ලන්කාවෙ Life guard ල.මුන්ට මොකද කරන්න ඕනෙ ?

lilman

Well-known member
  • May 10, 2009
    40,517
    53,709
    113
    Colombo


    වැඩිහිටියන් 40ක් මැද ජල තටාකයේ ගිලි මියගිය 'පුංචි නවෝදිගේ' මරණයෙන් පසුව හෙළිවූ ලයිෆ්ගාඩ්ගේ කෙරුවාව

    පවුල් කිහිපයක පිරිසක් විසින් එක්ව පැවැත්වූ අවුරුදු උත්සවයකට සහභාගී වූ කුඩා දැරියක් ඊයේ (18) සවස පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

    මෙලෙස මියගොස් ඇත්තේ පැලැන්වත්ත, පන්නිපිටිය පාර ප්‍රදේශයේ මිහිඳුපුර පදිංචිව සිටි නමෝදි පෙරේරා නැමැති 06 හැවිරිදි දැරියකි.

    දැරියගේ මව විදේශගතව සිටින අතර දැරිය සිය පියාගේ සහෝදරියගේ සෙවනේ හැඳී වැඩෙන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    පවුලේ පිරිස සහ සමීප පවුල්වල ඥාතීන් 40ක පමණ පිරිසක් එක්ව ඊයේ (18) උදෑසන පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයකට පැමිණ අවුරුදු උත්සවයක් පවත්වා ඇති අතර සවස් කාලයේදී ජල තටාකය ආසන්නයේ රැඳී සිට ජල ක්‍රීඩාවේ යෙදීමට සූදානම්ව සිට ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

    එම අවස්ථාවේ කුඩා දරුවන් සමග පුද්ගලයන් 10 දෙනෙකු ජල තටාකය ආසන්නයේ රැඳි සිට ඇති අතර වැඩිහිටි පුද්ගලයින් සඳහා ජල තටාකයේ වෙන්ව තිබෙන ප්‍රදේශයේ රැඳි සිටි දැරියගේ ඥාතිවරයෙකු විසින් ජල තටාකයට වැටී සිටි දැරිය දැක වහාම ගොඩට ගෙන මූලික ප්‍රථමාධාර ලබා දී ක්ෂණිකව පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

    එහිදී වහා ක්‍රියාත්මක වූ වෛද්‍යවරුන් දැරියට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

    පොලීසියේ දැනුම්දීම මත සිද්ධිය වූ ස්ථානයට ඊයේ රාත්‍රියේ පිළියන්දල කැස්බෑව හදිසි මරණ පරීක්ෂ අජිත් විජේසිංහ මහතා ස්ථානීය පරීක්ෂණය මෙන්ම පිළියන්ද දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ දැරියගේ සිරුරද පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට පොලීසියට නියෝග කළේය.

    #channel7tv #channel7news #CHANNEL7
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    පවු නේද. ළමයි ගැන නම් දෙමවුපියෝ ඇහැ ගහගෙන ඉන්න ඕන. වෙන කාටවත් බලන්න දුන්නාට දෙමවුපියෝ බලනවා වගේ බලන්නේ නෑ කවුරුත්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,316
    7,585
    113
    Kotahena
    Life guard ට වග කියන්න බැහැ එහෙම. Life guard ඇවිල්ලා panala ගන්නෙත් නැහැ පිස්සු කෙලින එවුන් ව. මරණ භය ආවම ange එල්ලිලා bada ගන්නව මැරෙන්න යන කෙනා.
    එතකොට උගේ ඇඟිල්ලක් දෙකක් kadala Life guard jeewithe බේරාගෙන එන්න හැටි තමයි මුලින්ම කියලා දෙන්නෙ.

    මමත් ඉඳලා තියනවා Life guard ඉස්සර (loku කාළයක් නෙමෙයි)
    ආසාවට. හැබැයි මිනිස්සු මැරෙන හැටි දැකල එපා වුණා ඒ subject එක
     
    • Dislike
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,303
    1
    31,975
    113
    - උඩරට -
    Life ගාඩ් ලා ඉන්නේ පීනන එවුන් ගැන බලන්න මිසක් ළමයි බලාගන්න නෙවේ..
    දෙම්පියන් වැරදි..
    උන්ට දැන් හොදයි ආයේ ජිගි ජිගි කරන්න 😁
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,837
    8
    35,380
    113
    The real problem is that the lifeguard to swimmer ratio. 40 kids with one stupid lifeguard who doesn't seem to have paid any attention. ☹️
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,962
    113
    The real problem is that the lifeguard to swimmer ratio. 40 kids with one stupid lifeguard who doesn't seem to have paid any attention. ☹️




    ඔතන ගොඩදාන්න උන් 40ක් හිටියත් වැඩක් නෑ CPR දෙන්න දන්න එකෙක් නැත්තම්.

    හොටෙල් මැනේජර් මූ පිටින් යවන්න හදනවා මූ qualified එකෙක් නෙමෙයි වගේ.

    මූ කටට කට තියන්න ආවොත් නම් මැරෙනවා හොඳයි.
    කසිප්පු කාරයෙක් වගේ මේ යකා 😂
     
    • Sad
    Reactions: imhotep

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,850
    34,172
    113
    සමහර හොටෙල් වල මම දැකලා තියෙනවා මැනේජර් කාරයා ලයිෆ් ගාඩ්ට වෙන වැඩ පවරනවා. අඩුකුලේ මැනේජර්ලා හිතනවා ඇති මුන් නිකං ඉන්න එකේ වෙන වැඩක් ගන්න ඕනේ කියලා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,837
    8
    35,380
    113



    ඔතන ගොඩදාන්න උන් 40ක් හිටියත් වැඩක් නෑ CPR දෙන්න දන්න එකෙක් නැත්තම්.

    හොටෙල් මැනේජර් මූ පිටින් යවන්න හදනවා මූ qualified එකෙක් නෙමෙයි වගේ.

    මූ කටට කට තියන්න ආවොත් නම් මැරෙනවා හොඳයි.
    කසිප්පු කාරයෙක් වගේ මේ යකා 😂

    Lifeguards should be CPR trained... Otherwise the are not lifeguards.
     
    • Like
    Reactions: ozykolla