ජීවිතයේ අරමුණ | උදකූපම පුග්ගල සූත්‍රය

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,158
    1,780
    113


    මහණෙනි, ලෝකයෙහි විද්‍යාමාන වන්නා වූ ම මෙ උදකොපම පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
    මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් වරක් නිමග්න වූයේ (කිඳුනේ) නිමග්න (කිඳුනේ) ම වෙයි.
    මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල සිටියේ (මතුවූයේ) වෙයි.
    මහණෙනි, මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල වටා බලයි, අනුවිලොකන කරයි.
    මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල යායුතු මංබලා තරණය කෙරෙයි.
    මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල ප්‍ර‍තිගාධයට (ප්‍ර‍තිෂ්ඨාවට) පැමිණියේ වෙයි.
    මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල තරණය කෙළේ පරතෙර පැමිණ බ්‍රාහ්මණ වූයේ තලයෙහි (නිවනෙහි) සිටුනේ වෙයි.

    (1) මහණෙනි, පුද්ගල එක් වරක් නිමග්න වූයේ කෙසේ නිමග්න ම වේ ය යත්: මහණෙනි, මෙ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශලධර්‍මයෙන් (නියත මිථ්‍යාදෘෂ්ටියෙන්) සමන්වාගත වෙයි. මහණෙනි, මෙසෙයින් පුද්ගල වරක් නිමග්න වූයේ නිමග්න ම වෙයි.

    (2) මහණෙනි, කෙසේ නම් පුද්ගල ඉපිල කිඳුනේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුසල්දහම්හි ශ්‍ර‍ද්ධාව මැනැව, හිරි මැනැව, ඔතප් මැනැව, වැර මැනැව, කුශලධර්‍මයන්හි ප්‍ර‍ඥාව මැනැවැ”යි ඉල්පෙයි. ඔහුගේ එ ශ්‍ර‍ද්ධාව නො සිටුනේ ය, නො වැඩෙයි, පිරිහේ ම ය. ඔහුගේ ඒ හිරිය... ඔහුගේ එ ඔත්තපප්ය… ඔහුගේ එ වීර්‍ය්‍යය... ඔහුගේ එ ප්‍ර‍ඥාව නො මැ සිටුනේ ය. නො මැ වැඩෙයි, පිරිහේ මැ යි. මහණෙනි, මෙ සෙයින් පුද්ගල ඉල්ප කිඳුනේ වේ.

    (3) මහණෙනි, කිසෙයින් පුද්ගල ඉල්පී සිටියේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුශලධර්‍මයන්හි පිහිටි ශ්‍ර‍ද්ධාව මනා ය, හිරිය මනා ය, ඔත්තපප්ය මනා ය, වීර්‍ය්‍යය මනා ය, කුශලධර්‍මයන්හි පිහිටි ප්‍ර‍ඥාව මනා ය” යි ඉල්ප සිටිනේ ය. ඔහුගේ එ සැදැහැ නො ම පිරිහෙයි, නො ද වැඩෙ යි, සිටියා ම වෙයි, ඔහුගේ එ හිරිය... ඔහුගේ එ ඔත්තපප්ය… ඔහුගේ එ වීර්‍ය්‍යය... ඔහුගේ එ ප්‍ර‍ඥාව නො ම පිරිහෙයි, නො ද වැඩෙයි, සිටියා ම වෙ යි. මහණෙනි, මෙසෙයින් පුද්ගල ඉල්ප සිටියේ වෙයි.

    (4) මහණෙනි, කිසෙයින් පුද්ගල ඉපිල වටා බලන්නේ ය, අනුවිලොකන කරන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුශලධර්‍මයන්හි ශ්‍ර‍ද්ධා මනා ය, හිරිය මනා ය, ඔතප් මනා ය, වැර මනාය, කුශලධර්‍මයන්හි පිහිටි ප්‍ර‍ඥා මනා ය” යි ඉල්පෙයි. හේ තුන් සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අවිනිපාතස්වභාව ඇතියේ නියත වූ සම්බොධිපරායණ වූයේ සෝවන් වෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප යායුතු දිග් බලයි, නහමයි.

    (5) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප තරණය කෙරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුශලධර්‍මයන්හි ශ්‍ර‍ද්ධා මනා ම ය, හිරි මනා ම ය, ඔතප් මනා ම ය, වීර්‍ය්‍යය මනා ම ය, ප්‍ර‍ඥා මනා ම ය” යි ඉල්පෙයි. හෙ තුන් සංයොජනයන්ගේ පරික්‍ෂයෙන් රාගද්වෙෂමෝහයන්ගේ තනුත්‍වයෙන් සකෘදගාමී වෙයි. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප තරණය කෙරෙයි.

    6) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප ප්‍ර‍තිෂ්ඨා ප්‍රාප්ත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුසල් දහම්හි ශ්‍ර‍ද්ධා මනා ම ය, හිරි මනා ම ය, ඔතප් මනා ම ය, වීර්‍ය්‍යය මනා ම ය, ප්‍ර‍ඥා මනා ම ය” යි ඉල්පෙයි. හෙ පඤ්චඔරම්භාගිය සංයෝජන පරික්‍ෂයෙන් එහි ම පිරිනිවෙන සුලු ඒ සුදවැසි බඹ ලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ ඕපපාතික වෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප ප්‍ර‍තිෂ්ඨාප්‍රාප්ත වෙයි.

    (7) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප තරණය කළේ වෙයි, පරතෙර ගියේ වෙයි, බාහිත පාපි බ්‍රාහ්මණ (නිවන්) තෙලෙහි සිටියේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුශලධර්‍මයන්හි ශ්‍ර‍ද්ධා මනා ය, හිරි මනා ය, ඔතප් මනා ය, වැර මනා ය, ප්‍ර‍ඥා මනා ය” යි ඉල්පෙයි. හෙ ආස්‍ර‍වක්‍ෂයයෙන් ආස්‍ර‍ව රහිත වූ චේතොවිමුක්තිය ප්‍ර‍ඥාවිමුක්තිය ඉහාත්මභාවයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප තරණය කළේ පරතෙර ගියේ බාහිතපාපී බ්‍රාහ්මණ (නිවන්) තෙලෙහි සිටුනේ ය.

    මහණෙනි, ලොව්හි විද්‍යාමාන වන මෙ උදකෝපම පුද්ගලයෝ සත් දෙන යි.

    ☸ මූලාශ්‍රය : උදකූපම පුග්ගල සූත්‍රය : https://tipitaka.lk/an-7-1-2-5/sinh
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,794
    113
    36
    Tawa tikak amaru sinhalen dapanko :P loku scene ekak wage pennana

    මූ මේ attention හොයන්නෙ.. හෙන බුද්ධිමත් අරකයි මේකයි දාගෙන
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    Simple sinhala

    මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්ගේ ස්වභාවය ජලයේ ගිලෙන සහ මතුවන ආකාර හතකට (උදකෝපම සූත්‍රය ඇසුරින්) සංසන්දනය කර පෙන්වා දෙති. එය සරල බසින් මෙසේය:
    ## ජලය උදාහරණ කරගත් පුද්ගලයන් සත් දෙනා
    මහණෙනි, ලෝකයේ ජලයේ ස්වභාවයට සමාන පුද්ගලයන් හත් දෙනෙක් සිටිති.
    1. **වරක් ගිලී එතැනම රැඳෙන පුද්ගලයා:**
    සමහර පුද්ගලයන් අකුසලයෙන් හා වැරදි දෘෂ්ටිවලින් කොතරම් පිරී ඇත්ද යත්, ඔවුන් සංසාර සාගරයේ එකවරම ගිලී යනවා මිස නැවත මතුවන්නේ නැත.
    2. **මතු වී නැවත ගිලෙන පුද්ගලයා:**
    සමහර පුද්ගලයන් "ශ්‍රද්ධාව, ලැජ්ජාව, බය, උත්සාහය සහ ප්‍රඥාව හොඳ දෙයක්" කියා සිතා මතු වුවත්, ඔවුන්ගේ ඒ ගුණාංග පවතින්නේ නැත. ඒවා පිරිහී ගොස් ඔහු නැවතත් අකුසලයේ ගිලී යයි.
    3. **මතු වී පාවෙමින් සිටින පුද්ගලයා:**
    මොහුගේ සිතේ ඇති ශ්‍රද්ධාව, උත්සාහය වැනි ගුණාංග පිරිහෙන්නේත් නැත, වැඩෙන්නේත් නැත. ඔහු පිරිහීමක් නැතිව එම යහපත් තත්ත්වයේම රැඳී සිටියි.
    4. **මතු වී මඟ බලන පුද්ගලයා (සෝවාන් පුද්ගලයා):**
    මොහු මතු වී ජලය දෙස බලමින් එතෙර වීමට මඟ සොයයි. මොහු සංයෝජන ධර්ම තුනක් (සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස) නැති කරගෙන සෝවාන් වූ කෙනෙකි. ඔහු අනිවාර්යයෙන්ම නිවන කරා ගමන් කරයි.
    5. **මතු වී පිහිනා යන පුද්ගලයා (සකෘදාගාමී පුද්ගලයා):**
    මොහු මතු වී එතෙර වීමට පිහිනා යයි. රාගය, ද්වේෂය සහ මෝහය ඉතාමත් දුර්වල කර ගත් මොහු තව එක වතාවක් පමණක් මේ ලෝකයට පැමිණ දුක කෙළවර කරයි.
    6. **මතු වී නොගැඹුරු ස්ථානයකට යන පුද්ගලයා (අනාගාමී පුද්ගලයා):**
    මොහු මතු වී කකුල් පොළොවේ වදින මට්ටමට (ගොඩට ආසන්නව) පැමිණි කෙනෙකි. පංච ඕරම්භාගිය සංයෝජන නැති කළ මොහු, මරණින් පසු බඹලොව උපත ලබා එතැනදීම පිරිනිවන් පාන අතර නැවත මේ ලෝකයට නොපැමිණෙයි.
    7. **දියෙන් ගොඩට විත් වියළි බිමක සිටින පුද්ගලයා (අරහත් පුද්ගලයා):**
    මොහු ජලයෙන් (සංසාරයෙන්) සම්පූර්ණයෙන්ම එතෙර වී ගොඩබිම (නිවන) මත ස්ථාවරව සිටින උත්තමයෙකි. සියලු ආශ්‍රවයන් නැති කර රහත් බව ලබා මේ ජීවිතයේදීම උතුම් නිවන් සුවය අත්විඳියි.
    > **සාරාංශය:** අප සැමවිටම උත්සාහ කළ යුත්තේ ගිලී නොසිට, ගුණධර්ම දියුණු කරගෙන සංසාර සාගරයෙන් එතෙර වීමටයි.
    >
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,324
    5,437
    113


    අංගුත්තර නිකාය​

    සත්තක නිපාතෝ​

    7.1.2.5. උදකූපම පුග්ගල සුත්තං​

    7.1.2.5. දිය උපමා කොට පුද්ගලයා ගැන වදාළ දෙසුම​

    (සාවත්ථිනිදානං)

    සැවැත් නුවර දී ය …..

    සත්තිමේ භික්ඛවේ උදකූපමා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ සත්ත:

    මහණෙනි, මේ සත් වැදෑරුම් දිය උපමා කොට ගත් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සත් දෙනෙක් ද යත්;

    ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ සකිං නිමුග්ගෝ නිමුග්ගෝව හෝති. ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා නිමුජ්ජති. ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා ඨිතෝ හෝති. ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා විපස්සති, විලෝකේති. ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතරති. ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතිගාධප්පත්තෝ හෝති. ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා තිණ්ණෝ හෝති පාරගතෝ ථලේ තිට්ඨති බ්‍රාහ්මණෝ.

    මහණෙනි, මෙහිලා එක් පුද්ගලයෙක් වරක් දියෙහි ගිලුණේ, ගිලුණේ ම වෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී නැවත යටට ගිලෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී සිටින්නේ වෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී හොඳින් බලයි, හාත්පස වටපිට බලයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී එතෙර බලා පිහිනා යයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී පිහිට ඇති තැනට පැමිණියේ වෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී පිහිනා එතෙරට ගියේ, පරතෙරට ගියේ, ගොඩබිම සිටියේ, බ්‍රාහ්මණයා වෙයි.

    (1) කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ සකිං නිමුග්ගෝ නිමුග්ගෝව හෝති: ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ සමන්නාගතෝ හෝති ඒකන්ත කාළකේහි අකුසලේහි ධම්මේහි. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ සකිං නිමුග්ගෝ නිමුග්ගෝව හෝති.

    1. මහණෙනි, පුද්ගලයෙක් එක් වරක් දියේ ගිලුනොත් ගිලුණේ ම වන්නේ කෙසේ ද?

    මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඒකාන්ත කළු පැහැයෙන් යුතු අකුසල ධර්මයෙන් සමන්විත වූයේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා එක් වරක් දියේ ගිලුනොත් ගිලුණේ ම වෙයි.

    (2) කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා නිමුජ්ජති: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජති “සාධු සද්ධා කුසලේසු ධම්මේසු, සාධු හිරි ....(පෙ).... සාධු ඔත්තප්පං ....(පෙ).... සාධු විරියං ....(පෙ).... සාධු පඤ්ඤා කුසලේසු ධම්මේසූ”ති තස්ස සා සද්ධා නේව තිට්ඨති, නෝ වඩ්ඪති, හායතේව. තස්ස සා හිරි ....(පෙ).... තස්ස තං ඔත්තප්පං ....(පෙ).... තස්ස තං විරියං ....(පෙ).... තස්ස සා පඤ්ඤා නේව තිට්ඨති, නෝ වඩ්ඪති, හායතේව. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා නිමුජ්ජති.

    2. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී යළි ගිලෙන්නේ කෙසේ ද?

    මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. නමුත් ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොපවතියි. නොවැඩෙයි. පිරිහී යන්නේ ම ය. ඔහුගේ ඒ පවට ඇති ලැජ්ජාව ….(පෙ)…. පවට ඇති භය ….(පෙ)…. වීරිය ….(පෙ)…. ඔහුගේ ඒ ප්‍රඥාව නොපවතියි. නොවැඩෙයි. පිරිහී යන්නේ ම ය. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට පැමිණියේ නමුත් යළි ගිලෙන්නේ වෙයි.

    (3) කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා ඨිතෝ හෝති: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජති “සාධු සද්ධා කුසලේසු ධම්මේසු, සාධු හිරි ....(පෙ).... සාධු ඔත්තප්පං ....(පෙ).... සාධු විරියං ....(පෙ).... සාධු පඤ්ඤා කුසලේසු ධම්මේසූ”ති. තස්ස සා සද්ධා නේව හායති, නෝ වඩ්ඪති, ඨිතා හෝති. තස්ස සා හිරි ....(පෙ).... තස්ස තං ඔත්තප්පං ....(පෙ).... තස්ස තං විරියං ....(පෙ).... තස්ස සා පඤ්ඤා නේව හායති, නෝ වඩ්ඪති, ඨිතා හෝති. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා ඨිතෝ හෝති.

    3. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී සිටින්නේ කෙසේ ද?

    මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොපිරිහෙයි. නොවැඩෙයි. සිටියා ම වෙයි. ඔහුගේ ඒ පවට ඇති ලැජ්ජාව ….(පෙ)…. පවට ඇති භය ….(පෙ)…. වීරිය ….(පෙ)…. ඔහුගේ ඒ ප්‍රඥාව නොපිරිහෙයි. නොවැඩෙයි. සිටියා ම වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට පැමිණියේ සිටියේ වෙයි.

    (4) කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා විපස්සති, විලෝකේති: ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජති “සාධු සද්ධා කුසලේසු ධම්මේසු, සාධු හිරි ....(පෙ).... සාධු ඔත්තප්පං ....(පෙ).... සාධු විරියං ....(පෙ).... සාධු පඤ්ඤා කුසලේසු ධම්මේසූ”ති. සෝ තිණ්ණං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නෝ හෝති අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායනෝ. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා විපස්සති. විලෝකේති.

    4. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී හොඳින් බලන්නේ, හාත්පස වටපිට බලන්නේ කෙසේ ද?

    මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. හේ ත්‍රිවිධ සංයෝජනයන් ගෙවා දැමීමෙන් සෝවාන් වූයේ වෙයි. අපායට නොවැටෙන ස්වභාව ඇත්තේ, ස්ථිරව ම නිවන අවබෝධ කරන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට පැමිණියේ, හොඳින් බලන්නේ, හාත්පස වටපිට බලන්නේ වෙයි.

    (5) කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතරති: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජති “සාධු සද්ධා කුසලේසු ධම්මේසු, සාධු හිරි ....(පෙ).... සාධු ඔත්තප්පං ....(පෙ).... සාධු විරියං ....(පෙ).... සාධු පඤ්ඤා කුසලේසු ධම්මේසූ”ති. සෝ තිණ්ණං සංයෝජනානං පරික්ඛයා රාගදෝසමෝහානං තනුත්තා සකදාගාමී හෝති. සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරෝති. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතරති.

    5. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී එතෙර බලා පිහිනා යන්නේ කෙසේ ද?

    මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. හේ ත්‍රිවිධ සංයෝජනයන් ගෙවා දැමීමෙන්, රාග ද්වේෂ මෝහ තුනී බවට පත්වීමෙන් සකදාගාමී වූයේ වෙයි. මෙලොවට එක් වරක් ම අවුත් දුක් කෙළවර කරන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට මතු වී එතෙර බලා පිහිනා යන්නේ වෙයි.

    (6) කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතිගාධප්පත්තෝ හෝති: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජති “සාධු සද්ධා කුසලේසු ධම්මේසු, සාධු හිරි ....(පෙ).... සාධු ඔත්තප්පං ....(පෙ).... සාධු විරියං ....(පෙ).... සාධු පඤ්ඤා කුසලේසු ධම්මේසූ”ති. සෝ පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතිගාධප්පත්තෝ හෝති.

    6. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී පිහිට ඇති තැනට පැමිණෙන්නේ කෙසේ ද?

    මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. හේ පංච ඕරම්භාගීය සංයෝජනයන් ගෙවා දමා සුද්ධාවාස බඹලොව ඕපපාතික ව උපදින්නේ වෙයි. ඒ ලොවින් නැවත මෙලොවට හැරී නොඑන ස්වභාවයෙන් යුතුව එහි පිරිනිවන් පාන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට මතු වී පිහිට ඇති තැනට පැමිණියේ වෙයි.

    (7) කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා තිණ්ණෝ හෝති පාරගතෝ ථලේ තිට්ඨති බ්‍රාහ්මණෝ: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජති “සාධු සද්ධා කුසලේසු ධම්මේසු, සාධු හිරි ....(පෙ).... සාධු ඔත්තප්පං ....(පෙ).... සාධු විරියං ....(පෙ).... සාධු පඤ්ඤා කුසලේසු ධම්මේසූ”ති. සෝ ආසවානං ඛයා අනාසවං චේතෝ විමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා තිණ්ණෝ හෝති පාරගතෝ ථලේ තිට්ඨති බ්‍රාහ්මණෝ.

    7. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී පිහිනා එතෙරට ගියේ, පරතෙරට ගියේ, ගොඩබිම සිටියේ, බ්‍රාහ්මණයා වන්නේ කෙසේ ද?

    මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. හේ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට මතු වී පිහිනා එතෙරට ගියේ, පරතෙරට ගියේ, ගොඩබිම සිටියේ, බ්‍රාහ්මණයා වෙයි.

    ඉමේ ඛෝ භික්ඛවේ සත්ත උදකූපමා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති.

    මහණෙනි, මේ සත් වැදෑරුම් දිය උපමා කොට ගත් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

    සාදු! සාදු!! සාදු!!!

    උදකූපම පුග්ගල සූත්‍රය නිමා විය.

    https://tripitaka.online/sutta/10702
    ------ Post added on Apr 19, 2026 at 8:14 PM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,431
    1
    6,224
    113
    මම දකින විදියට මිනිහෙක් ට ජීවිතේ "අරමුණ" මොකද්ද කියලා හරියට කල්පනා වෙන්න ඕනි නම් Robinson Crusoe වගේ පාළු දූපතක අතරමං වෙන්න ඕනි.

    තමන්ගේ හිත එක්ක තමන් තනි වෙන්න ඕනි.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,158
    1,780
    113
    තමන්ගේ හිත එක්ක තමන් තනි වෙන්න ඕනි.

    තනියෙන් පුලුවන් බුදු, පසේබුදු වරුන්ට.
    ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න සත්පුරුෂ ආශ්‍රය තියෙන්නම ඕනේ.

    නිවන, සසර ගැන සත්පුරුෂයන්ගෙන් ඇහුන නිසා තමයි අපි වුනත් නිවන/ සත්‍ය කියලා එකක් අද හොයන්නෙ. ඇහුන දේ තේරුම්ගන්න පුලුවන් වුනෙත් භාෂා ඥාණය තිබ්බ නිසා. ඒක ලැබුනේ දෙමාපියන්, ගුරුවරු නිසා.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,015
    1,957
    113
    කාලයක්, ශ්‍රද්දාව, සීලය ඕනි නැ කිය කිය කට්ටියක් මේකෙ හිටිය වගේ මතකයි.. :P
     
    • Sad
    Reactions: Blair Solari