යසදත්ත මහරහතන් වහන්සේ
බුදුගුණ වැයීමෙන් ඔහු රැස්කළ ඒ පින සසර ගමනේ බොහෝ සැප විඳීමට හේතු වුණා. නමුත් යළිත් ඔහුට උතුම් බුදු සසුනක් මුණ ගැසීමට කල්ප ලක්‍ෂයක අතිදීර්ඝ කාලයක් පුරා සසරේ පැමිණීමට සිදුවුණා. ඒ අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ යුගය යි...