Fronx එකට වඩා Raize සහ Ativa හොදයි. එන්ජින් ට්‍රබල්, රෙපයාර් හා මේන්ටනන්ස් අඩුයි.
වාහනේ මිල හා ඒ මිලට ලැබෙන ඔප්ෂන් බැලුවොත් Raize එකට වඩා Ativa හොදයි. 107 වගේ වෙනකොට ඔක්කොම තියෙන එකක් ගන්න පුළුවන්.
ඔය ගානට වෙන ගන්න ඒවත් නැහැ. ගණන් එක්ක බලද්දී ඕකේ ඉතින්.
Raize හා Ativa සැකිල්ල එකයි. ඉන්ටීරියර් හා එක්ස්ටීරියර් පාර්ට්ස් තමයි ගොඩක් දුරට වෙනස් වෙන්නේ.
හැබැයි මේ දෙකේම ජංගිය නෑ. කම්පැනි ගන්නකොට එන්ජින් අන්ඩර්කවර් ගාර් ඩ් එන්නේ නැහැ. වෙනම ගන්න ඕනේ ලක්ෂ 2ක් විතර දීලා.
1KR 3 සිලින්ඩර් turbo පෙට්‍රල් එන්ජිම ඕකේ. තෙල් city 12-14, highway 20-22 අතර කරනවා.
හැබයි ඉස්සර ආපු වාහන වලට සාපේක්ෂව Raize, Ativa, Etc වල කොලිටි එක අඩුයි.
ඩිසයින්ස් කැතයි.
සයිඩ් මිරර් එකයි ඉස්සරහ ලයිට් එකයි නම් ලස්සනයි.
ඉන්ටීරියර් චීප් ප්ලාස්ටික්.
බම්පර්, ෆෙන්ඩර්, දොරවල් align නැහැ, ගැප්ස් වැඩියි, asymmetrical.
දොරවල් ට්‍රිම් පිලර් කලු පාට කැඩෙන තැන් බැලන්ස් නැහැ.
ඉස්සරහ පස්ස ප්‍රපොෂන්ස් ගැලපෙන්නේ නැහැ.
යකඩ පාර්ට්ස්තුත් ඉස්සර තරම් කොලිටි නැහැ.
එන්ජින් බේ එකේ පොඩි කැලි ඉක්මනට රස්ට් එක එන්න පුළුවන්.
ජොයින්ට් සීලර් ඇදපුවා ඔක්කොම පේන්ට් නොකර එන්නේ.
කෝස්ට් කටින්ග් තමා ඔක්කොම.
අලුත් වාහන ඔක්කොම එහෙම තමා පොඩි කාලයක් පවතින්න නිෂ්පාදනය වෙන්නේ.
එකම දේ වාහනේ අලුත්. කරදරයක් නැතුව දුවන්න පුළුවන්. දිගටම තියාගන්නේ නැතුව ලක්ෂයක් දුවල දීලා වෙන එකක් ගන්න එක තමා හොදම.