ලෝ්න් මෑන්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    ලෝ්න් මෑන්



    අපේ සීයාගේ කඩේ "ණයට ඉල්ලා අමනාප නොවන්නැයි" බෝඩ් ලෑල්ලක් එල්ලා තිබුනේ අසූව දශකයේය. බෝඩ් ලෑල්ල කියවා අමනාප වුනත්, ටික දොහකින් නැවතත් "පොතට දමන්න මුදලාලි" කියා බඩු මල්ලට දමාගෙන ගියෝ, "ණය දීමෙන් මුදලුත් මිතුරාත් අහිමි වේ" කියා සීයා ගැසූ අලුත් පුවරුවට අනුව සීයාගේ මිතුරන් නොවූහ.

    ඒ ඉස්සරය..... දැන් "විනාඩි දෙකන් ණය ඔබේ දෙපා ලගටම", "මුදල් හදිසියක්ද? ඔබේ ලගම හිතවතාගෙන් ක්ෂනික ණයක්", කියා පත්තර පිටු අස්සෙන් එබෙන නංගිලාය. පොලේ එලවලු තෝරන අස්සේ කිහිල්ල අස්සෙන් එබෙන මල්ලිලා 'ක්‍රෙඩිට් කාඩ්' දිගු කරයි. උන් ණය ගෙවීම හැර අන් සියලු දේම සිදුකර දෙන බව පවසයි.

    ණය...... ලෝන්....... ක්‍රෙඩිට්....... ඇඩ්වාන්ස්........ කොයි නමෙන් ආවත් ................................ ගෙවිය යුතුය.

    පොඩි කාලේ අම්මගෙන් බිවු කිරිවලට ණයවෙන දූ පුතුන්ගෙන් අඩුවක් නැත. නැත්නම් ඒ තාත්තාගෙන් ලැබුනු ආදරයටය. ඒ ණය ගෙවන්නේ අමුතු ක්‍රමයකට නිසා (වචනයෙන් හෝ ක්‍රියාවෙන්) නැවත ගෙවන උන්ට වඩා පොලු තියන උන් වැඩිය. නැතිනම් ණය ගෙවන්න ලක ලෑස්ති වෙනකොට ප්‍රමාද වැඩිය.

    ඉස්කෝලෙ කාලේ .... "මචන් පැන්සලෙන් බාගයක් ණයට දියන්", "අද උබේ බිත්තරෙන් බාගයක් ණයට දෙනවනේ" කියා ගත් ණය අදටද පියවා නැතත්, දෙපාර්ශවම එකිනෙකාට අනන්තවත් ණය වී ඇති නිසා, ඒවා බොල් ණය ය.

    කැම්පස් කාලේ සමහරු පොලී මුදලාලිලාය. මහපොලින් ලැබුන මුදලින් දුන් ණයත්, ගත් ණයත්, කැට සොලවා සොයාගත් මුදල් ජේෂ්ඨයින් අතට පත්කිරීමට පෙර එහෙ මෙහේ කරගත් මුදලිනුත් මූල්‍ය ආයතන පවත්වාගෙන ගියෝ අද හොද ණය කරුවෝය.

    නියම "ණය" කතාව ඇරබෙන්නේ එ(මෙ)තැන් සිටය. .........

    රස්සාවක් හොයාගන්නා කොට වයස අවුරුදු 25-30 අතරය. පරම්පරාවෙන් ලැබුනු දේපලක් නැතිනම්, ජීවිතය අලුතෙන් පටන්ගත යුතුය. යට ඇදුමේ සිට මොටෝ බයිසිකලය දක්වා එකී නොකී දෑ ලයිස්තුවකි. "මේක සෙල්ෆි එක්ස්පර්ට් මචන්, ගෙවන්න ගත්තෙ", "බයික් එකට අතින් ලක්ශ්‍යයක් දුන්නා, ඉතිරි ය ටික ටික, අතින් දුන්න ලක්ශෙත් අක්කගෙන් ඉල්ලගත්තෙ, ඒකි බදින්න කලින් සෙටල් කලානම් ඇති", "කොහොමහරි ගේමක් ගහල ඉඩම් කෑල්ලක් ගන්නෝනෙ බන්, තුශාරිගෙ ගෙදර උන්ට කියන්න දෙයකුත් තියෙන්න එපයි, බැන්දට පස්සෙ දෙන්නම එකතුවෙලා ගෙවනකොට අවුලක් නෑනෙ."

    ශ්‍රීලාංකීය තරුණ ණය කරුවා..........

    රස්සාවත් ශුවර් නිසා, ඉඩමකුත් තියන එකේ, බය නැතිව තුශාරිගේ ගෙදරට යා හැක. නැගිටින වීර්‍යවන්ත බෑනාට මාමා එක පයින්‍ ය. මිනිහා හරිම අරපරිස්සමෙන් වියදම් කරන කොල්ලෙක්, අපේ එකීවත් හදල ගනී කියා කීවේ, ගෙදරට ආ හිගන්නාට සාක්කු දෙක තුනකම සොයා රුපියල් 5 කාසියක් දෙනු බලාසිටි නැන්දාය.

    දැන් ඉතින් පුතේ, පුතත් මෙහේ එන යන එකේ, අපි මැරෙන්න කලින්........ නිතර පොත් කියවන ටෙලි නාට්ටි බලන ඔබට ඉතිරිය කිවයුතු නැත.

    චූටි මාමගෙ දූගෙ වෙඩින් එක ගත්තේ 'පර්ල් ක්ලිෆ්' එකේ හින්ද එතන හරියන්නෙ නෑ, දෙපැත්තෙන්ම ගන්නෙ එක උත්සවයක් නිසා අඩුමගානේ 'කොග්ගල බීච්' එකෙවත් මේක කරන්න වෙයි. අදහස තුශාරිගේය. ලිස්ට් එක මෙසේය.

    හෝටලේ ප්ලෙට් එක 3000/= x300 = 900,000
    තුශාරිට අන්දවන්න, මගුල් සාරියටයි, ගොයින් අවේ ගවුමටයි, මල් කුමාරියන්ටයි = 200,000
    බොන උන් දෙපැත්තෙම 100 වුනොත් විස්කි බෝතල් 30 බයිට්, සෝඩා = 150,000
    මල් වලටයි පෝරුවටයි = 100,000
    පොටෝකාරයට ෆ්‍රී ශූට් එක්කම = 150,000
    වාහනේ ලොකු මාමගෙ පුතාගෙන් ඉලාගන්නව ඒකට තෙල් ගැහුවම ඇති

    ඔක්කොම එකතුව ලක්ශ පහලොව පනී. තුශාරිගෙ ගෙදරින් බාගයක් දුන්නත් ඉතිරිය ලක්ශ 7-8 සොයාගත යුතුය.

    ලොකු මාමගෙ පුතාගෙන් වාහනේ ඉල්ලා ගන්නවාට තුශා අකමැති විය. දැන් බජට් එක තවත් 50000/= ඇඩ් වෙයි.

    .........යන්තම් බයික් එකේ වාරික ටික ගෙවල ඉවර වුනා. ලොකු අක්කගෙ ලක්ශෙ පස්සෙවත් දෙනව............

    ටෙන් මන්ත් ලෝන් එක ගත්තා = 400,000
    ගමේ ඉඩම උකස් තියල = 300,000
    සමරෙ හිත හොද එකා = 200,000

    තුශාරි අපි බදිමු...........

    මීට පෙර විස්කි බී නැති ලොකුමාමා ලග ලග නවාගත් නිසා වැඩි වී හෝටලේ ලොබියේ වමනේ දැමීමත්, කෑමට ලුනු මදියැයි ආඩපාලි කී තුශාරිගේ නැන්දාත් හැරුනු කොට මගුල ඉතා සාර්තකව සිදුවූ බව කිව යුතුය.

    තුශාරි ගොයිනවේ ගවුමට ආසාය. ඇය එය ගලවන පාටක් පෙනෙන්නට නැත. ඇය බර වැඩකි..... බලන්න අප්පා, මම මේ උඩින් පල්ලෙන් බැලුවෙ, ඔයා ප්ලේට් එකේ ගාන ඔයාලගෙ නෑයන්ට කීවෙ නැද්ද? අර දෙනියායෙ කිව්ව නැන්දල තුන් දෙනෙක්ම ඇවිල්ලත් දීල තියෙන්නෙ 5000/= මොනවද අනේ. අපේ තාත්ත ණයට ගත්ත ලක්ස පහ ගෙව්වම ඉතිරි වෙන්නෙ කීයද ?

    සුන්දර මදුසමය ............

    ඔෆිස් එකේ උන් එකතු කර දුන් මුදලුත්, අනෙක් නෑ හිත මිත්‍රාදීන් දුන් මුදලුත් එකතු කලවිට යන්තම් ලක්ස හයකුත් ගානකි. තුශාරිගේ තාත්තාට ලක්ස පහ දුන් විට අත ඉතිරිය....... ඉතිරි ණය ටික අපි දෙන්නම එකතු වෙලා ගෙවමු. ඒ යෝජනාවත් තුශාරිගේය.

    නුවරඑළියේ යන්නට බජට් නොමැති බැවින්, තුශාරි ගෙදර ඇදේ සුදු රෙදිකඩක් එලුවාය.........

    ජීවිතේ සුන්දරද මෙතරම්........

    සමරෙගෙ ණය ටික ටික දිය යුතුය. ලෝන් එකට මාසෙට 8000 ක් කැපේ. ඉඩමේ ඉතිරි ලක්ස එකහමාර ගෙවීමට තිබේ. මම ඔෆීස් එකෙන් ලෝන් එකක් ඉල්ලුවා. ඒකෙන් ගමේ ඉඩම බේරගමු, එවරද අදහස තුශාරිගේය.

    අම්ම අහනව දැන්ම ලමයෙක් හදන්නෙ නැද්ද කියල. ඔයාලගෙ අම්මල වුනත් මන්ගැන මොනව හිතනව ඇද්ද? .... නැවතත් ටෙලි නාට්ටි දෙබසකි.

    දූ දරුවෝ ...........

    ලොක්කා ඉපදුනේ අපි බැදලා අවුරුදු පහකට පසුය. මගුලට ගත් ණය යන්තම් ගෙවා ඉවරවුනා විතරයි....... තුශාරිගේ හොදම යාලුවා 'නයින්වෙල්ස්' ගිය නිසා අඩුම ගානේ ආසිරිවත් යන්න ඕනැයි තුශාරි කන්කෙදිරි ගායි......... බැන්කුවට කරමාලෙයි වලලු දෙකයි උකස් තියමු........ දරුවො වෙනුවෙන් නැත්නම් කා වෙනුවෙන් කරන්නද? තුශාරි මා අස්වැසුවාය.

    අම්මා දඹදිව යවන්නයි මම හිතාන ඉන්නෙ. ලොකු අක්කා වසර 10 පමන පැරනි ණය පුන්‍ය කර්මයක යෙදවීමට අදහස් කරමින් පැවසුවාය. සල්ලි හදිසියක් නම් ඉතින් සමරෙ තමයි.......

    ලොක්කා ඉස්කෝලෙ යන දිනට කලින්දා දෝනි තනියෙන් ඇවිද්දේය....

    මගේ ලෝන් එක ගෙවිල ඉවරයි, මාසෙට දහ පහලොස් දාහක් කුලී ගෙවන එකේ, ලෝන් එකක් ගහල ගේ හදන්න පටන් ගමු......... තුශාරි ගේ අදහසකි.

    හිසට සෙවනක්.........

    ලක්ස දහයේ ණයෙන් ගේ යම් පමනකට හදාගත්තේය. තුශාරි පැන්ශන් යනතුරු ණය ගෙවන්නීය. අතේ තිබුන හැටියට දානයක් දී ගෙට ගෙවැදුනත්, ලැබුනු තෑගි බෝග කෙරේ ඈ සතුටු නොවීය. ඉලෙක්ට්‍රික් කෙටල් හතරකි, වීදුරු දුසිම්ම දුසිම් ගණනකි, සීනි කිලෝ සීයක් කඩේට දී දානෙට ගත් බඩුවල ණය ගෙවා දැමීමු. ප්‍රිජ් එකකුයි, අලුත් ටීවී එකකුයි ගෙවන්නවත් ගනිමුකෝ අනේ, තුශාරි පෙරැත්ත කරයි. අලුත් ගෙදර එලියක් නෑ නැත්නම්. පරණ ප්‍රිජ් එකට පන්දාහක් අඩුවිය... වසර දෙකකින් ගෙවා අවසන් කරන විට හත්දහසක් පොලිය ගෙවිය යුතුය. දෙදෙනෙකු ඇපවිය.... ලයිට් බිල දෙගුන විය....

    ආරෝග්‍යා පරමා ලාභා.......

    තුශාරි ශක්ති සම්පන්න ගැහැනියකි. දරුවන් දෙදෙනෙකු වදා හදා ඇතත් තවමත් එදාමෙන් ජවසම්පන්නය. තත්වය වෙනස්වීමට ගතවූයේ ටිකදිනකි. පාර දිහා බලාගෙන කල්පනා කරයි, මොටෝ බයිසිකලේට ඔරවයි. ඇයට තදින්ම......... රථගාය වැලදී ඇත. ලීසින් කොම්පැනියට පින්සිදුවන්නට රෝගය උත්සන්න නොවී සනීප විය. වාරිකය විසිදෙදාහකි. වසරට වරක් ඉන්ශුවරන්ස් ලයිසන් සර්විස් සදහා හැට හැත්තෑදහසකි. තුශාරි හරිය, මොටෝ බයිසිකලේ තදවී තෙරපී ගිය අපි දැන් සතුටින් සවාරි ගසමු. රුපියල් සීයට තෙල්ගහන්න දැන් බැරිය, අඩුමගානේ දාහකවත් තෙල් ගැසිය යුතුය. ලීසින්, හවුසින් ලෝන් ගෙවා කෑ බී විට කාරයේ රෝද සෙලවීමට මුදල් නැත. වසර පහේම කාරය දුවා තිබුනේ කිලෝමීටර විසිපන්දසකි.

    දුකට සැපට හිටි ඇප නැතිව ණය දුන්. නැවත ගෙවනතුරු සිහිකැදවීම් ලිපි නොඑවූ මගේම නොවූ මගේ මූල්‍යායතනය වසා දැමිණි. සමරේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මියගියේය.

    මේක මගුල් සක්වලක්........

    සුදුමාමගේ දුව දීග යන්නීය. මගුල කොලබය. තුශාරිට, දුවට හා පුතාට වියදම විසිදහසකි. පරන සුදු කමීසයට උඩින් කෝට් එක දමාගත්තාම පිරිමියා ශේප්‍ ය. සුද්දා විසින් එක මගුලක් වෙනුවෙන් පන්දාහක් ඉතිරිකර දේ. හයිවේ එකේ කොලබ ගොස් මගුලට දහදාහක් දී ආවිට එතනටත් පහලොස් දහසකි. මාසෙ පඩියෙන් හතලිස් දහසක් වෙන්කල නොහැක. තුශාරි මිතුරියකගෙන් අතමාරුවක් ගත්තාය.

    අනේ 'පිඩු' සිටානන්ගෙ කථා වස්තුව.......

    තාත්තාගේ පැන්ශන් එකෙන් අපට බරක් නොවී ජීවත් වූ අම්මා මියගියාය. අක්කා පෙට්ටියේ වැඩ බාරගත්තාය. හර්ස් එකටත් එක්කම ගාන හැටපන්දහසකි. මම පෙට්ටියෙ වැඩ ටික කලා, මල්ලි 'ඉතිරිටික' බලාගන්න. අගහරුවාදා අවසන් කටයුතු නොකරන බැවින් අවසන් කටයුතු බදාදා ය. රාත්‍රී තුනකි. වට්ටක්ක කරවල හොදි දැන් බැරිය. මගුල් මේසේ මෙන් දියයුතුය. මාලු කිලෝ 50කි. දින තුනට වේල් හයකි. කෝකියාට බඩුවලට හට් ටෙන්ට් හා නෙස්කැෆේ වලටත් එක්කම වියදම ලක්ස තුනකට වැඩිය. ඔෆීස් එකේ උන්ට බොන්න දෙන්නම දහදාහක් ගියේය. තුශාරි ගේ කරමාලය නැවත බැංකුවේය. හත්දවසේ බන දා 'දෙසීයකට' රාත්‍රී ආහාර දුන්නේය. පසුවදා 'පස්නමකට' පන්සලට හීල් දානෙ ගෙයගියෙමු.

    අම්මාගේ වියෝවත් සමගම, ලැබුනු තාත්තාගේ පෙන්ශන් එක නතර විය. අක්කාගේ වියදම් ලයිස්තුව අඩුවුනත් ආදායමත් අඩුවිය. අඩියක් ගැසූ මස්සිනා "මම අවුරුදු විස්සක් ණය නොවී ජීවත් උනේ උබලයි තාත්ත හින්දැයි" පින්දුන්නේ ඇසින් කදුලු වගුරවමිනි.

    තුන් මාසේ දානය දී, අවුරුද්දේ දානය දෙනවිට, අම්මාගේ රත්තරන් බඩු ටිකත් අක්කා බැංකුවේ තැබුවේය. උබට පුලුවන්නම් ගෙවල බේරගෙන කෙල්ල ලොකුවුනාම දීපන් මල්ලියේයි කියා ඈ රිසිට් පත් මා අත තැබුවාය.

    එයා දැන් ලොකු ළමයෙක්...........

    දැන් ඉතින් ඉස්සර වගේ බෑ ගෙට වෙච්චි දැරිවියෙක්ගෙ තාත්තා කෙනෙක්නෙ, ඔයිට වඩා වගකීමෙන් ජීවත් වෙන්න ඕනේ.... ඒ නැන්දම්මාගේ සිංහ නාදයයි.... සුපුරුදු බලු කෙදිරියක් දමා ශේප් වුනෙමි. ආපදා නයෙන් බැංකුවට උකස් තබා තිබූ අම්මාගේ රත්තරන් බඩු බේරා දියනියට මාලයක් හැදුවෙමු. කරාබු දෙක නැන්දම්මාගෙනි. පවුලේ එකම කෙල්ලනිසා උත්සවය ලොකුවට ගන්නට විය. නිමලේ කිව්වාක් මෙන් ලාබයක් නැත. මාසික ණය ලයිස්තුවට තවත් අයිතම කිහිපයක් එක්වුනා පමණි.

    යුතුකම්......

    අවුරුදු මාසෙ ලබනකන් පොඩි උන් ඇගිලි ගනී. තුශාරි ගේ ලිස්ට් එක මෙවරත් දිගය. අඩු අපේ අම්මා විතරය. රෙදි වලට විසිදහසකි. කොලබ ගිහින් එන්නට වියදම පන්දහසකි. හවුස් ඔෆ් පැශන් එකේ කාපු කට්ට...........

    උඩහ ගෙදර සුදු නැන්දාගේ තුන්මාසෙ දානෙ මේ මාසෙ ගියපු තුන් වැන්නය. පවුල පිටුන් ගොස් කා බී ආ බැවින් ගෙනගිය බිස්කට් පෙට්ටියේ ගාන කවර්විය. මලගෙවල් දෙකකි. මගුල් ගෙවල් නැතිනිසා යන්තම් ඒ මාසයේ ගැලවිනි.

    සර්ගේ ක්‍රෙඩිට් කාඩ් එක කුරියර් කළා.....

    ඒ අහවල් මූල්‍ය ආයතනයෙන් ලැබුනු දූරකතන ඇමතුමයි..........

    මෙතනින් එහාට මේ කතාව නොලියමි....... මා ඔබේ කතාව දන්නේ කෙසේදැයි නොමසන්න...........

    අපේ ශ්‍රීලාංකීය ණයකරු මවට පියාට පමනක් ණය වී ඉපිද ........ නොදන්නා මූල්‍ය සමාගම් රැසක අභිමානවත් ණය කරුවකු සේ දිවිගෙවා...........

    ලෝන් ලයිෆ් ...... ලෝන් මෑන් .......


    https://www.facebook.com/groups/sakalansamale/permalink/2125928410813267/
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    topilage maha ponnaya bankuwa sudda kalata passe lorn 1k wath ganna beriwa dan minissu inne
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි නම් කාටවත් ණය නෑ.. ලීස් එකක් නම් තියේ.තව අතමාරුවට 50 000 ක් අරන් තියේ.. හම්මෝ ණය නම් වෙන්නෑ.. :D
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    topilage maha ponnaya bankuwa sudda kalata passe lorn 1k wath ganna beriwa dan minissu inne

    ස්මාර්ට් පොරවල් එහෙම තමයි
    උබලගේ ගොන් බයියින්ව බැංකු වලින් සුද්ද කරනවා
    ස්මාර්ට් පොරවල් බැංකුව සුද්ද කරනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් තියෙනව 30 000 ක ණයක්..ඒක ගෙවපු ගමන් කාටවත් ණයත් නැ බයත් නැ ෆුල් නිදහස..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    මටත් තියෙනව 30 000 ක ණයක්..ඒක ගෙවපු ගමන් කාටවත් ණයත් නැ බයත් නැ ෆුල් නිදහස..

    ලජ්ජා නැද්ද බන් ඔහොම කියන්න 30000 කියන්න ණයක්ද යකෝ මිනිස්සු නයවෙන්න මිලියන් වලින්
    උබ ඕක කාටවත් කියන්න එපා හිනාවෙයි
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ණය නැති වීමත් එක්තරා සතුටක්ය කියනවනේ... :)