රමණයේ තොස
ගණී නම් කීපයකි තත්පර
විඳි නේක දුක
මාසනම් දහයක් චන්ද්‍ර
පෙලහරක් පාමින්
අසමසම
ලේ විලක පිපේ
සුදු නෙලුම් මල
එකම ජීවිතය දෙපලු කල
කතුරු මුවාත දකී
දුක් තුටු කඳුලු එකවර
ස්නේහ මේකුලින් බර
පපුවක
අසනි කිරි වරුසා
හැඬුමකට ඇහැරෙන
ලෙවන් ඇස් කටු
සියොලඟම පහරන
ලය පවා සිදුරු කල
බැණුම් පිහි උන්...