රේල් පීල්ලත් සිනිදුයි
ඒත් රේල් පීල්ලෙ එකතැන රෝද කැරකෙන්නෙත් නෑ
බ්රේක් ගැහුවම ගොඩක් ලෙස්සන්නෙත් නෑ.
ඇයි ඒ
මට ඕක තැට්දීටීපී එකේ ගහල බලන්න තිබුන. උබලගෙ දැනුම වැඩි කරන්නත් ඕන හින්ද ත්රේඩ් එකක් දම්ම
කෝච්චි වල රෝද ස්ලිප් වෙනවා. ඒකට තමා පීල්ලට වැලි වැටෙන සිස්ටම් එක තියෙන්නෙ. තුනී වැලි පුරවන සෑන්ඩ් බොක්ස් කියල පෙට්ටියක් තියෙනවා. ඩ්‍රයිවර්ට පුළුවන් වීල් ස්ලිප් වෙන වෙලාවට ඒකෙන් වැලි වෝද වලට වට්ටන්න. එතකොට ඝර්ෂණය වැඩි වෙලා ස්ලිප් වෙන එක නතර වෙනව.
ඇත්තටම කෝච්චිය කියන කන්සෙප්ට් එක වැඩ කරන්නෙම රේල් පාර සහ කෝච්චියෙ රෝද අතර තියෙන ඝර්ෂණය අඩු නිසාම තමා.
ඇත්තටම කෝච්චිය කියන්නෙ බස් එකක් ලොරියක් වගේ තනි වාහනයක් නම් කවදාවත් කෝච්චියට ගමන ආරම්භ කරන්න බෑ. නිව්ටන්ද කොහෙද කිව්වලු නේ නිශ්චල වස්තුවක් චලනය කරන්නයි චලනය වෙන එකක් නිශ්චල කරන්නයි තමා අමාරුම කියලා. කෝච්චිය මේක කරන්නෙ පෙට්ටිය පෙට්ටිය වෙනම ගමන ආරම්භ කරලා. උබලට තේරිලා තියෙනවනෙ කොච්චිය අද්දනකොට ලොකු ගැස්සිල්ලක් එක්ක පෙට්ටිය ඇදිල යනවා. මුළු කෝච්චියම එක පාර නෙමෙයි පෙට්ටියෙන් පෙට්ටිය වෙනම තමා අර නිශ්චල තාවයෙ ඉඳලා චංචල වෙන්නේ. යන්න ගත්තට පස්සේ ඝර්ෂණයත් අඩු නිසා සාපේක්ෂව සුළු බලයක් තමා ඕන වෙන්නේ to keep the train moving.
බ්‍රේකින් වලදි සම්පූර්ණයෙන්ම වගේ ඝර්ෂණය වැඩ කරන්නේ රෝද සහ බ්‍රේක් ෂූස් අතර. ඒ ඝර්ෂණය නිසා රෝදෙ ස්ලෝ වෙනකොට පීල්ල උඩ දුවන වේගෙ අඩු වෙන එකයි වෙන්නේ.
Unstoppable (2010) ෆිල්ම් එක බලපන්