ගැටබරු රජමහා විහාරය, දෙනියාය පාර

PASAN147

Well-known member
  • Oct 19, 2006
    782
    1,329
    93
    Heiyanthuduwa - Kelaniya
    2026-04-22 බදාදා - අද උදේ 5 ට ගෙදරින් පිටත් වුණා. බස් එකේ ගිහින් 5.30 ට කිරිබත්ගොඩ ආවා. තවත් බස් එකක ගිහින් කඩවත බැස්සා. හයිවේ බස්ටෑන්ඩ් ආවා. 5.30 ට මාතර යන බස් එක ගිහින් තිබුනා. කෙටි කෑම කීපයක් ගත්තා. මාතර යන බස් එකට ගිහින් වාඩි උනා. බස් එකේදිම කෙටි කෑම කෑවා. බස් එක 6.30 ට පිටත් උනා රු.1210/- ක ටිකට් ගත්තා. උදේ 8.05 ට මාතර නිල්වලා පිවිසුමෙන් බස් එක පිටතට ඇවිත් උදේ 8.30 ට මාතර ටවුමට අවා.බස් ටෑන්ඩ් ගියත් 8.30 ට දෙනියාය යන බස් එක ගිහින්. ආපහු දෙනියාය බස් එක 9.30 ට තියන නිසා, පැයක කාලය අපතේ යන නිසාත් එවෙලෙ අකුරැස්ස යන සීටීබී බස් එකක නැගලා වාඩි උනා. 8.45 බස් එක පිටත් වුනා. රු.130 ක ටිකට් ගත්තා. 9.45 ට බස් එක අකුරැස්ස බස් ටෑන්ඩ් ආවා. බැහැලා එවෙලෙම යන්න හදන දෙනියාය බස් එකේ නැගලා වාඩි උනා. 9.46 ට දෙනියාය බස් එක පිටත් වුනා. රු.198 ක ටිකට් ගත්තා. තේ වතු, කදුකර, වංගුත් ඇති ලස්සන පාරක බස් එක ගියා. ගූගල් මැප් එකත් බලන්, කොන්දොස්තරත් කිව්වම 11.10 ට ගැටබරු පන්සලට යන බස් හෝල්ට් එකෙන් බැස්සා. එතැන ඉදලා පන්සලට දුර කි.මි 1.5 ක් විතර. 3වීල්ත් තියනවා. මම පයින්ම යන්න පටන් ගත්තා. තියුනු වංගු සහිත, දැඩි කදුකර පාරක හෙමින් හෙමින් උඩට ගියා. හරි මහන්සියි. විටින් විට නැවතිලා විවේක ගත්තා. මග විවේක ගන්න ශාලාවක්, දොරක් නැති ටොයිලට් එකක් එහෙම තිබුනා. 11.40 වෙද්දි මම පන්සලට ඇතුල් උනා. ලස්සන පන්සලක්. බුදු මැදුර, වෙහෙර, බෝධියක් තිබුනා. බුද්ධ ප්‍රතිමා කීපයකුත් තිබුනා. පඩිපෙල් නගිමින් උඩටම යන්න පුලුවන්. උඩට ගියාම අවට ලස්සනට පේනවා. සෙනග, කපල් එහෙම ඇවිත් හිටියා. එහි පහලම ඇති දේවාලයේ ගොඩක් සෙනග හිටියා.පන්සල ඇතුලෙන් දේවාල කීපයක්ම තියනවා. පැයක් විතර පන්සලේ ගත කරලා, පහලට යන්න පටන් ගත්තා. පයින්ම ගියේ කන්දක් නැගලා ආව නිසා දැණ් දිගටම පල්ලම තිබුනේ, මහන්සියක් නෑ. වේගයෙන් යන්න පුලුවන් උනා. විනාඩි 15 කින් දෙනියාය පාරට එන්න පුලුවන් උනා. පාර පැනලා බස් හෝල්ට් එකට වෙලා හිටියා. ටිකකින් මාතරට යන සීටීබී බස් එකක් ආවා. ඒකේ නැගලා වාඩි උනා. මාතරට රු.275 ක ටිකට් ගත්තා. අකුරැස්ස බස් ටෑන්ඩ් එකෙත් ටික වේලාවක් බස් එක නවත්වන් ඉදලා ආපහු ගියා. පැය 2 යි විනාඩි 15 ක ගමනකින් පස්සේ බස් එක මාතර බස් ටෑන්ඩ් ආවා. මම බැහැලා පාර පැනලා කඩයකින් දවල්ට කෑම කෑවා.හය්වේ බස් නැවතුමට ගියා. කඩවත යන බස් එක ෆුල් වෙලා එක සීට් එකක් වත් තිබ්බෙ නෑ. ඩ්‍රය්වර් මට ඉස්සරහම අකුලලා තිබ්බ සීට් එකේ කැමතිනම් යන්න කිව්වා. මම හා කියලා ඒකේ නැගලා සීට් බෙල්ට් දා ගත්තා. හොදට බස් එක ඉස්සරහම අසුනේ ඉදලා හයිවේ එකේ ලස්සන බලමින් ගියා. රු.1210 ටිකට් ගත්තා. හවස 6 ට කඩවතට ආවා. පාරට ඇවිත් බස් එකකින් කිරිබත්ගොඩ ආවා.356 බස් එකේ ඇවිත් හවස් වෙද්දි ගෙදර ආවා. * දෙනියාය අවට ලස්සන දිය ඇලි, ස්ථාන කීපයක්ම තියනවා. දෙනියායට පුංචි නුවර එළිය ලෙසත් කියනවා.
    .
    *විනාඩි 8 ක කෙටි වීඩියෝව බලන්න :


    .
    * කඩවත <-> මාතර හයිවේ බස්: ටිකට් රු.1210/- | පැය 02 යි.
    * මාතර - අකුරැස්ස බස්: ටිකට් රු.130/- | පැය 01 යි. විනාඩි 25 යි.
    * අකුරැස්ස - ගැටබරු පන්සලට යන බස් හෝල්ට් (දෙනියාය බස්): ටිකට් රු.198/- | පැය 01 විනාඩි 25 යි.
    * දෙනියාය පාරේ සිට ගැටබරු රජමහා විහාරයට පයින් : Up: විනාඩි 30 යි. Down: විනාඩි 15 යි
    * ගැටබරු පන්සලට යන බස් හෝල්ට් - මාතර බස්: ටිකට් රු.275/- | පැය 02 යි. විනාඩි 15 යි.
    .
    # ගැටබරු රජමහා විහාරය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමින් අඩි 1500 ක උසකින්. මෙහි ඇති ගැටබරු දේවාලය (රුහුණේ පුංචි කතරගම) ප්‍රසිද්ධයි. රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැඩවාසය කරන වාසස්ථානය ලෙස සලකනවා.මේ පන්සල තියෙන්නේ පුංචි කඳු ගැටයක් උඩ. පාර අයිනේ තියෙන වාහල්කඩෙන් පඩිපෙළ නැගලා තමයි පන්සලට යන්න වෙන්නේ. එතනට පෙනෙන පරිසරය හරිම ලස්සනයි. එක පැත්තකින් දෙනියාය ගොන්ගල එක්ක රක්වාන කඳු පන්තියත්, අනිත් පැත්තෙන් සිංහරාජ වනාන්තරයත් පේනවා. ඒ වගේම මුළු මොරවක්කෝරළයම මේ කන්දට වටේටම පේනවා.
    .
    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >
    .
    (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
    Gatabaruwa Raja Maha Viharaya - Deniyaya Road
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,781
    113
    35
    Spain
    අපිත් ගිහින් තියෙනවා, ත්‍රීවීල් කාරයෝ නියුට්‍රල් දාගෙන කන්ද බහිනකොට ලේ වතුර වෙනවා.
     
    • Like
    Reactions: PASAN147 and NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,444
    2,085
    113
    ගාල්ලට ඇවිත් යන්න තිබුණේ. වටයක් ගිහින්
     
    • Like
    Reactions: PASAN147