විශ්වය කළුවර තවම ආලෝකය ඇවිල්ල නැති නිසා ලු 😂😂

planner123

Well-known member
  • May 22, 2018
    8,076
    13,954
    113
    Observable universe concept eka genada me kiyanne ?

    Nathuwa me apita pena outer space eka ai kaluwara kiyalada kiyanne ?

    Mu ara Sola ekka araganna video ekak baluwa mama Solage giyapu nisa. Mu eke board eke bala mark karala thibunath weradi. Kohoma lamainta ugannaida manda.
     
    • Like
    Reactions: wissnshaftler

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,128
    113
    කොහෙ තියෙන විශ්වයක්ද?
    ලෝකේ පැතලියි උට්ටෝ
    එච්චරයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    මට පේන්නෙ මෙයාට basic concepts ගැන තේරුමක් තියෙනවා, හැබැයි ඒක වචන වරද්දන්නෙ නැතුව ගැලපෙන උදාහරණ වලින් වෙන කෙනෙක්ට කියාගන්න තේරෙන්නෙ නෑ. එහෙම කෙනෙක් ගුරුවරයෙක් වුණාම ඒවා අහන ළමයින්ට සරල දේවල් පැටලෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,885
    113
    ආලෝක වර්ෂ වලින් මනින්නෙ දුර, කාලය නෙමේ
    ලමයින්ට කියල දෙනකොට හරියට කියන්න ඕනෙ වචනෙ

    විශ්වයට ලෝකෙ කියන වචනෙ පාවිච්චි කරන එක හරි නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,885
    113
    Dark energy නිසානේ අහස අඳුරු
    තරු අතර දුර වැඩි නිසා නෙමේද
    නෙප්චූන් ග්‍රහයට වුණත් අපේ ඉර පේන්නෙ තරුවක් වගේ කියනව නේද..

    මේකත් හොද කරුණක්
    space is a near-vacuum with little matter to scatter light.

    https://astro.unl.edu/classaction/animations/intro/lookbacktimesim.html
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    Dark energy නිසානේ අහස අඳුරු
    නෑ බන් විශ්වය (යුනිවර්ස්) කියන්නේ වැකියුම්(රික්තයක්) එකක් ඇතුලේ තැනින් තැන තියෙන තාරකා මණ්ඩල (ගැලක්සීස්). තාරකා මණ්ඩල ඇතුලේ අපේ හිරු වගේ තරු බිලියන ගානක් තියෙනවා. අපට යමක් පෙනෙන්න නම් ආලෝකය එම වස්තුවේ වැදිලා ඇස දක්වා ආලෝකය පරාවර්තනය වෙන්න ඕන. ඒ පරාවර්තනය නිසා තමයි අපිට දෙයක් පෙනෙන්නේ. ඉතින් කලින් කිව්වා වගේ මේක රික්තයක් නිසා තරුවලින් නිකුත් වෙන ආලෝකය වදින්න තැනක් නැහැ. එක නිසා අපට මොකුත් පෙනෙන්නේ නැහැ. ඒ නිසයි අඳුරු.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,902
    23,760
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මූට උගන්නන්න පුලුවන්ද. ළමයිනුත් අනාතයි. ඒ මදිවට පාඩම් වලට බාහිර දේවලුත් වැරදියට ඔබනව.

    වතුර බිඳකින් මුලු රෙද්දක්ම තෙත් කරන්න පුලුවන්ද.
     
    Last edited:

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    නෑ බන් විශ්වය (යුනිවර්ස්) කියන්නේ වැකියුම්(රික්තයක්) එකක් ඇතුලේ තැනින් තැන තියෙන තාරකා මණ්ඩල (ගැලක්සීස්). තාරකා මණ්ඩල ඇතුලේ අපේ හිරු වගේ තරු බිලියන ගානක් තියෙනවා. අපට යමක් පෙනෙන්න නම් ආලෝකය එම වස්තුවේ වැදිලා ඇස දක්වා ආලෝකය පරාවර්තනය වෙන්න ඕන. ඒ පරාවර්තනය නිසා තමයි අපිට දෙයක් පෙනෙන්නේ. ඉතින් කලින් කිව්වා වගේ මේක රික්තයක් නිසා තරුවලින් නිකුත් වෙන ආලෝකය වදින්න තැනක් නැහැ. එක නිසා අපට මොකුත් පෙනෙන්නේ නැහැ. ඒ නිසයි අඳුරු.
    ඊට අමතරව (මං තේරුම්ගත්ත විදියට)

    නිකන් හිතුවොත් අපිට පේන අහසේ ඉඩක් නෑරම තරු වලින් පිරිලා රෑ අහසත් තනිකරම එළිය වෙන්න ඕනි මොකද ඒ තරම් තරු විශ්වයෙ තියෙනවා.
    ඒත් එහෙම වෙන්නෙ නැත්තෙ,
    big bang එකෙන් පස්සෙ විශ්වය ප්‍රසාරණය වෙලා ආලෝකෙ වේගෙට වඩා වේගෙකින් ඈත තියෙන galaxy අපෙන් ඈත් වෙනවා. ඒ කියන්නෙ ඒවයින් එන ආලෝකෙ කවදාවත් අපිට ලැබෙන්නෙ නෑ. තව සමහර ඒවයි ආපු ආලෝකෙ wavelength වෙනස් වෙලා ඒවා පේන්නෙ නැතුව ගිහින්.
    ඊළඟට big bang එකෙන් පස්සෙ ගතවෙලා තියෙන කාලය ඇතුලෙ අපිට කිට්ටුව තියෙන ඒවයි විතරයි එළිය අපිට ලැබෙන්නෙ.
    අනිත් එක තරු කියන ඒවා සදාකාලික නෑ, සමහර ඒවා මේ වෙද්දි නිවිලා ඉවරයි.
    ඔයිට අමතරව තරුවකින් ලැබෙන එලියෙ intensity එකත් ඈත් වෙන්න වෙන්න අඩුයි.

    මං හිතන්නෙ ඔය video එකෙත් කියන්න හදන්නෙ ඔය ටික, හැබැයි වචන වරද්දලා හරියට ගලපගන්නෙ නැතුව කිව්ව එකෙන් අවුල් වෙලා
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,856
    2,469
    113
    colombo
    නෑ බන් විශ්වය (යුනිවර්ස්) කියන්නේ වැකියුම්(රික්තයක්) එකක් ඇතුලේ තැනින් තැන තියෙන තාරකා මණ්ඩල (ගැලක්සීස්). තාරකා මණ්ඩල ඇතුලේ අපේ හිරු වගේ තරු බිලියන ගානක් තියෙනවා. අපට යමක් පෙනෙන්න නම් ආලෝකය එම වස්තුවේ වැදිලා ඇස දක්වා ආලෝකය පරාවර්තනය වෙන්න ඕන. ඒ පරාවර්තනය නිසා තමයි අපිට දෙයක් පෙනෙන්නේ. ඉතින් කලින් කිව්වා වගේ මේක රික්තයක් නිසා තරුවලින් නිකුත් වෙන ආලෝකය වදින්න තැනක් නැහැ. එක නිසා අපට මොකුත් පෙනෙන්නේ නැහැ. ඒ නිසයි අඳුරු.
    එහෙමත් නෙමේ බන් universe එක expand වෙනවනේ dark energy නිසා.
    (සමහර වෙලාවට ආලෝකයේ වේගෙට වැඩියෙන් galaxies එකිනෙකින් ඈත් වෙනවා ) ඒවගේ ආලෝකය අපිට පේන්නෙත් නෑ සමහර ඒවගේ ආලෝකය තාම ඇවිත් නෑ video එකේ කියන විදිහට.
    අනිත් එක ඈතට යන galaxies වල ආලෝකය අපිට එන්නේ ඒකෙ තරංග ආයමය අඩු වෙමින්. ඒ ආලෝකය infrared විදියට එන්නේ telescope වලින් බලන්න පුළුවන්.