වතුරට බහින්න කලින් කියවල බලන්න.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    1. මූලික භීතිය සහ ජලය සමඟ කරන අරගලය (The Initial Panic & Struggle)

    ජලයේ ගිලෙන්නට පටන් ගත් වහාම මිනිස් සිරුරේ දිවි ගලවා ගැනීමේ සහජ ඉව (survival instinct) උපරිමයෙන් ක්‍රියාත්මක වේ. කෙසේ හෝ හිස ජලයෙන් මතුපිටට ගෙන හුස්ම ගැනීමට අත් කකුල් ගසමින් දැඩි අරගලයක නිරත වේ. මේ අවස්ථාවේදී හද ගැස්ම වේගවත් වී, මරණ බිය මුළු සිරුරම වෙළා ගනී. තමන්ට කිසිදු පිහිටක් නොමැති බව තේරුම් යාමත් සමඟ දැඩි අසරණභාවයක් දැනෙන්නට පටන් ගනී.

    2. හුස්ම රඳවා ගැනීමේ වේදනාව (The Agony of Breath-Holding)

    ජලය යටදී ස්වාභාවිකවම මිනිසා හුස්ම ගැනීම නවත්වාගෙන සිටීමට උත්සාහ කරයි. නමුත් කාලය ගතවෙත්ම රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවී කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යයි. මේ නිසා පපුව සහ පෙණහලු පුපුරා යන තරමේ දැවෙන වේදනාවක් ඇති වේ. මොළයෙන් "හුස්ම ගන්න" යැයි බලකරන ස්වාභාවික විධානයත්, ජලය ආශ්වාස නොකිරීමට දරන උත්සාහයත් අතර දැඩි සටනක් ඇති වේ.

    3. ජලය ආශ්වාස කිරීම සහ ඉරාගෙන යන වේදනාව (Aspiration and Physical Agony)

    කාබන්ඩයොක්සයිඩ් පීඩනය දරාගත නොහැකිම තැන, මොළයේ පාලනය ගිලිහී ගොස් ස්වසන පද්ධතිය ඉබේම ක්‍රියාත්මක වේ. මේ සමඟම සීතල ජලය වේගයෙන් ශ්වසන නාල හරහා පෙණහලුවලට ගමන් කරයි. ජලය ආශ්වාස වීමත් සමඟම ස්වර තන්ත්‍ර (Vocal cords) එකවරම සංකෝචනය වී වැසී යයි (Laryngospasm). මෙය අතිශය වේදනාකාරී අවස්ථාවකි. උගුර සහ පපුව කටු කම්බියකින් අදින්නාක් මෙන් ඉරාගෙන යන දැඩි වේදනාවක් සහ හුස්ම හිරවීමේ උපරිම පීඩාව මේ මොහොතේ දැනේ.

    4. අවසාන සිතුවිලි: ආදරණීයයන් සහ ශෝකය (Final Thoughts & Emotional Toll)

    පෙණහලුවලට ජලය පිරී ඔක්සිජන් මොළයට ගමන් කිරීම නැවතීමත් සමඟ මානසික තත්ත්වය වෙනස් වීමට පටන් ගනී. මරණය අභියසදී කාලය ගමන් කිරීම ඉතා මන්දගාමී වූවාක් මෙන් දැනෙන අතර, තමාගේ මුළු ජීවිතයම චිත්‍රපටයක් මෙන් තත්පර කිහිපයකින් ඇස් ඉදිරිපිට මැවී පෙනෙන්නට ගනී.

    දෙමව්පියන් ගැන සිතුවිලි: තමන්ට මෙලොව ජීවය දුන්, තමාව රැකබලා ගත් මවගේ සහ පියාගේ මුහුණු මතකයට නැගේ. තමන්ගේ මරණයෙන් පසු ඔවුන් කෙතරම් කඳුළු සලාවිද, ඔවුන්ගේ මහලු වියේදී ඔවුන්ට කවුරුන් පිහිට වේවිද යන දැඩි ශෝකය හදවත පාරවයි. සමුගන්නට පෙර අවසන් වරට හෝ ඔවුන්ට කතා කිරීමට නොහැකි වීම පිළිබඳ පශ්චාත්තාපයක් ඇති වේ.

    දරුවන් ගැන සිතුවිලි: තමාගේ ලේ වලින් උපන් ආදරණීය දරුවන්ගේ අනාගතය කුමක් වේවිදැයි යන බිය සිතට ගලා එයි. "මගේ දරුවන්ට දැන් කවුද ඉන්නේ?", "ඔවුන්ගේ ඊළඟ උපන්දිනයට මට ඉන්න ලැබෙන්නේ නැහැ" වැනි සිතුවිලි මනස පුරා දෝංකාර දෙයි. තමා මත යැපෙන පවුල අනාථ වේවි යැයි යන බිය සහ අසරණ බව, ඒ මොහොතේ දැනෙන ශාරීරික වේදනාවද පරයා යන තරම් ප්‍රබල මානසික වේදනාවක් ගෙන දෙයි.

    5. සන්සුන් බව සහ සිහිය අහිමි වීම (The Final Calm & Unconsciousness)

    මොළයට ඔක්සිජන් නොලැබී යාම (Hypoxia) උත්සන්න වීමත් සමඟම, මනස කෙමෙන් කෙමෙන් යථාර්ථයෙන් ඈත් වේ. අරගලය සහ වේදනාව ක්‍රමයෙන් මැකී ගොස්, කිසිදු බරක් නොමැති අමුතුම ආකාරයේ සන්සුන් බවක් සහ සාමකාමී හැඟීමක් (Tranquility) මරණයට තත්පර කිහිපයකට පෙර දැනෙන බව වෛද්‍ය විද්‍යාත්මකව විශ්වාස කෙරේ. ඉන්පසුව දෑස් පෙනීම අඳුරු වී ගොස්, සම්පූර්ණයෙන්ම සිහිය අහිමි වී යාමෙන් ජීවිතය නිහඬ වේ.

    ✍️ Lakshan Hewage
    තම්බපණ්ණි©️
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    ගෙදර ශවර් එකේවත් නාන්න හිතෙන්නේ නෑ මේක දැක්කාම. පිළිකාවක් හාට් ඇටෑක් එකකින් වගේ මැරෙද්දි කොයි වගේද දන්නේ නෑ නේද. පොඩි කාලේ අවස්ථා දෙකක් ගිලෙන්න ගිහින් බේරිලා තියෙනවා. දැන්නම් වැව් ගංගා වල නාන්න යන්නේ නෑ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,503
    113
    Miami
    ගෙදර ශවර් එකේවත් නාන්න හිතෙන්නේ නෑ මේක දැක්කාම. පිළිකාවක් හාට් ඇටෑක් එකකින් වගේ මැරෙද්දි කොයි වගේද දන්නේ නෑ නේද
    this is definitely better than dying slowly from a cancer. a neighbor of mine died of cancer in bones or bone marrow, I don't remember exactly, it was so long ago. death by drowning must feel like heaven compared to the pain he went through.
     
    • Wow
    Reactions: AnuradhaRa

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    this is definitely better than dying slowly from a cancer. a neighbor of mine died of cancer in bones or bone marrow, I don't remember exactly, it was so long ago. death by drowning must feel like heaven compared to the pain he went through.
    yeah true. For many cancer patients, the mental struggle they endure every second for years is far more taxing than the physical pain itself. That is their greatest challenge. Mental pain is more taxing than physical pain
     
    • Sad
    Reactions: TonyMontana83

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,128
    36,147
    113
    කෑගල්ල
    .

    දෙමව්පියන් ගැන සිතුවිලි: තමන්ට මෙලොව ජීවය දුන්, තමාව රැකබලා ගත් මවගේ සහ පියාගේ මුහුණු මතකයට නැගේ. තමන්ගේ මරණයෙන් පසු ඔවුන් කෙතරම් කඳුළු සලාවිද, ඔවුන්ගේ මහලු වියේදී ඔවුන්ට කවුරුන් පිහිට වේවිද යන දැඩි ශෝකය හදවත පාරවයි. සමුගන්නට පෙර අවසන් වරට හෝ ඔවුන්ට කතා කිරීමට නොහැකි වීම පිළිබඳ පශ්චාත්තාපයක් ඇති වේ.
    මේ වනම් වතුරට බහින්න ඕනේ නෑ නිකන් ඉන්නකොටත් දැනෙනවා...
    පිළිකාවක් හාට් ඇටෑක් එකකින් වගේ මැරෙද්දි කොයි වගේද දන්නේ නෑ නේද.
    මැරෙන්න ඔන්න මෙන්න ඉන්න ලෙඩ්ඩු ළග ඉදලා තියනවාද? මම නම් දෙතුන් දෙනෙක් ළග ඉදලා තියනවා. ඒත් ඔයා වගේ තමා, අම්මා තාත්තා, මහා ගෙදර ඔවා තමා කියන්නේ. මැරිච්චි අයත් එක්ක කතා කරන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,969
    12,492
    113
    🤍
    කියව කියව ඉන්ඩ වෙලාවක් නෑ. නාලා එන්නම්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,835
    34,163
    113
    මොන්ටිසෝරිවල උගන්වන්න ඕන දෙයක් මේ පිහිනුම් කුසලතාවය. අඩුතරමින් ජලයේ පාවෙන්නවත්. අපේ උන්ට මොන්ටිසෝරියේ ඉඳලම විභග උන
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,291
    15,945
    113
    මඩ පාට වතුරෙ බහින උන් නම් අමු අඩු කුලේ 🤮
    ඕකුන් ගහගෙන යන එකම හොඳයි
    අපිරිසිදු හැත්ත

    මුහුදේ, පූල් වල බැහැලා මැරෙන උන් ඉහළ කුලේ 😎
     
    • Like
    Reactions: nalin0001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    ගෙදර ශවර් එකේවත් නාන්න හිතෙන්නේ නෑ මේක දැක්කාම. පිළිකාවක් හාට් ඇටෑක් එකකින් වගේ මැරෙද්දි කොයි වගේද දන්නේ නෑ නේද. පොඩි කාලේ අවස්ථා දෙකක් ගිලෙන්න ගිහින් බේරිලා තියෙනවා. දැන්නම් වැව් ගංගා වල නාන්න යන්නේ නෑ
    මටත් පළවෙනි එකෙන් දෙවනි එකට මාරු වෙන්න ඔන්න මෙන්න අවස්ථාවක experience එකක් තියෙනවා. දැන් කොච්චර පීනන්න පුළුවන් උනත් වතුරට බහින් නෑ ලේසියකට.

    මම දන්න කෙනෙක් ඉන්නවා 3ත් ගිහිං බේරුන. මාසයක් විතර ICU හිටියා.

    මොන්ටිසෝරිවල උගන්වන්න ඕන දෙයක් මේ පිහිනුම් කුසලතාවය. අඩුතරමින් ජලයේ පාවෙන්නවත්. අපේ උන්ට මොන්ටිසෝරියේ ඉඳලම විභග උන
    පීනන්න පුරුදු වෙන එක නන් හොදයි ඒත් ඒක දැනගෙන හිටියත් ගිලෙනවා තත්පර දෙකයි මිස් වෙන්න ඕනි ඊට පස්සේ ඔලුවෙන් පිස්සු කෙලිනවා.
    ------ Post added on Apr 18, 2026 at 7:17 AM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,291
    15,945
    113
    Any past experience you had on yourself?

    මම ගිලුණා
    ඉස්කෝලෙ පූල් එකේ
    පැයක් විතර පීනලා මහන්සි වෙලා හිටියේ
    දැඟලුවා
    උඩට එන්න පණක් තිබුණේ නෑ
    කමක් නෑ එහෙනම් මැරිලා ගියාවෙ කියලා වැඩේ අතහැරියා
    ඉබේම පාවෙන්න ගත්තා 😆
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    මම ගිලුණා
    ඉස්කෝලෙ පූල් එකේ
    පැයක් විතර පීනලා මහන්සි වෙලා හිටියේ
    දැඟලුවා
    උඩට එන්න පණක් තිබුණේ නෑ
    කමක් නෑ එහෙනම් මැරිලා ගියාවෙ කියලා වැඩේ අතහැරියා
    ඉබේම පාවෙන්න ගත්තා 😆
    මටත් ඔහොම්ම උනේ. තරගයකට ගිහිං හොඳටම මහන්සි වෙලා deep end එකේ හිටගන්න ගියා. අපේ ස්කෝලෙ එකේ deepened එකේ මාව ගිලෙන්නේ නෑ. තරගේ තිබ්බ පුල් එකේ අඩි 14ක් යට. වෙන ස්කොලෙක එකෙක් ඇදලා ගත්තේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,835
    34,163
    113
    මම ගිලුණා
    ඉස්කෝලෙ පූල් එකේ
    පැයක් විතර පීනලා මහන්සි වෙලා හිටියේ
    දැඟලුවා
    උඩට එන්න පණක් තිබුණේ නෑ
    කමක් නෑ එහෙනම් මැරිලා ගියාවෙ කියලා වැඩේ අතහැරියා
    ඉබේම පාවෙන්න ගත්තා 😆
    ඉස්කෝලේ පූල් එක වෙලත් ජීවිතාරක්ෂකයෙක් හිටියේ නැද්ද? හරි පුදුම ඉස්කෝලයක්. පූල් එක පස් දාලා වහන්න ඕනේ.
     
    • Like
    Reactions: War Fighter

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    මටත් පළවෙනි එකෙන් දෙවනි එකට මාරු වෙන්න ඔන්න මෙන්න අවස්ථාවක experience එකක් තියෙනවා. දැන් කොච්චර පීනන්න පුළුවන් උනත් වතුරට බහින් නෑ ලේසියකට.

    මම දන්න කෙනෙක් ඉන්නවා 3ත් ගිහිං බේරුන. මාසයක් විතර ICU හිටියා.
    ඔය ගොඩක් උන් ට්‍රිප් ගිහින් ඕවල නාන්න යන්නේ අනිත් උන් විහිළු කරයි කියලා බයට. කෙල්ලෝ ගෑනු එහෙම බලන් ඉද්දි ලැජ්ජත් එක්කනේ. එක අඩු කුලේ එකෙක් හිටියොත් ඇති ට්‍රිප් යන සෙට් එකේ ඌ ඔක්කොම ඇදලා ගන්නවා මැරෙන්න. අපි ඉතින් දැදුරු ඔයේ අගිස්සේ ඉන්න නිසා අවුරුද්දකට ඔය වගේ ලොකු එක සිද්ධියක් හරි ආරංචි වෙනවා. හරියට නිකන් බිලි ගන්නවා වගේ. ආරංචි වෙන්නේ නැති තනි තනි සිද්ධි ඕනේ තරම් වෙනවා. විහින් මැරෙන උන්

    මැරෙන්න ඔන්න මෙන්න ඉන්න ලෙඩ්ඩු ළග ඉදලා තියනවාද? මම නම් දෙතුන් දෙනෙක් ළග ඉදලා තියනවා. ඒත් ඔයා වගේ තමා, අම්මා තාත්තා, මහා ගෙදර ඔවා තමා කියන්නේ. මැරිච්චි අයත් එක්ක කතා කරන්නේ.
    මන් පොඩි කාලේ නැවතිලා හිටපු ගෙදරකනම් ඉඳලා තියෙනවා පිළිකා ලෙඩෙක්. ඒ කාලේ පොඩි හින්ද එච්චර තේරුමක් නෑ. හැබැයි ඉතින් ලෙඩාට වඩා ගෙදර මිනිස්සු දුක් වින්දා කියලානම් තේරුණා. මහරගම පිලිකා රෝහලේ අපේ මාමා කෙනෙක් ලෙඩෙක් ගාව නැවතිලා හිටියා. එයානම් කිව්වේ ඒක වෙනම අපායක් කියලා. මේ හොඳට කතා කර කර ඉඳපු ලෙඩ්ඩු මාමා ටොයිලට් එකට හරි කොහෙට හරි ගිහින් එන ටිකට මැරිලාලු. කොහොම හරි ටික දවසක් යනකල් ගෙදර ඇවිදිනුත් මාමා ශොක් වෙලා ඉඳලා තියෙන්නේ. ඒ තරම් අමාරුයිලු ඒවා බලන් ඉන්න
     
    • Like
    Reactions: SK29