ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    ඔක්කොම එකතුවෙලා ගැහුවා ගැහිල්ලක්. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට. මොන ආණ්ඩුව ආවත් හොරකම, වංචාව, දුෂණය යටින් යනවා. මොකද අපි හොරකම කරනවා කියල හොරකම් කරන්නේ නැහැනේ.

    https://sinhala.adaderana.lk/news/223817





    ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වා තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීමේදී ප්‍රශ්නගත ට්‍රයිඩන්ට් සමාගම විසින් පැටවුම් වරායේ වාර්තා ලබාගත් පරීක්ෂණාගාරය බලපත්‍ර අහෝසි වූ එකක් බව විගණකාධිපතිවරයා විසින් මෙම විශේෂ විගණන වාර්තාවෙන් අනාවරණ කර තිබේ.

    විගණකාධිපතිවරයා මෙම වාර්තාව ලබාදුන්නේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා ජාතික විගණන කාර්යාලයට කළ දැනුම්දීමකට අනුවය.

    වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණ වන්නේ ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට, ටෙන්ඩරය හිමිවූ ට්‍රයිඩන්ඩ් සමාගම සිය ලියාපදිංචිය හෝ සම්පූර්ණ කර නොතිබූ බවයි.

    2025 / 2026 වාරය සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේදී එම ප්‍රසම්පාදනයෙහි මෙන්ම මිලදීගත් ගල්අඟුරු අපේක්ෂිත ප්‍රමිතියට නොතිබීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විගණකාධිපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබුණි.

    ඒ අනුව ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025 / 2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව, ජාතික විගණන කාර්යාලය මගින් මේ වනවිට නිකුත්කර තිබේ.

    එහි දැක්වෙන්නේ, මෙම ප්‍රසම්පාදනයේදී ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට ලියාපදිංචිය සම්පූර්ණ කරන ලද සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීම සිදුකරන බව එම දැන්වීමේ පැහැදිලිව සඳහන් කර තිබූ බවය.

    එසේවුවද එම දිනය වනවිට සම්පූර්ණ ලියාපදිංචි ගාස්තුව ගෙවා ලියාපදිංචිය තහවුරු කරනොගත් සැපයුම්කරුවන් තිදෙනෙකුටද ලංසු යැවීමට කටයුතු කර තිබූ අතර, මෙම ප්‍රසම්පාදනයට තෝරාගත් ට්‍රයිඩන්ට් සමාගම ද එදින වනවිට ලියාපදිංචිය තහවුරු කර නොතිබූ බව විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර තිබේ.

    මිලදීගත් ගල්අඟුරු ලක්විජය බලාගාරයට උචිත ප්‍රමිතීන්ගෙන් සමන්විත වේදැයි පැටවුම් වරායේදී හා ගොඩබෑම් වරායේදී ස්වාධීන පරීක්ෂකයෙකු මගින් පරික්ෂාවකට ලක්කරනු ලබන අතර, පැටවුම් වරායේදී විකුණුම්කරු පත්කරන ලද Mitra SK South Africa හිමිකාරි සමාගමට අවශ්‍ය කරන ප්‍රමිතින්වලට යටත්ව ගල්අඟුරු සාම්පල පරික්ෂා කිරීම සඳහා ප්‍රතීතනතාවයක් නොතිබුණු බැවින් ඒ වෙනුවෙන් පරික්ෂණ වාර්තාව නිකුත් කිරීමට 2025 වසරේ දෙසැම්බර් 29 වැනි දින වනවිට බලපත්‍රය අවලංගු වූ PT Mitra SK Analisa Testama Samarinda නම් ඉන්දුනීසියානු සමාගමකට පවරා තිබේ.

    කෙසේවෙතත් අදාළ සමාගමේ බලපත්‍රය 2026 වසරේ මාර්තු 31 වැනිදා වනවිටත් යාවත්කාලීන කර තිබුණු බවට විගණනයේදී කරුණු අනාවරණය වී නොමැත.

    කෙසේවුවද ලැබී තිබුණු නැව්තොග 12ටම අදාළ පැටවුම් වරායෙහි වාර්තා ප්‍රතීතනතාවයක් නොමැති බව හඳුනාගන්නා ලද Mitra SK South Africa හිමිකාරි සමාගම විසින් නිකුත් කර ඇති බව විගණන වාර්තාව පෙන්වා දී තිබේ.

    ඒ අනුව වාර්තාව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ පැටවුම් වරායේ පරීක්ෂණ වාර්තා සහ ලක්විජය බලාගාරයේ ප්‍රධාන පාලන ඒකකයෙන් ලබාගන්නා දත්ත අතර පරස්පරතා පැවතියදීත් පැටවුම් වරායේ වාර්තා සම්බන්ධයෙන් තහවුරුවක් ලබාගැනීමට ලංකා ගල්අඟුරු සමාගමට විකල්ප අවස්ථා කිහිපයක් තිබුණද ඒ කිසිවක් භාවිත කිරීමට එම සමාගම කටයුතු කර නොමැති බවයි.

    එමෙන්ම වසර පුරා ශ්‍රී ලංකාවට ගල්අඟුරු ගොඩබෑමට නොහැකි වීම නිසා මෙරටට ගල්අඟුරු සපයාගත හැකි කාල සීමාවේ උපරිම වශයෙන් එය සිදුකළ යුතු වුවත් එම අවස්ථාව පැවති 2025 වසරේ නොවැම්බර් 13 සිට දෙසැම්බර් 30 දක්වා දින 40ක කාලයේ කිසිඳු ගල්අඟුරු නැව්තොගයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවන පරිදි ප්‍රසම්පාදනය සිදුකිරීමට ලංකා ගල්අඟුරු සමාගම අපොහොසත් වී ඇතැයි විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත.

    අනතුරුව, නියමිත ප්‍රමාණයට අඩුවෙන් නැව් පැමිණීම නිසා මේ වසරේ මාර්තු 18 වැනිදා ක්ෂ්‍ණික ප්‍රසම්පාදනයකින් ගල්අඟුරු මිලදී ගැනීමට සිදුවී තිබුණු අතර එහිදී තෝරාගත් Taranjot Resource පුද්ගලික සමාගම ද තම ලියාපදිංචිය ලබාගන්නා අවස්ථාවට පෙර මාස 36ක කාලය තුළ ලක්විජය බලාගාරයේ දළ තාපජනන අගය ප්‍රතික්ෂේපිත මට්ටම වූ කිලෝකැලරි 5,900 හෝ ඊට වැඩියෙන් සැපයීමට අපොහොසත් වී තිබූ සමාගමක් බවද විගණකාධිපතිවරයා මෙම වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ.

    මෙම තත්ත්ව සැලකූවිට නියමිත කාලයට ගල්අඟුරු නැව් ගෙන්වාගැනීමට නොහැකිවීමත්, ඉදිරියේදී ඇතිවිය හැකි පාලනය කළ නොහැකි තත්ත්ව මත ලක්විජය බලාගාරයේ අවශ්‍යතාවට ගල්අඟුරු ප්‍රමාණවත් නොවුණහොත් අඛණ්ඩ විදුලිබල සැපයුමකට අවාසි සහගත ලෙස බලපෑ හැකි බවද විගණනකාධිපතිවරයා මෙම විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    එම සම්පූර්ණ විගණන වාර්තාව පහතින්,
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,107
    113
    ඔක්කොම එකතුවෙලා ගැහුවා ගැහිල්ලක්. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට. මොන ආණ්ඩුව ආවත් හොරකම, වංචාව, දුෂණය යටින් යනවා.

    Katada salli gihin thiyenne?
     
    • Like
    Reactions: Inigo Montoya

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    රටට පට්ට කෙලවිල්ලක් කෙලවෙලා තියෙන්නේ මේ ගල් අගුරු වංචාව නිසා. ඩිසල් දහනය කරන්න වෙනවා විදුලිය දෙන්න. විදුලිය කපන්නත් වෙනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,306
    1
    59,617
    113
    Mother Earth
    Katada salli gihin thiyenne?
    අපි දන්නවා ජෙප්පො කියන්නෙ කැරි හොරු කියලා. සල්ලි කාට ගියත් දැන් මේක නිසා රටට වෙච්ච පාඩුව ගැන කතා කරපන් මෝඩ ජෙප්පො. 🤷‍♂️
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    සියලුම ඩෝබින්ගේ නිවාඩු අවලංගුයි .. වහාම සේවයට වාර්තා කරන්න …
    වතුර ත් කපලා ඉන්න වෙලාව .. ඩොබියෝන්ට දැන් ගූ රෙදි ටික කන්න තමයි වෙන්නේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    වතුර ත් කපලා ඉන්න වෙලාව .. ඩොබියෝන්ට දැන් ගූ රෙදි ටික කන්න තමයි වෙන්නේ
    🤣🤣
    සතියට එක දවසයි ඩෝබිලට washing machine දාන්න කිවේ .. ඒ උනාට මේ යන විදියට ඒක කරන්න බෑ වගේ උන්ට ..
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,325
    9,058
    113
    Around the world
    ගල් අඟුරු කාලා බැලුවේ නැති උනාට ගල් අඟුරු වන්චාවෙන් හොයාගත්ත සල්ලිවලින්නම් කනවා බොනවා ආතල් දානවා අනුර සහා 159 සෙට් එකම.
    අම්ෆයර් සාම්පල් ටික ටෙස් නොකර මගඇරලා ඉන්නෙ, දඩ ගැහුවොත් කම්පැනිය බංකොලොත් වෙයි වගේ ගල් අඟුරු සප්ලයි කරන කම්පැනිය ගැන මාර ආදරයක් ඇතිවෙලා තියෙන්නෙ නිකං නෙවෙයි.
    මාලිමා රජය ගල් අඟුරු ටෙන්ඩර් එක දුන්න ට්‍රයිඩන්ට් චෙම්පාර්ට් කියන සමාගම ඉංදියාවේ තෙලඟනා ප්‍රාන්තයේ අරක්කු ඒකාදිකාරය ගන්න රජය සතු බාර් ටික වහන්න ප්‍රාන්ත නීති වෙනස්කිරීම වෙනුව්ව්න් කෝටි 100ක් ශෙල් 33ක් හරහා ප්‍රාන්තයේ ඇමතිවරුන්ට සහා මංත්‍රීලට පගාව විදිහට දුන්නා.(ලාල්කාන්තට අනුවනම් සමාජ ප්‍රාග්ධනය).
    අද මාලිමා රජයේ ජනපති සහා කුමාර ජයකොඩි එක්ක එකතුවෙලා ගල් අඟුරු වන්චාව කරා වගේ තෙලඟනා ප්‍රාන්තේ සුරාබදු වංචාවේදි හවුල් කරගත්තෙ ප්‍රාන්තයේ මහා ඇමතිගෙ දුව කේ.කවීතාව.
    මධ්‍යම රජයෙන් මේ ගැන පරීක්ශණයක් කලා කරලා ට්‍රයිඩන්ට් චෙම්පාර්ට් සමාගමේ ප්‍රධානියාව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්නකරනකොට බාරතිය ජනතා පක්ශයට(දැනට ඉංදියාවේ පාලක පක්ෂයට) කෝටි 50ක ඉලෙක්ටරල් බොන්ඩ් එකක් දීලා රජයේ සක්කි කාරයෙක් උනා.
    ගල් අඟුරු මම කාලා නෙවෙයි ප්‍රමිතිය පරීක්ශා කරන්නෙ , අපි දඩ ගැහුවොත් ඒ සමාගම බංකොලොත් වෙයි වගේ අමු මෝඩ කතා නොකියා හොරකම් කරපු සල්ලි ටික ගෙන හෙලිවෙන නිසා කම්පැනිය බේරගන්න විවිද උප්පරවැට්ටි දම දමා අම්පයර් සාම්පල් කල් ඉකුත්වෙනකල් ඉන්න එක මෝඩ මාලිමා පාක්ශිකයන්ට නොතේරුනාට මොලේ තියන ඕන එකෙක්ට තේරෙනවා.
    දැං ඔය කෝටි ගනං වටින නිවාස එකපාරටම පහල වෙලා ඒවා පෙන්නලා රංගනය කරන්නේ නිකං නෙවෙයි මේ ආන්ඩුව නැතිවෙනකොට මේ ආන්ඩුවෙන් බිලියනපතියෝ සැලකියයුති ගානක් බිහිවෙනවා.ඒකට වටපිටාව හදාගන්න ගෑනිගේ පඩියෙන් ජිවත් වෙනවා කීව එකාට කෝටි 50ක විතර දේපල පහල උනා ඒවා ඒකාලේ ඉඳලා තිබුනා වගේ එවා රංගන දාන්න වෙනවා.

    D.R. Gamlath
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,183
    1
    57,230
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • Haha
    Reactions: prabaths

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,801
    16,933
    113
    Kottawa
    විගණන වාර්තා බලනවද දැන්? හාමුගේ කාලේ වාර්තා පේනවද බලන්න

    https://www.auditorgeneral.gov.lk/

    TLS වැඩත් නෑ උට්ටෝ.. 😅

    හාමු හාමු ගගා හැමිනෙන්නේ දැන් උන්ව ගෙදර යවල කොච්චර කල්ද? 😅🤌

    හාමුගෙ කාලෙ මං හොඳට ඇමතුවා.. දැන් උන් ගෙදරනේ..

    මේ සීන් එක් උනේ හාමුග් කාලෙද? 😅🤌
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,804
    98,949
    113
    සියලුම ඩෝබින්ගේ නිවාඩු අවලංගුයි .. වහාම සේවයට වාර්තා කරන්න …
    සිකුරාදා තමා සිකුරාදා එක්කෝ ඩෝබින්ට රෙදි කන්ද වැඩි වෙනවා එක්කෝ හෝදපු රෙදි ඔක්කොම වැඩක් නැති වෙනවා.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    සිකුරාදා තමා සිකුරාදා එක්කෝ ඩෝබින්ට රෙදි කන්ද වැඩි වෙනවා එක්කෝ හෝදපු රෙදි ඔක්කොම වැඩක් නැති වෙනවා.
    දැන් අතේ එපයි හෝදන්න . කරන්ට් එක ඉතුරු කරන්න එපැයි 🤌🤣
     
    • Haha
    Reactions: BINGU_PUTHA

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,329
    9,837
    113
    ඔඩිට් ඩිපාට්මන්ට් එකට jvp එකෙක් දාගන්න සෑහෙන්න වලි කෑව නේද? පත් වුනාද?
     
    • Like
    Reactions: Asmodeus