මේ කතාව කාට හරි කියන්න හිතුන නිසා මෙතන කොටනවා.. මේක බීපුවම වෙච්චි ආතල් සිද්ධියක් නෙමෙයි. මේක බීපුවම හිතට ආපු මතකයන් ටිකක්.
කතාවේ නම "තල මාමා"
ඔව්... ඒ තල තමා. තලගුලි. අපි කන තලගුලි.
අපිට තල මාමා උනාට අපේ තාත්තා ඒ හාදයට කිව්වේ තලයා, තල කාරයා එහෙමත් නැත්තම් ආනන්ද කියලා. තල මාමගේ ඇත්ත නම ආනන්ද...