පර්සනල් ටැක්ස් - Income Tax Personal

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලියන්න හිටපු එක ලියන්න පරක්කු උනා වැඩත් එක්ක. ඔන්න ලිව්වා...
    මීට කලින් ලිව්වා විත් හෝල්ඩින් ටැක්ස් ගැන. එක මේකට කලින් කියෝලා ඉන්න. එතකොට මේකෙන් එකට, එකෙන් මේකට cross reference වෙන ඒවා තේරුම් ගන්න පුළුවන් වෙයි...

    මේ ලිපියෙන් කරන්න හදන්නේ පර්සනල් ටැක්ස් ගැන මුලික දැනුමක් මිසක් තමන්ගේ ටැක්ස් එක කරගන්න කියන එක නෙමේ. පුළුවන් නම් හොදයි....
    "මේක ලියන්න හිතුනේ ටැක්ස් ගැන අහලා තියන ප්‍රශ්න හා ඒවාට කට්ටිය කතා වෙලා තියන දේවල් දකින කොට ආපු සිතිවිල්ලකට අනුව. පලවෙනුව මම පර්සනල් හෝ කොර්පොරේට් ටැක්ස් හැඩල් කරන කෙනෙක් නෙමේ. ඒ සදහා අත්දැකීම් හා ඉගෙනුම ලැබුවත් ඒවා අනුන් වෙනුවෙන් ප්‍රක්ටිස් කරන කෙනෙක් නෙමේ. සරලව කිව්වොත් ටැක්ස් එකවුන්ටන් කෙනෙක් නෙමේ. අත්දැකීම් හා දැනුම share කරගැනීමක් විතරයි වෙන්නේ... මේකේ ඒවා කරන කීප දෙනෙක්ම ඉන්නවා. ඒගොල්ලෝ මේකේ වැරදි තිබ්බොත් නිවැරදි කරයි. මග හැරුන දේවල් එකතු කලොත් මේක වඩාත් ප්‍රයෝජනවත් වෙයි."

    ඉන්කම් ටැක්ස් - පුද්ගල අදායම් බදු
    ටැක්ස් එකට අදාළ වෙන්න දවස් 183ක් ලංකාවේ ඉන්න ඕනා. නමුත් අපි ශ්‍රී ලංකා පුරවැසියන්, මේක අපිට අදාළ වෙන දේවල් ගැන නිසා නිසා එක ගැන වැඩිය කතා නොකර ඉමු.
    ටැ ක්ස් ඉයර් එක අප්‍රේල් 1 ඉදන් මාර්තු 31 ඊලග වසරේ වෙනකන්. ඒ කියන්නේ ටැක්ස් වලට ආදායම් වියදම් බලන්නේ මේ කාලෙට ටැක්ස් එකේ අවසාන ගෙවීම ගෙවන්න ඕනා සැප්තැම්බර් 30 ට කලින්.
    සැප්තැම්බර් 30 ගෙවපු එකේ එහෙම නැති නම් අප්‍රේල් 1 ඉදන් මාර්තු 31 කාලේ එකේ රිටන් එක දාන්න ඕනා නොවැම්බර් 30 ට කලින්....
    රිටන් එක කියන්නේ ගෙවපු ටැක්ස් වලට අනුව ඒවා උපයාගත් ආකාරය, හා තමාගේවත්කම් පිළිබද ප්‍රශයක් ඇතුලත් ලියවිල්ලක් කියන්න පුළුවන්



    ආදායමක් කියන්නේ
    - වැටුප් හා දීමනා
    එකියන්නේ රස්සාවෙන් ලැබෙන ඒවා මාසික පඩිය, බෝනස්, සේල්ස් කොමිෂන්, කාර් එලවන්ස්, පෙට්‍රල් එලවන්ස්, එකී මෙකී නොකී රස්සාවෙන් ලැබෙන දේවල්

    - පොලි ආදායම්, බැංකුවේ තියන සල්ලි වලට ලැබෙන පොලිය.
    මෙතැන් හිතන්න 100,000ක් fd එකක් 10% පොලියට දාලා අවුරුද්දක් තිබිලාම් සල්ලි කළා කියලා. එතකොට ලබෙන් 110,000 න් 10,000 තමා අදායම. ලක්ශේ නෙමේ,

    - රෙන්ට් ඉන්කම්
    කුලියට දුන් ඉඩකඩම්, වාහන මත ලැබෙන ආදායම්

    මේ දෙකම ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් ලෙස තමා ගන්නේ
    Dividend ඉන්කම් වලට අඩු රේට් එකක් තම සෙට් වෙන්නේ

    - බිස්නස් එකෙන් ලැබෙන ආදායම්.
    ඩිරෙක්ටර ෆීස්, DRAWINGS , ප්රෝෆිට් ෂෙයාර්, කොමිෂන්

    - PROFESSIONAL වර්ක්ස් වලින් ලැබෙන ආදායම් බිස්නස් ඉන්කම් එකේ කෑල්ලක් මේක
    උදා. දොස්තර කෙනෙක් ගේ කන්සල්ටේෂන් ෆී, ලෝයර් ෆීස්, ටීචර් ලා ගේ ප්‍රයිවෙට් ටීචින් ෆීස් වගේ

    මෙහෙම බලපුවාම මොකුත් ම ඉන්කම් එකෙන් ගැලවෙන්නේ නෑ. හැබැයි අනිත් පැත්තට ඔයා සල්ලි කාට හරි නයට දීලා ඒ ණය ආපසු ලැබුනාම එක ඉන්ක්ම් එකක් වෙන්නේ නෑ



    හරි දැන් බලමු මොනාද අඩු කරන්න පුළුවන් දේවල් කියලා.
    • බද්දෙන් නිදහස් ආදායම. 2025 මාර්තු 31 කලින් අවුරුද්දට 1,200,000 ඊට පස්සේ අවුරුද්දට 1,800,000. එතකොට අපි අද ඉන්නේ 28-04-2025 නිසා කලින් අවුරුද්දට ටැක්ස් වලට අයිති 1200,000
    • රෙන්ට් ඉන්කම් එකෙන් 25%ක්
    • ඇප්රෝව්ඩ් චැරිටි ආයතනවලට දුන් දේවල්. මේකට ලිමිට් එකක් තියනවා 75,000කට හෝ ටැක්ස් කරන ඉන්කම් එකෙන් 1/3. ඒ කියන්නේ මේවා සීමාවක් නැතිව දුන්නා කියලා ඔයාට ටැක්ස් රිෆන්ඩ් එකක් ගන්න දෙන්නේ නෑ. ඇප්රෝව්ඩ් චැරිටි කියන ඒවා ලිස්ට් එකක් තියනවා සයිට් එකේ. ඒවාට දුන්නොත් විතරයි ක්ලෙම් කරන්න පුළුවන්. ගේ ලග පන්සලට දුන්නා, නොදන්නා ඇන්ටිගේ මරනදාර සමිතියට දුන්නා කියලා බැ.
    • සොලර් පැනල් හයි කරලා නැෂනල් ග්‍රිඩ් එකට කනෙක්ට් කරලා නම් ඒ ගිය වියදම අවුරුද්දට 600,000 දක්වා අඩු කරන්න පුළුවන්....

    දැන් එතකොට ටැක්ස් ස්ලැබ් ටික බැලුවොත්

    31-03-2025 දක්වා
    31-03-2025 දක්වා
    01-04-2025 සිට
    01-04-2025 සිටTax Rate (%)
    සිට
    දක්වා
    සිට
    දක්වා
    0​
    1,200,000​
    0​
    1,800,000​
    0%​
    1,200,001​
    1,700,000​
    1,800,001​
    2,800,000​
    6%​
    1,700,001​
    2,200,000​
    12%​
    2200001​
    2,700,000​
    2,800,001​
    3,200,000​
    18%​
    2,700,001​
    3,200,000​
    3,200,001​
    3,700,000​
    24%​
    3,200,001​
    3,700,000​
    3,700,001​
    4,200,000​
    30%​
    3,700,001​
    4,200,001​
    36%​
    මෙතනින් එහාට වැඩි වෙන ඒවා ට 36%


    මේක බලපුවාම පේනවා ලොකු වාසියක් නෑ දැනටමත් ලක්ෂ දෙකට වඩා මාසෙට ගන්න කෙනෙක් ට. එක ස්ලැබ් එකක වාසියක් තියනවා.. එකත් වාසියක්.



    හරි දැන් ටැක්ස් හැදෙන්නේ කොහොමද කියලා බැලුවොත් සියලුම ටැක්ස් වෙන ආදායම් එකතු කළා ඒ අගය ගත්තා.
    අපි හිතමු එක A කියලා.
    ඊට පස්සේ අඩු කරන්න පුළුවන් ඒවා අඩු කරනවා

    බද්දෙන් නිදහස් ආදායම.
    රෙන්ට් ඉන්කම් එකෙක් තියනව නම් 25%ක්
    ඇප්රෝව්ඩ් චැරිටි ආයතනවලට දුන් දේවල්.
    අපි හිතමු මේ අඩු කිරීම් වල එකතුව B කියලා

    ඊට පස්සේ A - B = C කියලා මේ දෙකේ වෙනස ගන්නවා..
    ඒ වෙනසට අර උඩින් තියන ටේබල් එකේ විදිහට ගාන හදන්න ඕනා....
    අපි කියමු කෝ එක D කියලා

    දැන් D තමා ඔයාගේ ටැක්ස් එක.

    මේකෙන් ඔයා වෙනුවෙන් රස්සාව කරන තැනින් ගෙවපු APIT ප්‍රමනේ අඩු කරනවා. අපි කියමු එකට E1 කියලා...
    APIT අඩු කරපු ප්‍රකාශ ය එහෙම නැති නම් T10 ෆෝරම් එක කොම්පැනියෙන් ඉල්ලා ගන්න ඕනා....
    ඒ වගේම මාස 3න 3නට ඔයා ඇඩ්වාන්ස් ගෙව්වා නම් ඒවා යේ ප්‍රමනෙත්. පි කියමු එකට E2 කියලා.

    ඊට පස්සේ බැංකු වලින්, රෙන්ට් දුන්න තැන් වගේ ඔයාගෙන් WHT අඩු කල සර්ටිෆිකෙට් ඉල්ලගෙන ඒවාත් අඩු කරනවා. අපි එකට F කියමු....
    (WHT සෙටිෆිකෙට් ඉල්ලාගන්න කතාව අනිත් ලිපිය බලන්න)

    දැන් එනවා අලුත් ඉල්ලකමක්. D - E1-E2 - F = G කියමු එකට

    එක තමා ගෙවන්න ඕනා ගාන. නමුත් මේකට සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට ටැක්ස් එකවුන්ට්ටන්ට් ලා අමතර රුපියල් 100 විතර එකතු කරනවා. මොකද රවුම් කිරීම් වල ප්‍රශ්න ආවොත් සමහර ඇසෙසර් ලාට ඕක තේරුම් කරනවාට වඩා හරකෙක්ට අවකලනය තේරුම් කරන්න ලේසි නිසා....


    ඔක්කොම කතාව කෙටියෙන් මෙතනින් බලන්නත් පුළුවන්
    https://www.ird.gov.lk/en/Downloads/IT_Individuals_Doc/Guide_to_IIT_2324.pdf

    පලවෙනි කොටස ඉවර උනාට ඉවරම නෑ.. ටැක්ස් එක විතරක් ගෙවලා බ්රෙන්න බෑ . වත්කම් වගකීම් ප්‍රක්ෂයක් දෙන්නත් ඕනා. ඒ කියන්නේ පස්සේ ඇවිල්ල කියන්න බෑ නොදන්නා කෙනෙක් මැණික් මල්ලක් දීලා ගියා වගේ කතා....

    මේකෙදි නිශ්චල වත්කම් පිළිබද විස්තර
    චංචල වත්කම් (වාහන පිළිබද විස්තර)
    බිස්නස් එකේ කරන්ට් (බැංකු අකවුන්ට් නෙමේ) එකවුන්ට් එකේ අගය
    ලෝන්

    දෙන්න ඕනා ඒවාට අවශ්‍ය අනිකුත් විස්තර කොළ විදිහට upload කරන්නත් ඕනා
    තව එතකොට අර මැණික් මල්ලක් එහෙම කව්රුහරි දීලා ගියා නම් ඒවත් දාන්න ඕනා මේ ලිස්ට් එකට ගිෆ්ට් රිසිවිඩ් කියන කොටසේ.
    එතකොට ඔය වාහන ඉඩකඩම් විකුනලා සල්ලි ආවත් එකත් දාන්න ඕනා මේකේ
    එතකොට පස්සේ ගිහින් කියන්න ඉතුරු නෑ


    ලෝකේ පිළිගත් නීති රීති, ආචාර ධර්ම අනුව ටැක්ස් ප්ලැනින් වරදක් නෙමේ. නොගෙවා සිටීම වරදක්.
    ඒ වගේම බොරු කිරීමත් වරදක්
    ඒ නිසා සමහර දේවල් නීතිමය රාමුවේ ඉදන් කරන්න පුළුවන් ටැක්ස් එක අඩු කරගන්න.

    EPF එකෙන් ලැබෙන ඒවා gratuity ටැක්ස් වෙන්නේ නෑ
    එතකොට ස්ටොක් එක්ස්චේන්ජ් එකෙන් එන ලාබ වලටත් නෑ

    ඉස්සර වගේ කොළ පුරවන්න නෑ දැන්. සයිට් එකට ලොග් වෙලා එකේ පුරෝලා ප්‍රින්ට් එකක් අරන් තියාගන්න තියන්නේ.

    එතකොට 31-03-2025 වෙනකන් සේවා සපයලා හොයන ඩොලර් ඉන්කම් එකටත් ටැක්ස් ගෙවන්න ඕනා නෑ කියල තිබ්බේ. එක තමා 01-04-2025 ඉදන් 15% දක්වා ටැක්ස් කරනවා කිව්වේ...



    එතකොට WHT එක 5% නෙමේ 10% නෙමේ 15% උනත් ටැක්ස් ගෙවන අයට ලොකු ඉෆෙක්ට් එකක් නෑ. ටයිම් වලියු ඔෆ් මනි තමා
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    කෙනෙකුට සල්ලි දීලා ඒ සල්ලි ආපසු ලබා ගත්තා කියලා කුමක් හෝ ලිපියක් ඉන්වොයිසියක් වගේ දෙයක් ගන්න ඕනෙ ද?කොහොමද ඒක වැලීඩ් කියලා පෘ කරන්නෙ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෙනෙකුට සල්ලි දීලා ඒ සල්ලි ආපසු ලබා ගත්තා කියලා කුමක් හෝ ලිපියක් ඉන්වොයිසියක් වගේ දෙයක් ගන්න ඕනෙ ද?කොහොමද ඒක වැලීඩ් කියලා පෘ කරන්නෙ.
    පර්සනල් ටැක්ස් ගැන නම් වැඩිය දන්නේ නෑ.
    එත් දුන්නා කියලා prove කරලා ලැබුනා කියලා prove කලොත් හරි යයි
    කොම්පැනි නම් එත් disclose කරන්න ඕනා, ඒ වගේම එක හරි නම් පවතින පොලියට සමගාමී පොලියක් ගන්නත් ඕනා. සල්ලි දුන්නා නම්. නමුත් වැඩක් කරන්න ඇඩ්වාන්ස් දීලා වැඩේ නොකරපු නිසා ඇඩ්වාන්ස් රිටන් පුළුවන්. එක නීතියේ හිල් වලින් රින්ගිල්ලක්
     
    • Love
    Reactions: Bam

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං පොඩි නිවැරැදි කිරීමක්. Residence කෙනෙක් කියන්නේ 183 days or more. 180 නෙවේ.
     
    • Love
    Reactions: wqe123