අනේ මන්ද බන් සිංහල සිනමාව වලපල්ලට ගිහින් ඉවරයි දැන්. බහුබූත ආදර කතා ඇරෙන්න වෙන දෙයක් නෑ . ඉස්සර බලපන් කොච්චර ලස්සන කතා තිබ්බද? සෝමපුර වීරයෝ එහෙම බලපු අය ඉන්නවද? දේව දරුවෝ එහෙම. දැන් සල්ලි මාකට් වෙන නාට්ටි ඇරෙන්න වටිනා නිර්මාණ බිහි වෙන්නේ නෑ.
අවුරුද්දකට එකක් දෙකක් හොඳ ඒවා එනවා. ඒ හොඳයි මොකුත් නැතිවට වඩා.
මෑතකදී බලපු හොඳම එක, "වීරයා ගෙදර ඇවිත්" . ඉවර වෙද්දී හිතුනා, තව පොඩ්ඩක් කතාව දිග වුනානම් කියල. මට එහෙම හිතිලා නෑ කාලෙකට.
මේ ටිකත් හොඳයි මටනම්.
සහෝදරයා : නරකම නැහැ. හැබැයි හිතපු තරම් ගතියකුත් නැහැ.
කූඹියෝ : හොඳයි.
සුදු ඇඳගෙන කළු ඇවිදින් : අවසානය මට හරි ගියේ නැහැ. සමහර තැන් ගොඩක් ස්ලෝ වැඩියි මටනම්. ඒත් කතාව ලස්සනයි.
තණමල්විල කොල්ලෙක් : රොෂාන් ගේ පලවෙනි එක විදියට , නියමයි. තව හැදෙන්න තැන් තියෙනවා. හිත් වලට වදින්න පුළුවන් සමහර තැන්, අපරාදේ මිස් කරනවා වගේ පේනවා.
බැද්දේ කුලවමිය : නරකම නැහැ.
මාත් English movies බලනවා. මට හිතෙන විදියට Hollywood movie/TV series එකකින් ගන්න experience එක ලංකාවේ කතාවකින් ගන්න බැහැ වගේම, ලංකාවේ ලස්සන කතාවකින් ගන්න රසය, English movie එකකින් ගන්නත් බැහැ.

