මුතුගල ස' 😖

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,097
    4,871
    113
    -In Darkness-
    එතන ලොජික් එක මට තේරෙන් නෑ. පන්සිල් පද පහ රැකගන්න බැරි අපි බනින්නෙත් උපසම්පදා සිල් රැකගන්න බැරි වුන කෙනෙක්ටමනෙ. (මම මේ කියන්නේ හාමුදුරුවො විදියට ඉඳලා වැරදි වලට අතේ මාට්ටු වුන අය ගැන ඔය බඩු ගහලා බීලා ගංජා ගහලා අහු වුන කේස් වලට අදාලා අය හොඳේ) ඉතින් එහෙම කෙනෙක් නමට පමණක් ස්වාමින්වහන්සේ කෙනෙක් වෙනවා කියන එකයි මගේ පෞද්ගලික මතය. ඒ අය ගිහියෝ වගේ හැසිරෙනවා නම් ආයේ මඟුලටද අපිට අයිතියක් නැත්තේ වැරද්දට වැරද්දයි කියන්න.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315

    රටේ නීතිය අනුව වැරැද්දක් (නීති විරෝධී දෙයක්) කරපු අය ගැන නෙවේනෙ ඔය මුතුගල ගියන්නෙ.

    අපේ "සීලයේ" අඩුපාඩු තියාගෙන, අපිට වඩා උසස් සීලයක් සමාදන් වුණ අයගෙ ඒ "උසස් සීලයේ අඩුපාඩු" අපි විවේචනය කරන එක සුදුසු නෑ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,357
    1,859
    113
    එතන ලොජික් එක මට තේරෙන් නෑ.

    මුගලන් මහරහතන් වහන්සේ සොරුන්ගෙන් ගුටි කාලා පිරිණිවන් පාපු කතාව අහලා තියෙනවද?

    මුගලන් මහරහතන් වහන්සේ (මට මතක හැටියට ඉතුරු කතාව..) පාරමිතා පුරන්නත් කලින් එක බවයක අම්මයි, තාත්තාවයි ගහල මරනවා. මේ සිදුවීම අහක මිනිස්සු ටිකක් දැකලා තමයි වෛර අරන් හිතාගන්නේ මේක කරපු කෙනාව හොයන් ඇටකටු කුඩු වෙනකන් ගහලා මරනවා කියලා. ඔය කර්ම විපාකේ බව ගානක් ගෙවලා, මහරහත් වෙන බවයෙදිත් විපාක දුන්නා. එදා අහක යන මගුලකට පැනලා කෝප වෙච්ච සෙට් එකම එදා ආනන්තරිය පාප කර්මයක් කරගත්තා.

    ඕක ආරංචි වෙලා රජතුමාට තරහ ගිහින්, හොරු ටික අල්ලලා, පොලවේ වලලලා, ඇත් බැදි නගුලකින් සීසාන්න කටයුතු සූදානම් කරද්දී, බුදුහාමුදුරුවෝ ඔය පෙර කතාව දේශනා කරනවා රජතුමාට. රජතුමත් අහක යන කර්මයක් ඇගේ දාගන්න යන එක නවත්තනවා.