නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්රචාරක රැලියක් ඊයේ සවස හෝමගම නගරයේදී පැවැති අතර, මෙම රැලිය පැවැත්වූ ඊයේ දිනයේදී පනාගොඩ යුධ හමුදා කඳවුරේ සියලුම හමුදා නිලධාරීන්ට සවස 4.00 න් පසු පිටතටය යාම තහනම් කොට ඇති බව වාර්තා වේ.
පනාගොඩ යුධ හමුදා කඳවුරේ නිලධාරීන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ රැලියට සහභාගීවීම වළකාලීම සඳහා යුධ හමුදා ඉහළම නිලධාරියෙකුගේ අණින් මෙම නියෝගය ක්රියාත්මක වී ඇත. මෙසේ හමුදා නිලධාරීන් කඳවුරෙන් පිටත්වීම වැළැක්වීම සඳහා හමුදා කඳවුරේ අවට හා රැලිය පැවැත් භූමිය පුරා යුධ හමුදා පොලිසිය හෙවත් CCMP නිලධාරීන් යොදවා තිබිණි.
කෙසේ වෙතත් රැලියට පෙරදින සැරසිලි කටයුතු වෙනුවෙන් සහයදීමට පැමිණි පනාගොඩ යුධ හමුදා කඳවුරේ හමුදා නිලධාරීන් පිරිසක් පවසා ඇත්තේ හමුදා කඳවුර තුළ මේ වන විට නෙරාල් සරත් ෆොන්සේකා මහතාට අදාලව වාරණයක් ක්රියාත්මන වෙන බවත්, එයට විරුද්ධව කටයුතු කළ නොහැත්තේ තම රාකාරිය විනයගරුක රාජකාරියක් වන හෙයින් බවත්, කෙසේ වෙතත් සියලුම යුධ හමුදා නිලධාරීන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් සිටින බවත්ය.