ඉතිං ආදරණිය සහෝදරවරුනි. අපේ විදුහල්පති ගුරු පියාණන්ගෙ හරවත් දේශනයෙන් ඔබ අපේ පාසල ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ඇති. අපි අද මේ රැස්වීම විශේෂයෙන්ම සූදානම් කලේ අපේම නංගිලා මල්ලිලා විදියට මේ විදුබිමට පා නැගූ ඔබ පිළිගන්නයි. ඉතිං අපි ඔබ වෙනුවෙන් කල මේ ඇගයිමට ඔබගේ දායකත්වය අප වෙත ලබා දෙන්න කියලා සහෝදරත්වයේ දෑත දිගුකර මං ඉල්ලා හිටිනවා. ඒ වෙනුවෙන් මියුරු ගීයකින් අප පිනවන ලෙස මං ආරාධනා කරනවා අද උපන් දිනය සමරන නවක සිසුවියක් වන දුෂානි සංජුලා නංගිට.