මල් පිපෙන හැටි බලන්නට
කඳු බඳේ රෑ රටාවක
ඔබ කැමති නම්
එන්න හවසක
උණුසුම් හිතත් අරගෙන
හිරු ගිලෙන කොට
අවර අහසක
තරු ඇහැරෙනා අසිරි දකිනට
රිදෙනා නමුදු දෙපා හොඳටම
ඔබ එනව මම දනිමි
නිසැකව
ගඟ නගන කොට
සරැලි තව තව
දුක දියවෙලා ගලයි පහලට
කලුවරයි නම් පාර හොඳටම
ඉටි පහන් ඇති තවම
දෙන ලඟ
කඳු බඳේ රෑ රටාවක
ඔබ කැමති නම්
එන්න හවසක
උණුසුම් හිතත් අරගෙන
හිරු ගිලෙන කොට
අවර අහසක
තරු ඇහැරෙනා අසිරි දකිනට
රිදෙනා නමුදු දෙපා හොඳටම
ඔබ එනව මම දනිමි
නිසැකව
ගඟ නගන කොට
සරැලි තව තව
දුක දියවෙලා ගලයි පහලට
කලුවරයි නම් පාර හොඳටම
ඉටි පහන් ඇති තවම
දෙන ලඟ