මම ඉතාම පැහැදිලිව නාමල් රාජපක්ෂ AC කාමරයට යනවා දැක්කා -තුෂාර ජයරත්න

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දසනායක මුදියන්සේලාගේ තුෂාර ජයරත්න. මේ දිනවල පාර්ලිමේන්තුවේ කතාවන ජනප්‍රිය නාමකරණයකි. ඒ නාමල් රාජපක්ෂගේ නීති විභාගය සම්බන්ධ කාරණය අභියෝගයට ලක්වනුයේ ඔහුගෙන් බැවිනි. රාජපක්ෂ පාලන සමයේ ජීවිතය රැකගනු පිණිස ස්විට්සර්ලන්තයේ දැනට දිවි ගෙවන ඔහු සමඟ කළ සංවාදයකි මේ. නාමල් රාජපක්ෂගේ නීති විභාගයේ ප්‍රශ්නය කරළියට එන්නෙ ඔබ හින්දා. ඒ සිද්ධිය ආයේ මතක් කරමුද?

    “නාමලුයි, මමයි දෙන්නම එකට තමයි ලෝ කොලේජ් එකේ ෆයිනල් ලිව්වේ. ඒ 2010 අවුරුද්දෙ. මගේ ලෝ කොලේජ් එකේ ලියාපදිංචි අංකය තමයි 17988. එතකොට නාමල් රාජපක්ෂ ලෝ කොලේජ් එකට රෙජිස්ට්‍රේෂන් එක කරගන්න එන දවසේ මම ඇස් දෙකෙන්ම දැක්කා ලෝ කොලේජ් එකේ ප්‍රින්සිපල් රොද්‍රිගු ගිහිල්ලා නාමල්ට බුලත් අතක් දීලා පිළිගන්නවා. හරි පිළිකුල්. ඊට පස්සෙ මට දැනගන්න ලැබුණා. මිනිහා ෆස්ට් ඉයර් පේපර් එක ලියන්නෙ A/C කාමරයක. අනෙක් ශිෂ්‍යයන්ට නොලැබෙන වරප්‍රසාද අවස්ථාවක් දීලා කියලා. ඊට පස්සේ මම ගියා මේක “කම්ප්ලේන්” කරන්න. අන්න ඒ වෙලාවේ තමයි මට කිව්වේ ඔයා ඔය “එක්සෑම්” එක ලියන්නෙ නැහැනේ. ඔයා ෆයිනල්නේ කියලා. ෆයිනල් කෙනෙක්ට බැහැ ෆස්ට් ඉයර් කෙනෙක්ට විරුද්ධව පැමිණිල්ලක් දාන්න. ඊට පස්සේ මම හා කියලා නිශ්ශබ්දව බලන් හිටියා. මම අවුරුදු දෙකක්ම විභාගය පාස්කර කර ඉඳලා තමයි මිනිහව අල්ල ගත්තේ.

    2010 ඔක්තෝබර් විභාගය තිබ්බේ. ඒ විභාගයේදී මට ඉතාම පැහැදිලිව නාමල් රාජපක්ස A/C කාමරයට යනවා දැක්කා. ඒකේ A/C කාමරය කියන්නෙ කොම්පියුටර් ලැබ් එක. ඕක පටන් අරගෙන තියෙන්නෙ නීති ශිෂ්‍යන්ගේ ‘අයිටී’ දැනුම වැඩි කරන්න. ඕක එක්සෑම් කාලෙ විවෘත කරන්නෙ නෑ. හැබැයි නාමල් රාජපක්ෂට විතරක් ඕපන් කළා. මම ඇස් දෙකෙන්ම දැක්කා නාමල් රාජපක්ෂ ඕකට යනවා. තව දෙන්නෙක් ඉන්නවා දැක්කා. ඒ දෙන්නා ලෝයර්ස්ලා. අනෙක් කාරණය තමයි මෙතැන තියෙන බරපතළම ප්‍රශ්නය, ලෝ කොලේජ් එකේ රූල්ස්වලට ඉතාම පැහැදිලිව තියෙනවා අපට එක්සෑම්වලදී ඉලෙක්ට්‍රොනික් අයිටම් තියාගන්න බැහැ කියලා. හැබැයි නාමල් රාජපක්ෂගේ මේසෙ උඩ කම්පියුටරයක් තිබ්බා අන්තර්ජාලයට සම්බන්ධ කරපු. අපි ගාව ෆෝන් එකක් ඔන් කරගෙන තිබුණත් විභාගය තහනම් කරනවා. එතැන තමයි ලොකුම ප්‍රශ්නය. ඊළඟ කාරණය අපි හැමෝම විභාග ලියන්නෙ දෙනෝදාහක් මැද්දේ. නාමල් රාජපක්ෂ විතරක් A/C කාමරය කවර් කරලා නීතිඥයෝ දෙන්නෙක් එක්ක තනිවම තමයි මේ ගේම් එක ගැහැව්වෙ. අනෙක් දේ තමයි ලෝ කොලේජ් එකේදී නාමල් රාජපක්ෂ දෙවැනි විභාගයයි අන්තිම එකයි දෙකම එකපාර ලිව්වා. එහෙම ලියන්න නීතියෙන් බාධාවක් නෑ. හැබැයි ඒක බොහෝම අමාරු වැඩක්. නාමල් රාජපක්ෂ සාමාන්‍යයෙන් විභාග ශාලාවට ඇවිල්ලා පැය එකහමාරින් යනවා. පැය තුනක පේපර් එකක් පැය එකහමාරින් ඉවර කරනවා කියන්නෙ සාමාන්‍යයෙන් විශ්වකර්ම වැඩක් කියලා ලෝ එක්සෑම් ගැන දන්න ඕන කෙනෙක් දන්නවා.

    ඉන් පස්සේ මේ තත්ත්වය බලාගෙන ඉන්න බැරි තැන තමයි 2010 දෙසැම්බර් මාසේ 03 වැනිදා මේ සිද්ධිය පැමිණිලි කළේ.

    ඊට පස්සේ මම ඉල්ලීමක් කළා මේ විභාගය නවත්වලා පරීක්ෂණයක් කරන්න කියලා. හැබැයි ඒගොල්ලෝ ඒක කළේ නැහැ. එතැන එක්සැමිනස්ලා ලෝයර්ලාමයි. ඒ අය මට කිව්වා. උඹ ඔළුව බේරගෙන මෙතැනින් එළියට ගිහිල්ලා ඕන එකක් කරපන් කියලා. ඉන්පස්සේ මම ඔෆිස් මැනේජර්ට කිව්වා. මිනිහා කිව්වා ඕක ප්‍රින්සිපල්ට ගිහින් කියන්න කියලා. එයා ගත්තේ නෑ. ඒ වෙනකොට රොද්‍රිගු හිටියේ නෑ. ඊළඟට මම ගියා නීතිපති එකට. නීතිපති සංස්ථාපිත නීති අධ්‍යාපන සභාවේ සාමාන්‍යාධිකාරි. ළඟට මිනිහා මේක ලියා ගත්තේ නෑ. මාව එයා අඳුරනවා. මාත් එක්ක කතා කරලා ෂේප් න්‍යායෙන් මේක මඟඅරින්න තමයි උත්සාහ කළේ. ඊට පස්සේ මම කෙහෙල්වත්ත පොලිසියට යනවා පැමිණිල්ලක් දාන්න. කෙහෙල්වත්ත පොලිසියේ අය කිව්වා නාමල්ට විරුද්ධව පැමිණිලි ලියාගන්න බෑ කියලා. ඕක ඊ-නිවුස් එකේ ගැහැව්වා. මම පොලිස් හෙඩ්ක්වාටර්ස් ගියහම මේක ආරංචි වෙලා තිබුණා. ඒ නිසා කෙහෙල්වත්ත පොලිසියට කතා කරලා මේ පැමිණිල්ල ලියාගන්න කිව්වා. ඔන්න ඔය විදිහට තමයි නාමල් එක්ක ඔය කේස් එකට පැටලෙන්නෙ.”

    පොලිසියේ පැත්තෙන් ආපු ප්‍රතිචාර කොහොමද?

    “පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා මේ ඇහින් දුටු සාක්ෂි නෙවෙයි කවුරුහරි කියපුවා අහගෙන කියන්නෙ කියලා. මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මොකද නාමල් රාජපක්ෂ විභාග ශාලාවට යනවා මම ඇහින් දුටුවා. ඒ නිසා ඒක ඇසින් දුටු සාක්ෂියක්. ඍජු සාක්ෂියක් නීතිය ඉදිරියේ වලංගු සාක්ෂියක්. දෙවැනි කාරණය තමයි මම මේවා නිවැරැදිව පැමිණිලි කරලා තිබ්බා. මේ සිද්ධිය පැමිණිලි කිරීමෙන් පස්සේ ඊළඟට “බ්‍රයිබරි” කොමිෂන් එකට ගියා. 2010 දෙසැම්බර් මාසේ 04 වැනිදා. එතැනදී “බ්‍රයිබරි” කොමිෂන් එකේ පල්ලෙහා හිටපු කට්ටිය මේක ලියා ගන්න එක ප්‍රතික්ෂේප කළා. ඒ අය කෙළින්ම කිව්වේ ජනාධිපතිගෙ පුතාට විරුද්ධව පැමිණිල්ල ලියා ගන්න බෑ කියලා. පහළ කට්ටිය මෙහෙම කිව්වේ. ඒ අය කිව්වා උඩ ඉන්න ඉහළ නිලධාරියකුට කියන්න කියලා. කමිෂනර් ගාවට ගියා. මිනිහා මට කියනවා. ලොකු එකා පොඩි එකා ගිලින එක තමයි ස්වභාවය. ඒක පිළිගන්න බැරි නම් ඇරිස්ටෝටල්ට වෙච්ච දේ තමයි වෙන්නෙ කියලා. මම ඒ පාර ඇහැව්වා ඔයා මට මරණ තර්ජනද කරන්නෙ කියලා. ඉන් පස්සේ තමයි මේක නරක තැනකට ආවේ. මමත් මට පුළුවන් දේ කළා බී.බී.සී. සිංහල එකේ දාලා වලංගු තත්ත්වයක් ඇති වුණා. මම මේ පැමිණිල්ල දාලා දවස් දෙකක් යනකොට ලෝ කොලේජ් එකේ ඔෆිස් මැනේජර්ගෙන් කෝල් එකක් එනවා. පැමිණිල්ල අයින්කර ගන්න කියලා. එයාගෙ නම. මේ විස්තර “බී.බී.සී.” සන්දේශයේ ගියා.

    ඔබට බලපෑම් ආවද?

    “ඔව්! 2011 මාර්තු මාසේ 03 වැනිදා මාව කොහුවලදී පැහැර ගත්තා. 03 වැනිදා ඔවුන් පැහැරගෙන යන්න පෙර මාර්තු 02 වැනිදා එදිරිසිංහ පාරේ 3 පටුමඟේ කඩේ ළඟට ඇවිත් කඩේ අංකල්ගෙන් තොරතුරු අහලා තිබුණා මම ගැන. කඩේ අංකල් අපේ ගෙදරට කෝල් කරන්න හදනකොට මිනිහා මාරු වෙලා තියෙනවා. ඊට පහුවැනිදා තමයි මාව කොහුවලදී අරගෙන ගියේ. කොහුවල පොලිසිය ඉස්සරහදී තමයි මාව ගත්තෙ. 120 බස් හෝල්ට් එකේදී ඒගොල්ලෝ නවත්වලා ‘යමු කට උත්තරයක් ගන්න තියෙනවා කිව්වා.’ මම කිව්වා ‘එහෙම එන්න බෑ. එහෙම නම් පොලිස් නිල වාහනයක් ඕන කියලා. පස්සේ මිනිහා මට කිව්වා එහෙම එකක් නැහැ සිවිල් වාහනයක යමු, කියලා. බස් එක ආපු ගමන් මම දුවලා ගිහින් බස් එකට නැග්ගා. නැඟලා පොඩ්ඩ දුරක් ගිහිල්ලා පස්සෙ හැරිලා බලනකොට එක නිලධාරියෙක් ඉන්නවා. ඉන්පසු එයා කිව්වා කලබල කරන්නෙ නැතිව බහින්න කියලා. බැස්සහම මාව අරගෙන ගියා. එතැන ඇවිල්ලා පොලිස් ස්ථානයක් නෙවෙයි පෞද්ගලික ස්ථානයක්. එතැන තියාගෙන මාව පැය ගණනක් ප්‍රශ්න කළා.

    ඒ වෙලාවේ ඒගොල්ලොන්ට දැනගන්න ඕන වුණේ මම කොහොමද “බී.බී.සී” එකට නිවුස් දුන්නෙ කියලා. ඒ වගේම මම කොහොමද ආසියානු මහා කොමිසමට තොරතුරු දුන්නේ කියලයි. ඒත් කාටවත් ඒ තොරතුරු දැනගන්න ලැබුණේ නැහැ. පස්සේ මාව ගෙනැල්ලා දෙල්කඳ කලර් ලයිට් ගාව දාලා ගියා. ඉන් පස්සේ මාර්තු මාසේ 20 මගේ ගෙදරට දෙන්නෙක් ආවා මෝටර් සයිකලයකින්. මම ඒ වෙලාව් ගෙදර ඉස්සරහ පඩියේ ඉඳගෙන හිටියේ. මට පයින් ගැහැව්වා. ගහපු පාර මාව වැටුණා. වැටුණට පස්සේ මගේ ඔළුවට පිස්තෝලයක් තියලා ඒ ආපු එකෙක් තර්ජනය කළා “උඹ ලොකු මිනිහෙක්ද… ලෙඩ දාන්න. උඹ උඹේ ගේ ඉස්සරහ සුදු කොඩි දාගනින්.’ ඊළඟට මට කිව්වා ඊ-නිවුස් එකේ වැඩ කරන කෙනෙක්ගෙ නමක් කියලා උෟටත් සුදු කොඩි දාගන්න කියපන්. ඒ වෙනකොට ඊ-නිවුස් කෙනා මට නිතරම කතා කරනවා. මගේ පස්සෙන් මාත් එක්කම හිටපු කෙනෙක් ඒ. ඊළඟට අප්‍රේල් 10 වැනිදා ආපහු ආවා. ඒ ආව එක නිලධාරියෙක් මුලින් ආපු කෙනෙක්. ඒ ඇවිල්ල මගෙන් බලෙන් කොළ දෙකකට අස්සන් ගත්තා. කොළ කියවන්න

    දුන්නේ නැහැ. ඒවා ඉංග්‍රීසියෙන් තිබුණේ. මර බය හින්දා අස්සන් කළා. අස්සන් කරපු එකේ වොයිස් මැසේජ් එකක් මම චීෆ්් ජස්ට්ස්ට රෙකෝඩ් කරලා ඇරියා. මම මෙහෙම අසරණ තත්ත්වයක ඉන්නෙ. අද මගෙන් මෙහෙම කොළවලට අත්සන් ගත්තා. මම සැක කරනවා මේක පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න කළේ. මම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නෙ නැහැ. මේ පැමිණිල්ල මගෙන් බලහත්කාරයෙන් ගත්තෙ කියලා. මේක අදටත් ආසියානු මානව හිමිකම් වෙබ් සයිට් එකේ. ඒ වොයිස් ක්ලිප් එක අදටත් තියෙනවා. 2011 දෙසැම්බර් මාසේ 02දා මගේ යාළුවෙක්ගේ උදව්වෙන් හෝටලයක නැවැතිලා ඉන්නකොට ඒ හෝටලයට ඇවිල්ලා පහර දීමක් සිද්ධ වුණා. මේ සිද්ධියත් පොලිසියට පැමිණිලි කළා. ඒත් පොලිසිය කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ. ඒ සිද්ධිය එදාම බී.බී.සී. ලෝක සේවයෙත් ගියා. ඒ වෙනකොට රාජ්‍ය නොවන සංවිධානවලටත් ලංකාවෙන්

    අයින් වෙන්න කියලා තිබුණේ. මේ දෙසැම්බර් මාසේ නාමල් රාජපක්ෂ දිවුරුම් දුන්නා. ඒ දිවුරුම් දීමේ විශේෂත්වයක් තියෙනවා. නාමල් දිවුරුම් දුන්නෙ අනෙක් අය වගේ නෙවෙයි. එයාට විශේෂ ඕපනින් සෙරමනි එකක් දීලා තිබුණා. ඒක අර සුවිශේෂී විදිහක්. ලෝයර්ලාගේ කාර් පාර්ක් වහල නාමල් එක්ක දහදෙනෙක් වගේ තමයි එදා දිවුරුම් දුන්නෙ. නාමල් නැකැතට තමයි දිවුරුම් දීම ලෑස්ති කරලා තිබුණේ. ඉතින් නාමල්ගෙ නම නැකැතට කියැවෙන්න තිබුණට සුප්‍රිම් කෝට් රෙජිස්ට්‍රාර්ට වැරැදිලා නාමල්ගේ නම වැරැදිලා ඉස්සරවෙලා කිව්වා. ඒ වෙලාවේ නාමල් නැඟිට්ටේ නෑ. ඊළඟට නාමල් රාජපක්ෂට අවස්ථාවක් දුන්නා ශිරාණි බණ්ඩාරනායක එක්ක චේම්බර් එකට ගිහිල්ලා ෆොටෝ ගන්න. මම අහලා තියෙන විදිහට ලංකාවේ කවදාවත් නීති ශිෂ්‍යයකුට ඒ වගේ අවස්ථාවක් දීලා නැහැ. මහින්ද රාජපක්ෂ, ශිරන්ති හිටියා.”

    රට ගියේ ඔය බයටද?

    “මගේ දැඩි ස්ථාවරය වුණේ මොන දේ වුණත් ලංකාවෙන් යන්නෙ නැහැ. ඒත් මට උදවු කළ රාජ්‍ය නොවන සංවිධානවල අයට, හිතවතුන්ට මාව රැකගන්න අමාරු වුණා. ඉන්පස්සේ ඔවුන් මාව ජයලත් ජයවර්ධනට හඳුන්වා දුන්නා. ජයලත් ජයවර්ධන ගාවට ගියේම ආරක්ෂිතව තැනක් හොයාගෙන ඉන්න. එහෙම නැතිව පිටරටකට යන්න එහෙම නෙවෙයි. ඉන්පස්සේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට ගිහිල්ලා ඉල්ලීමක් කළා. මට ආරක්ෂාව හදලා මේ වැඩේ කරගෙන යන්න උදවු කරන්න කියලා. ඔහු කිව්වා එයාට ඒක කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ සිද්ධිය දැන් ගොඩක්ම ඔඩුදුවලා ඉවරයි. ඔයා රටෙන් යන එක තමයි ඔයාට තියෙන හොඳම විසඳුම කියලා. ස්විට්සර්ලන්තයට යන්න

    හදලා දුන්නා. රනිල් වික්‍රමසිංහ ළඟට ජයලත් ජයවර්ධන මාව එක්කගෙන ගිහිල්ලා මට අවශ්‍ය ආරක්ෂාව සපයලා, ප්ලේන් එකට නඟිනකම්ම ආරක්ෂාව දුන්නා. මට ඒ වෙලාවේ ඇත්තටම රැකවරණයක් වුණේ එතුමයි. සිරිකොතට ගිය වෙලාවක ජයලත් ජයවර්ධන මහත්තයා කිව්වා “ඔයා අපේ ආණ්ඩුවක් ආපු වහාම ආයේමත් එන්න” කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ හිනාවෙලා කිව්වා “අපෝ අපෝ තමුසේ ආයේ මේ පැත්ත පළාතක එන්න එපා. එහෙම ආවොත් මම නෙවෙයි ගහලා එළවන්නෙ මේ අය” කියලා වටේ අයව පෙන්නුවා. රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය සමඟ මම කවදාවත් එකඟ නෑ. නමුත් ඔහු ඒ වෙලාවේ මාව ආරක්ෂා කරන්න කළ හැකි හැමදේම කළා. මම ඒ ප්‍රශ්නයත් එක්ක ගොඩක් ලෙඩ වුණා. දැනටත් මම ප්‍රතිකාර ගන්නවා. මරණ බය ඇති කළා නෙමෙයි, මම මරණයෙන් බේරුණේ පුදුම විදිහට. ඒ කම්පනය ලේසි නෑ.”

    ලංකාවට එන්න අදහසක් නැද්ද?

    “තමන්ගෙ උපන් රට තරම් වටින දෙයක් නෑ. මම කැමතියි ලංකාවට එන්න. මම ස්විට්සර්ලන්තයට ආවා කියලා ලබපු දෙයක් නෑ. ලංකාවේදී නොලැබුණු මෙහෙදි ලබපු එකම දේ තමයි නිදහසේ හිතන්න ලැබුණු එක. ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද කියන එක මට මෙහේදි තේරුණා. මට තිබුණු භෞතික පහසුකම් ටික ලංකාවේ අපේ ගේ ඇතුළේ මට තිබුණා. තවමත් මම කල්පනා කරනවා මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දෙනව නම් පොලිස් පරීක්ෂණයක් තියන්න ඕන “ටෝච” කිරීම සම්බන්ධයෙන්. පැහැරගෙන යෑම, පහර දීම සම්බන්ධයෙන්. නාමල්ට නීති විද්‍යාලයේදී නීති විරෝධී ලෙස විභාගය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න ඕන. ඒකෙන් මට ලොකු හානියක් වුණා. නාමල්ව ශේ‍ර්ෂ්ඨාධිකරණයට කැඳවලා විනය කමිටුවකට කැඳවලා ඔහු මේ කළ විභාග වංචාව සම්බන්ධයෙන් විභාගයක් කරලා ඔහුගේ නම නීතිඥ ලේඛනයෙන් ඉවත් කරන්න ඕන.

    මේ ඉල්ලීම මම මේ වෙනකොට හතර සැරයක් විතර විවිධ අගවිනිසුරුවරුන්ට කළා. ඒවා ලැබුණාය කියලවත් දැනුම්දීමක් කළා, පොලිස්පතිවරුන්ට ලිව්වා. පිළිතුරු නෑ. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ මේ ගැන කතා කළා. මම හිතනවා ඔවුන් නිවැරැදි පරීක්ෂණයක් කරනවා නම් මම ලංකාවට ඇවිල්ලා සාක්ෂි දෙනවා. නාමල්ට මේ දේට උදවු කළ හැම කෙනාටම දඬුවම් දෙන්න ඕන. මොකද නීති විද්‍යාලය වගේ තැනක මෙහෙම දේවල් වෙන්න බෑ. ඒ අය තමයි හෙට නඩුකාරයෝ වෙන්නේ. රටේ බොහෝ දේවල්වලට මැදිහත් වෙන්නෙ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොකක්ද දැන් කියන්නෙ නොර්මල් හොර උපාධි අරං නෑ නේ ? ඉල්ලුවොත් පෙන්නන්න ඕන වෙලාවක සහතික තියෙනවනේ ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොකක්ද දැන් කියන්නෙ නොර්මල් හොර උපාධි අරං නෑ නේ ? ඉල්ලුවොත් පෙන්නන්න ඕන වෙලාවක සහතික තියෙනවනේ ?

    ekath horen gaththu ekaklu, kawuda danne, api balamu baiyange janapathi monawa karaida kiyala owata
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,764
    113
    මූට මේ අසියලම් ගන්නම හදා ගත්තු කතාවක් ද කොහෙද? නාමල්ට ලෝ කොලෙජ් ආපු දවසේ බූලත් අතක් දීලා පිලිගන්න මොකෝ ඔය ඩීන්ට මෝල්ද? ඌ ආවාහම කාමරේට කතාකරලා තේ එකක් දුන්නා කිව්වා නම් කුමක් නැහැ. අනික අවුරුදු දෙකක්ම විභාහගේ ගන්නේ නැතුව හිටියලු නාමල්ට අල්ල ගන්න. මරු පොරවල් මේ. ජීවිතේ පෙනුම දෙයක් අත් අරිනවා කොහෙවත් වන දේශපාලුවෙක්ගේ හොර අල්ලන්න. අන්තිම දේ අවුරුදු ගානක් ඉංග්‍රීසියෙන් ලෝ උපාධි කරපු එකාට දුන්න කොල වල තිබ්බ දේ කියව ගන්න බැරි උනාලු ඉංග්‍රීසි හින්දා. මරු පොරක්ව අල්ල ගෙන තියෙන්නේ.
     
    rajapakshalage history ekath ekka baladdi poddak owa aththada nedda kiyala kalpana karana ona dewal
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,764
    113
    rajapakshalage history ekath ekka baladdi poddak owa aththada nedda kiyala kalpana karana ona dewal
    රාජපක්ෂලා හොරු නෙමේ කියනවා නෙමේ ඒත් උන් රාජපක්ශලා නැතුව රන්වලලා නෙමේ. උන් හොරා කන්නේ නීත්‍යානුකූල විදිහට. නැතුව ඔය තියනවා වගේ ගොන් විදිහට නෙමේ. කතාවක් හදද්දි ඕනේ විදිහට හදන්න පුළුවන්. හැබයි චෝදනාවක් ඔප්පු කරද්දි එක පිලිගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරන්න ඕනේ සලකා බලන්න. ඊළඟට නිවැරදිව සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ වැරදි කාරයා වෙන්න. අඩුම ගානේ සාක්ෂි පහක් හයක් වත්. නැත්නම් නාමල් විභාගේ ලියපු විදිහේ පොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි. මේකත් හරියට අර මාලිමා කාරයෝ මූලික උපාධියක් තියා ඩිප්ලෝමා එකක්වත් නැත් එකෙක් ආචාර්ය උපාධිය අරන් එනකන් බලන් ඉන්නවානේ කතාවක් තමා.
     
    ithin ekane mu kiyanne, hariyata investigation ekak karanawanam awilla sakshi dennam kiyala,
    kiyanna ona list eka dunnahama okun awilla aththa neththa kiyai

    ඇවිල්ලා සාක්ෂි දෙනවා. නාමල්ට මේ දේට උදවු කළ හැම කෙනාටම දඬුවම් දෙන්න ඕන. මොකද නීති විද්‍යාලය වගේ තැනක මෙහෙම දේවල් වෙන්න බෑ. ඒ අය තමයි හෙට නඩුකාරයෝ වෙන්නේ. රටේ බොහෝ දේවල්වලට මැදිහත් වෙන්නෙ.

    Meka nm piliganna amaruyi 😅 who on earth would do something like this?

    uta help karau minissunge request ekak wennath puluwan neda,
    NGO walin gewala athi owata,

    ඒත් මට උදවු කළ රාජ්‍ය නොවන සංවිධානවල අයට, හිතවතුන්ට මාව රැකගන්න අමාරු වුණා.
    ------ Post added on Dec 24, 2024 at 12:20 AM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    තාම ඕකා රට ඉඳන්ද හෑලි ලියන්නේ.ලංකාවට ඵනකොට චන්දයකුත් ලං වෙයි...🤭🤦‍♂️

    රාජපක්ෂලා හොරු නෙමේ කියනවා නෙමේ ඒත් උන් රාජපක්ශලා නැතුව රන්වලලා නෙමේ. උන් හොරා කන්නේ නීත්‍යානුකූල විදිහට. නැතුව ඔය තියනවා වගේ ගොන් විදිහට නෙමේ. කතාවක් හදද්දි ඕනේ විදිහට හදන්න පුළුවන්. හැබයි චෝදනාවක් ඔප්පු කරද්දි එක පිලිගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරන්න ඕනේ සලකා බලන්න. ඊළඟට නිවැරදිව සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ වැරදි කාරයා වෙන්න. අඩුම ගානේ සාක්ෂි පහක් හයක් වත්. නැත්නම් නාමල් විභාගේ ලියපු විදිහේ පොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි. මේකත් හරියට අර මාලිමා කාරයෝ මූලික උපාධියක් තියා ඩිප්ලෝමා එකක්වත් නැත් එකෙක් ආචාර්ය උපාධිය අරන් එනකන් බලන් ඉන්නවානේ කතාවක් තමා.

    උගන්ඩා ඩොලර් වගේ තමා මේකත්..දැක්කලු ගෙනිච්චලු අන්තිමට මුකුත් නෑ..🤣
    ------ Post added on Dec 24, 2024 at 1:15 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Meka nm piliganna amaruyi 😅 who on earth would do something like this?
    එහෙම මිනිස්සු ඉන්නවා මචන්. මූත් ඒ වගේ ඩයල් එකක්. මූ කියන්නේ ඈත්ත. මූ ඒ වෙනුවෙන් සටන් කරපු එකෙක්. ඒ කාලේ නාමල් එක්ක සටන් කරනවා කියන්නේ ඉතින් මූ සුපිරි ඩයල් එකක්. සමහරුන්ට පිස්සෙක් වගේ පේනවා ඈති. ඒහෙම එවුන් හින්දා තමා නාමල්ලා රෑගුවේ. මූ රනිල් නෑත්නම් මේ වෙනකොට මෑරිලා
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    588
    906
    93
    කාන්තාරයේ
    whoකන්න ගෙන් නීති ප්‍රශ්න බේසික් ඒවා අහන්න තියෙන්නේ එකෙන්ම කොරවෙයි පගය. මට පේන්න බැරි එකෙක් තමයි.
     
    • Haha
    Reactions: SLK_sri

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කාලකණ්ණි රාජපක්කු හරිනං මරලම දාන්න ඕන.
    රාජපක්ශලා මේ රටට කරපු විනාසේ හරවන්න හරිම අමාරුයි බන්. උන් හොරකම් කලා විතරක් නෙමේ සාරධර්ම වල ඉදලා විනාස කලා. උන් තමා හොරකම බොරුව කරලා සමාජේ රගන්න පුලුවන් කියන ආකල්පේ ඈති කලේ. ඒකට හොදම උදාහරණේ නාමල්ගේ මේ කේස් එක.
    විභාගේ හොරෙන් ලියලා පාස් වෙන එක කමක් නෑ, ඒත් ලකුණු 99 දාගන්න තරම් මුන්ගේ ලොකුකම. ඒ කියන්නේ මුන් ලෝ කොලේජ් එකම හෑල්ලුවට ලක් කලා. ඒ විතරක් නෙමේ ලන්කාවේ විභාග සිස්ටම් එකම. දෑනටත් මුන් දෙන ටෝක්ස් පේනවා නේ.

    මේ ආණ්ඩුව වුනත් බයුලා ගහනවා මිසක් උන්ට ගේමක් දෙන පාටක් පේන්නේ නෑ. මු ඔක්කොම යටින් සම්බන්ධයි. පහල ලෙවල් එකේ මිනිස්සුන්ට කරදර වුනාට කිසිම පක්සෙක ඉහල ලෙවල් එකේ එවුට ප්‍රශ්ණ නෑනේ. ජේවීපි එකේ වුනත් උඩ ලෙවල් එකේ එවුන්ගේ ළමයි යන පාසල් කෑම්පස් ගෑන හොයලා බලපන් උන් ඔක්කොම ඒවාට සෙට්

    මොකෙක් හරි කමක් නෑ මුන්ට දඩුවම් දෙනවා නම් මිනිස්සුන්ගේන් මාර සපෝට් එකක් ලෑබෙනවා
     
    daduwam denne nathuwa inna ekak naha,
    dana naduwa kela wennama danna thamai thawa kal ganne wenna ona
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    dan itin awualk nane. mannam kiyanne deshapalana rakawarana pita swiss inna oni na tawat. lankawata awit shashki dila nisadahase inna puluwan :yes:
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    දසනායක මුදියන්සේලාගේ තුෂාර ජයරත්න. මේ දිනවල පාර්ලිමේන්තුවේ කතාවන ජනප්‍රිය නාමකරණයකි. ඒ නාමල් රාජපක්ෂගේ නීති විභාගය සම්බන්ධ කාරණය අභියෝගයට ලක්වනුයේ ඔහුගෙන් බැවිනි. රාජපක්ෂ පාලන සමයේ ජීවිතය රැකගනු පිණිස ස්විට්සර්ලන්තයේ දැනට දිවි ගෙවන ඔහු සමඟ කළ සංවාදයකි මේ. නාමල් රාජපක්ෂගේ නීති විභාගයේ ප්‍රශ්නය කරළියට එන්නෙ ඔබ හින්දා. ඒ සිද්ධිය ආයේ මතක් කරමුද?

    “නාමලුයි, මමයි දෙන්නම එකට තමයි ලෝ කොලේජ් එකේ ෆයිනල් ලිව්වේ. ඒ 2010 අවුරුද්දෙ. මගේ ලෝ කොලේජ් එකේ ලියාපදිංචි අංකය තමයි 17988. එතකොට නාමල් රාජපක්ෂ ලෝ කොලේජ් එකට රෙජිස්ට්‍රේෂන් එක කරගන්න එන දවසේ මම ඇස් දෙකෙන්ම දැක්කා ලෝ කොලේජ් එකේ ප්‍රින්සිපල් රොද්‍රිගු ගිහිල්ලා නාමල්ට බුලත් අතක් දීලා පිළිගන්නවා. හරි පිළිකුල්. ඊට පස්සෙ මට දැනගන්න ලැබුණා. මිනිහා ෆස්ට් ඉයර් පේපර් එක ලියන්නෙ A/C කාමරයක. අනෙක් ශිෂ්‍යයන්ට නොලැබෙන වරප්‍රසාද අවස්ථාවක් දීලා කියලා. ඊට පස්සේ මම ගියා මේක “කම්ප්ලේන්” කරන්න. අන්න ඒ වෙලාවේ තමයි මට කිව්වේ ඔයා ඔය “එක්සෑම්” එක ලියන්නෙ නැහැනේ. ඔයා ෆයිනල්නේ කියලා. ෆයිනල් කෙනෙක්ට බැහැ ෆස්ට් ඉයර් කෙනෙක්ට විරුද්ධව පැමිණිල්ලක් දාන්න. ඊට පස්සේ මම හා කියලා නිශ්ශබ්දව බලන් හිටියා. මම අවුරුදු දෙකක්ම විභාගය පාස්කර කර ඉඳලා තමයි මිනිහව අල්ල ගත්තේ.

    2010 ඔක්තෝබර් විභාගය තිබ්බේ. ඒ විභාගයේදී මට ඉතාම පැහැදිලිව නාමල් රාජපක්ස A/C කාමරයට යනවා දැක්කා. ඒකේ A/C කාමරය කියන්නෙ කොම්පියුටර් ලැබ් එක. ඕක පටන් අරගෙන තියෙන්නෙ නීති ශිෂ්‍යන්ගේ ‘අයිටී’ දැනුම වැඩි කරන්න. ඕක එක්සෑම් කාලෙ විවෘත කරන්නෙ නෑ. හැබැයි නාමල් රාජපක්ෂට විතරක් ඕපන් කළා. මම ඇස් දෙකෙන්ම දැක්කා නාමල් රාජපක්ෂ ඕකට යනවා. තව දෙන්නෙක් ඉන්නවා දැක්කා. ඒ දෙන්නා ලෝයර්ස්ලා. අනෙක් කාරණය තමයි මෙතැන තියෙන බරපතළම ප්‍රශ්නය, ලෝ කොලේජ් එකේ රූල්ස්වලට ඉතාම පැහැදිලිව තියෙනවා අපට එක්සෑම්වලදී ඉලෙක්ට්‍රොනික් අයිටම් තියාගන්න බැහැ කියලා. හැබැයි නාමල් රාජපක්ෂගේ මේසෙ උඩ කම්පියුටරයක් තිබ්බා අන්තර්ජාලයට සම්බන්ධ කරපු. අපි ගාව ෆෝන් එකක් ඔන් කරගෙන තිබුණත් විභාගය තහනම් කරනවා. එතැන තමයි ලොකුම ප්‍රශ්නය. ඊළඟ කාරණය අපි හැමෝම විභාග ලියන්නෙ දෙනෝදාහක් මැද්දේ. නාමල් රාජපක්ෂ විතරක් A/C කාමරය කවර් කරලා නීතිඥයෝ දෙන්නෙක් එක්ක තනිවම තමයි මේ ගේම් එක ගැහැව්වෙ. අනෙක් දේ තමයි ලෝ කොලේජ් එකේදී නාමල් රාජපක්ෂ දෙවැනි විභාගයයි අන්තිම එකයි දෙකම එකපාර ලිව්වා. එහෙම ලියන්න නීතියෙන් බාධාවක් නෑ. හැබැයි ඒක බොහෝම අමාරු වැඩක්. නාමල් රාජපක්ෂ සාමාන්‍යයෙන් විභාග ශාලාවට ඇවිල්ලා පැය එකහමාරින් යනවා. පැය තුනක පේපර් එකක් පැය එකහමාරින් ඉවර කරනවා කියන්නෙ සාමාන්‍යයෙන් විශ්වකර්ම වැඩක් කියලා ලෝ එක්සෑම් ගැන දන්න ඕන කෙනෙක් දන්නවා.

    ඉන් පස්සේ මේ තත්ත්වය බලාගෙන ඉන්න බැරි තැන තමයි 2010 දෙසැම්බර් මාසේ 03 වැනිදා මේ සිද්ධිය පැමිණිලි කළේ.

    ඊට පස්සේ මම ඉල්ලීමක් කළා මේ විභාගය නවත්වලා පරීක්ෂණයක් කරන්න කියලා. හැබැයි ඒගොල්ලෝ ඒක කළේ නැහැ. එතැන එක්සැමිනස්ලා ලෝයර්ලාමයි. ඒ අය මට කිව්වා. උඹ ඔළුව බේරගෙන මෙතැනින් එළියට ගිහිල්ලා ඕන එකක් කරපන් කියලා. ඉන්පස්සේ මම ඔෆිස් මැනේජර්ට කිව්වා. මිනිහා කිව්වා ඕක ප්‍රින්සිපල්ට ගිහින් කියන්න කියලා. එයා ගත්තේ නෑ. ඒ වෙනකොට රොද්‍රිගු හිටියේ නෑ. ඊළඟට මම ගියා නීතිපති එකට. නීතිපති සංස්ථාපිත නීති අධ්‍යාපන සභාවේ සාමාන්‍යාධිකාරි. ළඟට මිනිහා මේක ලියා ගත්තේ නෑ. මාව එයා අඳුරනවා. මාත් එක්ක කතා කරලා ෂේප් න්‍යායෙන් මේක මඟඅරින්න තමයි උත්සාහ කළේ. ඊට පස්සේ මම කෙහෙල්වත්ත පොලිසියට යනවා පැමිණිල්ලක් දාන්න. කෙහෙල්වත්ත පොලිසියේ අය කිව්වා නාමල්ට විරුද්ධව පැමිණිලි ලියාගන්න බෑ කියලා. ඕක ඊ-නිවුස් එකේ ගැහැව්වා. මම පොලිස් හෙඩ්ක්වාටර්ස් ගියහම මේක ආරංචි වෙලා තිබුණා. ඒ නිසා කෙහෙල්වත්ත පොලිසියට කතා කරලා මේ පැමිණිල්ල ලියාගන්න කිව්වා. ඔන්න ඔය විදිහට තමයි නාමල් එක්ක ඔය කේස් එකට පැටලෙන්නෙ.”

    පොලිසියේ පැත්තෙන් ආපු ප්‍රතිචාර කොහොමද?

    “පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා මේ ඇහින් දුටු සාක්ෂි නෙවෙයි කවුරුහරි කියපුවා අහගෙන කියන්නෙ කියලා. මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මොකද නාමල් රාජපක්ෂ විභාග ශාලාවට යනවා මම ඇහින් දුටුවා. ඒ නිසා ඒක ඇසින් දුටු සාක්ෂියක්. ඍජු සාක්ෂියක් නීතිය ඉදිරියේ වලංගු සාක්ෂියක්. දෙවැනි කාරණය තමයි මම මේවා නිවැරැදිව පැමිණිලි කරලා තිබ්බා. මේ සිද්ධිය පැමිණිලි කිරීමෙන් පස්සේ ඊළඟට “බ්‍රයිබරි” කොමිෂන් එකට ගියා. 2010 දෙසැම්බර් මාසේ 04 වැනිදා. එතැනදී “බ්‍රයිබරි” කොමිෂන් එකේ පල්ලෙහා හිටපු කට්ටිය මේක ලියා ගන්න එක ප්‍රතික්ෂේප කළා. ඒ අය කෙළින්ම කිව්වේ ජනාධිපතිගෙ පුතාට විරුද්ධව පැමිණිල්ල ලියා ගන්න බෑ කියලා. පහළ කට්ටිය මෙහෙම කිව්වේ. ඒ අය කිව්වා උඩ ඉන්න ඉහළ නිලධාරියකුට කියන්න කියලා. කමිෂනර් ගාවට ගියා. මිනිහා මට කියනවා. ලොකු එකා පොඩි එකා ගිලින එක තමයි ස්වභාවය. ඒක පිළිගන්න බැරි නම් ඇරිස්ටෝටල්ට වෙච්ච දේ තමයි වෙන්නෙ කියලා. මම ඒ පාර ඇහැව්වා ඔයා මට මරණ තර්ජනද කරන්නෙ කියලා. ඉන් පස්සේ තමයි මේක නරක තැනකට ආවේ. මමත් මට පුළුවන් දේ කළා බී.බී.සී. සිංහල එකේ දාලා වලංගු තත්ත්වයක් ඇති වුණා. මම මේ පැමිණිල්ල දාලා දවස් දෙකක් යනකොට ලෝ කොලේජ් එකේ ඔෆිස් මැනේජර්ගෙන් කෝල් එකක් එනවා. පැමිණිල්ල අයින්කර ගන්න කියලා. එයාගෙ නම. මේ විස්තර “බී.බී.සී.” සන්දේශයේ ගියා.

    ඔබට බලපෑම් ආවද?

    “ඔව්! 2011 මාර්තු මාසේ 03 වැනිදා මාව කොහුවලදී පැහැර ගත්තා. 03 වැනිදා ඔවුන් පැහැරගෙන යන්න පෙර මාර්තු 02 වැනිදා එදිරිසිංහ පාරේ 3 පටුමඟේ කඩේ ළඟට ඇවිත් කඩේ අංකල්ගෙන් තොරතුරු අහලා තිබුණා මම ගැන. කඩේ අංකල් අපේ ගෙදරට කෝල් කරන්න හදනකොට මිනිහා මාරු වෙලා තියෙනවා. ඊට පහුවැනිදා තමයි මාව කොහුවලදී අරගෙන ගියේ. කොහුවල පොලිසිය ඉස්සරහදී තමයි මාව ගත්තෙ. 120 බස් හෝල්ට් එකේදී ඒගොල්ලෝ නවත්වලා ‘යමු කට උත්තරයක් ගන්න තියෙනවා කිව්වා.’ මම කිව්වා ‘එහෙම එන්න බෑ. එහෙම නම් පොලිස් නිල වාහනයක් ඕන කියලා. පස්සේ මිනිහා මට කිව්වා එහෙම එකක් නැහැ සිවිල් වාහනයක යමු, කියලා. බස් එක ආපු ගමන් මම දුවලා ගිහින් බස් එකට නැග්ගා. නැඟලා පොඩ්ඩ දුරක් ගිහිල්ලා පස්සෙ හැරිලා බලනකොට එක නිලධාරියෙක් ඉන්නවා. ඉන්පසු එයා කිව්වා කලබල කරන්නෙ නැතිව බහින්න කියලා. බැස්සහම මාව අරගෙන ගියා. එතැන ඇවිල්ලා පොලිස් ස්ථානයක් නෙවෙයි පෞද්ගලික ස්ථානයක්. එතැන තියාගෙන මාව පැය ගණනක් ප්‍රශ්න කළා.

    ඒ වෙලාවේ ඒගොල්ලොන්ට දැනගන්න ඕන වුණේ මම කොහොමද “බී.බී.සී” එකට නිවුස් දුන්නෙ කියලා. ඒ වගේම මම කොහොමද ආසියානු මහා කොමිසමට තොරතුරු දුන්නේ කියලයි. ඒත් කාටවත් ඒ තොරතුරු දැනගන්න ලැබුණේ නැහැ. පස්සේ මාව ගෙනැල්ලා දෙල්කඳ කලර් ලයිට් ගාව දාලා ගියා. ඉන් පස්සේ මාර්තු මාසේ 20 මගේ ගෙදරට දෙන්නෙක් ආවා මෝටර් සයිකලයකින්. මම ඒ වෙලාව් ගෙදර ඉස්සරහ පඩියේ ඉඳගෙන හිටියේ. මට පයින් ගැහැව්වා. ගහපු පාර මාව වැටුණා. වැටුණට පස්සේ මගේ ඔළුවට පිස්තෝලයක් තියලා ඒ ආපු එකෙක් තර්ජනය කළා “උඹ ලොකු මිනිහෙක්ද… ලෙඩ දාන්න. උඹ උඹේ ගේ ඉස්සරහ සුදු කොඩි දාගනින්.’ ඊළඟට මට කිව්වා ඊ-නිවුස් එකේ වැඩ කරන කෙනෙක්ගෙ නමක් කියලා උෟටත් සුදු කොඩි දාගන්න කියපන්. ඒ වෙනකොට ඊ-නිවුස් කෙනා මට නිතරම කතා කරනවා. මගේ පස්සෙන් මාත් එක්කම හිටපු කෙනෙක් ඒ. ඊළඟට අප්‍රේල් 10 වැනිදා ආපහු ආවා. ඒ ආව එක නිලධාරියෙක් මුලින් ආපු කෙනෙක්. ඒ ඇවිල්ල මගෙන් බලෙන් කොළ දෙකකට අස්සන් ගත්තා. කොළ කියවන්න

    දුන්නේ නැහැ. ඒවා ඉංග්‍රීසියෙන් තිබුණේ. මර බය හින්දා අස්සන් කළා. අස්සන් කරපු එකේ වොයිස් මැසේජ් එකක් මම චීෆ්් ජස්ට්ස්ට රෙකෝඩ් කරලා ඇරියා. මම මෙහෙම අසරණ තත්ත්වයක ඉන්නෙ. අද මගෙන් මෙහෙම කොළවලට අත්සන් ගත්තා. මම සැක කරනවා මේක පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න කළේ. මම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නෙ නැහැ. මේ පැමිණිල්ල මගෙන් බලහත්කාරයෙන් ගත්තෙ කියලා. මේක අදටත් ආසියානු මානව හිමිකම් වෙබ් සයිට් එකේ. ඒ වොයිස් ක්ලිප් එක අදටත් තියෙනවා. 2011 දෙසැම්බර් මාසේ 02දා මගේ යාළුවෙක්ගේ උදව්වෙන් හෝටලයක නැවැතිලා ඉන්නකොට ඒ හෝටලයට ඇවිල්ලා පහර දීමක් සිද්ධ වුණා. මේ සිද්ධියත් පොලිසියට පැමිණිලි කළා. ඒත් පොලිසිය කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ. ඒ සිද්ධිය එදාම බී.බී.සී. ලෝක සේවයෙත් ගියා. ඒ වෙනකොට රාජ්‍ය නොවන සංවිධානවලටත් ලංකාවෙන්

    අයින් වෙන්න කියලා තිබුණේ. මේ දෙසැම්බර් මාසේ නාමල් රාජපක්ෂ දිවුරුම් දුන්නා. ඒ දිවුරුම් දීමේ විශේෂත්වයක් තියෙනවා. නාමල් දිවුරුම් දුන්නෙ අනෙක් අය වගේ නෙවෙයි. එයාට විශේෂ ඕපනින් සෙරමනි එකක් දීලා තිබුණා. ඒක අර සුවිශේෂී විදිහක්. ලෝයර්ලාගේ කාර් පාර්ක් වහල නාමල් එක්ක දහදෙනෙක් වගේ තමයි එදා දිවුරුම් දුන්නෙ. නාමල් නැකැතට තමයි දිවුරුම් දීම ලෑස්ති කරලා තිබුණේ. ඉතින් නාමල්ගෙ නම නැකැතට කියැවෙන්න තිබුණට සුප්‍රිම් කෝට් රෙජිස්ට්‍රාර්ට වැරැදිලා නාමල්ගේ නම වැරැදිලා ඉස්සරවෙලා කිව්වා. ඒ වෙලාවේ නාමල් නැඟිට්ටේ නෑ. ඊළඟට නාමල් රාජපක්ෂට අවස්ථාවක් දුන්නා ශිරාණි බණ්ඩාරනායක එක්ක චේම්බර් එකට ගිහිල්ලා ෆොටෝ ගන්න. මම අහලා තියෙන විදිහට ලංකාවේ කවදාවත් නීති ශිෂ්‍යයකුට ඒ වගේ අවස්ථාවක් දීලා නැහැ. මහින්ද රාජපක්ෂ, ශිරන්ති හිටියා.”

    රට ගියේ ඔය බයටද?

    “මගේ දැඩි ස්ථාවරය වුණේ මොන දේ වුණත් ලංකාවෙන් යන්නෙ නැහැ. ඒත් මට උදවු කළ රාජ්‍ය නොවන සංවිධානවල අයට, හිතවතුන්ට මාව රැකගන්න අමාරු වුණා. ඉන්පස්සේ ඔවුන් මාව ජයලත් ජයවර්ධනට හඳුන්වා දුන්නා. ජයලත් ජයවර්ධන ගාවට ගියේම ආරක්ෂිතව තැනක් හොයාගෙන ඉන්න. එහෙම නැතිව පිටරටකට යන්න එහෙම නෙවෙයි. ඉන්පස්සේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට ගිහිල්ලා ඉල්ලීමක් කළා. මට ආරක්ෂාව හදලා මේ වැඩේ කරගෙන යන්න උදවු කරන්න කියලා. ඔහු කිව්වා එයාට ඒක කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ සිද්ධිය දැන් ගොඩක්ම ඔඩුදුවලා ඉවරයි. ඔයා රටෙන් යන එක තමයි ඔයාට තියෙන හොඳම විසඳුම කියලා. ස්විට්සර්ලන්තයට යන්න

    හදලා දුන්නා. රනිල් වික්‍රමසිංහ ළඟට ජයලත් ජයවර්ධන මාව එක්කගෙන ගිහිල්ලා මට අවශ්‍ය ආරක්ෂාව සපයලා, ප්ලේන් එකට නඟිනකම්ම ආරක්ෂාව දුන්නා. මට ඒ වෙලාවේ ඇත්තටම රැකවරණයක් වුණේ එතුමයි. සිරිකොතට ගිය වෙලාවක ජයලත් ජයවර්ධන මහත්තයා කිව්වා “ඔයා අපේ ආණ්ඩුවක් ආපු වහාම ආයේමත් එන්න” කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ හිනාවෙලා කිව්වා “අපෝ අපෝ තමුසේ ආයේ මේ පැත්ත පළාතක එන්න එපා. එහෙම ආවොත් මම නෙවෙයි ගහලා එළවන්නෙ මේ අය” කියලා වටේ අයව පෙන්නුවා. රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය සමඟ මම කවදාවත් එකඟ නෑ. නමුත් ඔහු ඒ වෙලාවේ මාව ආරක්ෂා කරන්න කළ හැකි හැමදේම කළා. මම ඒ ප්‍රශ්නයත් එක්ක ගොඩක් ලෙඩ වුණා. දැනටත් මම ප්‍රතිකාර ගන්නවා. මරණ බය ඇති කළා නෙමෙයි, මම මරණයෙන් බේරුණේ පුදුම විදිහට. ඒ කම්පනය ලේසි නෑ.”

    ලංකාවට එන්න අදහසක් නැද්ද?

    “තමන්ගෙ උපන් රට තරම් වටින දෙයක් නෑ. මම කැමතියි ලංකාවට එන්න. මම ස්විට්සර්ලන්තයට ආවා කියලා ලබපු දෙයක් නෑ. ලංකාවේදී නොලැබුණු මෙහෙදි ලබපු එකම දේ තමයි නිදහසේ හිතන්න ලැබුණු එක. ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද කියන එක මට මෙහේදි තේරුණා. මට තිබුණු භෞතික පහසුකම් ටික ලංකාවේ අපේ ගේ ඇතුළේ මට තිබුණා. තවමත් මම කල්පනා කරනවා මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දෙනව නම් පොලිස් පරීක්ෂණයක් තියන්න ඕන “ටෝච” කිරීම සම්බන්ධයෙන්. පැහැරගෙන යෑම, පහර දීම සම්බන්ධයෙන්. නාමල්ට නීති විද්‍යාලයේදී නීති විරෝධී ලෙස විභාගය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න ඕන. ඒකෙන් මට ලොකු හානියක් වුණා. නාමල්ව ශේ‍ර්ෂ්ඨාධිකරණයට කැඳවලා විනය කමිටුවකට කැඳවලා ඔහු මේ කළ විභාග වංචාව සම්බන්ධයෙන් විභාගයක් කරලා ඔහුගේ නම නීතිඥ ලේඛනයෙන් ඉවත් කරන්න ඕන.

    මේ ඉල්ලීම මම මේ වෙනකොට හතර සැරයක් විතර විවිධ අගවිනිසුරුවරුන්ට කළා. ඒවා ලැබුණාය කියලවත් දැනුම්දීමක් කළා, පොලිස්පතිවරුන්ට ලිව්වා. පිළිතුරු නෑ. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ මේ ගැන කතා කළා. මම හිතනවා ඔවුන් නිවැරැදි පරීක්ෂණයක් කරනවා නම් මම ලංකාවට ඇවිල්ලා සාක්ෂි දෙනවා. නාමල්ට මේ දේට උදවු කළ හැම කෙනාටම දඬුවම් දෙන්න ඕන. මොකද නීති විද්‍යාලය වගේ තැනක මෙහෙම දේවල් වෙන්න බෑ. ඒ අය තමයි හෙට නඩුකාරයෝ වෙන්නේ. රටේ බොහෝ දේවල්වලට මැදිහත් වෙන්නෙ.

    නාමල්ගේ ලෝයර් පට්ටම ගැලවුන දවසක බම්ප් කරපං මේක..:lol: