රෑ අහස පුරාවට
මං හෙව්ව තරු දෑස
හංඟාන දුර ඈත
ඔබ සැඟව උන්නාට
පෙරදාක මට පෑව
සෙනෙහසේ මුදු සුවඳ
දැනෙනවා මට තාම
සිත ගාව පෙර සේම .....
නෙතු පියන් යට නිදන් වූ මතකයන් පිබිදිලා
යළි යළිත් ඔබ සොයනවා සිතම අවසඟ වෙලා
දුරාතීතේ සොඳුරු සැමරුම් අතරේ සැරි සරා
පරමාදරේ මිහිර මා සිතින් තවම විඳිනවා ...
ඔබ නික්මිලා...