවා ගත්තා. ගස් රිකිලි අතරින් දැන් මේ තනි දළ ඇතා එන ගමන ටිකිරට පෙනෙනවා.


    ඒ වතුර දහරාව ගෙනැවිත් ඇතා විද්දා ගහේ මුලට. මේ විදියට ඌ නැවත නැවත යනවා. එනවා. වතුර විඳිනවා. ගහේ මුලක් ටිකින් ටික බුරුල්වන බව පෙනුණම ටිකිරට අම්මගෙන් බීපු කිරි රහත් මතක් වුණා.



    තනියා අත් හරින්නෙ නෑ උගෙ උත්සාහය. කරන්න දෙයක් නෑ. "ඇතා ගහ ළඟින් ඉවත්වුණාම ගහින් බැහැලා දුවනවා" ටිකිරා කල්පනා කළේ එහෙමයි. එයාට එහෙම හිතුණෙ තවත් පුදුමාකාර අස්වාභාවික සිදුවීමක් නිසයි.



    ඇතා වතුර ගෙනෙන්න කැළයට යන වාරයක් පාසාම මවු ඇතින්න පැටියත් සමඟ ගහ ළඟින් ඉවත්වෙලා ඈතට ගියත් ආයෙත් ඇතා ගහ ළඟට එනවිට එයත් ආවා. ටිකිරා මේ සිද්ධිය මුල සිටම දැක්කා. අනෙක එයා කුංචනාද කළේවත්, ගෙරෙව්වේවත්, කලබල කළේවත් නෑ.

    මෙයා මට පැනලා යන්නවත් කියනවද? නැත්නම් ඇයි? ඇතා ගියාම ගහ ළඟින් ඉවත්වන්නෙ. ටිකිරට එහෙම හිතුණා. දැන් ගහත් හෙලවෙනවා වැඩියි. ගහ උඩ උන්නත් මරණය. ගසින් බැස්සත් මරණය. කරන්න දෙයක් නෑ. බහිනවා.


    එහෙම හිතපු ටිකිරා ගහින් බැස්සා. ඇතින්න දුටුවත් ශබ්ද කළේවත් නෑ. ටිකිරා එක හැල්මේම දිව්වා ඈතටම. ගිහින් තවත් ගහකට නැඟ ගත්තා. කිව්වාට විශ්වාස කරන්න මහත්තයො, ඇතා තවත් නොබෝ වේලාවකින්ම ඒ ගස බිඳ දැම්මා.



    ටිකිරා කිව්වෙ එහෙමයි. එයාට ඒ ගස බිඳ වැටෙන ශබ්දය ඇහිලා තියෙනවා. පුදුමය! මේ ඇතින්න සැබෑ මවු සෙනෙහසින් කි‍්‍රයා කරපු එකයි. ටිකිරා වලස් පහරින් බුද්දමදි මිය යන්නට පෙර මේ කතාව අපට කීවා.



    එදා ඇතාගෙන් බේරුණත් පස්සෙ වලස් පහරින් මිය ගිය ටිකිරාගෙ වගෙ ජීවිත මේ පළාත්වල අනන්ත තියෙනවා. බැද්ද ඔවුනට මහ නිධානයක්. ඒ වගේම එහි බියකරු බවටත් ඔවුන් මුහුණ දෙනවා.
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ධූලි නඟිමින් මහා සක් හඬ මැඳ මේඝ ගර්ජනා කරමින් කඩොලැතු මහා දුටුගැමුණු සේනාව සමඟ එක්....

    හොද නමි කියපල්ලා

    ඔය ටික කියවන්න පුළුවං භාශාවෙන් දැම්ම නං වටිනවා