මගේ කිට්ටු යාළුවෙක් ඉන්නවා, අපි නම කියමු 'චමින්ද' කියලා. චමින්ද කියන්නේ Facebook එකේ AI යුගයේ අභිමානය! මේ දවස්වල මිනිහා නිතරම කරන්නේ AI Tool වලින් 'ෂා... නියමයි!' කියන්න පුළුවන් Post හදලා දාන එක. ලියන්නේ AI, පින්තූර හදන්නේ AI, හැමදේම AI.
ඒක නිසා, අපේ චමින්දට IT ලෝකයේ 'ප්‍රාඥයෙක්' වගේ හොඳට වැඩ ලැබෙන්න පටන් ගත්තා!
වැඩේ කියන්නේ, මිනිහා මේ වැඩත් කළේ AI උදව්වෙන්! ඔයාලා හිතන්න... ප්‍රශ්නයක් එනවා, මිනිහා AI ගෙන් අහනවා, AI උත්තර දෙනවා, චමින්ද ඒක කොපි පේස්ට් කරලා Client ට දෙනවා. වැඩේ සාර්ථකයි! (මොකද AI නේ කරන්නේ!)
ඔහොම ඉන්නකොට, චමින්ද වැඩ කරලා දුන්නු ඔෆිස් එකකින් මිනිහට 'විශේෂඥ තනතුරක්' සඳහා සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා ආරාධනාවක් ආවා!
අපේ AI 'ගුරු' චමින්දට කිසිම බයක් නැහැ! මොකද? "AI ඉන්නවනේ, ප්‍රශ්නයක් වෙන්නේ නැහැ!" කියලා හිතාගෙන මිනිහා ජොබ් එකට ගියා.
ඊටපස්සේ තමයි හොඳම හරිය...
මිනිහා අලුත් ඔෆිස් එකේ පළවෙනි දවසේ ඉඳන්ම පණිවිඩයක් එව්වා:

මම ඇහුවා: "මොකද උනේ, මොකද උනේ?""මචං... අද මට තේරුණා... මම නිකම්ම නිකම් 'Copy Paste' සේවකයෙක් විතරයි කියලා!"
දැන් මගේ යාළුවා, ජාත්‍යන්තර මට්ටමේ AI විශේෂඥයා, කාටවත් නොකියා බිම බලාගෙන ඉන්නවාලු!මිනිහා කියනවා: "මේ හු#$ කොම්පැනි එකේ 'Internet'යි 'AI Tools'යි 'බ්ලොක්' කරලා!** මට දැන් පොඩිම IT ප්‍රශ්නයක්වත් 'Google' කරන්නවත් බැහැ, 'ChatGPT' ගෙන් අහන්නවත් බැහැ!"