වස විස නැති සහල් ආහාරයට ගෙන සුවපත් වෙමු

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    වස විස නැති සහල් ආහාරයට ගෙන සුවපත් වෙමු

    Vatina Thread ekak nisa methana damme, Aniwa kiyawapan mchn


    මේ වෙනකොට වස විස නැති පාරම්පරික ගොවිතැන හෙලසුවය සංවිධානය මුල් වෙලා අක්කර 10000ක් විතර කරනවා ලංකාව වටේම. 2009 දී ලියැදි කෑලි දෙකකින් පටන් ගත්ත එක අද වෙනකොට මේ තත්වෙට ඇවිත් තියනවා. වැඩි තණ්හාවට දෙමුහුන් බිජ පස්සේ දුවලා හැම ගෙදරකම තියන සනීප කරගන්න බැරි බෝ නොවන රෝග හදා ගත්තේ අපිමයි කියන එක මතක තියා ගන්න.. ඕවා තනිකරම බහුජාතික සමාගම් වල යටිකුට්ටු වැඩ. අපේ තිබ්බ පාරම්පරික බිජ ඔක්කොම හොරකම් කරලා ඒවා දෙමුහුන් කරලා උන්ට අයිති කර ගත්තා. ඊටපස්සේ අපේ බිජ විනාශ කරලා උන්ගේ ඒවා මෙහෙට එව්වා. ඒවාට ඕනේ කියලා පොහොර ජාති දුන්නා. ඒ පොහොරත් එක්ක දිලිර වර්ග වල් වර්ග වල ඇට ජාති එක එක සත්තු ජාති දාල එව්වා.ඊට පස්සේ හැදෙන වල් වර්ග කෘමි සත්තු විනාශ කරන්න වෙනම බෙහෙත් කියලා වස විස දුන්නා. ඒ ඔක්කොම සල්ලි වලට හොදේ.සල්ලි වැඩිපුර හම්බෙනවා කියලා හිතාගෙන අපේ ගොවියෝ ගෙවගන්න බැරි ණය කාරයෝ උනා. ඊලග කන්නේ වගා කරන ඇට ජාති අර සමාගම් වලින් ආපහු සල්ලි දීලා ගන්න උනා. උන්ගේ රසායනික බේත් පොහොර වර්ග නිසා අපේ මිනිස්සු බෝනොවන රෝගවලට ගොදුරු උනා. ඒ ලෙඩවලට ඕනේ කරන බේත් හේත් උපකරණ හැමදෙයක්ම අර ඇට වර්ග එවපු බහු ජාතික සමාගම් වලින්ම අපේ රටට දෙනවා.. නිකන් නෙමේ සල්ලි වලට.. බලන් ගියාම දෙමුහුන් ඇට වර්ග වලින් හදපු අහාරපාන නිසා අපි ඒ බහුජාතික සමාගම් වල යාවජීව සාමාජිකයෝ වෙලා මැරෙනකන්ම.... ඇයි ඉතින් ඒ ලෙඩ බටහිර විද්‍යාවට හොද කරන්න බෑ නේ. විදවලා විදවලා මැරෙනකම් බෙහෙත් ගිල ගිල බොරුවට පාලනය කරන් ඉන්නවා කියලා කියන්න විතරයි නේ පුළුවන්.:no::no::no::no:





    IMG_3018.jpg


    IMG_3014.jpg


    IMG_3017.jpg


    අඩ සියවසකට ආසන්න කාලයක් අධික වස විස සහිත ආහාර අනුභව කල ශ්‍රී ලාංකික අපි, ජාතියක් ලෙස ම රෝගීන් බවට පත්ව සිටිමු. දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා, හෘදයාබාධ, අංශභාගය, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ඇදුම හා ගැස්ට්‍රයිටිස් ආදී බෝනොවන රෝග නොමැති අයකු සොයාගැනීමට නොහැකි තරම් ය. අද අපගේ පාසල් ළමුන්ගෙන් 10-15% අතර සංඛ්‍යාවකට දියවැඩියාව තිබෙන බව ඔබ නොදන්නවා විය හැකි ය. රටට බත සපයන ගොවියා මාරාන්තික වකුගඩු රෝගයකට ගොදුරු වී මේ වනවිට තවත් ලක්ෂ ගණනින් රෝගාතුරව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටී. ඉතිහාසයේ අප මුතුන් මිත්තන් අවුරුදු 100 කට වඩා ආයු වැළඳුවේ පාරම්පරික ආහාර රටාවල් අනුගමනය කිරීමෙනි. ඔවුහු කෘෂි රසායන භාවිතා නොකළහ. එහෙත් පරාක්‍රමබාහු රජතුමා කෝටි 06ක් ජනතාවට බත සපයා විදෙස්වලට ද සහල් යැවූ බව ඉතිහාසයේ සඳහන් වී ඇති බව අපි දනිමු.

    අතීතයේ සාම්ප්‍රදායික ආහාර රටාවකට හුරු වී සිටි අප ලාංකීය ජාතිය අද මේ සා ව්‍යසනයකට පත්ව ඇත්තේ කෘෂි රසායනවල ඇති බැර ලෝහ (ආසනික් ඇතුළු) මෙන් ම කෘෂි රසායනවල අවශිෂ්ඨ, ආහාර හා පානීය ජලය හරහා ශරීර ගත වීම නිසා බව තහවුරු වී ඇත. අපගේ ප්‍රධාන ආහාරය වන “බත” තුල ම මෙම විස අඩංගු වීම අප ජාතියේ ම අභාග්‍යයකි. මෙම විෂ අපගේ ආහාර වේලට එක් වන්නේ කෘෂිරසායන වලින් බව සැකයකින් තොරව විශ්වාස කල හැකි තත්වයක් අද තිබේ. තව ද කෘෂි රසායන යොදන ගොවිතැනින් නිපදවෙන වැඩිදියුණු/දෙමුහුන් හා ජාන වෙනස් කළ ආහාර අප සාම්ප්‍රදායික ආහාරවලට වඩා පෝෂණ හා ඖෂධ ගුණයෙන් හීන වන අතර එම ආහාරවල රෝග නිවාරණ ගුණය අඩු ය.

    අද බෝ නොවන රෝග වසංගතයක් වී පවතින අප රට, කුරිරු යුද්ධයෙන් බැට කා බේරාගත් අප ජාතිය රෝගවලට ගොදුරු වෙමින් යුද්ධයටත් වඩා විශාල ව්‍යසනයකට පත් වී ඇත. මෙයින් රට ගලවා ගැනීමට නම් කෘෂි රසායනවලින් තොර සාම්ප්‍රදායික ආහාර රටාවට වහා ම නැවතත් අප අනුගත විය යුතු ය. හෙළ සුවයේ අපි මේ කාර්යභාරය ඉටු කිරීම උදෙසා මහත් වෙහෙසක් ගනිමින් සිටිමු..ගොවියාගේත්, රටේත් මුදල් පිට රට පටවමින් ජාතිය රෝගී කල කෘෂි රසායන වලින් මිදී සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි “හෙළ ගොවිතැන” අපි ගොවියාට හඳුන්වා දුන්නෙමු. පුරාණයේ රට ස්වයං පෝෂිත කල හෙළ ගොවි තාක්ෂණය නැවතත් ගොවියා අතට පත්කරමින් පසු ගිය මහ කන්නයේ දී, පංච සීලය රැකගෙන වස විසෙන් තොරව රට වෙනුවෙන් කෙත අස්වද්දන්නට ගොවියාට ශක්තිය ලබා දුනිමු. ලියැදි හතරකින් ආරම්භ කළ හෙළ ගොවිතැන “හෙළ සුවය” මග පෙන්වීම සහ අධීක්ෂණය යටතේ මේ වන විට අක්කර 10,000 ක් පමණ වන තෙක් රට පුරා මෙසේ වගා කෙරෙමින් ව්‍යාප්ත වුණු අතර මේ දිනවල ඉන් ලැබෙන අස්වැන්න මිල දී ගැනීම සිදුවෙයි. එයින් ලැබෙන සහල් “හෙළ සහල්” නමින් ශ්‍රී ලාංකිකයන් අතරේ බෙදා දෙමින් ගොවියාත්, ජාතියත් සුවපත් කිරීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇත. මෙහි දී ගොවියා දිරිමත් කිරීම උදෙසා වී කිලෝවක් රු 70/- කට අපි මිල දී ගනිමු. හාල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වී කිලෝ එක හමාරකට වැඩි ප්‍රමාණයක් යන අතර ප්‍රවාහන වියදම් හා අනෙකුත් වියදම් එකතු කල විට හාල් කිලෝවක් රු 165 කට ඔබ අතට පත් කිරීමට අපගේ උත්සාහයෙන් හැකි වී ඇත. මෙම සහල් ආහාරයට ගැනීමෙන් ඔබගේ කායික නිරෝගීභාවය රැක ගැනීමට හැකි වන අතර අපගේ දුප්පත් ගොවියා රැක ගැනීමට හැකි වේ.

    මෙම සහල්වලින් විවිධ නිෂ්පාදන කර හෙළ සුවය රටට අලෙවි කරන්නේ ඔබ සැමගේ ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමට තරම් හැකියාවක් මෙම සහල්වලට ඇති බව හඳුනාගත් නිසාය. කොළඹ ITI ආයතනය මගින් පර්යේෂණ කර මෙම සහල්වල ගුණ අගුණ තහවුරු කර ඇත.

    මෙම සහල් භාවිතා කර “හෙළ සුවය” මගින් කැඳ වර්ග හතරක් නිෂ්පාදනය කොට ඇත. එම කැඳවල ගුණ ද කොළඹ ITI ආයතනය මගින් පර්යේෂණය කර හඳුනාගෙන ඇත.



    වගුව 01 .
    පාරම්පරික සහල් හා වැඩිදියුණු සහල් වර්ග වල ගුණ සැසඳුම
    6668492.jpg



    01.පච්චපෙරුමාල්
    :ස්වභාවික ප්‍රතිශක්තිය වැඩි කරවයි. වකුගඩු රෝගවලට ඉතා යහපති. මුත්‍රා පෙරීම පහසු කරවයි.

    02. කහමාල:දියවැඩියා රෝගීන්ට ගුණදායක සහලකි. හන්දි රෝග, පිළිකා රෝග, අක්මාවේ රෝග ඇති අයට ඉතා ගුණදායක ය. මෙම සහලෙහි තන්තුමය ස්වභාවය වැඩි නිසා ආහාර ජීර්ණය හා අවශෝෂණය පහසු කරවන අතර ආහාර මාර්ගයේ ආබාධ ඇති අයට ඉතා ගුණදායක සහලකි.

    03.බටපොලැල්:අක්මාවේ එන්සයිම ක්‍රියාකාරීත්වයට ඉතා යහපති. ශරීරයේ විෂ අයින් කරවයි. ශරීරයේ රුධිරය වඩවයි. දියවැඩියාව හා පිළිකා නාශක ගුණය වර්ධනය කරවයි.

    04.කුරුලුතුඩ:හන්දි රෝගවලට ඉතා යහපති. ඇට මිදුලුවල ක්‍රියාකාරිත්වය වැඩි කරවයි.

    05.කළුහීනටි : ශරීරයේ ඕනෑම විසක් අයින් කිරීම සඳහා විශේෂිත වූ විෂ නාශක ගුණ ඇති සහල් වර්ගයකි. පිළිකා නාශක ගුණයකින් යුක්තයි. ඉන්සියුලින් හෝර්මෝනය සෑදීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය උත්තේජනය කරවයි. එ බැවින් දියවැඩියා රෝගයට විශේෂිත ගුණදායක සහල් වර්ගයකි. හෘද රෝගවලට ඉතා යහපති.

    06.සුවඳැල්: ඇස් රෝගවලට හා ස්නායු වර්ධනයට ඉතා යහපති.

    07.මඩතවාලු ශරීරයේ විෂ අයින් කරවයි. දියවැඩියා රෝග සමනය කරයි. පිළිකාකාරක ශරීරයෙන් ඉවත් කරයි. ජාන විකෘතිතා ඇති වීම වලක්වයි. ස්වභාවික ප්‍රතිශක්තිය වැඩිකරවා ශරීරයේ ප්‍රජනක හැකියාව වර්ධනය කරයි. අන්ගේ උෂ්ණත්වය අනවශ්‍ය ආකාරයට වැඩිවීම වලක්වයි.



    6155743_orig.png

    7852822.jpg



    මෙම කැඳ වල අඩංගු තුනපහ පැකට්ටුව ද දෙවිවරුන් විසින් දෙන ලද ඖෂධීය වට්ටෝරුවකට අනුව සකස් කරන ලද්දකි. රු. 70 ක් වැනි ඉතා අඩු මිලකට ඔබ වෙත සැපයීමට මා සිතුවේ මෙම දෙවිවරුන්ගේ ඉල්ලීම මතය. අද අප රටේ සියලු ජනතාව රෝගීන් බවට පත් වෙමින් සිටින අතර වස විස ගසන ලද ආහාර අනුභවය නිසා ශරීරය විවිධ දුර්වලතා වලට පත් වෙමින් පවතී. මේ රටේ ජාතිය මෙම රෝගී තත්වයන්ගෙන් බේරා ගැනීමේ පරමාර්ථයෙන් මෙම කැඳ පිළියෙල කරන්නේ දෙවිවරුන් විසින් දෙන ලද සියලු උපදෙස් පිළිපදිමිනි. අප දරු පරම්පරාව දියවැඩියා රෝගයට පාත්‍ර වීමේ විශාල අවධානමකට අපි මුහුණ දෙමින් සිටිමු. මෙම කැඳ වල රසය දරුවන්ගේ ප්‍රිය උපදවන ආකාරයට සාදා ඇත. ස්වභාවික ද්‍රව්‍යන්ගේ එකතුවකින් සාදන ලද මෙම කැඳ පැකට්ටුවේ අඩංගු තුනපහ පැකට්ටුව විශේෂිත වූ රසයකින් යුක්තය. අද විශාල වශයෙන් රසකාරක වලට අප දරු පරම්පරාවේ රසය හුරු කරවමින් පවතී. මෙයින් දරුවන් බේරා ගැනීමේ අරමුණින් දෙවිවරුන් විසින් දෙන ලද මෙම සුවිශේෂී තුන පහ පැකට්ටුව තුල අඩංගු ගුණාත්මකභාවය දරුවන්ගේ ශරීරවල ඇති විෂ අයින් කරවීමට උදවු වනවා පමණක් නොව ලේ වැඩවීමට හා ස්වභාවික ප්‍රතිශක්තිය ඇති කරවීමට උදවු වන බව දෙවිවරුන් විසින් ප්‍රකාශ කරන ලදි. අනාගතයේ වඳවී යාමේ තර්ජනයකට මුහුණ දෙමින් පවතින ශ්‍රී ලාංකීය ජනතාව බේරා ගැනීම අපගේ එකම පරමාර්ථයයි.



    මෙම කැඳ පැකට්ටුවේ ඇති සහල් වර්ග ද වස විස නැතුව දෙවිවරුන්ගේ උපදෙස් පරිදී නිපද වූ සහල්ම ය. උන්වහන්සේලාගේ උපදේශයට අනුව මෙම කැඳ පැකට්ටුව සහල් වර්ග කිහිපයක මිශ්‍රයකින් සාදා ඇත. මෙම සහල්වර්ග වල මිශ්‍රණය උන්වහන්සේලා විසින් දෙන ලද විශේෂිත වූ අනුපාතයකට අනුව සකස් කර ඇත.

    මෙම කැඳ පැකට්ටුවෙන් කැඳ පීරිසි කෝප්ප 15 ක් සාදා ගත හැකි අතර සාමාන්‍යයෙන් සතර දෙනෙක් සිටින පවුලකට වාර තුනකට සෑහේ. ඉතා පහසු විශේෂිත මිලකට මෙම කැඳ පැකට්ටුව සකසා දීමේ පරමාර්ථය වන්නේ ද අප රටේ සිටින්නා වූ ඕනෑම දුප්පතෙකුට මෙය ආහාරයට ගෙන නීරෝගීභාවය ඇති කරවීමේ උදාර පරමාර්ථයෙනි. එමෙන්ම වස විස නැති සහල් නිපදවන අපේ ගොවියා ආරක්ෂා කරගැනීම උදෙසා ඔවුන්ගේ සහල් ඉතා වැඩි මිලකට, එනම් අප කියා දෙන වට්ටෝරු ක්‍රමයට කරන ලද වී කිලෝ 1 ක් රු. 60 ක් වැනි ඉහල මිලකට අපි
    ලබා ගන්නෙමු. ඉන්පසු වී කිලෝ එක හමාරකට වැඩි ප්‍රමාණයක් හාල් කිලෝ එකක් සැදීම සඳහා වැය වේ. අධික ප්‍රවාහන වියදම් සහිතව මෙය නිෂ්පාදනයේ දී යන්නා වූ කුලිය ද දරාගෙන අප මෙම කැඳ පැකට්ටුවක් රු 70 ක් වැනි මිලකට ලබා දෙන්නේ අපගේ ආදරණීය ශ්‍රී ලාංකීය ජනතාව වන ඔබ වෙනුවෙන් ම යි. ඔබගේ දරුවන් නීරෝගී කර ගැනීම සඳහා මෙම කැඳ ආහාරයට දෙන්න. කොළඹ ප්‍රධාන පෙලේ පාසලක් වන රාජකීය විද්‍යාලයේ දී මෙම කැඳ සාදා දරුවන්ට හා ගුරුවරුන්ට දීම දැනටමත් ආරම්භ කර ඇති අතර එයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතී.

    ඕලුහාල් -
    මුතුන්මිත්තන් පරිහරණය කළ බුද්ධ භෝගයකි. දියවැඩියා රෝගයට ඉතා ගුණදායකය. අක්මාවේ රෝග සුව කිරීමට ඉතා යහපති. අක්මාව හා ආහාර මාර්ගයට සම්බන්ධ හෝර්මෝන ක්‍රියාවලීන් නිවැරදි ආකාරයට පාලනය කර ඒ හරහා ආහාර මාර්ගයට සම්බන්ධ එන්සයිම ශ්‍රාවයන් උත්තේජනය කරවයි. අර්ශස් අමාරු අඩු කරවයි. ප්‍රජනක රෝග අඩු කරවයි. ප්‍රජනක ශක්තිය ස්වාභාවික ප්‍රමාණයට ඇති කරවයි. ශරීරයේ ස්වාභාවික ප්‍රතිශක්තිය ඇති කරවන අතර වකුගඩුවල නිරෝගීභාවය ඇති කරවයි. නිතැතින් ම වකුගඩු හා පිත්තාශය වැනි තැන්වල ගල් සෑදීම පාලනය කරවයි. ගල් දිය කිරීමේ ගුණය ද ඉතා ඉහළින් ඇත. ඇස් පෙනීම වැඩි කරවන අතර සෙම ස්වභාවයන් නැති කරවයි. රුධිර කැටි ගැසීම, හෘදයාබාධ වැනි රෝගවලට සුවිශේෂී ගුණයක් ගෙන දේ.


    ඔබට “හෙළ සහල්” පිලිබඳ වැඩිදුර විස්තර www.helasuwaya.org යන වෙබ් අඩවියෙන් බලා ගත හැකිය. සහල් මිලදී ගත හැකි ස්ථාන සහ තොරතුරු ලබාගත හැකි මාර්ගයන් පිළිබඳව විස්තර අපගේ දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගත හැකි ය.


    නීරෝගී ජාතියක් බිහිකරමු...!!!!

    මෙයට,

    “හෙළ සුවය”

    112/ඩී, කහන්තොට පාර, මාලබේ, ශ්‍රී ලංකා.

    දුරකථනය : +94 112412943

    විද්‍යුත් තැපෑල: http://[email protected]

    වෙබ් අඩවිය: http://www.helasuwaya.org

    උපුටා ගත්තේ www.helasuwaya.org වෙබ් අඩවියෙනි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    වසර 03 කට පසුව වුව උඩට ගෙන ආ යුතුව ඇත....:yes::yes:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Vatina Thread ekak nisa methana damme, Aniwa kiyawapan mchn

    මෙම කැඳ පැකට්ටුවේ ඇති සහල් වර්ග ද වස විස නැතුව දෙවිවරුන්ගේ උපදෙස් පරිදී නිපද වූ සහල්ම ය. උන්වහන්සේලාගේ උපදේශයට අනුව මෙම කැඳ පැකට්ටුව සහල් වර්ග කිහිපයක මිශ්‍රණයකින් සාදා ඇත. මෙම සහල්වර්ග වල මිශ්‍රණය උන්වහන්සේලා විසින් දෙන ලද විශේෂිත වූ අනුපාතයකට අනුව සකස් කර ඇත.

    වැඩි තණ්හාවට දෙමුහුන් බිජ පස්සේ දුවලා හැම ගෙදරකම තියන සනීප කරගන්න බැරි බෝ නොවන රෝග හදා ගත්තේ අපිමයි කියන එක මතක තියා ගන්න..


    තව ද කෘෂි රසායන යොදන ගොවිතැනින් නිපදවෙන වැඩිදියුණු/දෙමුහුන් හා ජාන වෙනස් කළ ආහාර අප සාම්ප්‍රදායික ආහාරවලට වඩා පෝෂණ හා ඖෂධ ගුණයෙන් හීන වන අතර එම ආහාරවල රෝග නිවාරණ ගුණය අඩු ය.

    මිනිස්සු රවට්ටන්න එපා බන් මෝඩ බොරු කතා කියල
     
    Last edited: