ඇහැළේපොළ මහ නිලමෙතුමාගේ අන්තිම කැමැති පත
ඇහැළේපොළ මහ නිලමෙතුමාගේ අන්තිම කැමැති පත්‍රය මෙසේය.
'මුරුසියේ (Mauritius) පැම්පල් මුසාස්හිදී 1829 අප්‍රේල් 2දා ලියා දෙන තෑගි ඔප්පුවේ වග නම්:
දැනට මාරක රෝගයකින් පෙළෙමින් සිටින ඇහැළේපොළ මහ නිලමේ වන මම, මා මෙහි කැඳවාගෙන ආ මගේ මෙහෙකාර ඩිංගිරියාට මට අයිති මුරුසියේ තිබෙන සියලු මුදල් හා බඩු බාහිරාදිය මෙයින් පවරමි. ඒ මුදල්වලින් ස්පාඤ්ඤ ඩොලර් 100ක් කැන්දගමුවේ නිලමේටය. තවත් 100ක් දාගන්දෙණියේ ආරච්චිලටය.
මෙසේ මෙහි අන්තිමට නම් සඳහන් කළ දෙදෙනා මගේ මරණ මංචකයේදී මට බොහෝ උපකාර කළ බැවිනුත්, ඉංග්‍රීසි ආණ්ඩුවට සිංහල රාජධානිය අල්ලාදීමේදී අසහාය ලෙස උපකාරී වූ මා හට බොහෝ පක්‍ෂපාත ලෙස සේවය කොට ඉංග්‍රීසින්ට උදව් පිණිස සෙබළ පිරිස් පවා යැවූ බවද සලකා ඊට කෘත උපකාර වශයෙන් එකී කැන්දගමුවේ නිලමේ හා දාගන්දෙණියේ ආරච්චිලට සමාවදී ඔවුන් නිදහස්කර සිය රට යවන මෙන් මම ආණ්ඩුවෙන් උදක්ම ඉල්ලා සිටිමි.
තවද මට අයිතිව දැනට මහනුවර කච්චේරිය බාරව තිබෙන සියලු මුදල් සහ දේපොළ දැනට මගේ අසරණ ඥාතියකුව සිටින පිළිමතලාවේ දිසාවටද භාර දෙනු ලැබේවා. එමෙන්ම මහනුවර කච්චේරියේ තිබෙන මගේ දේපොළවලින් පාගා්දි 3,550ක්ද මගේ ඇඟිලි බැඳි ලොකු මුද්ද හා සිංහල ඔරලෝසුව ෙදාන් බස්තියන් මුදලිතුමාටද පවරාදෙන මෙන් ඉල්ලමි. අත්සන් කළේ ඇහැළේපොළ මහ නිලමෙ මීට සාක්‍ෂි ඉහගම බබාසා.
තවද මාගේ පරම්පරාවෙන් පැවැතෙන්නකු නැති බැවින් මගේ ගොඩමඩ සියලු ඉඩම් මගේ සහෝදරියගේ මරණින් පසු භුක්ති විඳීමට මා සමඟ මුරුසියට පැමිණි මුහන්දිරම් රාලහාමිටද භාරදෙන මෙන් ඉල්ලා සිටිමි.
තවද මුරුසි ආණ්ඩුවෙන් හා ලංකා ආණ්ඩුවෙන් මා ඉල්ලා සිටින්නේ මගේ දේපොළ සම්බන්ධව තෑගි ඔප්පු ලියා ඊට නිසි මුද්දර තබා පවරා දෙන හැටියටය.
මගේ ඇඳුම් සියල්ල මාලිගාවටය. මට අයිති ඩිංගිරියාද මෙයින් නිදහස්කර හරිමි. මගේ මුද්ද බැරි ෙදාස්තර මහතාටය.
අස්සන් කළේ ඇහැළේපොළ මහ නිලමෙ. මීට සාක්‍ෂි ඉහගම බබාසා.
ඇහැළේපොළ මහ නිලමෙ මියයන විට 57 වන වියේ පසු විය. 1816දී කන්ද උඩරටින් මුරුසියට පිටුවහල් කරන ලද ඇහැළේපොළ නිලමෙ වසර 13ක් එහි ජීවත්ව සිට ඇත. ඔහු රෝගාතුර වී ඇත්තේ 1829 මාර්තු 31 දාය. රෝගය අතීසාරය විය. එම රෝගය සුව කළ නොහැක්කක් බව එදා දවස ඔහු වටා සිටි සියලු දෙනාම දැනුවත්වී ඇත. නිලමෙතුමාද ඒ බව යම්තාක් දුරට දැන සිට ඇත. ඔහු රෝගාතුර වූ අවස්ථාවේ සිටම ඔහු හොඳ සිහි නුවණින් යුක්තව ඔහු වටා සිටි සෑම දෙනා සමඟම සතුටුසාමීචියේ නිරතව ඇත. ඔහු 1829 අප්‍රේල් 4දා පෙරවරු 9.00ට පමණ හොඳ සිහිනුවණින්ම අවසන් හුස්ම හෙළා තිබේ.
පසුදා සවස උතුරු මුරුසියේ පැම්පල් ප්‍රදේශයේ රජයේ රෝහල අසල භූමි කොටසකදී ආදාහනය සිදුව ඇත. මෙම ආදාහනය ඇහැළේපොළ නිලමෙතුමාට ගරු බුහුමන් ඇතිව සිදුකර ඇති අතර එම අවස්ථාවට මුරුසියේ සිරගතව සිටි උඩරට ප්‍රභූන්ද මුරුසියේ පාලකයන්ද සහභාගිවී ඇත.
එවකට මුරුසියේ සිටි කන්ද උඩරට ප්‍රභූන් භාරව සිටි බි්‍රතාන්‍ය රාජකීය භට හමුදාවේ හමුදා නායක රිචර්ඩ් විකාර්ස් මහතා ඇහැළේපොළගේ අවසන් දින කිහිපය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ඇත්තේ මෙසේය.
'1829 මාර්තු 31දා උදෑසන නිලමෙතුමා රෝගාතුරව ඇති බව ඔහුගේ භාෂා පරිවර්තක ෙදාන් බස්තියන් මා දැනුවත් කළා. මම වහාම කඳවුර භාර හාට් ෙදාස්තර මහතාට පණිවුඩ යැවූ නමුත් ඔහු එම අවස්ථාවේ පිට පළාතක කටයුත්තක් සඳහා පිටත්ව ගොස් සිටියා. ඉන් අනතුරුව ප්‍රධාන වෛද්‍ය නිලධාරී බැරි මහතා කැඳවූවා.
බැරි මහතා නිලමෙතුමාගේ හොඳ හිතවතෙකුවද සිටියා. බැරි මහතා නිලමෙතුමාට ප්‍රතිකාර කළා පමණක් නොව ඔහු මියයන තෙක්ම දවසේ වැඩි කාලයක් ඔහු අසලම ගත කළා. මහ නිලමෙතුමා රෝගාතුරවීමේ ආරංචියත් සමඟ මුරුසියේ රඳවා සිටි උඩරට ප්‍රභූන්ද එහි පැමිණ ඔහුට සාත්තු සප්පායම් කරමින් ඔහු අස්වැසීමෙහි නිරතව සිටියා. ඔහු සුවකළ නොහැකි තත්ත්වයක සිටිනා බව 'බැරි' ෙදාස්තර මහතා ප්‍රකාශ කිරීමෙන් පසු එහි සිටි වගකිව යුතු අයගේ සාකච්ඡාවකින් පසු ඇහැළේපොළ බූදලය සම්බන්ධයෙන් අන්තිම කැමැති පත්තරයක් සකස් කිරීමේ යෝජනාව ඉදිරිපත් වුණා. මහ නිලමෙතුමාගේ කැමැත්ත අනුව එය සකස් වූ අතර නිලමෙතුමා එයට අස්සන් තැබුවා. සාක්‍ෂිකරු ලෙස ඉහලගම බබාසා අස්සන් තැබුවා. ඔහු ඇහැළේපොළ නිලමෙ සමඟ ඉංග්‍රීසි ආණ්ඩුවේ සිර අඩස්සියට පත්වූ අයෙක්.
ඇහැළේපොළ මහ නිලමේ අවසන් කටයුතු මුරුසි රෝහල ඉදිරිපිට භූමි කොටසක සිදුවීමෙන් පසු ඔහුගේ භස්මාවශේෂ තැන්පත් කළ සොහොන් කොතක්ද මුරුසි ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ඉදිකර ඇත.
එම සොහොන්කොත අද දවසද ඕනෑම අයකුට දැකගත හැකි අයුරින් ප්‍රදර්ශන තත්ත්වයේ පවතින්නකි. එම ස්මාරක සමරු ඵලකයේ ඉංග්‍රීසි සිංහල භාෂා දෙකින්ම මෙසේ සටහනක් ඇත.
'අනිච්චාවත සංඛාරා
අවුරුදු 57ක් වසක් වී 1829 අප්‍රේල් 4 වැනි දින කලුරිය කළ මහනුවර රජතුමාගේ අගමැතිව සිටි ඇහැළේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් වාසල මුදියන්සේ ගරු සම්මානයෙන් සිහිපත් කිරීම පිණිසයි.'
මෙම සමරු ඵලකයට සමීපව මීට දශක 5කට පමණ පෙර ඉන්දීය රජය මඟින් ඉංගී්‍රසි භාෂාවෙන් සටහනක් තබා තිබේ. එහි සිංහල අනුවාදය මෙසේය.
පැරැණි ස්මාරකයක් ලෙස නීතිය මඟින් ආරක්‍ෂිතය.
මෙම සටහන ඇහැළේපොළ සොහොන තව බොහෝ කාලයක් පවතින බවට සාක්‍ෂියකි.
ඇහැලේපොළ මහ නිලමෙතුමාගේ අභාවයෙන් දින 15ක් ඉක්ම ගිය දින එනම් 1929 අප්‍රේල් 19දා එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් එඩ්වර්ඩ් බාන්ස් මහතා වෙත ඇහැළේපොළ මරණයේ තොරතුරු ඇතුළත් සන්දේශයක් සහ ඔහුගේ අන්තිම කැමැති පත්‍රයේ පිටපත් එවා තිබේ. එසේ කර ඇත්තේ ඇහැළේපොළ නිලමෙතුමාගේ මිත්‍රයකුව සිටි ඉංගී්‍රසි ජාතික බි්‍රතාන්‍ය රාජකීය හමුදා නිලධාරී රිචර්ඩ් විකාර්ස් මහතාය.
රිචර්ඩ් විකාර්ස් මහතාගේ සන්දේශයෙන් ඇහැළේපොළ චරිතයේ අවසන් දින කිහිපය පිළිබඳ මතක අප අතර රඳවා ඇත.
Thread eka Watinawa nam Rep ekak deela Yanna

Last edited:

මම දන්න කෙනෙක් ඉන්නවා ඇහැලේපොල පරම්පරාවෙන් පැවතෙන. පොඩි කාලෙ ඉඳන් එයාලව ආශ්‍රය කරද්දි ඒ මිනිස්සු කියල තියන දේවල් විතරයි බන් දන්නෙ. 