මූට එඩ්ස් ද ? අපිත් දැනගමු.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    මූට එඩ්ස් ද ? අපිත් දැනගමු.


    උඹට එඩ්ස් ද ?මේක ඉතින් අපේ උන් ජෝලියටත් කියන දෙයක් නේ; ඉතින් මන් හිතුව මේක subject එක ගැන ගැන පොඩි thread එකක් ලියන්න


    Acquired immune deficiency syndrome or acquired immunodeficiency syndrome (AIDS) කියන්නේ අපගේ ප්‍රතිශක්ති කරන පද්දතියට බලපාන්නාවූ රෝගයක් වන අතර ඒ සදහා බලපාන්නාවූ වෛරසය HIV (human immunodeficiency virus) කියලයි කියන්නේ .

    aids-hiv-anatomy.gif


    ඔය sciencetific බයිලා නැතුව කෙලින්ම subject එකට බැහැපන්

    Sex කරනකොට හැදෙන්නේ කොහොමද ?

    කොපුවක් (condom) නොපැළඳ ආසාදිතයෙකු සමග ලිංගිකව එක්වීම න් තාමා හැදෙන්නේ .

    මුඛ ලිංගික සංසර්ගයේදී ඕක බෝවෙන්න බැරි ද ?

    පුළුවන් , අසදිතයෙකු එක්ක sex කරනකොට ශ්‍රාවය වන දේවල් වල AIDS වෛරසය තියෙන්න පුළුවන් .
    ඒවා ශරීර ගතවුවොත් බෝ වෙන්න පුළුවන්.

    අඩෝ මන් එකෙනේක් එක්ක බැලුම (කොන්ඩමය) නැතුව Sex kala...
    කොහොමද එයාට AIDS තියෙනවා කියලා හොයාගන්නේ.

    උඹේ වෙලාවට එයාට AIDS තිබ්බා නම් ඉතින් sorry .com thamaa, එක තාමා කියන්නේ වටේටම දීගෙන යන්න එපා කියල.
    එහෙම හොයාගන්න බෑ, හොඳ නිරෝගී වට සිටිනවා වගේ පෙන කෙනෙක්ටත් ඇතුලේ AIDS තියෙන්න
    පුළුවන් . Blood ටෙස්ට් එකක් කරලම තාමා ඉට්ටින් හොයාගන්න පුළුවන් වෙන්නේ.


    ලිප්ස් වලට Kiss කලාමත් හැදෙනවද ?

    හැදෙන්න පුළුවන් එත් සම්බවිතව අඩුයි .
    HIV ආසාදිතයකු වීමට නම් සැළකිය යුතු වෛරස ප්‍රමාණයක් ශරීරගත විය යුතුය.
    ඛේඨයේ HIV වෛරසය පවතී. ඒත් සුළු ප්‍රමාණ වලිනි.
    මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයන වලට අනුව මුඛයේ විවෘත තුවාල,
    විදුරුමස් ආසාදන තිබේ නම් වෛරස ආසාදන ඇතිවීමට ඉඩක් ඇත.

    Blood test කරන්නේ නැතුව AIDS sure එකටම තියෙනවා කියල හොයා ගන්න බැරිද ?

    බැ , sure එකටම දැනගන්න පුළුවන් HIV virus එක අසාදනය වෙලා , රෝග ලක්ෂණ බබා වගේ පෙන්නන්න ගතට පස්සේ තාමා, එහෙම රෝග ලක්ෂණ පෙන්නන්න අවුරුදු 5ත් 10ත් වගේ කාලයක් යන්න පුළුවන් .

    symptomes_principaux_de_linfection_par_le_hiv_aig_poster-rf6e7c95423aa4a2185f0ec2eb2c908d1_cav_400.jpg


    Sex කරලා විතරාමද AIDS බෝ වෙන්නේ ?

    නෑ උඹේ ශරීරෙට අසදිතයෙකුගේ ලේ ඇතුල් වෙන්න පුළුවන් ක්‍රම තුලින් බෝ වෙනවා.
    ඒ කියන්නේ කොන්ඩේ කපන්න ගියාම side barm shave කරන පිහියේ තියෙන බ්ලඩ් එක මීට ඉස්සෙලත් එකෙනෙක්ට use කලොත් ,
    ඉස්සෙල්ල එකෙනට AIDS thibboth , blade එකේ ඉස්සෙලා එකෙනගේ ලේ තිබිල ඔයාගේ කපනකොට ශරීරෙට ඒ ලේ ඇතුළු උනොත් හැදෙන්න පුලුවන්.
    එත් දැන් නම් බර්බර්ස් ලා බ්ලඩ් එක මාරු කරනවා ,උඹට sure නැත්තම් බර්බර්ගෙන් කෙලින්ම අහපන් blade එක මාරු කලා ද කියල.

    ලේ දෙනකොට හැදෙන්න පුළුවන් ( එත් දැන් දෙන්න ඉස්සෙල්ල ටෙස්ට් කරනවා )

    AIDS අසාදිත අම්මා කෙන්කෙකුට බබෙක් හම්බ උනොත් ඒ බබාටත් අනිවා AIDS තියෙනවා.

    කිවිසීම, කැස්ස, පිඟන්-කෝප්ප හවුලේ භාවිතය කලොත් හැදෙන්න පුලුවන්ද ?



    HIV වෛරසයට විවෘත පරිසරයේ රැඳී සිටීමට හැකියාවක් නොමැත. එසේ සිදුවූ බවට සාක්‍ෂිද නැත. මේ අනුව කෙළ ගැසීමෙන්, කැස්ස හා කිවිසීමෙන් මෙන්ම පිඟන් හා වෙනත් භාණ්ඩ හවුලේ භාවිතයෙන් මේ වෛරසය සම්ප්‍රේෂණය වීමට ඉඩක් නැත.
    එසේම නාන කාමර, ටොයිලට් සීට්, තටාක ආදිය භාවිතයෙන්ද මේ වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීමට ඉඩක් නැත.
    · මදුරුවන්, කෘමි දෂ්ඨ වලදී
    මේ සම්බන්‍ධයෙන්ද පර්යේෂණ විශාල වශයෙන් සිදුකරන ලදී. රෝගියාට දෂ්ඨ කරන මදුරුවෙකු වෙනත් අයෙකුටද දෂ්ඨ කිරිමේදී දෙවැන්නාට වෛරසය ආසාදනය වීමට ඉඩක් නැත. කෘමීන්, මදුරුවන් මේ වෛරසයේ වාහකයන් නොවේ.
    · ජීවාණුහරිත එන්නත් කටු භාවිතය
    එන්නත් කටු ජීවාණුහරණය කිරීමේදී HIV වෛරසයට නොනැසී ඉන්නට ඉඩක් නැත. මේ නිසා නියමිත ජීවාණුහරණ ක්‍රියාවලියට ලක් කළ එන්නත් කටු ආදිය භාවිතයට බිය විය යුතු නොවේ.
    · ආරක්‍ෂිත සම්භෝගය
    කොපුවක් පැළඳ ලිංගික සම්භෝගයේ යෙදීමේදී ශරීර තරල හුවමාරු වීමට ඉඩක් නැත. ඒ නිසා වෛරස සම්ප්‍රේෂණයටද ඉඩක් නැත.

    කොහොමද දැනගන්නේ මේක හැදිලද කියල. රුධිර පරීක්ෂාවක් මගින් වෛරසය
    හදුනා ගත හැකිද?

    උඹට ලොකු සැකයක් තියෙනවනම් blood test එකක් කරපන් .ඒ සදහා කරන රුධිර පරික්ෂාව anti-HIV antibody (IgG and IgM) test හෝ HIV p24 antigen test කියලා තමා කියන්නේ . එත් වෛරසය ඇගට ඇතුළු වී මුල් මාස 6 ඇතුලත මෙම පරික්ෂාව කිරීමෙන් එය හදුනා ගත නොහැකි වෙන්නත් පුළුවන්

    උඹලගේ මොලේට පොඩ්ඩක් හරි දැනුමක් ලැබුනා නම් රේප් එක්කක් දීල යන්න
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    ගොඩක් දේවල් නම් දැනගෙන හිටියා:yes:
    මොකෝ මේවා 9 වසරේ Health පොතෙත් තිබුන;)
    අනිත් අය වෙනුවෙන් බම්ප් එකක් :)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දන්නේ නැති අයට තව දෙයක් මෙතනම දාන්න හිතුන.

    ලේ දෙනකොට ඒඩ්ස් හැදෙනවා කියන දේ ගොඩක් අයට හිතාගන්න පුළුවන්.
    එත් ගොඩක් අයට හිතාගන්න බැහැ කොහොමද කිස් කලහම ඒඩ්ස් හැදෙන්න සම්භාවිතාවක් තියෙන්නේ කියල.
    කිස් කරනකොට ඒඩ්ස් හැදෙන්න පුළුවන් කියන්නේ මේකයි. අපේ ඇගේ වෙනත් තැන්වල තිබෙන සම වගේ නෙමෙයි ලිංගික අවයව වල(ශිෂ්න මුන්ඩයේ,යෝනි විවරයේ) සහ තොල් වල ඇතුළු පැත්තේ තිබෙන සම. මතකනේ පොඩිකාලේ විද්‍යාව කරනකොට යෝගට් හැන්දකින් කට ඇතුල් පැත්ත හුරලා සෛල අරන් බැලුව. මොකද ඒ තැන්වල සම ගොඩක් සංවේදියි. ඒ සම හරහා වෛරස් ඇතුළු වෙන්න පුළුවන්. ඒකයි කිස් කරනකොට ඒඩ්ස් හැදෙන්න පුළුවන් කියන්නේ. අනල් සෙක්ස් කරනකොටත් ඒඩ්ස් හැදෙන්න පුළුවන් කියන්නේ ඒකයි..:):)


    රෙප්+