මගේ අදහස නම් භික්ෂුන්වහන්සේලා මේ වගේ සිල්ලර කාරනා වල එල්ලෙන්නේ නැතිව බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය පිළිපැදලා සසර මාර්ගය කෙටිකරගන්න උත්සාහකරන ගමන් ගිහියන් ද ඒ සඳහා උනන්දු කරන එකයි කරන්න ඕන.
මෙ 'තෙමඟුලම එකම දිනක සිදුවීමේ' සංකල්පය ප්‍රධාන වශයෙන් පටන්ගන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී පමණ බුද්ධඝෝෂ හිමියන් වැනි ආචාර්යවරුන් විසින් ලියපු අටුවා ග්‍රන්ථවල සහ ඊටත් පසුව ලියවුණු 'ජාතක නිදාන කථාව' වැනි පොත්වල.
මෙ තෙමඟුලම එකම දිනයක සිදුවූ බවට තියෙන මතය ථෙරවාද අටුවා සම්ප්‍රදාය විසින් පසුකාලීනව ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය වර්ධනය කිරීම සඳහා ගොඩනැගූ සංකල්පයක් බව පැහැදිලියි.
ආගමක් ජනතාව අතර ස්ථාපිත වීමේදී, සාමාන්‍ය ජනයාගේ පහසුව සහ ආගමික ප්‍රබෝධය (ශ්‍රද්ධාව) වෙනුවෙන් ප්‍රධාන සිදුවීම් එක් විශේෂිත දිනයකට ගොනු කිරීම ලෝකයේ වෙනත් බොහෝ ආගම්වලද සිදුවී ඇති සමාජ විද්‍යාත්මක ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම අවස්ථා තුනම එක් දිනකට ගෙන ඒම හරහා 'වෙසක්' යන්න අතිශය උත්කර්ෂවත් සහ පූජනීය මංගල දිනයක් ලෙස පසුකාලීන අටුවාචාරීන් වහන්සේලා විසින් ප්‍රකාශයට පත් කරන්නට ඇති බව ඉතිහාසඥයින්ගේ පිළිගැනීමයි.